Watch Trailer

Carnival Row (2019-) [S01 : E05] Sinhala Subtitles | අපකීර්තිමත් ආරාධනය [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ කාර්නිවල් රෝ කතාමාලාවේ පස්වෙනි කොටසයි. ඉතින් මේ කොටසත් එක්ක තව කොටස් තුනයි ඉතිරිවෙලා තියෙන්නේ කතාමාාව ඉවරයක් වෙන්න. ඒ නිසා අපි ඉක්මනට කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු. කලින් කොටස ආරම්භයේදී අපේ ෆිල්ස්ට්‍රේට් පොඩිකාලෙ හැදුනු වැඩුනු අනාථ නිවසේ භාරකාරයාව අර අමුතු සතා ගොදුරු කරගන්නවා. කලින්…

මේ අරගෙන එන්නේ කාර්නිවල් රෝ කතාමාලාවේ පස්වෙනි කොටසයි. ඉතින් මේ කොටසත් එක්ක තව කොටස් තුනයි ඉතිරිවෙලා තියෙන්නේ කතාමාාව ඉවරයක් වෙන්න. ඒ නිසා අපි ඉක්මනට කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු.

කලින් කොටස ආරම්භයේදී අපේ ෆිල්ස්ට්‍රේට් පොඩිකාලෙ හැදුනු වැඩුනු අනාථ නිවසේ භාරකාරයාව අර අමුතු සතා ගොදුරු කරගන්නවා. කලින් මිනීමැරුම් වල වගේම ඒ මනුශ්‍යාගෙත් අක්මාව ගලවගෙන යනවා, ඉතින් කොහොමහරි ෆිල්ස්ට්‍රේට් ඌ ගිය අඩිපාරෙ ඇවිදගෙන උමං මාර්ගය ඇතුලට යනවා. ගියාට පස්සේ ඔහුට අර අමුතු යක්ශයාව හම්බෙනවා මූනට මූන. එතනදී ඔහු ඒ සතාව ගොදුරු කරගන්න උත්සහ කලත් ඌ එකපාර නොපෙනී යනවා. ඉතින් බලාපොරොත්තු සුන්වී ඔහු ආපහු යනවා. නමුත් ඔහු එතනිස් නොසැලී ඔහුගේ යෙහෙලියක් වන මීමා ගාවට යනවා මේ ගැන දැනගන්න. ඇය ශුද්ධ ඌ කාන්තාවක්. එතනදි ඇය යම් විග්‍රහයක් කරනවා ඩාර්ක් ඈශර් කියලා අඳුරු බලවේගයක් ගැන. ඒ තමයි අර යක්ශයා. ඌ හැදෙන්නේ මැරුනු සහ පණ තියෙන ජීවින් දෙදෙනෙකුගේ එකතුවෙන්. ඒවගේම ඌව පාලනය කරන්න වෙනම පාලකයෙක් ඉන්නව. ඒ කියන්නේ ඒ සතා නිකන්ම නිකන් ජීවියෙක් විතරයි. සම්පූර්ණ පාලනය කිරීම සිදුකරන්නේ පාලකයාට අවශ්‍ය විදිහටයි.

ඉතින් මීමා කියන විදිහට රයික්‍රොෆ්ට් එලෙස අඳුරු බලවේග පිලිබඳ විශේෂඥවරියක් ගාවට යනවා පණැති සහ මියගිය ජීවින් දෙදෙනෙක් රැගෙන. මීමා කිවු පරිදිම අර විශේෂඥවරිය ඒ සත්වයා එකට එකතු කර පණ ගන්නවා. ඒ අතර තුරේ ස්පර්න්රෝස් නිවසේ ඉමෝජන්ගේ ආරාධනය මත අලුත් අසල්වැසියා වන ඇග්‍රේස් මහත්තයා තේ පැන් සංග්‍රහයකට ඇයගෙ නිවසට එනවා. නමුත් ඇය එලෙස ආරාධනා කරන්නේ වෙනත් අදහසක් ඔලුවේ තියාගෙන . නමුත් ඇයගේ එ අදහසට අනුව ක්‍රියාකිරීමට අපොහොසත් වන නිසා ඇග්‍රේස් සහ ඇය අතර බහින්බස්වීමක් දුරදිග ගිහින් ඔහු නිවසින් පිටවෙනවා.

කොහොමහරි සියල්ලට පස්සේ චාන්ස්ලර් තුමාගේ පුත්‍රයාව පොලීසියෙන් හොයාගන්නවා. නමුත් ජෝනාහ් තේරුම්ගන්නවා එදා ඔහුව රඳවාගෙන හිටිය තැනදී ඇහුනු අඩි උස සපත්තු ශබ්දය තමන්ගේ මවගේ සපත්තු ශබ්දයට ඉතා සමාන බව. නමුත් කිසිත් නොකියාම ඔහු ඒ බව සිහිතබාගන්නවා. අපි බලමු ඔහුට මේ බව තහවුරු කරගන්න පුලුවන් වෙයිද කියලා.
එහෙනම් කලින් කොටස ගැන කතාකලා ඇති, අද කොටස ගැනත් පොඩි දෙයක් කියන්නම්.

රෝ එකේ තවත් මිනීමැරුමක් සිද්ධවෙලා තියෙනවා. නමුත් පොලීසිය දිගින් දිගටම අසමත් වෙනව මේ ගැන හොයාගන්න. ෆ්ජිල්ස්ට්‍රේට් දිගටම මේ පිලිබඳව අධ්‍යනය කලත් ඔහුටත් පොඩක් පාදාගන්න අපහසු වෙනවා. ඉතින් අපි බලමු අද කොටසින් ඔහුට මේ ගැන යම් ඉඟියක්වත් ලැබෙයිද කියලා?

එහෙනම් අපි ඊලඟ කොටසින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

6,778 downloadsDownload Carnival-Row-S01-E05.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

 

Subtitles by

රඛිත රණතුංග

Subtitles

6,778 downloadsDownload Subtitles28 KB

16 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  4. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  5. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්.....

  6. Naveen Rangana

    Thanks for Subtitle..........
    Jayawewa............!!!!!!!!!

  7. Lahiru Kekulandara

    subata thanks a
    puluwannam oka iwara wela OUTPOST ekata sub denna puluwanda
    loku udawwak

  8. akilasachinthana

    BISCOPEDOWNLOAD WADE NA

  9. Udara Damith Dissanayaka

    elaaaaaaaa

  10. Pramukmili

    thanxx bro.....

  11. suranuwan

    thank you...

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Shaggie

    Thnks mchn

  14. melinda

    thank you

  15. chinthaka.max4

    thankx machan

  16. Akila Dilhara

    Thanks for Sub...