Watch Trailer

Castle Rock [S01 : E03] Sinhala Subtitles | දේශීය වර්ණය…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනං කාසල් රොක් කතා මාලාවෙ තුන් වෙනි එපියටත් අපි ඇවිල්ලයි ඉන්නෙ..මුල් එපි 2 නරඹපු ඔයාල මේ වෙනකොට දන්නව ඇති කතාව කොයිතරම් රසවත්ද වගේම කොයිතරම් පටලැවිලි සහගත කියල..එපි 5ක් බලපු මටවත් හිතා ගන්න බෑ කතාව කොයි පැත්තකට යනවද කියල..එන්න එන්නම නූල් බෝලෙ පටලැවෙනව මිසක් ලිහෙන පාටක් නෑ..ස්ටෙපන් කිංගෙ කතාව…

ඔන්න එහෙනං කාසල් රොක් කතා මාලාවෙ තුන් වෙනි එපියටත් අපි ඇවිල්ලයි ඉන්නෙ..මුල් එපි 2 නරඹපු ඔයාල මේ වෙනකොට දන්නව ඇති කතාව කොයිතරම් රසවත්ද වගේම කොයිතරම් පටලැවිලි සහගත කියල..එපි 5ක් බලපු මටවත් හිතා ගන්න බෑ කතාව කොයි පැත්තකට යනවද කියල..එන්න එන්නම නූල් බෝලෙ පටලැවෙනව මිසක් ලිහෙන පාටක් නෑ..ස්ටෙපන් කිංගෙ කතාවක් නොවැ අහන්න දෙයක් නෑ ඉතිං..හැබැයි ඉතිං රචකය කොච්චර හොඳ වුණත් වැඩක් නෑ අධ්‍යක්ෂකගෙ වැඩ අවුල් නං..බලමු කතාව ඉස්සරහට කොහොම ඇදෙයිද කියල,,මේ තාක් කතාව ගලාගෙන ගිහිං තියන විදිහ දැක්කම නං කියන්න පුළුවන් J.J ඒබ්‍රහම්ගෙ වෑයම අති සාර්ථකයි කියල.. රේටිං වලින් වුණත් ඒක හොදාකාරවම පැහැදිලි වෙනව…කතාව කොච්චර හොඳ වුණත් වැඩක් නෑ ඉතිං අපේ අයගෙ රසය තියෙන්නෙ වෙනම තැනක නොවැ,,ඩවුලෝඩ් කවුන්ට් එක දැක්කම අපේ මේ මහන්සිය අපතේ යනවාදෝ කියල හැඟීමක් එනව..කොහොමවුණත් හරි රසය දන්න සුළු පිරිසක් හරි ඉන්නවනෙ..අන්න එයාල වෙනුවෙන් දිගටම අපි කතාව ගෙන එනව..

හරි ඒනං කතාව නවත්තල කලින් එපිය ගැන් අපි පොඩ්ඩක් මතක් කරගෙන ඉමු…ඔයාලට මතක ඇති කලින් එපියෙ වැඩි වශයෙන්ම අවධානය යොමු වුණේ බන්ධනාගාර පාලක ලේසිගෙ පැත්තටයි,,ඒවගේම කතාවෙ ආරම්භයේදිම බන්ධනාගාරයේ නිරීක්ෂණ මැදිරියෙ ඉන්න ඩෙනිස් සැලස්කි නිළධාරියාට මොනිටරය හරහා හදිසියේම දකින්න ලැබෙනව කාගේත් කතාබහට ලක්වෙලා ඉන්න අබිරහස් සිරකරුවා හිරෙන් පැනල යන දර්ශනයක්..කොහොම වුණත් පස්සෙ ඔහුට අනාවරණය වෙනව ඒක එයාගෙ හිතේ මැවිච්ච දෙයක් විතරක් බව..ඒවගෙම ඔයාලට මතක ඇතිනෙ හිරකාරයව හොයාගත්ත අර විශේෂ කූඩුව ලේසී විසින් නිර්මාණය කරපු ආකාරය දැක්වෙන පොඩි අතීතාවර්ජනයක් එහෙම පෙන්නුව කලින් එපියෙදි..ඒකෙදි ලේසී කියනව එයා ඒක හැදුවෙ දෙවියන් වහන්සේ කියපු නිසා බව.,,ඒවගේම ලේසී තමන් මේ කරපු දේ සාධාරණීයකරණය කරල කියනව ලිපියක් හරහා..ඒවගේම ඔයාලට මතක ඇති ඩීවර් යනව ලේසිගෙ ගෙදරට හිරකාරයා ගැන මොනවාහරි තොරතුරක් ලේසිගෙ බිරිඳ මාතාගෙ මාර්ගයෙන් දැනගන්න හිතාගෙන ..වැඩි යමක් නම් දැනගන්න ලැබෙන්නෑ..හැබැයි ලේසිගෙ ගෙදර තියන අගුලු දාපු කාමරයක් ගැන පොඩී කුතුහලයක් අපිට ඇති වෙනව..ඩීවර් මේ කාමරය ගැන ලේසීගෙ බිරිඳගෙන් ඇහුවත් මොකුත් කියන්නෑ කතාව අනික් පැත්තට හරවනව…ඒවගේම ඔයාලට මතක ඇති බලාපොරොත්තු සුන් කරගෙන ලේසීගෙ ගෙදරින් එළියට එන ඩීවර්ට පස්සෙ මුණ ගැහෙනව ඩෙනිස් සැලස්කි නිළධාරියාව.. එයාට මේ හිරකාරයව ගැන මුලින්ම තොරතුරක් ලබාදුන්න කෙනාව…සැලස්කි නං කියන්නෙ ඩීවර්ට හිරකාරයා අහලකටවත් යන්න ඉඩක් නොලැබෙනු ඇති බවටයි..කොහොමවුණත් අන්තිමේදි ඩීවර් උපායශීලීව බන්ධනාගාරය ඇතුලට ගිය හැටි ඔයාලට මතක ඇති කියල මං හිතනව..

