කොවිඩ් වසංගත සමයේ ව්‍යාපාර කඩාවැටීම නිසා අසරණ වූ මිනිසුන් තලා පෙලා එයින් තම දිවි සරු කර ගැනීමට මාන බැලූ පොලියට ණය දෙන දරුණු මැර කණ්ඩායමක නායකයෙක් හා ඔහු හා ගැටෙන බොක්සිං ක්‍රීඩකයන් දෙදෙනෙකු වටා දිවයන Bloodhounds කතාවේ හතරවෙනි දිගහැරුමයි මේ.. පසුගිය කොටසින්, යන්ග් ජේ-මියොන්ග්ගේ වෙස්වලාගත් යාචක කල්ලි…

කොවිඩ් වසංගත සමයේ ව්‍යාපාර කඩාවැටීම නිසා අසරණ වූ මිනිසුන් තලා පෙලා එයින් තම දිවි සරු කර ගැනීමට
මාන බැලූ පොලියට ණය දෙන දරුණු මැර කණ්ඩායමක නායකයෙක් හා ඔහු හා ගැටෙන බොක්සිං ක්‍රීඩකයන් දෙදෙනෙකු වටා දිවයන Bloodhounds කතාවේ හතරවෙනි දිගහැරුමයි මේ..

පසුගිය කොටසින්,

යන්ග් ජේ-මියොන්ග්ගේ වෙස්වලාගත් යාචක කල්ලිය හා සටන් කොට පහසුවෙන් ඔවුන් පරාජය කරන ගුන්-වූ හා වූ-ජින් යාචකයාගෙ ජීවිතය බේරාගැනීමට සමත්වෙනවා.. හැබැයි ඒ වීරක්‍රියාවට හියොන්-ජූගෙන් ඔවුන් වෙත ලැබෙන්නෙ පැසසුම් වෙනුවට දැඩි වාග් ප්‍රහාරයි.. ඔවුන්ට රැකියාවෙන්ද ඉවත්ව යන ලෙස දැනුම් දෙන හියොන්-ජූ ඉතා කෝපයට පත්ව සිටින බව ඔබට දැක ගැනීමට ලැබුනා.. වූ-ජින් හා හියොන්-ජූ අතර කතාවට ගුන්-වූ මැදිහත් නොවෙන්න සෑහෙන විනාශයක් වෙන්න තිබුනා..     ගුන්-වූ ඔවුන් ඒ අවස්ථාවේ සිටි ඇත්ත තත්වය හියොන්-ජූට පහදා දීම නිසා හියොන්-ජූ සහ ඔවුන් අතර නැවත මිත්‍රකම ගොඩනැගෙනවා.. මේ අතර හියොන්-ජූ යනු චෝයිගේ මිනිබිරියක් නොව චෝයි විසින් හදාවඩා ගැනීමට ගත් දරුවෙක් බව  හියොන්-ජූ විසින්ම පවසනවා.. ආයිල් ව්‍යාපාරයේ හෝටලයට මාන බලමින් සිටි කිම් මියුන්ග්-ගිල් විසින් ආයිල්හි අනාගත හිමිකරුව කැමති කරගැනීමට යෙදූ උපායත් ඔයාල දකින්න ඇතිනෙ. හියොන්-ජූ සමග නැවත මිත්‍ර වන ගුන්-වූ හා වූ-ජින් නැවතත් වෙස්වලාගත් යාචක කල්ලිය හඹා යෑම ආරම්භ කරනවා..ඔවුන් යන්ග් ජේ-මියොන්ග් පසුපස හබාගියත් ඔවුන් නොදැනීම ගමන් කර ඇත්තේ උගුලකට බව දැනගන්නෙ 30 ක පමන මැරකණ්ඩායමක් ඔවුන් දෙදෙනාව වටකරගත් පසුයි.. එතැනින් තුන්වන කොටස අවසන් වෙනවා..

අද කොටස ආරම්භයේදිම ඔයාලට බලාගන්න පුලුවන් දරුනු සටනක්.. ඇත්තටම මේ සටන කොතනින් අවසන් වෙයිද ? චෝයි සහ කිම් මියොන්ග්-ගිල් සතුරන් වූවේ කෙසේද ? කිම් මියොන්ග්-ගිල්ගේ මුහුණේ ඇති කැළල පිටුපස ඇති කතාව මොකක්ද ? චෝයිගෙ පිහිකල්ලිය කියන්නෙ මොකක්ද ? මේ හැමදේටම උත්තර හතරවෙනි කොටසෙන් ඔයාලට බලාගන්න පුලුවන්.. අද කොටස නම් ඇක්ෂන් විතරමයි ..

එහෙනම් පස්වෙනි කොටසෙන් නැවත හමුවෙනකන්, ඔයාට සුභම සුභ දවසක්..

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,866 downloadsDownload Bloodhounds-S01E04.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ඉෂාන් මධුෂංක(ඉෂූ)

Subtitles

2,866 downloadsDownload Subtitles17 KB

2 comments

  1. Heshan

    බොහොම ස්තුතියි. ජය ❤️

  2. Sandun

    ස්තුතියි ❤️ ඉතුරු ටිකත් දෙන්න ජය.