Watch Trailer

Chicago PD [S02 : E21] | මුලාව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Chicago.PD පොලිස් මාලා නාටකයේ මැයි මස 05 දින විකාශය උන කොටස අරන් මම ආවා. මේ කොටස නම් කරලා තියෙන්නේ There’s My Girlකියලා. ඉතින් එහෙනං අපි කෝකටත් කියල කලින් කොටසේ මොකෝ උනේ කියලා මතක් කර ගම්මු. 20 වන කොටසෙන්… මේ කොටස බැලුවද? කොහොමද දැනෙන්නේ? ඇත්තටම කලින් ලිපියේ කිව්වා වගේම “ගොඩක්ම කණගාටුදා…

Chicago PD TV 1

ඔන්න එහෙනම් Chicago.PD පොලිස් මාලා නාටකයේ මැයි මස 05 දින විකාශය උන කොටස අරන් මම ආවා.  මේ කොටස නම් කරලා තියෙන්නේ There’s My Girlකියලා. ඉතින් එහෙනං අපි කෝකටත් කියල කලින් කොටසේ මොකෝ උනේ කියලා මතක් කර ගම්මු.

20  වන කොටසෙන්…

මේ කොටස බැලුවද? කොහොමද දැනෙන්නේ? ඇත්තටම කලින් ලිපියේ කිව්වා වගේම “ගොඩක්ම කණගාටුදායක සිදුවීමක්” තමයි සිද්දවුනේ. මෙතෙක් කලක් පොලිස් කල්ලිය එක්ක උන්න නාඩියා සදහටම සමුගත්තා. නාඩියාගේ මරණය වැඩියෙන්ම බලපෑමක් වුනේ පරීක්ෂක ලින්ඩ්සේටයි. මොකද ඇය තමයි නාඩියාගේ ලගම හිතවතා, මිතුරා වුනේ. ඉතින් ලොකු මානසික බලපෑමක්  ඇයගේ ජිවිතයට මේ මරණයත් එක්ක එල්ලවුණා. මේ බලපෑම කොතෙක් දුරට ලින්ඩ්සේට හානිකර වෙයිද කියලා අපි බලමු! ඉදිරියට. 

හොදයි එහෙම නම් මේ මිනීමැරුම් සේරටම වගකිවයුත්තා වෙච්ච දොස්තර යෙට්ස් අවසානයේ සාජන්ට් බෙන්සන්ගේ මුලිකත්වයෙන් සිදු කරපු මෙහෙයුමෙන් පසු අත්අඩංගුවට ගැනුනා. ඒවගේම චිකාගෝ පොලිස් කණ්ඩායමව  මොහු කුට උපක්‍රම භාවිතා කරලා නොමග යැවූ හැටිත් මතක ඇති කියලා හිතනවා.  හැබැයි දොස්තර යෙට්ස්ට අපේ සාජන්ට් හැන්ක් වොහිට්ගෙන් නම් ගැලවිල්ලක් ලැබෙන එකක් නැහැ. ඉදිරි කොටස් වලදී අනිවාර්යෙන්ම දොස්තර යෙට්ස්ට නැවතත් මුණගැහෙයි කියලා බලාපොරොත්තු  වෙන්න පුළුවන්. එතකොට බලමුකෝ වැඩේ!

21  වන කොටසෙන්…

අද කොටස ආරම්භ වෙන්නෙ නාඩියා නොමැතිව දුක් වෙන ලින්ඩ්සේගෙන්. පොලිස් කණ්ඩායම බොහොම කණගාටුවෙන් තමයි ඇය ගැන සිහි කරන්නේ. ඉතින් කණ්ඩායම ඔහොම ඉන්න අතරේ අද මෙයාලට ලැබෙන්නේ නගරයේ කෑම කඩේක වෙන බෝම්බ පිපිරුමක් ගැන පරීක්ෂණ කරන්නයි. ඇයි මේ කෑම කඩේට බෝම්බයක් තිබ්බේ? මොන අරමුණකින්ද? එහෙනම් වැඩි විස්තර කතාව බලලම දැනගමුකො!

එහෙනම් බයිස්කෝප් අඩවිය ඔස්සේ චිකාගෝ පි.ඩි නරඹන සියලුම ප්‍රේක්ෂකයන්ගෙන් මේ කොටසත් එක්ක  එකතු වෙන්න එන්න කියලා ආරාධනා කරන ගමන් මම සමුගන්නවා. හැමෝටම…

 

Chicago PD (2014) on IMDb

 

 

265 MB කොපිය මෙතනින් බාගන්න

B459A9C996AEA290598E3382558916BAA06F886A Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,016 downloadsDownload Chicago-PD-S02E21-baiscopelk.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles by

නලින් පෙරේරා

Subtitles

1,016 downloadsDownload Subtitles32 KB

8 comments

  1. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  2. DDT

    උපසිරැසියට බොහොම ස්තූතියි.

  3. Kulanjana Maduranga

    niayamai…thanks NALEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Thilina

    ela naliya. Thanks

  5. dila

    ela ela 22 ikmanata denna
    thnx sub ekata

  6. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. sajeevi

    thanks

  8. Ravin

    Thanks