Watch Trailer

Constantine [S01 : E08] | අවසන් තුරුම්පුව – 1 කොටස [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටස ගැන කිව්වොත්, මෙච්චර කල් හැම එපිසෝඩ් එකකම වගේ දකින්න ලැබුන එක දුර්වල කමක් ඒ කොටසේත් තිබුනා, ඒ තමයි ප්‍රධාන චරිතයක් හලන එක, හලනවා විතරක් නෙමේ ඒ චරිතේ නැති එක ගැන මෝඩ නිදහසට කාරනාවකුත් කියනවා. මේ ගැන ටිකක් හොයල බැලුවම මට තේරුන විදිහට, මෙහෙම වෙන්නේ වැඩසටහනේ වියදම වැඩි නිසා වගෙයි පේන්නේ. (එ…

Constantine TV1

පහුගිය කොටස ගැන කිව්වොත්, මෙච්චර කල් හැම එපිසෝඩ් එකකම වගේ දකින්න ලැබුන එක දුර්වල කමක් ඒ කොටසේත් තිබුනා, ඒ තමයි ප්‍රධාන චරිතයක් හලන එක, හලනවා විතරක් නෙමේ ඒ චරිතේ නැති එක ගැන මෝඩ නිදහසට කාරනාවකුත් කියනවා. මේ ගැන ටිකක් හොයල බැලුවම මට තේරුන විදිහට, මෙහෙම වෙන්නේ වැඩසටහනේ වියදම වැඩි නිසා වගෙයි පේන්නේ. (එපිසෝඩ් එකකට ඉන්න ප්‍රධාන චරිතයක් හැලුවම වියදම පොඩ්ඩක් අඩු වෙනවනේ) හැබැයි ඉතින් මගේ අදහසනං ප්‍රේක්ෂකයෝ රදවාගෙන රේටින් වැඩි කරගන්න ඕනේනං, හරියන්න හරි වරදින්න හරි වීයදම් කරලා කරන වැඩේ හරියට කරන්න ඕනේ, නැත්නං නොකර ඉන්න ඕනේ. මේ වගේ වැඩසටහනක් වලපයයි ගොඩපයයි තියාගෙන කරන්න බෑ.

කතාව ගැන කියනවනං සාමාන්‍ය “සතියේ යකා” කතාවක් වුනාට කතා රාමුවට දේව දුතයන්ගේ පැත්ත ගැන යමක් එකතු කළා. ඒ විස්තර ඉස්සරහට කතාව ගොඩනැගෙතිදී වැදගත් වෙයි. වැටුන ඒන්ජල්ලායි, ඒගොල්ලෝ හිතන විදිහයි ගැන එකතු කරපු කරුණු සාර්ථකයි. ඉමොජින් කවූද කියලා අන්තිම වෙනකම්ම එළිදරව් නොකරපු හැටිත් සාර්ථකයි. ඒ වගේම මැනී පලවෙනි වතාවට දේවල් වලට කෙලින්ම මැදිහත් වුනා. ඒක හොද වර්ධනයක්. ඒ වගේම සෙඩ්ගේ අතීතේ ගැන යන්තමින් වගේ කරුණු කීපයක් එලියට ආව. පොදුවේ ගත්තම, සාමන්‍ය කතාවක් වුනත්, හොද එපිසෝඩ් එකක් කියලා කියන්න පුලුවන්.

විශේෂයෙන්ම ඒන්ජල්ලා ගැන කියත්දී , සුළු වෙනස්කම් තිබුනත්, CW සුප(ර්)නැචුරල් ඒන්ජල්ලට ලොකු සමානකමක් තියෙනවා වගෙයි බලත්දී දැනෙන්නේ. එහෙම වෙන්න හේතුව, සුප(ර්)නැචුරල් එක ලොකුවට හෙල්බ්ලෙසර් කතාවෙන් ආභාෂය අරන් තියෙන නිසයි. මං කියවපු දේවල්වල හැටියට, දේවදූතයන්නුයි, ඩීමන්ලයි ඔවුන්ගේ යුද්දෙකට මිනිස්සුන්වයි පොලවයි අතකොළුවක් කරගන්න හදන, සුප(ර්)නැචුරල් එකේ තිබුන ප්‍රධාන තේමාව කෙලින්ම ඇවිත් තියෙන්නේ හෙල්බ්ලෙසර් කතාව ඇසුරෙනුයි. ඉතින් මං හිතන්නේ නෑ, කොන්සන්ටීන්ට කවදාවත් පුළුවන් වෙයි කියලා 100% සුප(ර්)නැචුරල් එකෙන් ගැලවෙන්න. ඒ නිසා ඒ ගැන කන්කෙදිරි ගාන එකෙන් වැඩක් වෙන එකක් නෑ. කොහොම වුනත් අපි බලමු ඒ බාධකය තියෙත්දීත් කතාවට අනන්‍යතාවක් හදාගන්න නිෂ්පාදකයන්ට පුළුවන් වෙයිද කියලා.

