Watch Trailer

Constantine [S01 : E05] | වූ ඩු නාඩගම… [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න මේ දවස්වල හැම දේම පරක්කු කරනවට. 🙁 පහු ගිය සතියෙ කතාව පටන් ගනිත්ති මට හිතුන දේ මේකයි. “හරි, බෝතලෙන් යකෙක් එලියට ආව, දැන් ඉතින් මිනිත්තු හතළිහක් තිස්සේ දගලලා දගලලා අන්තිමේ ඌව ආපහු බෝතලේටම දාගනියි, නැත්නං අපායට යවයි. ඕකනේ ඉතින් වෙන්නේ” හරිම සතුටුයි ඒක එහෙම නොවුන එක ගැන. කතාවේ මුල් භාගය පුරාම…

Constantine TV1

සමාවෙන්න මේ දවස්වල හැම දේම පරක්කු කරනවට. 🙁

පහු ගිය සතියෙ කතාව පටන් ගනිත්ති මට හිතුන දේ මේකයි.
“හරි, බෝතලෙන් යකෙක් එලියට ආව, දැන් ඉතින් මිනිත්තු හතළිහක් තිස්සේ දගලලා දගලලා අන්තිමේ ඌව ආපහු බෝතලේටම දාගනියි, නැත්නං අපායට යවයි. ඕකනේ ඉතින් වෙන්නේ”

හරිම සතුටුයි ඒක එහෙම නොවුන එක ගැන. කතාවේ මුල් භාගය පුරාම වෙනත් වැඩසටහන් චිත්‍රපටි ගැන මතක් වුනත්, කිසිම විශේෂත්වයක් නැතිව කතාව එක තැන කැරකුනත්, අවසාන විනාඩි 15දී නිෂ්පාදකයෝ සමත් වුනා ඔවුන් කතාව අවේනික මගක ගෙනියන බවටත්, චරිත ගැඹුරින් ගොඩනැගීම ඇරඹු බවටත් පලවෙනි සඥාව දෙන්න.

කොන්ස්ටන්ටීන් කියන්නේ ඇත්තටම මොන වගේ මනුස්සයෙක්ද කියන ප්‍රශ්නෙට අර්ධ පිළිතුරක් එපිසෝඩ් එකේ අවසාන භාගයේදී ලබා දුන්නා. ඒ දැක්වුණ චරිත ස්වභාවය වෙනසක් සහිත හොද කතාවක් ගොඩනගන්න පැහැදිලිවම ගැලපෙනවා. ඒ වගේම මට හිතෙන විදිහට මැට් රයන් පලවෙනි වතාවට පෙන්නුවා කොස්න්ටන්ටීන්ට පණ දෙන්න ඔහුට පුළුවන් බව. මේ චරිතේ සම්පූර්ණයෙන් ගොඩ නැගුනා නෙමේ, ඒකට තව ගොඩක් කල් යනවා. හැබැයි, කොන්ස්ටන්ටීන් චරිතය ගොඩනගන්න මේ ගත්ත ආරම්භක පියවර ඇත්තටම සාර්ථකයි. මේ මත නොනවත්වා කොන්ස්ටන්ටීන් චරිතේ ගොඩ නැගුනොත්, මේ විදිහටම අනික් චරිතත් ඔවුන්ටම විශේෂිත වුන චරිත ස්වභාවයන් කතන්දර එක්ක කතාවට එකතු වූනොත් මේක බලන්න පුළුවන් කතාවක් බවට පත්වෙයි.

කතාව ගැන කිව්වොත්, පහුගිය සතියේ මං කිව්වනේ සෙඩ් ඇස්ට්‍රා ගැන නොදන්න එක හරි නෑ කියලා. හොදයි යන්තං මේ එපිසෝඩ් එකේ ඒ අඩුව පිරෙව්වා. ඒ වගේම නිව් කාසල් සිද්ධිය කොන්ස්ටන්ටීන්ගේ කණ්ඩායමට බලපාපු විදිහ ගැන ඉගියක් පයිලට් එකේ යන්තමින් දුන්නත් (කොන්ස්ටන්ටීන් මානසික රෝහලක නතරවීමත්, රිචීට බෙහෙත් නැතිව නිදාගන්නවත් බැරිබව පවසීමත් වගේ දේවල් වලින්) මේ එපිසෝඩ් එකේ ඊට වඩා ගැඹුරෙන් හැගීම්බරව පෙනවනවා ඒ සිද්ධිය කොයි තරම් බරපතලයිද කියන එකත් ඒක ඔවුන්ට බලපෑවේ කොහොමද කියන එකත්. කෙටියෙන් කිව්වොත් නිව් කාසල් සිද්ධියට ප්‍රේක්ෂකයන්ව එකතු කරගත්තේ මේ එපිසෝඩ් එකෙනුයි.

