baiscope.lk සමග සම්බන්ධවී සිටින හැමෝම ආදරෙන් පිළිගන්නවා. සියලුමදෙනා නිදුක් නීරෝගීව ඇතැයි විශ්වාස කරනවා. ඉතින් අවු 03 ක් වගේ කාලයකට පසුව, ලොක්ඩවුන් එකක් අස්සේ හිරවෙලා ඉන්න ගමන් කාලයත් තියෙන නිසා, මේ වෙලාවේ ඔයාලට තවත් චිත්‍රපටියකට සිංහල උපසිරැසියක් කරන්නට සිතුවා. මේ මගේ තුන්වෙනි සිංහල උපසිරැසිය වන අ…

baiscope.lk සමග සම්බන්ධවී සිටින හැමෝම ආදරෙන් පිළිගන්නවා. සියලුමදෙනා නිදුක් නීරෝගීව ඇතැයි විශ්වාස කරනවා. ඉතින් අවු 03 ක් වගේ කාලයකට පසුව, ලොක්ඩවුන් එකක් අස්සේ හිරවෙලා ඉන්න ගමන් කාලයත් තියෙන නිසා, මේ වෙලාවේ ඔයාලට තවත් චිත්‍රපටියකට සිංහල උපසිරැසියක් කරන්නට සිතුවා. මේ මගේ තුන්වෙනි සිංහල උපසිරැසිය වන අතර මීට පෙර Death at a Funeral (2010) සහ Frida (2002) යන චිත්‍රපටයන්ට මා විසින් සිංහල උපසිරැසි සපයන ලදී. ඉතින් බලන්න මේක කොහොමද කියලා වගේම අදහස් දක්වන්න අමතක කරන්නත් එපා. ස්තූතියි!
Bonnie & Clyde (2013)
චිත්‍රපටිය – මෙය කොටස් දෙකකින් යුත් රූපවාහිනී කතා මාලාවක් ලෙස මෙය පදනම් වී ඇති නමුත් yts වැනි වෙබ් අඩවි වලින් ඔබට මෙහි එක් චිත්‍රපටයක් ලෙස සැකසූ පැය 3ක කාලයකින් යුතු සම්පූර්ණ චිත්‍රපටය භාගත කර ගැනීමට හැකි වනු ඇත (සැ.යු. මෙම උපසිරැසිය ගැලපෙන්නද එයටයි).
ක්ලයිඩ් බැරොව් සහ බොනී පාකර්ගේ සත්‍ය සිදුවීම මත මෙය ගලා යයි. චරිතාපදානයෙන් වරදකරුවකුවූ සහ සන්නද්ධ කොල්ලකරුවෙකු වන බැරොව්, තරුණ හා සිත් ඇදගන්නා සුළු කුඩා නගර වේටර්වරියක් වගේම දැනටමත් විවාහක බොනී පාකර් සමග පෙමින් වෙලේ. 1930 ගණන් වල මුල් භාගයේදී ඔවුන් දෙදෙනා ඇමරිකානු ඉතිහාසයේ ඉතාමත් අපකීර්තිමත් අපරාධයක් රැල්ලක් ආරම්භ කළෝය. ක්ලයිඩ් බැරොව්ගේ ටෙක්සාස් ග්‍රාමීය ප්‍රදේශයේ ඔහුගේ වැඩිමහල් සොහොයුරා වූ බක් සමඟ කුකුළන් සොරකම් කරමින් සිටිව අතර මොවුන් කල මංකොල්ලයක් වැරදී බක් වන ඔහුගේ වැඩිමල් සොයරාට සිරගත වීමෙන් පසු, ක්ලයිඩ්ට ඔහුගේ ජීවිතයේ ආදරයද මුණ ගැසෙන්නේ හොලිවුඩයේ සිනමා තරුවක් වීමට සිහින දකින බොනී පාකර්ය. මෙම යුවළ ඉක්මනින් අපරාධයන් රැසක් සිදු කරති. ප්‍රාන්තයේ විශාල බැංකු සොරකම් කරන අතරම “නීති” වලින් එක් පියවරක් ඉදිරියෙන් සිටීමට ඔවුන්ට වග බලා ගනී. ක්ලයිඩ් තම අලුත විවාහ වූ සහෝදර බක්ගෙන් තමන්ට උදව් කරන ලෙස ඉල්ලයි. නිවසේ තනිව සිටීමට අකමැති ඔහුගේ බිරිඳ බ්ලැන්චේ, බැරෝ කල්ලියේ සිව්වන සාමාජිකයා බවට පත්වේ. කෙසේ වෙතත්, බොනී ක්ලයිඩ්ටත් වඩා භයානක අපරාධ කිරීමට සහ පුවත්පත්වල සිරස්තල ජනනය කිරීම සඳහා රාජ්‍ය සීමාව හරහා බැංකු කොල්ලකෑමට එකතු වන අතර ඔවුන්ගේ අපරාධ ජීවිතය ඉක්මනින්ම ඔවුන්ව මරණය කරා ගෙනයයි.
