හරි, පහුගිය කොටස ගැන අපි ටිකක් බලමු. සනිජීම් ප්‍රධානි බ්‍රැඩ් කේන්ගේ උත්සහය සාර්ථක වුනේ නෑ නේද… කොහොමහරි බැලුවේ මචලෝව මෝඩයා කරගෙන වර්ජල් ව අරගන්නයි. මචලෝට අන්තිම මොහොතේ තේරුම් ගියා ඇත්තටම මිනිහාට උවමනා කරලා තියන දේ ගැන. සනිජිම් එකෙන් හැමෝටම අවස්ථාවක් පිරිනමලා එවපු ඉ-මේල් පණිවිඩය බලපු වෙලාවේ මචලෝට ත…

හරි, පහුගිය කොටස ගැන අපි ටිකක් බලමු. සනිජීම් ප්‍රධානි බ්‍රැඩ් කේන්ගේ උත්සහය සාර්ථක වුනේ නෑ නේද… කොහොමහරි බැලුවේ මචලෝව මෝඩයා කරගෙන වර්ජල් ව අරගන්නයි. මචලෝට අන්තිම මොහොතේ තේරුම් ගියා ඇත්තටම මිනිහාට උවමනා කරලා තියන දේ ගැන. සනිජිම් එකෙන් හැමෝටම අවස්ථාවක් පිරිනමලා එවපු ඉ-මේල් පණිවිඩය බලපු වෙලාවේ මචලෝට තදින්ම ඕනේ වුනා සනිජිම් එකේ වැඩට යන්න. ඒ වුනාට ඇලෙක්ස්ට තියන ලෙන්ගතුකම, පක්ෂපාතිකම නිසා ඒක කරන්න මචලෝටවත් කාටවත් හිත දුන්නේ නෑ. නමුත් මචලෝ වර්ජල්ව අරගෙන ක්‍රීඩාවක් නිර්මාණය කරන්න ඉල්ලපු අදහසට ඇලෙක්ස් විරුද්ධ වුන වෙලාවේ මචලෝ තමන්ගේ ඇලෙක්ස්ට තියන ලෙන්ගතුමකම අත ඇරලා දැම්මා. ඒක පිස්සු අදහක් නේද වර්ජල්ව අරගෙන ගේම් එකක් හදනවා කියන එක… මිනිහට එන්නෙම ඔය වගේ පිස්සු අදහස් තමයි. ඊට හපන් වර්ජල් පොරත් පිස්සෙක් වගේ ඒ වැඩේ තදින්ම කැමති වුනා. ඇලෙක්ස් එක්ක මේ කාරණය නිසා අමනාප වුන මචලෝ සනිජිම්ලා පවත්වන රැස්වීමට යන්න තීරණය කරනවා. මෙතනදි සනිජීම් ප්‍රධානි බ්‍රැඩ් කේන් මචලෝව තමන්ගේ පැත්තට සූක්ෂම ලෙස හරවගන්න කටයුතු කරනවා, ලස්සන චාටු කතා කියමින්. ඇලෙක්ස් දිගින් දිගිටම හැමෝටම කියනවා සනිජීම්ලව විශ්වාස කරන්න එපා උන් කපටියෝ කියලා. මොකද ඇලෙක්ස් හොඳ හැටි දන්නවා සනිජීම්ලා ගැන. සනිජීම්ලා එක්ක ලොකු ඉතිහාසයක් ඇලෙක්ස්ට තියනවා. ඉතින් මේ බව අනිත් අය යම්තාක් දුරකට ගාණකට ගත්තත් මචලෝ නම් ඒ හැටි ගාණකට ගන්නේ නැතුව කටයුතු කරා අනිතිම මොහොතෙදි තමන්ට සනිජිම්ලගේ සැබෑ ස්වරූපය අවබෝධ වෙනකන්. බ්‍රැඩ් කේන්ට මූලිකවම අවශ්‍ය වෙන්නේ එක දෙයයි. ඒ තමයි කැට්ලස්ට් සමාගමේ තියන කෘත්‍රිම බුද්ධි වැඩසටහන. මිනිහා දන්නවා ඒ වර්ජල් කියලා. මචලෝව තමන්ගේ පැත්තට හරවගත්තු වෙලාවේ බ්‍රැඩ් කේන් මචලෝට කියනවා වර්ජල්ව CD එකකට කොපි කරලා අරගෙන එන්න කියලා. බ්‍රැඩ් කේන්ගේ කූට අරමුණ ගැන ඒ වෙලාවේ අවබෝධ කරගත්තු මචලෝ CD එකට වර්ජල්ව කොපි කරගන්නේ නැතුව තමන්ගේ රූපේ තියන පරිගණක තිරයේ ඉබේ එහා මෙහා යන ඔලුබක්කෙක් තියන වෛරස් වැඩසටහනක් වගේ එකක් කොපි කරලා අරන් ගිහින් මිනිහට දෙනවා. හොඳ වැඩේ නේද සනිජිම්කාරයට…
ඒ වගේම මතකද රෑම් සනිජිම් එකට යන්න බොරු කකුල් දෙකක් දාගෙන ආපු සිද්දිය… ඒකට නම් ඇත්තටම හිනා යනවා. කොල්ලා කොච්චර උත්සහා කරත් ඇතුළට නම් යන්න හම්බ වුනේ නෑ නේද….. තව එදා දවසේ ඇලෙක්ස් වර්ජල්ගේ අතීත කතාව ගැන වර්ජල්ට කියනවා, තමන්ව නිර්මාණය කරපු විදිය ගැන. ඒ කියන්නේ ඇලෙක්ස් සනිජිම් ඒකෙදි කරපු AI 2000 ව්‍යාපෘතිය ගැන. වර්ජල් කියන මේ අපේ බොහොම අපූරු කෘත්‍රිම බුද්ධි වැඩසටහන නිර්මාණය කරන්න මූලිකම අඩිතාලම වැටුනේ මේ ව්‍යාපෘතිය හරහායි. වර්ජල්ගේ අයිතිකාරයා එහෙම නැත්තම් අම්මා තමයි අපේ ඇලෙක්ස්. එයා තමයි මේ අපූරු කෘත්‍රිම බුද්ධි වැඩසටහන නිර්මාණය කරේ. නමුත් වර්ජල්ගේ ගොඩක්ම අංගයන් වර්ජල් විසින්ම අන්තර්ජාලය උපයෝගී කරගෙන ඒ අසුරෙන් දැනුම උරාගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ පසු කාලීනව. මොකද AI 2000 ව්‍යාපෘතිය ඇලෙක්ස් විනාස කර වෙලේ වර්ජල් සයිබර් අවකාශයට එහෙමත් නැත්තම් අන්තර්ජාලයට තමයි විසි වෙලා ගිහින් තියෙන්නේ.
