හායි යාලුවනේ මම 4 වෙනි කොටසත් ගෙනාවා මේකෙත් මට ගොඩක් උදවු කරනවා උපසිරසි වලට දිල්ෂාන් සචින්ත මල්ලි. හරි 4 වෙනි කොටසට කලින් මෙතෙක් සිද්ද වෙච්ච දේවල් ගැන මුල ඉදන් පැහැදිළි කරන්න මම තීරණය කරා. කතාව පටන් ගන්නේ සිරියානු කෙනෙකුට ගොඩක් භයානක වයිරසයක් හැදුණා කියන තැන ඉදලා. ඔහු ඊට පස්සේ ගොඩක් මිනිස්සුන්ට මේක…

හායි යාලුවනේ මම 4 වෙනි කොටසත් ගෙනාවා මේකෙත් මට ගොඩක් උදවු කරනවා උපසිරසි වලට දිල්ෂාන් සචින්ත මල්ලි. හරි 4 වෙනි කොටසට කලින් මෙතෙක් සිද්ද වෙච්ච දේවල් ගැන මුල ඉදන් පැහැදිළි කරන්න මම තීරණය කරා.
කතාව පටන් ගන්නේ සිරියානු කෙනෙකුට ගොඩක් භයානක වයිරසයක් හැදුණා කියන තැන ඉදලා. ඔහු ඊට පස්සේ ගොඩක් මිනිස්සුන්ට මේක බෝ කරනවා. මේ සිද්ධි ඔක්කොම වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ අත්ලන්තිකා නගරය අවට. කලාප 6 විදියට මේක හදුන්වනවා. මේ කලාප 6 බාරව ඉන්න පොලිස් නිලධාරියා තමයි මේජර් ඇලෙක්ස් කාර්නන් “ලෙක්ස්”. ඊට පස්සේ රජයේ සේවිකාවක් වන දොස්තර සබින් ලෝමස් කියනවා මේ වයිරසය හැදුන ප්‍රදේශය වටා වැටක් ඉදි කරන්න කියලා. එහෙම නැත්තම් සීමක් ඉදි කරන්න කියලා. ලෙක්ස්ට ගැනු ළමයෙක් ඉන්නවා එයාගේ නම ජැනා. කතාවේ මුලින්ම ලෙක්ස් කියනවා එයත් එක්ක යන්න එන්න කියලා. එත් එයා බෑ කියනවා. ජැනා වැඩ කරන්නේ රජයේ දත්ත ආයතනයේ. තව ලේක්ස්ට යාලුවෙකුත් ඉන්නවා පොලිසියේ ජේක් රයිලි කියලා. මේ කතාවේ එක පැත්තක් අනිත් පැත්ත තමයි තෙරේසා කියන ගැබ්ගත් කෙල්ලගේ කතාව. එයාගේ කතාව වෙන්නේ. එයාට කොල්ලෙක් එක්ක සම්බන්ධකමක් තියෙනවා එයාගේ නම සැන්ඩර්. කතාවේ හැටියට මේ සම්බන්දකමට එයාගේ අම්මා කැමැතියි නෑ වගේ, ඊට පස්සේ තෙරේසා තීරණය කරනවා එයාගේ කොල්ලා සැන්ඩර් එක්ක පැනලා යන්න. කතාවේ තව පැත්තක් තමයි කැති ෆ්‍රන්ක් කියන විද්‍යා ගුරුතුමිය පාසල් චාරිකාවක් දාගන්නවා අත්ලන්තා මිඩ්ටවුන් රෝහලට. ළමයි ටිකක් සහ එයාගේ පුතාත් එක්ක තමයි මේ චාරිකාව එන්නේ…
කොහොමහරි මේ වයිරසය පතිරුනාට පස්සේ සබින් ලෝමස් කියනවානේ සීමාවක් ඉදි කරන්න කියලා. කොහොමහරි ලෙක්ස් ඇතුළු පිරිස ලොකු කන්ටෙන්ට් පෙට්ටි සහ විදුලි වැටවල් එක්ක. සිමාව ඉදි කරනවා. හැමදේකටම මාධ්‍යයෙන් බාධාවක් තියෙනවනේ. මේ සිමාව පිළිබද වැඩිපුර අවදානය යොමු කරන්නේ කතාවේ අනිත් චරිතය වන ලියෝ ග්‍රීන් ප්‍රමුක intheperimeter.com එකේ කට්ටිය. මේ කට්ටිය මොකද්ද වෙන්නේ කියලා මිනිස්සුන්ට කියනවා. සිමාව ඉදිකරනකොට. ප්‍රධාන චාරිත වලින් සිමාව ඇතුලේ ඉන්නේ කැති ෆ්‍රන්ක්, ජේක් රයිලි, ජැනා, තෙරේසා. සිමාවෙන් එළියේ ඉන්නේ ලෙක්ස්. සබින් ලෝමස් සහ තෙරෙසාගේ කොල්ලා. හරි මේ වයිරසය ගැන කියන්න බැරි වුණා මේක ස්පර්ශයෙන්. කෙල සහ දහදියෙන් ඇති වෙන වයිරසයක් කියලා හොයාගන්නවා. මුලින්ම මැරෙන්නේ සිරියානු ළමයට ප්‍රතිකාර කරපු රිකි සැන්ඩ්ස්. කොහොමහරි අර රෝහල සීල් කරනවා වයිරසය පැතිරෙනවා කියලා. එතකොට අර කැති සහ එලාගෙ ළමයි ටිකයි, ජේක් ඇතුලේ ඉන්නවා, සහ ජැනා ආපහු එයා වැඩ කරන තැනට ගිහින් ඉන්නවා. එතකොට තෙරේසා එයාගේ ආච්චි ගාවට යනවා. දෙවෙනි කොටසේ වෙන්නේ තවත් කෙල්ලෙක්ට මේක හදුනා කියලා එයාව හොයාගන්න යනවා. එයා ඉන්නේ සිමාව ඇතුලේ. හැමදේම හදුන්වන්නේ Patient Zero කියලා එයාගේ කෙල්ලට තමයි හැදිලා තියෙන්නේ. සබින් සහ ලෙක්ස් හොයාබලනවා එයාට බෝවෙලා තියෙනවද කියලා. මුළු නගරයේම වීඩියෝ දර්ශන දිහා බලනවා. ඒ අතරතුරේදී තෙරෙසාට ආරංචි වෙනවා එයාගේ යාළුවට මේක බෝ වෙලා කියලා. එයාගේ යාළුවා මෙයාව කිස් කරා. ඒක නිසා තෙරේසා තීරණය කරනවා. එයා එයාගෙන් ආරක්ෂා වෙනවා කියලා තනියම කාමරයක් ඇතුලේ ඉන්නවා කියලා.
