ඔන්න ඉතින් මේ කතා මාලාවේ අන්තිම සිසන් එකටත් ආවා නේද? වොල්ටර් මුලින්ම ගස්ව මරන්න කරපු සැලැස්ම අසාර්ථක වුණානේ. ඒක හරියට ගස්ට ඉවෙන් දැනුණා වගේ. මේක නම් වොල්ටර්ට ලොකුම ලොකු ප්‍රශ්නයක්. ඔය අතරේ ජෙසිව අත්අඩංගුවට ගන්නවා. වෙන මොකටවත් නෙවෙයි අර රයිසින් විෂ ගැන එකපාරටම කොහොමද කිවේ කියලා. ඒ වගේම වොල්ටර්ව මර…

ඔන්න ඉතින් මේ කතා මාලාවේ අන්තිම සිසන් එකටත් ආවා නේද? වොල්ටර් මුලින්ම ගස්ව මරන්න කරපු සැලැස්ම අසාර්ථක වුණානේ. ඒක හරියට ගස්ට ඉවෙන් දැනුණා වගේ. මේක නම් වොල්ටර්ට ලොකුම ලොකු ප්‍රශ්නයක්. ඔය අතරේ ජෙසිව අත්අඩංගුවට ගන්නවා. වෙන මොකටවත් නෙවෙයි අර රයිසින් විෂ ගැන එකපාරටම කොහොමද කිවේ කියලා. ඒ වගේම වොල්ටර්ව මරන්න එයාගේ ගෙදරට කට්ටියත් එවලා තිබුණනේ. වොල්ටර් ඒකෙන් නූලෙන් තමයි බේරුණේ. ඔය අතරේ තමයි ගස්ව මරන්න පුළුවන් තැනක් ගැන ජෙසිට මතක් වෙන්නේ. වෙන කොහෙවත් නෙවෙයි සලමන්කා ඉන්න වැඩිහිටි නිවාසය. ඉතින් වොල්ටර් එතනට ගිහින් මේ හැමදේම සැලසුම් කරනවා. ඒ සැලැස්මේ විදියට සලමන්කා DAE එකට ගිහින් ඔත්තු දුන්නා වගේ ගස්ට පෙන්නලා ගස්ව එයා ඉන්න තැනට ගෙන්වා ගන්නවානේ. හැබැයි ඉතින් ගස් ගොඩක් පරිස්සම්කාරයෙක්. එයා එතනට එන්න කලින් තැන හොදට බලනවා. අන්තිමේට එයා එතනට ඇවිත් සලමන්කා මරන්න හදද්දි වොල්ටර්ගේ ප්ලැන් එක විදියට සලමන්කා බෝම්බය පුපුරවාගෙන මරාගෙන මැරෙනවා. ඒ වගේම වොල්ටර් ජෙසිත් එක්ක එකතු වෙලා අර මෙත් ලැබ් එකත් විනාශ කරලා දානවානේ. අන්තිමේට ඉතින් හැමදේම සාමාන්‍ය තත්වයට පත්වෙලා තමයි නැවතුණේ.
ඉතින් එතනින් මේ හැමදේම මෙතනින් නවතිද? වොල්ටර්ටයි ජෙසිටයි නිදහසේ ඉන්න පුළුවන්වෙයිද? එතකොට DEA එක මොනවගේ දෙයක් කරයිද? මේ හැමදේම දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ.. . . ^_^
ප.ලි :
මම මුලින් මේ කතාව දවසට එක කොටස ගානේ දෙන්න හිතාගෙන හිටියත්, මේ වෙනකන් ඒ විදියට කරගෙන ආවත්, කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා මේ 5වෙනි සිසන් එකේ නම් ඒ විදියට දෙන්න වෙන්නේ නෑ. මොකද මම ටිවි සිරියස් කිපයක්ම කරන නිසා මේ කතාව විතරක් දවසට එක ගානේ දෙන්න සබ් එක හදන්න අමාරුයි. ඒ නිසා අද වගේ හැම සතියකම සදුදාට කොටස ගානේ ඔයාලට දෙන්නම්. පුළුවන් වුණොත් සමහර සති වලට කොටසකට වඩා දෙන්නත් බලන්නම්කෝ.
මීළග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
44,549 downloadsDownload Breaking-Bad-S05-E01.zip57 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
50 comments
Keshan Wasala
නිලන් ප්‍රනාන්දු
වැඩ off වෙලා ගෙදර එන්නේ මේකේ sub එක බලාගෙන....... සුපිරි මචන් ජය වේවා ඉතුරු ටිකත් දෙන්න ....... ජය වේවා
Kasun Widusha
එල මචන් අවුලක් නෑ............පුලුවන් විදියට sub දෙන්න...............
kavindu malinga
පටිට මචන් තව ටිකයි තියෙන්නේ ☺ දිගටම යමු
sajeevi
thanks
kkdanula
thanks bro
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa.....
thisal
එල බන් මචන් පුලුවන් නම් සතියට එකට වාඩා දිපන් බන් මෙක සුප්පහ්
Sam
thnkss sahooo..elzz..
Nishshanka Ruwan
ස්තූතියි :)
sameera
thanks machan
Sahan
ammo... seasn 5 ptn gattooo.. fatta fata fata.. thankz a lot saho sub ekata.. :D
oshan
Ane sathiyakata ekak madi. Anith okkoma nawaththala mekata sub denna plz zzzzzzzzzzz
sameera
මචං සතියකට 3 වත් දියන්කෝ මේක පට්ට කතාවක්නේ
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
TV Series 3ක් කරනවා කියන්නේ ලෙසි වැඩක්ද.
අවුලක් නැ පුලුවන් විදිහට දෙමු.
සබට තැන්ක්ස්.
ජය වේවා. !jhone
hodama ewa 3k bara aragena, dan welawak na kiyanawa....
karanna puluwan tharamata bara gaththanam hodai neda
.
thawa karanna puluwan kattiya innawane.bara gaththanam welawata denna one,
barinam wena kenekta denna one.
Dinuka
ane uba den nethuwa idin, ai ubada sub karanne.,
isuru
thanks bro!
“චූටී මල්ලි”
.එලස්
සබට තුති
ඔබට ජය.....C#
dawasa gaane dennei kiyala kiyana eka nam saadaarana na. Eth macho sathi 15-16k hohomada iwasanne. Thawa tikane. Ikmanata demuko. Jayawewa!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
priyankara
Ithuthi machan kathawa patta,atha arinnathuwa ekadigata baluwa uba nisa,sub walata pin machan...
Puluwan ikmanata ithuru tikath denna thanmkz again brooසම්පත්
thanks machan.....
shalika
thanx bro
amarajith
Season 5 wala anith episodes walatath sub dennako...
Kanapita Music
ithuru tikatath sub diyan machan.........
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයShiRan
ela sahoo ithuru tika denakan balan inne :D
oshan
ane budi aiye digatama denna thank you very much
Ishan Madusha
ස්තුතියි සබ් එකට සහෝ
වජිර දීගල්ල
ස්තුතියි සබට සහෝ.......... දිගටම කරමු............. ජයවේවා................
malkasun
මේ ලින්ක් වැඩ කරන්නේ නෑ. මේ හෑෂ් ටැග් එක සරච් කරත් එන ලින්ක් වලින් බාගන්න බැරි උනා. පුළුවන් නම් මෙතන තියෙන සබ් ටයිටල් වලට ගැලපෙන එපිසොයිඩ් ටික එක තැනකින් බාගන්න ලින්ක් එකක් දෙන්න
Sanka
මචන් සබ් download කරන්න බෑනෙ. Download කරන කොලපාට බටන් එක නෑනෙ. මන් logging වෙලත් එක්ක ඉන්නෙ පේජ් එකට. අනේ ඉක්මනට හදහන් මචෝ. සීසන් 5 එකේ හැම එපියෙම මේ විදිහ
Amila Mudalige
Sub ekta Thanks
Sandarunimsara
Sub ekta tnx bro
Pramukmili
Thanxx bro...............
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Anonymous
Hamadama sub gannawa witharai. thanx kale na. baiscope oyalatai, sub deepu oyatai thnx. wadiyen sub denna puluwan wenna one. bs
suranuwan
thanks ..
Dushmantha Ranasinghe
සබ් එකට ස්තුතියි
Ayesh
උපසිරසියට ස්තුතියි
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Anonymous
Thanks bro !
kavindu
thanks mchan sub ekata
Anonymous
elama
Anonymous
c
Anonymous
GG bro
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Anonymous
supiri bn ubt godak thanks adarei
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


ගොඩක් ස්තුතියි සහෝ . :D