එතකොට එදා දවසේ වුන මයික්ගේ සිද්දිය, මයික්ගේ ප්‍රියතම රණශූරයින්ගේ සඟරාවේ නිර්මාතෘවරයගෙන් සමරු සටහනක් ගන්න ගිහින් වුන කණගාටුදායක සිද්දිය. සමරු සටහනක් දීම ප්‍රතික්ෂේප කරලා මයික්ගේ සඟරව අරන් ස්ටිග් මැකැලිස්ටර් ඉරපු වෙලාවේ මයික්ගේ තාත්තා මයික් වෙනුවෙන් ඉදිරියට ඇවිල්ලා කතා කරා. ස්ටිග්ගේ අවේගශීලීකම තවත් ඒ අවස්ථාවේ වැඩි වෙලා මයික්ගේ තාත්තගේ පපුවට තට්‍ටු දාදා තල්ලු කරන්න ගත්තා. නමුත් සැබෑ බුද්ධිමත් මිනිසෙකුගේ ලක්ෂණ පෙන්නුම් කරමින් මයික්ගේ පියා ඊට ප්‍රචන්ඩත්වයෙන් පිළිතුරු නොදි අපූරු පිළිතුරකින් ඔහුට ප්‍රතිචාර දැක්වූවා.
හොඳයි, එහෙනම් අද කොටස ගැන ටිකක් බලමු. අද ඇලෙක්ස්ගේ පරිගණකයට කෙනෙක් අනවසරයෙන් ඇතුල් වෙලා දත්ත ලබා ගැනීමක් සිදු කරනවා. මේ බව ඇලෙක්ස් දැනගන්නවා. ඉතින් මේ කෙනාව අල්ලගන්න ඇලෙක්ස් පරිගණක දැනුම තියන බොහොම භායානක ප්‍රසිද්ධ පුද්ගලයෙක් කැට්ලස්ට් සමාගමට එක්කරගෙන එනවා. ඒ වගේම අද අපේ පරිගණක දඟයෝ ටික බොහොම බිහිසුණු ක්‍රියාකාරකමකුත් සිදු කරනවා වර්ජල්ගෙත් සම්පූර්ණ උදව් ඇතුව.
ඇලෙක්ස්ගේ පරිගණකයෙන් මොනවද ඒ අරගන්න තොරතුරු ? කවුද ඇලෙක්ස් මේ අරන් එන කෙනා ? මිනිහා මොන වගේද ? ඇලෙක්ස්ගේ පරිගණකය හැක් කරේ කවුද ? ඒ සනිජිම්ලද ? හැක් කරපු කෙනාව අල්ලගන්න පුළුවන් වෙයිද ? මොකක්ද අපේ මේ පරිගණක දඟයෝ ටික අද කරන බිහිසුණු වැඩේ ? උත්තර දැනගන්න අද කොටස බලන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Youtube පිටපත් සඳහා අදාළ වේ.
1,383 downloadsDownload Crash.Zone_.S01.E12.Baiscopelk.com_.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
UD Shehan
Subtitles
14 comments
kavinuweerakkody
geeganagamage
බොහොම ස්තුතියි ඔයාගේ සබ් එක නැත්නම් කවදාවත් මේ සුපිරි ට්වි සීරියස් එක බලන්න වෙන්නේ නැහැ .
Kulanjana Maduranga
subata thanks....
nipun gunasekara
niyamai
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයLasantharathnasirirox
Nice.....ela.
thanujamilandi
Niyamai sub eka Thank you..
sasala
thanks
Ishan Madusha
බොහොම ස්තූතියි
TharakaWAS
Subata Thanks...!!
Udara Damith Dissanayaka
niyamayi
parakku unaa
sorryරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amalka Himeshan
තැන්ක්ස් මචන් සබ් එකට
Lahiru Lakshan
thanks bro...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


ස්තූතියි මචන්!! ෆිල්ම් බලන එක පොඩ්ඩක් නවත්තලා මේකේ සබ දෙනකන් බලන් ඉන්නේ මේක බලන්න.. සුපිරියට උපසිරැසි ගන්වලා තියෙනවා.. කියලා වැඩක් නෑ!!