කතාවේ අනාගතේට, mid season එපිසෝඩ් දෙක, ඒකියන්නේ අද එපිසෝඩ් එකයි ඊලග එකයි තීරණාත්මක වෙවී.

————–

තවත් නිව්කාසල් යාලුවෙක් ජෝන් ගෙන් උදව් ඉල්ලනවා පැහැරගෙන ගිය අලුත උපන් බබෙක් ගැන. කලින් කතාවේ ඒන්ජල් හදවතේ බලපෑමෙන් සෙඩ් තවමත් ගැලවිලා නැති නිසා මේ ප්‍රශ්නේ විසදන්න ජෝන්නුයි චැස්නුයි යන්නේ, සෙඩ්ව ගෙදර දාලයි. හැබැයි ඒ දෙන්න බබාලා හොයන අතරේ සෙඩ්ගේ අතීතේ එනවා සෙඩ්ව හොයාගෙන. කතා දෙක කොහොම කෙලවර වෙයිද කියලා දැනගන්න වෙන්නේනං season break එකෙන් පස්සෙයි. දැනට මුල් බාගේ බලමු. 😛

—————-
අධ්‍යක්ෂණය : ටී ජේ ස්කොට් (TJ Scott)
ලිව්වේ : කාර්ලි ව්රේ (Carly Wray)
විකාශනය වුනේ : 2014 දෙසැම්බර් 12
මීලග කොටස : The Saint of Last Resorts – part II (2015 ජනවාරි 9)
(සමාවෙන්න, බ්‍රේක් එකක් නැති බව මං පහුගිය එපිසෝඩ් එකකදී කිව්වේ වැරදීමකින්)
අද කතාවෙන් පස්සේ මොකද වෙන්නේ කියලා ඉගියක් ඕනේ නං (Spoiler) Preview එක මෙතනින් බලන්න

Constantine (2014– ) on IMDb

 

 

211 MB කොපිය මෙතනින් බාගන්න

9EC702905B1B8076733E533510F4A94D5740FE20

349 MB කොපිය මෙතනින් බාගන්න

17124E397EC9AD552FB1A359F39D43CE8D92BA56 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,639 downloadsDownload Constantine-S01E08.zip51 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

MDG

Subtitles

3,639 downloadsDownload Subtitles51 KB

27 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......

  2. gayan

    patta thanks saho

  3. chamuditha

    නියමයි

  4. chamuditha

    kawadada danne ilaga kotasa enne

  5. kushan charith

    thanks bro......

  6. Anushka

    නියමයි සහෝ...
    භෝහොම ස්තුති.

  7. Danu

    THANKS SAHO, MEKA PATTAMA SERIES EKAK. JAYAWEWA

  8. shehan

    thanks bro

  9. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Tharindu

    උපසිරසට තුති.....
    ජය...!

  11. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.............

  12. uda

    කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා සහෝ මේක අසාර්ථක නිර්මාණයක්. සීසන් 2 වෙනකම්වත් දිව්වොත් ලොකු දෙයක්. සුපර්නැචුරල් හන්දානම් නෙමෙයි ඒක වෙන්නේ. බාල කතා ඉදිරිපත් කරන හන්දා. කිසිම අලුත් බවක් නෑ. මොකෙන් ආභාෂය ගත්තත්, සුපර්නැචුරල් එකේ හැම තිස්සෙම එකකට එකක් අලුත් බවක් තිබුණා සහ ඒවා මින් පෙර කිසි ලෙසකින් ඇස නොගැටුණු ඒවා වුණා. මේ තරම් හොද සෝස් එකක් තිබිලා ඒකෙන් මේ කට්ටිය වැඩ ගන්න හැටිනම් අන්තිමයි. අනික කිසිම සන්විධානාත්මක බවක් නෑ. සුපර්නැචුරල්වල යන්නෙ කොහෙද මල්ලෙ පොල් තාලෙට තිබිච්ච දේවල් පවා අන්තිමේ එකම තැනකට ගළපළා තිබුණා. ඉදිරියට යෑමත් එක්කම, නොහිතන විදියකට සේරම එක්කාසු කරලා තිබුණා. කොටින්ම බලන අය බලාපොරොත්තු වෙන දේට වඩා හදන අය ගෙනෙන දේ ගව් ගාණක් ඉදිරියෙන් තිබ්බා, මේකේ නම් ඒ ගතිය බින්දුවයි.

    මට කියන්න තියෙන්නේ මේකයි.
    සුපර්නැචුරල් ටීවී කතාවට ඒක හදපු උදවිය හෙල්බ්ලේසර් කොමික් කතාවෙන් ආභාෂය ගත්තා.
    නමුත් කොන්ස්ටන්ටින් ටීවී කතාව හදන උදවිය ඒකට ආභාෂය ගන්නේ හෙල්බ්ලේසර් එකෙන් නෙවෙයි, සුපර්නැචුරල් එකෙන්. හේතුව ජනප්‍රිය, ස්ථාවර කතාවක ආරට හුරුකරන්න යෑම. මුල් සෝස් එකේ වෙනස්කම් සහ අලුත් අදහස් මේ තුළින් මතුවෙනවා වෙනුවට සුපර්නැචුරල් ගතිය මතුවෙනවා වැඩියි. වැරැද්ද එතැනයි. මට හිතෙන හැටියට එක වගේ කතා 2කට ඉඩක් ලැබෙන්නෙ නෑ. අනිවා වෙනසක් ඕනේ.

