Watch Trailer

Crash Zone (TV Series 1999–2001) [S01 : E07] Sinhala Subtitles | පායි සහ බෙක් ගේ පරිගණක ක්‍රීඩාව [සිංහල උපසිරැසි සමග]

හරි, අපි පහුගිය කොටස ගැන ටිකක් බලමු. බෙක්ගේ අභිරහස් පෙම්වතා වුනේ කවුද කියලා ඔයාලා හැමෝම දැන් දන්නවනේ. ඒ Episode එක බලනකොට ඔයාලාට අනිවාර්යෙන්ම හිනා යන්න ඇති කියලා මම හිතනවා. මොන පිස්සු වැඩක් ද නේද ඒ වර්ජල් කරේ… ඇත්තටම බෙක් නම් පව්. මේ කතා මාලාවේ මුළ ඉඳන්ම වර්ජල්ගේ හිතේ බෙක් ගැන කැමත්තම් ආදරයක් තිබුන…

හරි, අපි පහුගිය කොටස ගැන ටිකක් බලමු. බෙක්ගේ අභිරහස් පෙම්වතා වුනේ කවුද කියලා ඔයාලා හැමෝම දැන් දන්නවනේ. ඒ Episode එක බලනකොට ඔයාලාට අනිවාර්යෙන්ම හිනා යන්න ඇති කියලා මම හිතනවා. මොන පිස්සු වැඩක් ද නේද ඒ වර්ජල් කරේ… ඇත්තටම බෙක් නම් පව්. මේ කතා මාලාවේ මුළ ඉඳන්ම වර්ජල්ගේ හිතේ බෙක් ගැන කැමත්තම් ආදරයක් තිබුනා. ඇත්තටම මේක අපූරු දෙයක් කෘත්‍රිම බුද්ධියක් ආදරය කරන්න පෙළඹුන එක. මම වෙන කිසිම කතා මාලාවක චිත්‍රපටියක ඒ වගේ දෙයක් දැකලා නෑ. මේක තවත් ටිකක් දුර දිග ගියා නම් මම කැමතියි. වෙන අපූරු සිද්දි එහෙම බලාගන්න. බෙක්ට ආදර සම්බන්ධයක් තියනවා කියලා මයික්, මචලෝ, ‍රැම් දැනගත්තු වෙලාවේ මෙයාලා මේකට තදින්ම විරුද්ධ වුනා. විශේෂයෙන්ම මයිකුයි මචලොයි. මොකද ඒ මෙයාලා බෙක්ට තියන ආදරේ නිසාමයි එහෙම කරේ. මචලෝ, මයික් හිතනවා මේ කෙනා විකෘති මානසික තත්වයක් තියන භයානක පුද්ගලයෙක් කියලා. ඒ නිසයි මෙයාලා මේකට විරුද්ධ වුනේ තමන්ගේ යාළුවාව ආරක්ෂා කරන්න. කොහොමහරි අන්තිමට බෙක්ගේ මේ අභිරහස් ආදරවන්තයා වර්ජල් කියලා පායි දැනගත්තට පස්සේ ඒක ඉක්මනින් අනිත් අයටත් පායි කිව්වා. නමුත් මේ ගැන බෙක්ට නොකියා ඉන්න කට්ටිය තීරණය කරනවා. මොකද ඒ ඇත්ත දැනගත්තොත් බෙක් මහත් ලැජ්ජාවකට පත්වෙයි කියලා කට්ටිය හිතපු නිසා. ඉතින් මේ ගැන කියන්නත් බැරි නිසා කට්ටිය මේ බෙක්ගේ වැඩකට නැති බොරු සම්බන්ධේ නවත්තන්න විකල්ප ක්‍රම ගැන හිතනවා. මොකද ඒ බෙක් නිකන් බොරු දෙයක් ගැන ‍රැවටි ‍රැවටි බලාපොරොත්තු තියාගෙන ඉන්න එක යාළුවන්ට බලාගෙන ඉන්න බැරි වුන නිසා. මයික් මේ වෙලාවේ යෝජනාවක් ඉදිරිපත් කරා ලියුමක් ලියලා බෙක්ට යවන්න කියලා වර්ජල්ට මිනිහා වෙන එක්ක යාළුවෙලා ඉන්නේ කියලා. එහෙම මේ සම්බන්ධේ නවත්තලා දාන්න. ඒත් පායි මේ වැඩේට කැමති වුනේ නෑ. ඒක බොරුවක් වෙන නිසා. ඉතින් මේ නිසා කට්ටියම බොරු කියන්නත් බෑ ඇත්ත කියන්නත් බැරි තත්වයකට පත්වුනා. කොහොමහරි අන්තිමේදි පායිට අදහස් එනවා මේ සම්බන්ධේ බෙක්ගේ හිත රිදෙන්නේ නැති විදියට හොඳින් අවසානයක් කරලා දාන්න. ඉතින් මේ වැඩේ කරන්නත් සහයෝගය ලබා ගන්නේ වර්ජල්ගෙන්. ඒ බෙක්ගේ පෙම්වතා නගරයේ තැනටකට බෙක්ට එන්න කියලා බොරු පණිවිඩයක් යවලයි. යාළුවෝ මේ තීරණය ගැන පස්සේ හුඟක් පසුතැවිලා වුනා, මොකද බෙක් මේ හම්බ වෙන්න යන්නේ කවදාවත් එන්නේ නැති කෙනෙක් වෙනුවෙන් නිසයි.

