Watch Trailer

Constantine [S01 : E04] | පරිත්‍යාගය… [සිංහල උපසිරැසි සමඟ]

සාමාන්‍යෙන් මං පහුගිය කොටස ගැන මොනවත් ලියන්නේ නැත්තේ ඒක තවම නොබලපු අය ගැන හිතලයි. ඒ වුණත් මේක අලුත් වැඩසටහක් නිසා මං කල්පනා කළා වෙනසකටත් එක්ක ඒ ඒ කොටස ගැන මට හිතුණ දේත් හැම සතියෙම ලියන්න. මේ සතියේ කොටස ගැන මේ සතියෙම ලිව්වොත් කතාව බලන්න කලින් ලිපිය කියවන අයගේ කුතුහලේ නැති වෙනවනේ. ඒ නිසා ලියන්නේ කලින…

Constantine TV1

සාමාන්‍යෙන් මං පහුගිය කොටස ගැන මොනවත් ලියන්නේ නැත්තේ ඒක තවම නොබලපු අය ගැන හිතලයි. ඒ වුණත් මේක අලුත් වැඩසටහක් නිසා මං කල්පනා කළා වෙනසකටත් එක්ක ඒ ඒ කොටස ගැන මට හිතුණ දේත් හැම සතියෙම ලියන්න. මේ සතියේ කොටස ගැන මේ සතියෙම ලිව්වොත් කතාව බලන්න කලින් ලිපිය කියවන අයගේ කුතුහලේ නැති වෙනවනේ. ඒ නිසා ලියන්නේ කලින් සතියේ කොටස ගැනයි.

වැඩසටහනක් වරදින්න, හරි, හරියන්න එකේ නිෂ්පාදකයෝ, නළුනිළියෝ කරන උත්සාහයන්, අත්හදා බැලීම් දිහා විචාරාත්මකව බලා ඉන්න එකත් එක්තරා රසවින්දනයක් තමයි. හැබැයි ඉතින් රූපවාහිනී වැඩසටහනක් විචාරය කරන්න තරං දැනුමක් මට නැහැ. ඒ නිසා මේ ලියන්නේ නිකම්ම අදහස් කීපයක් විතරයි. මෙහෙම ලියන්නේ බලන ඕගොල්ලොත් ඕගොල්ලන්ගේ අදහස කියයි කියන විශ්වාසයෙන්. ඒ නිසා කලින් සතියේ කොටස ගැන ඕගොල්ලන්ට හිතුණ හොද නරක කොයිකත් කාටත් ඇහෙන්න කියලා යන්න අමතක කරන්න එපා. මේ ලියන එකේ තරමක් spoilers තියෙනවා. ඒ නිසා කලින් එපිසෝඩ් එක බලන්න කලින් කියෙව්වොත් කුතුහලේ නැතිවෙලා යයි.

හොදයි ඔන්න එහෙනං පසුගිය කොටසේ මං දැකපුවා –

මුලින්ම මගේ ඇස් දෙක නළලට ගියේ ජෝන් කොන්ස්ටන්ටීන්, Doctor Who ගේ Psychic Paper එක හොරකම් කරලා බව දැක්කමයි. 😯 ( Doctor Who ගේ Psychic Paper එක කියන්නේ පෙන්නන කෙනාට ඕන ඒවා පේන හිස් කඩදාසියක්.) මටනං හිතෙන්නේ ඒ වැඩේ හරි කැතයි.

මේ කතාව තරමක් සුප(ර්)නැචුරල් එකේ තිබුණ බ්ලූස් සංගීත කාරයෙක්, යක්ෂයාට ආත්මේ විකිණිල්ලක් කියන දෙකම ඇතුළත් වුණ දෙවැනි සීසන් එකේ කතාවක් සිහිකරවන සුළු වීම කණගාටු දායකයි. කොහොම වුණත් යක්ෂයාගේ කට හඩ පටිගත වුණ තැටියනං අලුත් අදහසක්. හැබැයි නිෂ්පාදකයෝ මීට වඩා ගොඩක් මහන්සිවෙන්න ඕනේ රසිකයන්ට මේ තවත් සුප(ර්)නැචුරල් එකක්ය කියන හැගීම ඇති නොකර ඉන්න. 😕