සත්‍ය චරිතයන් – බොනී එලිසබෙත් පාකර් (ඔක්තෝබර් 1, 1910 – මැයි 23, 1934) සහ ක්ලයිඩ් චෙස්නට් බැරොව් (මාර්තු 24, 1909 – මැයි 23, 1934) යනු මහා අවපාත සමයේදී මධ්‍යම ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරය කළ අපරාධයන්ට සම්බන්ධ කුප්‍රකට ඇමරිකානු යුවළකි. කුඩා ගබඩා හෝ ග්‍රාමීය ඉන්ධන පිරවුම්හල් කොල්ලකෑමට පුරුදු වී සිටි මොවුන් දෙදෙනා බැංකු කොල්ලකෑම්ද සිදු කරන ලදී.
1931 සහ 1934 අතර “මහජන සතුරු යුගය” ලෙස හැඳින්වුනු කාලය තුළදී ඔවුන් කළ මංකොල්ලයන් ඇමරිකානු පුවත්පත් හා පාඨකයින්ගේ අවධානය දිනා ගත්හ. ඔවුන් අවම වශයෙන් පොලිස් නිලධාරීන් නව දෙනෙකු සහ සිවිල් වැසියන් සිව් දෙනෙකු ඝාතනය කර ඇතැයි විශ්වාස කෙරේ. පාකර් සුරුට්ටුවක් සමඟ පෙනී සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක්, අත්හැර දමා ගිය සැඟවුන ස්ථානයක තිබී පොලිසිය සොයා ගත් අතර එම ඡායාරූපය රට පුරා ප්‍රසිද්ධ කෙරිණි. ඇය කිසි දිනෙක සුරුට්ටු නොබොන නමුත් පාකර් සිගරට් පානය කළේය. ඉතිහාසඥ ජෙෆ් ගින්ට අනුව, සැඟවී සිටි ස්ථානයේ තිබී හමු වූ ඡායාරූප නිසා පාකර්ගේ ආකර්ෂණභාවය සහ කල්ලිය ගැන මිථ්‍යාවන් නිර්‍මාණය විය.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,072 downloadsDownload Bonnie.Clyde_.2013.zip70 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නාමල් දනුෂ්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-11-02
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නාමල් දනුෂ්ක
Subtitles
11 comments
Kantha_DLA
djmonee
බොහොම ස්තූතියි සහෝදරයා,
බුදුසරණයි!
thilina
ammta udu tava ekak The Highwaymen me vagema mekema story eka neda bn
thilina
real video tynva The Highwaymen film eke and google krnna balapu nati aya The Highwaymen ekath blnna supirima film ekak .real video tynva
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Lakshansilva18
thanks for subtitles
indika75
thanks..
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Githmi Palihawadana
thank u so muchhh..meka hoya hoya hitiye. meke episode eka hari full movie eka download krnna hari amarui...yts eka magadi fail wenawa...danna ekak thiyanawanm kiyaagenama yannaa....
Sanupa Ranmeth
සබ් එකට ගැළපෙන කොපිය මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න සහෝ.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
සඳහන් කිරීමට කාරුණික වන්න.