කොහොමද සුපර්ගර්ල් රසික රසිකාවියනි? කට්ටිය ඉතින් හොදටම කේන්තියෙන් ඇත්තේ. මොකද ඉතින් කතාව එකපාරට අතරමග නතර කරලා දැම්මනේ උපසිරසි නොදී. දැන් ඉතින් කට්ටිය ඉංග්‍රීසි සබ් එක්ක බලලත් ඇති. ඉතින් වෙච්ච පමාවට සමාවෙන්න ඕන. කතාවට උපසිරසි කළ උදයංග සහෝ හොදටම කාර්‍යබහුල වීම නිසාත් ඔය අල්ලපනල්ලේම මටත් එක එක වැඩ යෙද…

කොහොමද සුපර්ගර්ල් රසික රසිකාවියනි? කට්ටිය ඉතින් හොදටම කේන්තියෙන් ඇත්තේ. මොකද ඉතින් කතාව එකපාරට අතරමග නතර කරලා දැම්මනේ උපසිරසි නොදී. දැන් ඉතින් කට්ටිය ඉංග්‍රීසි සබ් එක්ක බලලත් ඇති. ඉතින් වෙච්ච පමාවට සමාවෙන්න ඕන. කතාවට උපසිරසි කළ උදයංග සහෝ හොදටම කාර්‍යබහුල වීම නිසාත් ඔය අල්ලපනල්ලේම මටත් එක එක වැඩ යෙදිච්ච නිසාත් මේකට උපසිරසි කරන්න වෙන කිසිම කෙනෙක් අකමැති නිසාත් යන විවිධ හේතු කාරණා නිසා පමා උනා. හොදයි එහෙනම් අපි කතාව ගැන කෙටියෙන් බලමු.
කලින් කොටසෙන් කපටි වැඩවලට උපන් හපන් ඒ මහා මොළකරු ලෙක්ස් ලූතර්ගේ සැලැස්මක් අනුව පිටසක්වළ පොදු සමා පනත අහෝසි වෙලා යන වෙලාවක සුපර්ගර්ල්ගේ ඩුප්ලිකේට් එක, එහෙමත් නැත්නම් රතු දියණිය යොදාගෙන ඇමෙරිකාවේ ධවල මන්දිරයට ලෙක්ස් ලූතර් මහා ප්‍රහාරයක් දියත් කෙරෙව්වේ ජාතියේ වීරවරිය වෙච්ච සුපර්ගර්ල්ව ජාතියේ ප්‍රධානම සතුරා බවට ත්‍රස්තවාදියෙක් බවට පත් කරමින් කියන එක ඔබට මතක ඇතිනෙ. ඒ හා සමගම හදිසි නීතිය පනවලා ජනාධිපතිවරයා විසින් සුපර්ගර්ල්ව අල්ලාගැනීමේ මෙහෙයුම් දියත් කළා ඔන්න. ඒවගේම පිටසක්වළ සබදතා පිළිබද දෙපාර්තමේන්තුවේ කැබිනෙට් මට්ටමේ ලේකම් තනතුරක් පවා බෙන් ලොක්වුඩ්ට ලැබිලා. ආයේ කියන්න ඕන නෑ නෙව, තනතුරු මොකුත් නැතුව සුපර්ගර්ල්ට විරුද්ධව වැඩ කළ කෙනා බලය ලැබුනාම මොනා කරාවිද කියලා.
ඉතින් සමස්ත ජාතියම දැන් සුපර්ගර්ල් ගැන බලන්නේ බියෙන්, ඇයව අගය කළවුන් හතුරෙක් ලෙස බලද්දි ඇයට වෛර කළ අය ප්‍රීති වෙනවා. ඉතින් සුපර්ගර්ල් නිවැරදියි කියන එක ඔප්පු කරන්නත් මේ පසුපස ඉන්නෙ ලෙක්ස් කියන එක ලෝකයට හෙළි කරන්නත් හිතාගෙන ලිලියන් ලූතර්ගෙන් ලද තොරතුරක් අනුව ලීනා සහ සුපර්ගර්ල් යනවා ලෙක්ස්ව සිරගත කරලා සිටිය බන්ධනාගාරයා වෙත. ඒ ලෙක්ස් ගැන හෝඩුවාවක් සෙවීමේ අටියෙන්. ඉතින් මේ සෝදිසි වැඩේ අන්තිමේ ඉවරයක් වෙන්නෙ ඕටිස් ග්‍රේව්ස් එතනට කඩාපාත් වෙලා, බන්ධනාගාරයේ මහා විනාශයක් වෙලා ඒ විනාශයටත් සුපර්ගර්ල් වැරදිකාරිය බවට පත්වීමෙන්.
එහෙමනම් කට්ටිය කතාව බාගෙනම බලන්න. ඉතුරු කොටස් ටිකට උපසිරසි උදයංග සහෝගෙන් ලැබෙයි. ඒවගේම ඉතුරු කොටස් පහත් එකදිගටම ඔබට ලැබේවි. නමුත් ඉතින් සුපර්ගර්ල් පස්වැනි කතා සමයට උපසිරසි ලැබෙන එක ගැනනම් විශ්වාසයක් තියාගන්න එපා කියලා කියන්න ඕන.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,245 downloadsDownload Supergirl-S04-E18.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
34 comments
dihanhansajaw
dihanhansajaw
thanx for sub
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු එපිසෝඩ් ටිකටත් ඉක්මනට සබ් එක දෙන්න :)
මේ වගේ සබ් දෙන එක අතරමඟ නවත්තපු tv seriesවලට දිගටම සබ් දෙන්න..
තෙරුවන් සරණයි.!