සුළු හාස්‍යක් එක්ක වේගවත්ව ගලාගෙන ගියත් ඇත්තටම වැඩි කුතුහලයක් හෝ උද්වේගකර බවක් ඇති කරන්න කතාව සමත් වුණේ නෑ. අවසන් වෙන හැටි කතාව පටන් ගන්නකොටම කියන්න පුළුවන්කම තිබ්බා. ඒ වගේම කථාවේ කිසිම චරිතයක් වැඩි විස්තර සහිතව එළි දැක්වුණෙත් නෑ. ඒ වගේම පයිලට් එකේදී අදුන්වලා දුන්න තේමා කතාව ගැන සදහනක් වුණේම නෑ. විශේෂයෙන්ම සෙඩ් තවමත් ඇස්ට්‍රා ගැන අහලවත් නැති එක ටිකක් හරි නෑ. සෙඩ්ට ඇස්ට්‍රා ගැන දැනගන්න ලැබෙන එක හරිනං තුන් වෙනි එපිසෝඩ් එකේ තියෙන්න ඕනේ කියලයි මට හිතුණේ. ඒ වගේම කොන්ස්ටන්ටීන් චරිතේ පවා තවමත් මතුපිටින් දුවන චරිතයක් විතරයි. මේ කතාව සාර්ථක වෙන්නනං කොන්සන්ටීන්ටත් අනෙක් සහය චරිත තුනටත් මීට වඩා ගැඹුරක් දෙන්න ඕනේ.

වැඩසටහන තවම පටන් ගත්තා විතරයි නිසා චරිත හෝ තේමා කතාව තවම ගොඩ නැගෙන්න පටන් අරං නැති එක තරමක් ඉවසන්න පුළුවන්, කොහොම වුණත් Mid Season වෙනකොටවත් වැඩසටහනේ චරිතත් ඔවුන් අතර සම්බන්ධතාවත් තරමක් හරි ගොඩ නැගුවේ නැත්නං සහ කතාව එයට ආවේණික මගකට වැටුණේ නැත්නං ඒක අනිවාර්යෙන් වැඩසටහනේ අනාගතේට නරකට හිටින්න පුළුවන් බවයි මගෙනං අදහස.

තව අඩුපාඩු ගණනාවකුත් තිබ්බා. ඒ වගේම වැඩකුත් නැති, හරිත් නැති CGI ගැනත් කියන්න වටිනවා. එතකොට ලිපිය දිග වැඩි වෙනවා. ඒ නිසා ඒවා පස්සට තියමු.

කොහොම වුණත්, පයිලට් එකයි දෙවැනි එපිසෝඩ් එකටයි වඩානං මේ එපිසෝඩ් එක හොදයි. මේ විදිහේ වැඩසටහනක තුන්වෙනි එපිසෝඩ් එකකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන එකත් එක අතකින් මෝඩයි. ඉදිරියේදී පපා මිඩ්නයිට් මීට වඩා විස්තර සහිතව කතාවට සම්බන්ධ වෙනවනං හොදයි කියලයි මං හිතන්නේ. ඒ වගේම කොන්ස්ටන්ටීන් ගැන මුලින්ම කියවත්දී මගේ හිත ගත්ත දෙයක් තමයි කොන්ස්ටන්ටීන් දක්ෂ Con Man කෙනෙක්ය කියන කාරණාව. මෙතෙක් එපිසෝඩ් වල ඒක මතු කළේ නැති වුණත්, ඉදිරි එපිසෝඩ් කීපයේදීවත් ඒකට වැඩි බරක් දීල මතු කරනවනං මම හිතන්නේ ඒක කාටත් අල්ලලා යයි.

