Watch Trailer

Colony [S03: E04] Sinhala Subtitles | ඒකාධිපති පාලකයෙක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. කඳවුරට ආපු විල්ට මේ තැන ගැන නම් දැනුනෙ සැක සහිත හැගීමක්. මැක්ග්‍රැගර් මෙතන පාලනයට ඉන්න කෙනා අමුතුම විදියෙ මනුස්සයෙක් බව තේරෙනවා. විල් කඳවුරේ වෛද්‍යවරයා සමග කත බහක යෙදීමෙන් පසු වැඩට උදව් වීමට යනවා. එතන හිටපු…

ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. කඳවුරට ආපු විල්ට මේ තැන ගැන නම් දැනුනෙ සැක සහිත හැගීමක්. මැක්ග්‍රැගර් මෙතන පාලනයට ඉන්න කෙනා අමුතුම විදියෙ මනුස්සයෙක් බව තේරෙනවා. විල් කඳවුරේ වෛද්‍යවරයා සමග කත බහක යෙදීමෙන් පසු වැඩට උදව් වීමට යනවා. එතන හිටපු කෙනෙක්ගෙන් විල් එයාගෙ යාළුවා බග්ස් ගැන අහනවා. ඒක ඒකෙනාගෙ ඇහුවම ඒ කෙනා බියට පත් වී
ඒ බව නොදන්න බව පවසා එයට පිළිතුරු නොදී ඔහුගෙන් ඉක්මනින්ම ඉවත් වෙනවා. මේ අතරෙ කේටි මැක්ග්‍රැගර් කියපු පරිදි ලොස් ඇන්ජලිස් ගමන ගැන මෙහෙයුමට අදාළ තොරතුරු සටහන් පොතේ ලියලා ඒක ගෙනිහිල්ලා දෙන්න එළියට බැස්සම ඇය ළඟට මැක්ග්‍රැගර් ආරක්ෂාවට යොදෙව්වා යැයි කෙනෙක් පැමිණෙනවා. මේ ගැන සැක හිතුනු කේටි වින්සන්ව හමු වී මේ ගැන අහනවා. ඒ කතා බහෙන් පසු වින්සන් සහ කේටි මැක්ග්‍රැගර් හමු වීමට යනවා. කේටි මැක්ග්‍රැගර්ගෙන් රැප්ගේ අධීක්ෂණ කටයුතු වලට උදව් වෙන්න අවශ්‍ය බව පැවසුවත් මැක්ග්‍රැගර් එයට පැහැදිලි පිළිතුරක් නොදී ගොන්ට්ලට් එක පාවිච්චි කරන විට ඇයව සහභාගී කරගන්න බවට පොරොන්දු වෙනවා. මේ අතරතුර බෘසෝඩ් සහ ඒමි කඳවුර හොයා ගමනේ යන අතරතුරේ ට්‍රක් එකකින් යන පිරිසක් හම්බෙනවා. බෘසෝඩ් ඔවුන්වත් යන ගමන ඔවුන්ව දාගෙන යන්න කියලා ඔහුගෙන් ඉල්ලීමක් කළ පසු එහි සිටි අයගෙන් කෙනෙක් ඇයගේ බිරිඳට අවශ්‍ය බෙහෙත් ඇවිදින යන්ත්‍ර ආරක්ෂාවේ ඇති කලාපයකින් අරන් දුන්නොත් ඔවුන්ව කඳවුර ගාවින් දාගෙන යන්න පොරොන්දු වෙනවා. කොහොම වුනත් මේ වැඩේ මේ මිනිස්සු බෘසෝඩෙ සැළසුමට අනුව නොකිරීමෙන් මේ අයට මැරුම් කන්න වෙනවා. ඊට කලින් බෘසෝඩ් සහ ඒමිට දිවි ගළවාගන්න හැකි වෙනවා. මේ අතරෙදි කදවුරේදී අවසානයේ රැප් සමඟ කතා කරන්න පුළුවන් වෙනවා. නමුත් මේ කටයුත්ත අතරමග මැක්ග්‍රැගර් එය නවතා කඩාකප්පල් කරනවා.

ඉතින් එතනින් තමයි අද කොටස පටන්ගන්නෙ. අද කොටසින් මැක්ග්‍රැගර් කියන අන්ධ දර්ශනවාදියාගෙ මෝඩ ක්‍රියා කලාපය සහ කේටි සහ බෝමන් එය වැළැක්වීමට කරන උත්සාහයක් බලාගන්න පුළුවන්.

එහෙනම් මීළග කොටසින් හමුවෙන තුරු ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.

1,723 downloadsDownload Colony-S03E04.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සසිඳු කවීශ ගමපතිරණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

             

Subtitles by

සසිඳු කවීශ ගමපතිරණ

Subtitles

1,723 downloadsDownload Subtitles25 KB

10 comments

  1. Udara Damith Dissanayaka

    maru

  2. Udara Damith Dissanayaka

    buhaaaaaaaaaaa

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Ayesh Prashan

    Thank You

  5. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්.....
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු....

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!!

  8. Ravindu Rukshan

    thx

  9. Tharindu07

    Thanks Machooo...!!! Supiri wedak....!!!

  10. MAALnath

    Thanks ...........................good luck .............................