Watch Trailer

Crash Zone (TV Series 1999–2001) [S01 : E13] Sinhala Subtitles | වර්ජල්ගේ අවසානයද? [සිංහල උපසිරැසි සමග]

ඔන්න එහෙනම් අද මම ඔයාලට Crash Zone කතා මාලාවේ පළමු අදිරයේ අවසාන කොටසටත් සිංහල උපසි‍රැසි අරගෙන ආවා. ඇත්තටම කියන්න ඕනේ මම ඔයාලට මේ රූපවාහිනි කතා මාලාව අරගෙන එන්නේ හුඟක් මහන්සි වෙලා. මොකද මේ රූපවාහිනි කතා මාලාවට කොහෙවත් ඉංග්‍රීසි උපසි‍රැසියක්වත්, අංක දත්ත පිටපතක්වත් නෑ. ඉතින් මමම තමයි මේවට කාලරාමුත් හ…

ඔන්න එහෙනම් අද මම ඔයාලට Crash Zone කතා මාලාවේ පළමු අදිරයේ අවසාන කොටසටත් සිංහල උපසි‍රැසි අරගෙන ආවා. ඇත්තටම කියන්න ඕනේ මම ඔයාලට මේ රූපවාහිනි කතා මාලාව අරගෙන එන්නේ හුඟක් මහන්සි වෙලා. මොකද මේ රූපවාහිනි කතා මාලාවට කොහෙවත් ඉංග්‍රීසි උපසි‍රැසියක්වත්, අංක දත්ත පිටපතක්වත් නෑ. ඉතින් මමම තමයි මේවට කාලරාමුත් හදලා උපසි‍රැසිත් කරලා ඔයාලට අරගෙන එන්නේ. යන වචන වලට විතරක් ඇහුම්කම් දීලා උපසි‍රැසියක් අරගෙන එනවා කියන එක හුඟක් අමාරු කාලය ගොඩක් වැය වෙන වැඩක් කියලා ඔයාලා දන්නවනේ. ඉතින් මේක ලේසි පහසු කටයුත්තක් නම් කොහෙත්ම වුනේ නෑ. මම හිතනවා හුඟ දෙනෙක් මෙතෙක් ගිය පහුගිය කොටස් රසවිඳින්න ඇති කියලා. මට අදහස් දක්වපු හැමෝගෙම අදහස් වලට මම ගරු කරනවා. ඔබගේ අදහස් දැක්වීම අනූව තමයි ආපහු මේ වගේ දෙයක් කරන්න හිත දෙන්නේ. ඒක මට විතරක් අදාල වෙන දෙයක් නෙමෙයි. උපසි‍රැසි කරන හැමෝම ඒ දේ බලාපොරොත්තු වෙනවා. හොඳයි, එහෙනම් අපි පහුගිය කොටස ගැන මතකය අවදි කරගමු.