හැමදාම වගේ ලෙක්ස් සිමාවෙන් එළියේ දේවල් පාලනය කරමින් ඉන්නවා. එයා හොයලා බලනවා ඒක හැදුනේ තරුණ කෙල්ලෙක් නිසා. ලෙක්ස් ඇතුලේ ඉන්න ජේක්ගෙන් මේ ගැන හොයන්න කියලා උදවු ඉල්ලනවා. ඒ අතරතුරේදී කැති අර ළමයින්ව හොදට බලාගන්නවා. එයාලට කියනවා අපි මේ රෝහලේ ඉන්නේ වයිරසයක් ව්‍යාප්ත වුණා නිසා කියලා. ඊට පස්සේ තෙරේසා ඉන්න එයාලගේ කඩේට හොරු පනිනවා. හොද වෙලාවට එතනට ජේක් එනවා ඇවිත් එයාලව බේරා ගන්නවා. තව කියනවානම්, ලියෝ ග්‍රීන් කියන කෙනා කියනවා මේ සිමාවෙන් පනින්න ක්‍රමයක් තියෙනවා කියලා. එකෙන් වෙන්නේ එක්කෙනෙක් මැරෙනවා පනින්න ගිහින්. ඊට පස්සේ සබින් ලෝමස් සිමාව ඇතුලේ තියෙන හැම සන්නිවේන පහසුකමක්ම නැති කරලා දානවා. දොස්තර කනට්ස්ට විතරක් සන්නිවේදන පහසුකම ලැබෙන විදියට.
හරි අද කතාව ගැන පොඩි දෙයක් කියන්නම් අද තවත් අලුත් දවසක් දෙගොල්ලොටම සන්නිවේදන කටයුතු නැති නිසා කට්ටිය අමාරුවෙන් ජීවිතය ගත කරනවා. ඒ අතරේ තෙරෙසාගේ කොල්ල ඇතුලට පනින්න උත්සහ කරනවා. එත් කොහොමහරි ඒක වෙන්නේ නෑ. මේ වයිරසයට දොස්තර මියන් භාවිතා කරලා පරීක්ෂණ කරගෙන යනවා. එත් තවම සාර්ථක වෙන්නේ නෑ… අහ… තව දෙයක් කියන්න බැරි වුණා. ජෙක්ට් කැති ගැන ආදරයක් ඇති වෙනවා. බලමු අද කොටස මොන වගේ වෙයිද කියලා. ඊලග උපසිරසියෙන් හමුවෙමු…
Due to copyright issues, we do not provide any torrent links.
containment.104.hdtv-lol
Containment.S01E04.HDTV.x264-LOL
Containment.S01E04.720p.HDTV.HEVC.x265-RMTeam
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
413 downloadsDownload Containment.S01E04.Baiscopelk.com_.zip77 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සහ “දිල්ෂාන් සචින්ත(සචී)‘ යන සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
- #Chris Wood
- #Christina Marie Moses
- #Claudia Black
- #David Gyasi
- #Demetrius Bridges
- #Donielle T. Hansley Jr.
- #Editor's Pick
- #George Young
- #Hanna Mangan Lawrence
- #Kristen Gutoskie
- #Nadine Lewington
- #Shawn Parsons
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Trevor St. John
- #Yohance Myles
- #Zachary Unger
- #දිල්ෂාන් සචින්ත
- #රෂීන් මන්සිල්
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
Iresh Laksahan
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Hinbabasiya
Hammo dela thn.Q shaoo. Anith ekath demu
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Ravindu Rukshan
thx sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pushpakantha Sadaruwan
thanks bro sub akata....jayawewa
Hasitha Chathuranga
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ela bro