—————

අද කතාව ගැන කිව්වොත් සුඩානේ ඉදන් එන ජෝන්ගේ යාළුවෙක් අතින් බොහොම බලවත් දුෂ්ට ඩීමන් කෙනෙක් නිදහස් වෙනවා. අසාර්ථක උත්සහයකින් පස්සේ ජෝන් තේරුම් ගන්නේ මේ ප්‍රශ්නේ සරල ක්‍රමවලින් විසදන්න බැරි බවයි. ඉතින් මේක විසදන්න පාවිච්චි කරන ක්‍රමේ මොකද්ද කියලා කතාව බලලා දැනගමු.

අර මම උඩ ලියලා තියෙන සමහර දේවල්වලට උත්තර මේ එපිසෝඩ් එකේ තරමක් දුරට දීලා තියෙනවා. අපි ඒ ගැන ඊළග සතියේ කතා කරමු.

—————-

අධ්‍යක්ෂණය : ජෝන් එෆ් ශෝවොල්ටර් (John F. Showalter)
ලිව්වේ : කැමරන් වෙල්ෂ් (Cameron Welsh)
විකාශනය වුණේ : 2014 නොවැම්බර් 14
මීළග කොටස : Danse Vaudou (2014 නොවැම්බර් 21)

Constantine (2014– ) on IMDb

 

 

186 MB කොපිය මෙතනින් බාගන්න

15dc499bb4667a720b0f631e7712173882a896e9

243 MB කොපිය මෙතනින් බාගන්න

3e197f484f6de90b804c32f54a0561db171607d9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,084 downloadsDownload Constantine.S1-E04.baiscopelk.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,084 downloadsDownload Subtitles44 KB

31 comments

  1. Sam

    thnkss sahoo...sub denkn hitiyeee,,,elzzzzz///

  2. shehan

    yes ada mama secand ...thanks broo .....obata jaya

  3. Danu

    sub denakan hitiye thanks saho

  4. Sisira Hegoda

    Thanks.

  5. Jamson

    Thanks MDG..

  6. Tharindu

    උපසිරසට තුති සහෝ....
    ජය වේවා...!

  7. llaf

    tnx machan sub ekata
    niyama lipiyak

  8. Anushka

    බොහොම ස්තුති සහෝ.....

  9. ujitha

    mama asae mekata..
    obata thnkiu wewa...
    denna digatama hode

  10. sajeevi

    සබට තෑන්ක්ස්.
    මේක බලද්දි මට දැනුනෙත් සුපර්නැචුරල් කොටසක් වගේ කියලා.
    සුපර්නැචුරල් සීසන් 7ක්ම බලලා නිසාද මන්දා මේක බලන කොට
    තාම කුතුහලයක් නම් දැනෙන්නේ නැහැ.

  11. Kulanjana Maduranga

    niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. nuwan

    ela kollo ela..........

  13. වරුණ රංගජිත් (වරූ)

    Thanksssss wewa....

  14. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ ගත්තා.. :D

  15. Ama

    බොහොම ස්තූතියි සහෝ!!!!!!!!

  16. manoj

    thankxxx macho sub ekata...

  17. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.......

  18. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  19. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

  20. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Lakshan

    Thank u very much bro....
    Ikmanete next episode eke daanne...

  22. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  23. manoj

    බොහොම සතූතියි මචං කොච්චර පිල්ම් බැලුවත් ටීවී සීරීස් වගේ හරියන්නේ නෑ....... දිගටම කරගෙන යන්න මචං නැවතුනොත් අපි අනාතයි................

  24. nirosha dilshan

    මටනම් මෙක හොද කතාවක්.උපසිරසෙ සමහර එව විස්තර කරල දෙන නිස කත්යව තවත් තෙරෙනව.සබ් ඩිගටම දෙනවට ගොඩක් ස්තුතියි

  25. S.K.Ruchiranga

    thz machoo sub ekata

  26. Isuru Savithmalka Deshaaranga Liyanage

    Thank You

  27. Gayan_madushanka_

    Thanks

  28. Mahesh ruwan

    බොහොම ස්තුතිය සබ් එකට

  29. toonmo

    tnx bro

  30. Sandun

    thanks for the sub