ජය වේවා.!Sandarunimsara
Shadow Hunter එකටත් පුලුවන් නම් සබ් දෙන්
Kanchana
Thanxsaho
Lahiru Kekulandara
parakku wela hari sub eka dunnat thanks a
monawa unath Baiscopelk eka ehema lesiyakata wadak atharamaga dala yanna kiyanna danna nisa anntima kotas tika balanne nathuwa thiya gaththa
ayeth thanks sub eka dunnataSahan Sulakkhana
kisima prahsnyak naha saho, nawathwanne nathiwwa digatma kar gena yanna saho, api balnawaa, aaye parakku wunaa kiylaa iwasanna baha kiylaa nahane.
mindika
Thanks !!!!!!!!!!!!!!!!
dasun ayesh
taken tv series season 2 sinhala sub demuda
parindyabopage
amooo thanks aiye ,,,,,,seson 05 ekatat kohomahari sub 1 denna plzzzzzzz
M.W. Dilhani
එතකොට බැට්වුමන් එකට සබ් දෙන්නෙත් නැද්ද? සීසන් 5ට සබ් දෙන්නෙ නැත්නම් මේ හදිස්සියෙ මේකට සබ් දුන්නෙ ඇයි. අවුලකුත් නෑ හැබැයි. 100 බලල ඉවර උනාට පස්සෙ මටනම් වෙන මොකුත් බලන්න හිතෙන්නෙ නෑ.
උදයංග සම්පත් හතරසිංහ
හදිසියේ මේකට සබ් දුන්නෙ, සීසන් 5 කවුරුහරි කෙනෙක් බාර ගත්තොත් එහෙම එයාට කරගෙන යන්න පහසු වෙන්න. අකමැති නම් බලන්න එපා. කවුරුවත් තරහ වෙන්නෙ නෑ නොබැලුව කියල. ජය වේවා..!
Nilupul Madukapriya Perera
බැට්වුමන් එක ගැන කියන්නනම් අපි දන්නෑ.. නමුත් සුපර්ගර්ල් මමවත් උදයංග සහෝවත් දෙන්න අදහසක් නෑ.. නමුත් වෙන කැමති කෙනෙක් ඉන්නවනම් කරයි...
jonn jones
සුපර්ගර්ල් සීසන් 4එකේ ඉතුරු ටික පස්සෙ හරි දෙන්න පුලුවන් අලුත් ටිකේ සබ් එක දාන්න
M.W. Dilhani
උදයන්ග සහෝ වැරදියට තේරුම්ගන්න එපා. මේ කතාවට කිසිම අකමැත්තක් නෑ. මේකෙ මුල් සීසන් 4 බලලා 5 වෙනි එක එනකම් ඉන්න අතරෙ the 100 බැලුවා. ඒක ඉවර උන නිසා ටිකක් upset. ඒකයි එහෙම කීවේ. නැතුව කතාවට අකමැත්තක් නෑ. සීසන් 5ත් පුලුවන්නම් දෙන්න. අනිවාර්‍යන් බලනවා.
සුභ පැතුම්.
ප්‍රශාත් මදුෂංක
Thanks brother!!!!! loku deyak sub dunnu eka mehema hari.season 5 ekatath kohoma hari su denna.Good luck!
Deshani
thank you
Isuru Chathuranga
thank you bro digatama oyama saba dennako khmahari
jonn jones
සුපර්ගර්ල් සීසන් 4එකේ ඉතුරු ටික පස්සේ දෙන්න අලුත් සීසන් 5 එක හෙට හරි අද හරි සබ් එක දෙන්න ඔය අයියල දෙන්නට බැරිනම් කවිශල් රසින්ත අයියට කියන්න
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...සීසන් 5ට උපසිරස දෙන්න කියන එක තමා මගේ ඉල්ලීම. Crises on Infinity Erths එක බලන්න ඕනි නිසා. ඒක නිසාමයි මේ පාර arrowverse එක බලන්නේ..ඒක නිසා සලකා බලන්න ඉල්ලීම
Dileepa77
ඒහෙම කරන්න ඒපා ඉතිං. අපි බලන් ඉන්නේ ඔයාලා සබ් ඒක දෙනකම්නේ.. වැඩ රාජකාරි ඇති තමයි. උපරිම උත්සහයක් දීලා සීසන් 5ටත් ඔහොමම සබ් ඒක දෙමු සහෝ..
thathsaragayan
thank you broo supiri wadak bn
thathsaragayan
s5 walata sub eka dhenna broo
charithsbc
තැන්කිව් මචං ප්ලිස් ඔය ගැම්මටම සුපර් ගර්ල් සිසන් 5 බැට් වුමන් දෙකම වැටිලා කරලා දෙන්න සබ්
jonn jones
හරිනම් නව සීසන් එකේ පලවෙනි දවසේ දෙන්න ඕන කවිශල් අයියට ඉතුරු ටික කියන්න නැත්තම් රොයිලි අයියට හරි බ්‍යිස්කෝප් අයියලට කියන්න හෙට අනිද්දා සබ් එක දාන්න සීසන් 4 පස්සේ දෙන්න
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Ayesh Prashan
Thank You
Rasindu Perera
නියමයි..සබ් එකට තැන්ක්ස්...
sadeepairoshana191
Thanks bro
Naveen Rangana
Thanks for Subtitle..........
Jayawewa............!!!!!!!!!Dasun Chathuranga
Thanks for sub.........
chinthaka.max4
thankx machan sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supergirl [S04 : E18] Sinhala Subtitles | නොකළ වරදකට දඩුවම්!! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/09/Supergirl-Season-4.jpg)




aiye baiscopedownloads site eka wada nane