එතකොට පායිගේ වුන සිද්දිය, රෑ වැඩ ඇරිලා ඇලෙක්ස් ගෙදර යන්න හදනකොට රෑ වෙලා නිසා පායිවත් ගෙදරින් ඇරලවගෙන යන්න ඇලෙක්ස් තීරණය කරනවා. ඒත් මුලදි පායි මේකට කැමති වෙන්නේ නෑ. මොකද තමන් කාගේ කවුද සහ තමන්ගේ ධනවත් බව හෙළි කරන්න පායි අකමැති නිසා. කොහොමවුනත් අන්තීමෙදි ඇලෙක්ස්ගේ බල කිරීම නිසාම පායි යන්න කැමති වුනා. නමුත් පායි ඇලෙක්ස්ට එයාගේ ගෙවල් තියන හරි තැන පෙන්වන්නේ නැතුව වෙන පාළුවට ගිය අපිරිසිදු ප්‍රදේශයක් අසලින් බහිනවා. ඒ ඇලෙක්ස්ට එත්තු ගන්වන්න තමන් ගත කරන්නේ ක‍ටුක දුෂ්කර දිළිඳු ජීවිතයක් කියලා. නමුත් පායි ඒ බැහැලා යන වෙලාවෙදි ඇලෙක්ස් දකිනවා පායි වෙනත් පැත්තකට ගමන් කර යනවා. මේ නිසා ඇලෙක්ස්ගේ හිතේ විශාල සැකයක් පායි කෙරෙහි ඇති වෙන්න ගන්නවා. මේ කාරණය ගැන නැත්තම් පායි තමන්ගේ මේ ජීවිතය ගැන හංඟන දේ ගැන දැනගන්න ඇලෙක්ස්ට තදින්ම උවමනා වෙනවා. මේකට ඇලෙක්ස් කඩේක හමුවක් සූදානම් කරගන්නවා පායි එක්ක. මෙතනදි ඇලෙක්ස් ගොඩක්ම තමන්ගේ පෞද්ගලික දේවල් ගැන පායි එක්ක කතා කරනවා. නමුත් මෙතනට ‍රැම් කඩාපාත්වෙන නිසා ඇලෙක්ස්ගේ මේ වැඩේ අවුල් වුනා. පායි ‍රැම්ව පාවිච්චි කරනවා පායිගේ ඇත්ත ඇලෙක්ස්ට එළි වෙන්න සූදානම් වුන වෙලාවෙදි ‍රැම් ලව්වා තමන් ගැන ඇලෙක්ස්ට බොරු කියවගන්න. මේ නිසා ‍රැම් හුඟක් අසරණ වෙනවා. ඒ වගේම ‍රැම් පායි එක්ක හිත හොඳ හිටං ටිකක් නැති වෙනවා, තමන්ට රස්සාව දුන්න ඇලෙක්ස්ට බොරු කියවන්න තමන්ව සලස්වපු නිසා.