ඒවගේම කතාව අන්තිමේදි පෙන්නනව බල්ලෙක් යම් තැනකින් බන්ධනාගාර පාලකතුමාගෙ නැතිවෙලා තිබ්බ හිස එළියට ගන්න දර්ශනයක්.ඔන්න ඔහොමයි කලින් කතාව ගෙවී ගියෙ..

අද කතාව ගැන නං මං මොකුත්ම කියන්න යන්නෙ නෑ මොකද ඒකෙන් ඔයාලගෙ රසවින්ඳනයට බාධාවක් වෙන්න පුළුවන්..ඔයාලම අරං බලාගන්න..

ඊළඟ එපි 2ත් ඉක්මනටම දීලා සමගාමී විකාශය අල්ලන්න තමයි බලාපොරොත්තුව..ඒක හින්ද පටි තද කරං ඉන්න..ඊළඟ එපිය අපේ මයුර සුරාජ් සහෝදරයා ඉක්මනටම ඔයාලට අරගෙන එයි.දිගටම කතාවත් එක්ක රැඳී ඉන්න..මං ගියා..ජය වේවා !!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

3,073 downloadsDownload Castle-Rock-S01-E03.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

අචින්ත උදයංග

Subtitles

3,073 downloadsDownload Subtitles27 KB

32 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. shashika madu

    niyamai saho wade hodai

  3. Lakshan

    Thanks Bro.

  4. geeganagamage

    බොහොම ස්තුතියි සුපිරි වැඩක්

  5. Chamath_CS

    අඩෝ එනකල් බලන් හිටියේ මේවගේ ඒවගේ තියන රසවින්දනය අමුතුම එකක් එක ගොඩක් උන් දන්නැ දිගටම කතාව ඕනි අපි බලනවෝ සබට තුති

  6. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  7. chiro

    supiri........thnx sub ekata

  8. S.K. Ruchiranga

    thz sahoo sub ekata

  9. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු...

  10. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  11. Kavishal Rasintha

    Niyamai ayye.. ithuru tikath ikmanata dhenna.. Tnxs sub ekata.... Gd luck N Keep Continue

  12. Chirathvinura

    නියමයි දිගටම කරගෙන යන්න

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. nadeerads

    Thanks bro

  15. npmuweerasinghe

    niyama wadak

  16. pasindu sri

    thax bro

  17. sachintha

    Thanks For Sub....

  18. laxeg

    ela bro niyamai....

  19. Mister_X

    Supirima kathawa

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  22. pasindu sri

    thanx bro

  23. Prabodha Madhusankha Hettiarachchi

    Thank brooo sub ekata...

  24. Dula95

    thanks bro superima katawak

  25. suranuwan

    ela niyamai..

  26. Eranda Malith 2.0

    Thanks bn sub ekata

  27. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  28. Dushan Tharuka

    Thanks... Jaya wewa !!!

  29. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  30. MAALnath

    Thanks .................good luck .................

  31. Anonymous

    Thank you bro sub ekata