Watch Trailer

Big Little Lies [S01 : E04] Sinhala Subtitles | මැඩලින්ගේ නාට්‍යයි….තව පලහිලව්වයි….! [සිංහල උපසිරැසි සමඟ] [18+]

පසුගිය කොටසින් පසුගිය කොටසින් අපිට දකින්න ලැබුනා ඇමබෙලාගේ උපන්දින පාටියත් මැඩලින් සුදානම් කරපු චාරිකාවත්. ඇමබෙලාගේ අම්මා ඒ කියන්නේ රෙනාටයි මැඩලිනුයි දෙන්නා මෙහෙම ගහගන්න නේ සිගී හින්දා කියලත් අපි දන්නවනේ. අපිට තිබ්බ ප්‍රශ්නයක් තමයි සිගීගෙ තාත්තා ගැන ඒකත් එහෙනම් ගිය කොටසින් විසදුනා. සිගී රන්ඩුත් වුනා…

පසුගිය කොටසින්

පසුගිය කොටසින් අපිට දකින්න ලැබුනා ඇමබෙලාගේ උපන්දින පාටියත් මැඩලින් සුදානම් කරපු චාරිකාවත්. ඇමබෙලාගේ අම්මා ඒ කියන්නේ රෙනාටයි මැඩලිනුයි දෙන්නා මෙහෙම ගහගන්න නේ සිගී හින්දා කියලත් අපි දන්නවනේ. අපිට තිබ්බ ප්‍රශ්නයක් තමයි සිගීගෙ තාත්තා ගැන ඒකත් එහෙනම් ගිය කොටසින් විසදුනා. සිගී රන්ඩුත් වුනා මතකනේ අම්මත් එක්ක තාත්තා ගැන අහලා. ඒත් සිගීට තාම මුකුත් කියලා නෑ. ඒ අතර මැඩලින් එක්ක ඉන්න බෑ කියලා ඇබිගේල් ගෙදරින් යනවා එයගේ තාත්තා ලගට. මැඩලින් නම් එච්චර කැමත්තකින් නෙමෙයි යවන්නේ. ඒත් ඇබිගේල් යන්න හදනවා. ඊට පස්සේ කැලෙස්තේගේ පවුල් ආරවුල් එහෙමත් පෙන්නුවා මතක ඇතිනේ. ඒ දෙන්නා මානසික වෛද්‍යවරයෙක් ගාවට ගිහින් උපදෙසුත් ගත්තා නේ. ඊට පස්සේ රෙනාටයි එයාගේ හබියයි කරපු දේවලුත් දකින්න ඇති නේ. විලි ලැජ්ජාවේ බෑ නේද? හී හී… හරි ඊලගට වෙච්ච ලොකුම දේ තමයි අපේ මුල් එපියේ පෙන්නපු මරණෙ වෙච්ච රාත්‍රිය Trivia Night එකේ වැඩ කටයුතු ගැන මේ එපියේ කතා වුනා. ඒක තමයි මෙතන වැදගත්ම දේ වෙන්නේ ඔක්ක්ම පටන් ගත්තේ එතනින් නේ. තව මැඩලින්ගේ නාට්‍ය පිලිබද නගරාධිපති අවුල් නේ ඒක ඉවර කරගන්නත් වැඩක් කට්ටිය බැලුවා නේ.

අද කොටසින්

අද කොටසින් අපිට බලා ගන්න පුලුවන් ඇබිගේල් ගෙදරින් යනවා ගිහිල්ල ටික දවසකට පස්සේ නේතන් එනවා මැඩලින් හම්බුවෙන්න රාත්‍රී අහාරයක් ගමු කියලා පවුල් දෙකම බොනීගේ අදහසකට. පොඩි පොඩි රණ්ඩුත් වෙනවා දෙන්නා අතරේ හරි ඊට පස්සේ කොහොමින් හරි මැඩලින්ගේ නාට්‍ය අවුල ගැනත් අද ටිකක් වැඩියෙන් පෙන්නනවා. ඒකෙ අවුලත් ඉවරයි වගේ. තව එතකොට මැඩීගෙයි ජෝසෆ්ගෙයි පරණ පලහිලව්වකුත් ඔන්න ඇදිලා එනවා උඩට. එතකොට තව ඇමබෙලාට තාම කවුරුහරි රිද්දනවා ඒකට සිගීවත් සැක කරනවා එතනත් දේවල් ටිකක් වෙනවා. සිගීගේ අම්මත් ජේන් මෙයාව ලමා මනෝ විද්‍යාඥයෙක්ට පෙන්නනවා. ඔය ටික තමයි මන් වැඩිය කියන්න යන්නේ නෑ. ස්පොයිල් කරන්න ඔනී නෑ නේ. අරගෙනම බලන්න. කතාව එන්න එන්නම රසවත් වෙනවා. ඉස්සරහට තවත් රසවත් රැදී ඉන්න අපි එක්කම…

අද කතාවේ නම :- Push Comes to Shove
අධ්‍යක්ෂණය :- Jean-Marc Vallee
ලියලා තියෙන්නේ :- Liane Moriarty (From Novel)
විකාශය වුනේ :- 2017 මාර්තු 12
IMDb අගය මේ කොටසට :- 8.3 Rating
ඊලග කොටස :- Once Bitten

…………ජය ශ්‍රී……..

ප.ලි.
ඔන්න එහෙනම් Big Little Lies රසිකයන්ට හොද ආරංචියක් තියෙනවා. ඒ තමයි මේ කතා මාලාව මුලින් නිර්මාණය කලේ කෙටි කතා මාලවක් විදිහට ඒත් සාර්ථකත්වය නිසා කතා මාලාව දෙවනි කතා සමයට දීර්ඝ කලා. ඔන්න එහෙනම් ඒ කතා සමයෙත් තිරගත කිරීමේ කටයුතු අවසන් කරලා තියෙනවා. දෙවනි එකක් නොහැදුවා නම් තමා පුදුමේ සම්මාන කීයක්ද, Top Rated tv series අතර 137 වෙනි ස්ථානයනේ කතාව බලන අය දන්නවා මේකේ රහ ටිකෙන් ටික රසවත්……

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.

ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.

2,698 downloadsDownload Big-Little-Lies-S01E04.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

 

Subtitles

2,698 downloadsDownload Subtitles35 KB

12 comments

  1. dsdkavishka

    Thenks bro

  2. Kulanjana Maduranga

    subata thanks....

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි ස්තූතියි
    ජය

  4. din_rana

    Sub ekata thank you saho, sinhala sub ekka season eka balala iwara wenakan iwasillak na

  5. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  6. 100

    Sub eakata thanx

  7. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  8. sankalpatest

    Thanks machan supiri series ekak

  9. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Yasithjayalath

      Aiye colony season 3 evilla puluwannm ekata sub denna loku udauwak.

  11. K P

    Thanks bro...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.