අද කොටස ගැන අපි ටිකක් බලමු. අද මයික් මානසිකව කඩා වැටෙනවා තම දෙමාපියන් අතර ඇති වී තිබෙන යම් කාරණයක් හේතුවෙන්. මයික්ට අද කොටින්ම පරිගණක ක්‍රීඩාවක්වත් තමාගේ නිසි රිද්මයට අනූව ක්‍රීඩා කිරීමට හැකියාව ලැබෙන්නේ නෑ. මයික් අද බොහො සෙයින් අපහසුතාවයට සහ වෙහෙසට පත් වී සිටින චරිතයක් බවට පත්වනවා. අද බෙක්, පායි දෙන්නා අපූරු පරිගණක ක්‍රීඩාවක් නිර්මාණය කිරීමට සූදානම් වෙනවා. නමුත් කොල්ලන්ගේ පැත්තෙන් නම් මේ ක්‍රීඩාව පිළිබඳ අදහසට තදින්ම විරෝධයක් එල්ල වෙනවා.

මයික්ගේ දෙමාපියන් අතර කුමක් ද සිදු වෙන්නේ? මයික් දැඩි පීඩනයකට පත්ව සිටින්නේ ඇයි? මොකක්ද ඒ බෙක්, පායි නිර්මාණය කරන ක්‍රීඩාව? ඒ මොකක් සම්බන්ධවද? ඇයි පිරිමි පාර්ශවයෙන් මෙයට විරෝධයක් එල්ල වෙන්නේ? උත්තර දැනගන්න නම් අද කොටස අරන් බලන්න.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Youtube පිටපත් සඳහා අදාළ වේ.

 

1,320 downloadsDownload Crash.Zone_.S01.E07.Baiscopelk.com_.zip19 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

UD Shehan

Subtitles

1,320 downloadsDownload Subtitles19 KB

17 comments

  1. geeganagamage

    දැන්නම් මේක බලන්නේ නැතුව ඉන්නම බැහැ. වගේ සුපිරි වැඩක් . ඒ වගේම බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවයට .

  2. Sherlock holmes

    ලොවෙත් නෑ බ්‍රෝ..තෑන්ක්ස්

  3. TharakaWAS

    Ela..ela..Subata thanks..
    Jaya wewa...!!!

  4. Chathura Abesiriwardhana

    පට්ටා ආ..

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  6. blacktask

    digtma krmu machaaann ...api digtma blnwa..tnx u very muchhh

  7. Lasantharathnasirirox

    ස්තුතියි බොහෝම.....මීළඟ කොටසෙන් නැවත හමුවෙමු.......ඔබට ජය.....!!!

  8. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    දිගටම දෙමු...

  9. Dileepaweragala

    Thanx lot.....
    Mewagema smallville ekatat sub karamu.....

  10. Kulanjana Maduranga

    subata thanks...

  11. Ishan Madusha

    බොහොම ස්තූතියි

  12. thanujamilandi

    Thank you sub ekata.. digatama sub demu.. BS!

  13. Udara Damith Dissanayaka

    බොහොම ස්තුතියි

  14. Lahiru Lakshan

    thanks bro...

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Amalka Himeshan

    තැන්ක්ස් මචන් සබ් එකට

  17. Anonymous

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.