සාමාන්‍යන් “මිනිස් බිල්ලක්” දෙන්න වෙනවා කිව්වම ඕනම කතාවක් උත්සහ කරන්නේ අන්තිම මොහොතේ හරි ඒක නොකර වටෙන් යන්නයි. ඒ කියන්නේ අන්තිම මොහොතටම ගිහින් හරි වෙන විකල්පයක් හොයා ගන්න එක. කොන්ස්ටන්ටීන් ඒක නොකළ එක තමයි මේ එපිසෝඩ් එකේ තිබුන විශේෂිතම දේ. අවංකවම මම හිතුවේ අන්තිම මොහොතේ හරි, ගැරීව බේරගනියි කියලයි. අන්තිම තප්පරේ මැනී එත්දිත් මට හිතුනේ “කෑවා, කෑවා ඔය එන්නේ බේරගන්න තමයි” කියලයි. නමුත් එතෙන්ට නොගිය එක ගැනනං කියන්න තියෙන්නේ “අතිවිශිෂ්ඨයි” කියලා තමයි. ඒ සිද්ධිය මහා ලොකු දෙයක් නොවුනත්, එයින් නිෂ්පාදකයන් ඇගෙව්වා මේකේ තියෙන්නේ හැමදාම දකින්න ලැබෙන දේ නෙමේ කියලා. ඒක හරිම වැදගත්. ඒ දර්ශන කීපයේ රගපෑම්නුත් සෑහෙන සාර්ථකව කරන්න මැට් රයන් සමත් වුනා. ඒ වගේම මැනී ඇවිත් දනගහගන්න අවසාන දර්ශනය කතාවට නියම අවසානයක් දුන්නා.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙතෙක් ආපු එපිසෝඩ් හතරෙන් සාර්ථකම එපිසෝඩ් එක මේක කියලයි. අපි බලමු මේ වර්ධනය ඉදිරියටත් පවත්වා ගන්න නිෂ්පාදකයන්ට පුළුවන් වෙයිද කියලා.

———————-

හොදයි, මේ සැරේ ජෝන්ගේ සිතියම පෙන්නන්නේ කතුරකින් ඇනලා ගෑනු ළමයෙක්ව මරලා දාපු සිද්ධියකුයි. ගිහින් හොයලා බැලුවම, වැඩේට පපා මිඩ්නයිට්නුත් සම්බන්ධයි. තරහ කාරයෝ දෙන්න කොහොම ප්‍රශ්නේ විසදයිද කියලා කතාව බලලම දැනගමු.

————

අධ්‍යක්ෂණය : ජෝන් බැඩ්හැම් (John Badham)
ලිව්වේ : ක්‍රිස්ටීන් බොයිලන් (Christine Boylan)
විකාශනය වුනේ : 2014 නොවැම්බර් 21
මීලග කොටස : Rage of Caliban (2014 නොවැම්බර් 28)

Constantine (2014– ) on IMDb

 

 

196 MB කොපිය මෙතනින් බාගන්න

e54935037007fb3c0a3b62229e0c51c39f8280eb

277 MB කොපිය මෙතනින් බාගන්න

f42a72f44f28232fd89c2afffae30e632f571fb3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,772 downloadsDownload Constantine.S01-E05.baiscopelk.zip50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

MDG

Subtitles

3,772 downloadsDownload Subtitles50 KB

24 comments

  1. Danu

    thanks thanks saho, balagena inne hema dawasema, mewa unu unuwema dena hinda thamai baiscopelk rakinna one, jaya wewa idiriyatah

  2. Sidaththa Priyanjitha

    Mama 1 wage..thanks macho

  3. dineth

    thanks saho.onna ahenam unu unuwen bagaththa.bagena hitiye meka denakan.obata jaya

  4. Sidaththa Priyanjitha

    ne mama neme

  5. manoj

    thankxxx saho..enakal balan idiye...

  6. Janith

    So late. Anyway, thanks

  7. “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය............

  8. Anushka

    ThanQ වේවා..!

  9. kushan charith

    එල sub එකට තුති.....ජය MDG සහෝ ෴෴

  10. thathsara

    thanks saho sub ekata

  11. Sam

    thnks sahooo...sub ekata...elzz....

  12. sajeevi

    thanks

  13. Tharindu

    බොහොම ස්තූතියි.... :)
    ජය වේවා...!

  14. llaf

    Thanks macho niyama wadak jayawewa

  15. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  16. Kulanjana Maduranga

    niayamai…thanks MDG saho..sub ekata..Digatama sub demu.jaya wewa……

  17. Jamson

    Constantine ekata Thanks mcn .. eth ko kollo Supernatural

  18. shehan

    thanks bro

  19. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  20. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. DjU9

    thnx mcn!!!

  22. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  23. Isuru Savithmalka Deshaaranga Liyanage

    Thank You

  24. Sandun

    thanks for the sub