එහෙමනම් ඔන්න කට්ටියට බලන්න 2018 වර්ෂයේ නිකුත් වෙච්ච කොටස් හතරකින් සමන්විත වෙන බ්‍රිතාන්‍ය මිනි කතාමාලාවක් අරගෙන ආවා. IMDB අගය 6.8ක් සහ කුණු තක්කාලි දර්ශකයේ 79%ක් වැනි ඉහළ අගයක් ලබාගන්න මේ කතාව සමත් වෙලා තියෙනවා. drama සහ ත්‍රිලර් කියන වර්ගීකරණයන්ට අයත් වෙන මෙම කතාමාලාවේ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ Th…

එහෙමනම් ඔන්න කට්ටියට බලන්න 2018 වර්ෂයේ නිකුත් වෙච්ච කොටස් හතරකින් සමන්විත වෙන බ්‍රිතාන්‍ය මිනි කතාමාලාවක් අරගෙන ආවා. IMDB අගය 6.8ක් සහ කුණු තක්කාලි දර්ශකයේ 79%ක් වැනි ඉහළ අගයක් ලබාගන්න මේ කතාව සමත් වෙලා තියෙනවා. drama සහ ත්‍රිලර් කියන වර්ගීකරණයන්ට අයත් වෙන මෙම කතාමාලාවේ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ The Great Gatsby, The Dig, Pride & Prejudice සහ 2020 වසරේ තිරගත වුනු අතිශය ප්‍රසිද්ධියට පත් සිනමාපටයක් වෙන Promising Young Woman චිත්‍රපටයෙහි විශිෂ්ට රංගනයක නිරත වූ Carey Mulligan විසින්.
යුද්ධයෙන් විනාශ වෙච්ච රටක ඉදලා සරණාගතයො විදිහට තමන්ගෙ පවුලේ අයත් සමග හොර රහසේම හිරු නොබසින අධිරාජ්‍යයේ රැකවරණය පතා පැමිණෙන තරුණයෙක්. යුද්ධය නිසාවෙන් තමාත් තමන්ගෙ පවුලේ අයගෙත් ජීවිත අනාරක්‍ෂිත වූ කල සාමකාමීයැයි සිතන රටක නව ජීවිතයක් පටන්ගැන්මේ අපේක්‍ෂාවෙන් බ්‍රිතාන්‍යය බලා ඇවිත් ඉන්න අබ්දුල්ලා අසීෆ් වෘත්තීය විදිහට තෝරගත්තෙ පීසා ඩිලිවරිකරුවෙක් වීම. එක් රැයක, ඒ ආකාරයෙන් සිය රාජකාරිය සදහා පිටව යන අබ්දුල්ලාට සිදුවන්නෙ කිසි විටෙකත් ඔහු නොසිතු විරූ කරදරයකට මුහුණ පාන්න.
අබ්දුල්ලාව එක් අන්ධකාර රාත්‍රියක කුරිරු විදිහට සැගවී සිටින වෙඩික්කරුවකුගේ වෙඩි පහරට ලක් වෙනවා. වෙනත්ම රටක ඉදලා, අලුත්ම ජීවිතයක් පටන් ගන්නෙ එංගලන්තයට ඇවිත් ඉන්න මුස්ලිම් ජාතික සංක්‍රමණිකයෙක් වෙන අබ්දුල්ලාට වෙඩි තබන්නේ කවුරුන්ද? මෙය වෛරී ක්‍රියාවක්ද? ත්‍රස්තවාදී සංවිධානයකට ඔහු සම්බන්ධ වේද? ඔහුට වෙඩි තබන්නා කවරෙක් විය හැකිද? එය හුදෙක් අහම්බයක්ද? අනතුරක්ද? සැලසුම් සහගත ඝාතනයක්ද? නැතිනම් ඒ සියල්ල යොමු වෙන්නෙ කිසි ලෙසකින්වත් නොහිතු ආකාරයේ දෙයක් වෙතද? යන සියලු උභතෝකෝටිකයන්ට පිළිතුරු සෙවීමේ වගකීම බාර වෙන්නෙ පොලිස් නිළධාරිනි කිප් ග්ලාස්පී හටයි.
ඉතින් ග්ලාස්පීට මේ ගැටළුවවලට පිළිතුරු සෙවීම කෙබදු ආකාරයේ කර්තව්‍යයක් වේවිද කියලා කට්ටිය බලලාම දැනගන්න. ලිපිය මදියි වගේ හිතෙනවානම් පුර්ව ප්‍රචාරක පටයක් නරඹලා ඉන්න. හැබැයි ඉතින් මේක බැලුවා කියලා ඔබ පසු තැවෙන එකක්නම් නෑ ඔන්න. මීට වඩා කතාව ගැන විස්තරයක් කරන්න ගියොත් තියෙන කුතුහලය නැතිවෙන්න ඉඩ තියෙන නිසාම මං එහෙම නොකර ඉන්නම්.
එහෙමනම් ඉතුරු කොටස්වල උපසිරසි අපගෙ සහෝදර උපසිරසිකරුවන් තිදෙනකු විසින් ලබා දේවි. යළි ඉක්මණින් උපසිරසියකින් හමුවෙන අපේක්‍ෂාවෙන් මා සමුගන්නවා. එතෙක් ඔබ සැමට ජයෙන් ජය!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
3,099 downloadsDownload Collateral-S01-E01.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
11 comments
P_mihir
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
Mini series nm patta
Thanks sahoKavindu
සිංහල උපසිරසියට ස්තුතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
Niyamai saho
Ithuru tikath ikmaninma dennaAnonymous
Spanish ekakuth ona
Kushan
Sub akta thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thnx for sub ...❤️
Tehan
Nice thankxthankx
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanx for the sub