Watch Trailer

Chicago PD [S02 : E20] | කාමාතුර දොස්තර! සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Chicago.PD පොලිස් මාලා නාටකයේ අප්‍රේල් මස 29 දින විකාශය උන කොටස අරන් මම ආවා. මේ කොටස නම් කරලා තියෙන්නේ The Number of Rats කියලා. ඒවගේම මෙම කොටස ක්‍රෝස්ඔවර් සංකල්පය රැගත් කතා තුනක එකතුවක්. ඉතින් එහෙනං අපි කෝකටත් කියල කලින් කොටසේ මොකෝ උනේ කියලා මතක් කර ගම්මු. 19 වන කොටසෙන්… අපේ පරීක්ෂක කණ…

#Chicago PD TV New CROWEEK

ඔන්න එහෙනම් Chicago.PD පොලිස් මාලා නාටකයේ අප්‍රේල් මස 29 දින විකාශය උන කොටස අරන් මම ආවා.  මේ කොටස නම් කරලා තියෙන්නේ The Number of Rats කියලා. ඒවගේම මෙම කොටස ක්‍රෝස්ඔවර් සංකල්පය රැගත් කතා තුනක එකතුවක්. ඉතින් එහෙනං අපි කෝකටත් කියල කලින් කොටසේ මොකෝ උනේ කියලා මතක් කර ගම්මු.

19  වන කොටසෙන්…

අපේ පරීක්ෂක කණ්ඩායමට පැවරුනේ මහා අමානුෂික ඝාතන කිහිපයකට අවශ්‍ය කරලා ඉන්න සැක කරුවෙක් හොයා ගන්නයි. ඉතින් මේ සිදුවීම පොලිස් කණ්ඩායමේ හැන්ක්ට පස්සේ ඉන්න පැරණිතම නිළදාරියාවන ඔලින්ස්කි තමයි බර කරට අරන් කලේ, ඒවගේමයි ඉතින් වෙනදා වගේම බාල්දි පෙර ගන්න නිළදාරි ෂෝන් ආයෙත් අවුලක් දාගෙන, වැඩත් තහනම් කර ගන්නවා.  මතකයි නේ? ගිය සතිය ඔහොමින් ඔහොම ඉවර වෙද්දී අපි අද කතාව පැත්තට හැරුනොත්…

20  වන කොටසෙන්…

අද කතාව නම් ඇත්තටම ගොඩක්ම කණගාටුදායක සිදුවීමක් රැගත් කතාවක්. ලිපියේ  මුලින්ම මම කිව්වා “මෙම කොටස ක්‍රෝස්ඔවර් සංකල්පය රැගත් කතා තුනක එකතුවක්” කියලා. මෙහි පළමු කොටස විකාශය වෙන්නේ චිකාගෝ ෆයර් කතාව හරහා. කැමති අය ඒ කොටසත් බලන්න කතාව හොදටම තේරුම් ගන්න නම්. මොකද චිකාගෝ පි.ඩි 20 වන කතාව ආරම්භ වෙන්නේ චිකාගෝ ෆයර් කතාව අවසන් උන තැන ඉදන්මයි, එත් ඒ කොටස නොබැලුව කියලා නම් ලොකු අවුලක් වෙන එකක් නැ, අපි මේ දීලා තියන පිටපතේ චිකාගෝ පි.ඩි කතාවත් SVU කතාවත් යන දෙකම ඇතුලත් වෙනවා.

කතාව ගැන කෙටියෙන් යමක් කිව්වොත් නිව්යෝර්ක් වල SVU (Law & Order: Special Victims Unit ) එකේ සර්ජන්ට් බෙන්සන්ගේ මුලිකත්වයෙන් සිදු කෙරෙන මිනි මැරුම් පෙළක යටගිය අබිරහසක් සොයන්නයි මේ තුන් කට්ටුවගේ වෑයම වෙන්නේ. සර්ජන්ට් බෙන්සන් අවුරුදු දහයක් ඉදන්ම හොයන, කාන්තාවන් දුෂණය කොට මරා දමා යම් එක සමානම සාක්ෂියක් ඉතිරි කර යන මිනිමරුවෙක්. කලක් නිහඩව ඉන්න මේ මිනීමරුවා නැවතත් චිකාගෝ නුවරින් මතු වෙලා කලින් ආකාරයටම මිනීමැරුම් පෙළක් කරනවා. ඉතින් සර්ජන්ට් බෙන්සන්, චිකාගෝ ෆයර් හා චිකාගෝ පි.ඩි කණ්ඩායම් වල සහයෝගය ඇතුව මෙම මිනීමරුවව හොයාගන්නයි උත්සහා කරන්නේ. ඉතින් මොහුන්ගේ මෙම වෑයම සාර්ථක වෙයිද? මෙයාලට මොනවගේ ගැටළු වලට මුහුණ දෙන්න වෙයිද? මම මේ බොහොම කෙටියෙන් මේ කතාව කිව්වේ.

පැයකුත් විනාඩි තිහකුත් ඇතුලේ මේවට උත්තර තියනවා. මෙතෙක් මම විසින් කරන ලද වැඩිම දෙබස් සංඛ්‍යාවක් ඇතුලත් නාට්‍ය පිටපත මෙයයි.  මෙවර පිටපත් ටිකක් ලොකු උනත් බාගෙන බලන්න. මෙවැනි මිනිසුන් පිරි සත්‍යම සමාජයක් ඇතුලේ තමයි අපිත් ජිවත් වෙන්නේ. බොරු වීරයන් සිටින මනංකල්පිත කතා වෙනුවට මෙවැනි සත්‍ය සිදුවීම් ඇතුලත් රසබර කතාවක් තමයි චිකාගෝ පි.ඩි කියන්නේ. ඉතිං බැලුවට පාඩු වෙන්නේ නැහැ.

එහෙනම් බයිස්කෝප් අඩවිය ඔස්සේ චිකාගෝ පි.ඩි නරඹන සියලුම ප්‍රේක්ෂකයන්ගෙන් පමාවට සමාවෙන්න කියන ගමන් නැවතත්, මේ කොටසත් එක්ක එකතු වෙන්න එන්න කියලා ආරාධනා කරනවා. හැමෝටම…

ජය වේවා. ෴

[ලිපිය: නලින් පෙරේරා]

Chicago PD (2014) on IMDb

 

 

490 MB කොපිය මෙතනින් බාගන්න

55ACCDBFD1E36143D446E8246031A35B092F45CF Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,102 downloadsDownload Chicago-PD-S02E20.zip60 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles by

නලින් පෙරේරා

Subtitles

1,102 downloadsDownload Subtitles60 KB

12 comments

  1. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. නලින්

      ස්තුතියි රෝයිලි අයියා!

      ජය වේවා!

    2. dila

      ko aiyeeee 21e sub

    3. නලින් පෙරේරා

      ඉක්මනින් දෙනවා මල්ලි.

    4. supuu

      21 ikmanata dennakoooooooooo.....

  2. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  3. dila

    ela ela thnx mchn
    21 sub ekath ikmanata damu

  4. Sahan

    Thank you very much! !!

  5. Kulanjana Maduranga

    niayamai…thanks NALEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  7. sajeevi

    thanks

  8. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra