ආයුබෝවන්..! ඉතිං මුල් කොටස් දෙක බැලුව නම් පේනව ඇති මේ කතා සමයත් ඉතාම සිත්ගන්නාසුළු ආකාරයට නිම වෙලා තියෙනව. ඉතිං ඒ අනුව ඩ්‍රැකියුලා තමන්ගෙ සියළුම ජෙනරල්වරු කැඳවල යුධ මන්ත්‍රණ සභාවක් ක්‍රියාත්මක කරනව. මේ මන්ත්‍රණ සභාවේ ප්‍රධාන තනතුරු දෙක දරන්නෙ මනුෂ්‍යයන් දෙදෙනෙක්. නමින් ඔවුන් අයිසැක් සහ හෙක්ටර්. ඉති…

ආයුබෝවන්..!

ඉතිං මුල් කොටස් දෙක බැලුව නම් පේනව ඇති මේ කතා සමයත් ඉතාම සිත්ගන්නාසුළු ආකාරයට නිම වෙලා තියෙනව. ඉතිං ඒ අනුව ඩ්‍රැකියුලා තමන්ගෙ සියළුම ජෙනරල්වරු කැඳවල යුධ මන්ත්‍රණ සභාවක් ක්‍රියාත්මක කරනව. මේ මන්ත්‍රණ සභාවේ ප්‍රධාන තනතුරු දෙක දරන්නෙ මනුෂ්‍යයන් දෙදෙනෙක්. නමින් ඔවුන් අයිසැක් සහ හෙක්ටර්. ඉතිං යුද්ධය පිළිබඳ මන්ත්‍රණය මේ විදියට ක්‍රියාත්මක වෙන අතරෙ, සයිෆා, ට්‍රෙවර් සහ අලූකාඩ් ගමන් කරනව ඩ්‍රැකියුලා ඇතුළු පිරිස නතර කළ හැකි ආකාරයක් හොයාගෙන. ඔවුන් ගමන් කරන්නෙ බෙල්මොන්ට් මන්දිරයේ සුරක්ෂිතාගාරය වෙත. මේ තුළ අන්තර්ගත වෙලා තියෙනව ඩ්‍රැකියුලා නවත්තන්න හැකි ක්‍රමවේදයක්. හැබැයි මේ පිරිසට අතරමඟ දි ප්‍රහාරයක් එල්ල වුණා. නිශාචර හමුදාව ඔවුන් වලක්වන්න උත්සාහ කරන්නෙ, ඩ්‍රැකියුලාගෙ අරමුණ ඉෂ්ට කරන්න. ඩ්‍රැකියුලාගෙ අරමුණ තමයි මනුෂ්‍ය වර්ගයා ලෝකයෙන් තුරන් කිරීම.

ඉතිං සැලැස්ම මේ විදියට ක්‍රියාත්මක වෙන අතරෙ, ඩ්‍රැකියුලාගෙ ජෙනරල්වරු කීපදෙනෙක් ඩ්‍රැකියුලාට එරෙහිව කුමන්ත්‍රණය කරනව. කර්මෙලා සහ ගෝඩ්බ්‍රෑන්ඩ් මේ අතර ප්‍රධාන තැනක් ගන්නව. මොවුන් විශ්වාස කරන්නෙ මනුෂ්‍ය වර්ගයා විනාශ කිරීම හොඳ අදහසක් නෙවෙයි කියල. ඒ වගේම ඩ්‍රැකියුලා උමතු වෙලා කියල ඔවුන් විශ්වාස කරනව. මේ නිසා කර්මෙලා ඩ්‍රැකියුලාගෙන් බලය පැහැර ගන්නා ආකාරයක් ගැන පිඹුරුපත් සකස් කරනව. හැබැයි ඩ්‍රැකියුලාගෙ ප්‍රධාන යුධ නිළධාරීන් අයිසැක් සහ හෙක්ටර් මේ ගැන ක්‍රියාත්මක වෙන්නෙ වෙනත් ආකාරයකට. ඉතිං ඒ අනුව ගෝඩ්බ්‍රෑන්ඩ්ට මේ කුමන්ත්‍රණය වෙනුවෙන් දඬුවම් විඳින්න සිද්ධ වෙනව. එහෙනම් ඊලඟ කොටස් දෙක අරගෙන ඉක්මනින් එන්නම්. ජය වේවා..!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

4,382 downloadsDownload Castlevania-S02-E03-E04.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

4,382 downloadsDownload Subtitles26 KB

11 comments

  1. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    1. rmlr rathnayaka

      බොහොම ස්තූතියි සබ් එකට

  3. rockz2020

    එලම ✌ thanks සහෝ! ❤

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. LAKA

    niyamai.x files season 8 9 sinhala sub dennko

  6. Chanu mikhail

    thanks

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Adeesha

    Thanx mchan

  9. Pavith Wijesooriya

    උපසිරසියට ගොඩක් ස්තූතියි.

  10. BIMBISHA

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️