    1. MDG

      @uda
      ස්තුතියි අදහසට.

      ඇත්තටම සුපර්නැචුරල් එකට අභාෂය දුන්න හෙල්බ්ලේසර් එක ටී වී එකට එනවයි කිව්වම මං අවංකම හිතුවා සුපර්නැචුරල් වගේ පස් හය ගුණයක් හොද කතාවක් එයි කියලා. ;-) අඩුම ගානේ එක පාරට නැතත් සුපර්නැචුරල් එකේදී වුනා වගේ ක්‍රමානුකූලව ගොඩ නැගෙන සාර්ථක කතාවක් එයි කියලා. ඒත් අවාසනාවට ඔයා කියනවා වගේම මේක ගොඩ නැගෙන හැටි අසාර්ථකයි තමයි. හැබැයි මං හිතන්නේ නෑ එහෙම වෙන්නේ සුපර්නැචුරල් එකෙන් ආභාෂය ගන්න නිසාමයි කියලනං. මට හිතෙන විදිහටනං, ඇත්තටම මේගොල්ලෝ සුපර්නැචුරල් ඒකෙන් ඉගෙන ගන්නවනං ෂෝ එක මීට වඩා සාර්ථකව කරන්න තිබ්බ. (සුපර්නැචුරල් එක්ක සංසන්දනයක් පුළුවන් වුනොත් පස්සේ ලිපියක ලියන්නම්)

      අනික් කාරනාව තමයි සහෝ, ඔයත් පයිලට් එකේ unaired එක බැලුවනං දකින්න ඇති, ෂෝ එකේ රචකයෝ තනිකරම ලැස්ති වෙලා හිටියේ දෙවැනි ප්‍රධාන චරිතේ හැටියට ලිව්ව ගෙනියන්නයී. මම හරියටම දන්නේ නෑ ඇයි ඒ තීරණේ වෙනස් වුනේ කියලා. කොහොම වුනත් රචකයෙක් කතාවක් ගොඩ නගන්නේ එයාගේ හිත ඇතුලේ ගොඩ නගාගත්ත චරිතයි, එවෑ ගති ලක්ෂණ එක්කයි. එක පාරට අර ප්‍රධාන චරිතයක් අයින් කරලා වෙන චරිතයක් ආදේශ කරන්න වූනාම කතාව ලියන මනුස්සයාගේ ඔලුව ඇතුලේ ගොඩ නැගුන ඔක්කොම අවුල් වෙනවා. ඒකෙන් රචකයට කතාව ඇතුලේ තමන්ගේ අනන්‍යතාවය නැති වෙනවා. එතකොට කතාවට අනන්‍යතාවයක් නැති වෙනවා. මට හිතෙන්නේ මේ ෂෝ එකේ හැමතැනින්ම ලීක් වෙන්නේ අන්න ඒ අවුල.

      හැබැයි මං තාමත් හිතන්නේ නෑ මේක ගොඩ ගන්න බෑ කියලා. මාස හය හතක විරාමෙකට ගිහින්, පලවෙනි සීසන් එකේ ප්‍රශ්න විසදන හැටිත් ඇතුළුව ඔකොම දේවල් ආයි සලකලා බලලා දෙවැනි සීසන් එකකට ගියොත් තවමත් මේකට නැගිටින්න පුළුවන්. කොහොම වුනත් තව එපිසෝඩ් 5යි. ඒ ටිකත් බලමු. ;-)

      - MDG -

  13. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  14. Keshan Wasala

    තවම කලින් කොටසත් බැලුවේ නෑ සහෝ අවුලක් නෑ මේ කොටසත් ගත්තා හිමිට බලනවා බොහොම ස්තුතියි සබ් එකට :) ජය වේවා !!

  15. sajeevi

    thanks

  16. රයන් පියදාස

    එල එල මමත් දිගටම සෙට් වෙනවා මේකට

  17. nuwan

    bohoma sthuthi machan.....

  18. jana

    tks bady

  19. kasun

    kohoma unath mata nam supernatural ekata wadiya meka hodai . ane manda man danna oya loku dewal nam eth mata hithenne ehemai

  20. nirosha

    matanam meke aulak na.digatama balanna asay

  21. Nipuna

    මම නම් සුපර්නැචුරල් බලලා නෑ...ඒ උනාට මේ කතාව මට නම් අවුලක් නෑ...මට නම් සුපිරි...උපසිරැසියට ගොඩක් ස්තූතියි...

  22. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  23. Nishshanka ruwan

    ස්තූතියි :)

  24. Raveenswan

    Thankz

  25. toonmo

    elz bro,

  26. Sandun Jaliya

    thanks for the sub