දැන් හැමෝම දන්නවනේ ඇලෙක්ස්ගේ පරිගණකය හැක් කරපු හැකර් කවුද කියලා, ඒ තමයි මචලෝ. හැබැයි හැක් කරන වැඩේ සම්පූර්ණයෙන්ම කරේ වර්ජල්. ඒ වුනාට මිනිහට මේක කරන්න කියලා අනුබල දුන්නේ මචලෝනේ. ඒ නිසා මචලෝ තමයි මෙතන ප්‍රධානම වැරදිකාරයා වෙන්නේ. වර්ජල් ඇවිල්ලා වැඩසටහනක්නේ. මනුස්සයෙක් නෙමෙයිනේ. දඩුවමක් දෙන්න හිරේ දාන්න කරන්න බෑනේ. මචලෝ එදා උත්සහා කරේ පායිගේ තාත්තගේ දුරකථන අංකය ඇලෙක්ස්ගේ පරිගණකයෙන් අරගන්නයි. මේ බව පායි දැනගත්ත වෙලාවේ පායි ට හොඳටම කේන්ති ගිහින් මචලෝට ඒ වෙලාවේ බැනලා තමයි ගියේ. පායි පොඩ්ඩක්වත් තමන්ගේ තාත්තට කැමති නෑ. ඔහුට තියන කාර්යබහුලත්වය නිසා තමයි ඒකට මූලිකම හේතුව විදියට මම දකින්නේ. පායි ට තමන්ගේ තාත්තා එක්ක ගත කරන්න තියන කාලය කුඩා කාලයේ මඟ හැරෙන්න ඇති. පායි තමන්ගේ පියාට අකමැති වෙන්න හේතුව ඔයාලට ඉදිරියට, ඒ කියන්නේ 2 වෙනි අදියරයෙන් දැනගන්න පුළුවන්. මුලදිම මයික්ට මචලෝ තමන් තමයි හැකර් කියලා කියපු වෙලාවේ මයික් මචලෝට යෝජනා කරනවා ඇලෙක්ස්ට ඒක කියන්න කියලා. හැබැයි එතකොටත් මචලෝ පරක්කු වැඩියි. ඇලෙක්ස් කැට්ලස්ට් එකට පොලිසියෙනුත් ගෙන්නලා සියලුම සන්නිවේදන කටයුතුත් අක්‍රිය කරන්න කටයුතු කරනවා මචලෝ දකිනවා. මෙතනදි මචලෝ දැනගන්නවා වැඩේ හුඟක්ම දුර දිග ගිහින් තියෙන්නේ කියලා. තමන්ගේ පරිගණකයට අනවසරයෙන් ඇතුළු වුන පුද්ගලයව හොයා ගන්න ඇලෙක්ස් ගෙනාව බොහොම ප්‍රසිද්ධ වගේම භායනක ආරක්ෂක උපදේශකයෙක් වන ජේඩී. මූන් කියලා හාදයෙක්ව. මිනිහා කැට්ලස්ට් එකට ආපු වෙලාවේ නම් හැමෝම වගේ මිනිහට බය වුනා. ජේඩී. මූන් තමන්ගේ වැඩකටයුතු කැට්ලස්ට් එකේ ඉඳන් දිවා රෑ නොබලා කරන්න කටයුතු කරනවා මේ හැකර් ව කෙසේ හෝ අල්ලා ගැනීමේ අරමුණින්. තමන් කරපු මේ ක්‍රියාවෙන් ගැළවීමට සහ හෝඩුවාවන් මකා දැමීමට මචලෝ වර්ජල්ගේ පිහිට පතනවා. නමුත් වර්ජල්ව ඇලෙක්ස් තමන්ගේ පරිගණකයේ දමා වසා ගෙන සිටිනවා ආරක්ෂක හේතූන්මත. මේ නිසා වර්ජල්ගේ සහය ලබා ගැනීමට මචලෝට හැකියාවක් ලැබෙන්නේ නෑ. අවසානයේ තමන්ගේ මිතුරන් මචලෝව බේර ගැනීමට කටයුත්තක් ආරම්භ කරනවා. ඒ තමයි වර්ජල් ගියපු පාර මකලා දාන එක ජේඩී. මූන්ට හොයා ගන්න බැරි වෙන්න. මේ අවධානම් වැඩේ කරන්න මේ ගොල්ලෝ යොදා ගන්නේ මයික්ගේ පරිගණකය. නමුත් මේක ජේඩීගේ උගුළක් කියලා කට්ටියම දැනගන්නේ හුඟක්ම පරක්කු වෙලා. ජේඩීටත් උවමනා වෙලා තිබුනේ මේකම කරගන්නයි. අවසාන මොහොතේ ජේඩී, හොයා ගත්තා හෝඩුවාවන් මකන්න ආපු මයිගේ පරිගණකයේ තොරතුරු. ඇලෙක්ස් මයික්ට මේ සදහා නිකරුනේ දෝෂාරෝපනය කරන අතරතුර මචලෝ එම ස්ථානයට පැමිණ තමන්ගේ වැරද්ද පිළිගනු ලැබුවා. මේ කර බරපතල් ක්‍රියාව නිසා අලෙක්ස් මචලෝ තම සමාගමෙන් අස් කොට දමනවා. ඇත්තටම මචලෝ වාසනාවන්තයි හිරේ නොගිහින් බේරුන ඒක, ඇලෙක්ස්ගේ තිබුන හොඳකම නිසා. ඇලෙක්ස් හිතාන් හිටියේ මේක සනිජිම්ලගේ වැඩක් කියලා. මේක තමන්ගෙම කෙනෙකුගේ වැඩක් කියලා ඇලෙක්ස් නම් හීනෙකින්වත් හිතුවේ නැතුව ඇති.

අද තියන අවසන කොටස ගැන අපි ටිකක් බලමු. අද බොහොම විශේෂ කෙනෙක්ගේ උපන් දිනයක් තියනවා. අද සනිජිම් ප්‍රධානි බ්‍රැඩ් කේන් පළමු වතාවට වර්ජල්ව සියැසින් දකිනවා. ඒ වගේම අපේ පරිගණක දඟයෝ ටික අද තාක්ෂණික මෙවලම් උපයෝගී කරගනිමින් ලොකු ක්‍රියාදාමයක් සිදු කරනවා. මචලෝ අද සනිජිම් සමාගම උඩු යටිකුරු කරනවා. වර්ජල්ගේ අවසානයද මේ ? ? එය ඔබට අවසන් විනාඩි කිහිපයේ දැක ගැනීමට හැකියාව අද ලැබෙනු ඇත.

කාගෙද මේ උපන් දිනේ ? බ්‍රැඩ් කේන් කොහොමද වර්ජල් ව දකින්නේ ? මිනිහා කොහොම වර්ජල් ට ප්‍රතිචාර දක්වයිද ? මේකෙන් වර්ජල් ට හානියක් වෙයිද ? අපේ පරිගණක දඟයෝ ටික අද කරන මේ මහා ක්‍රියාදාමය මොකක්ද ? මචලෝ සනිජිම් එක උඩු යටිකුරු කරන්නේ ඇයි ? වර්ජල් ට අවසානයේ දි මොකද වෙන්නේ ? දෙවෙනි කතා මාලාවෙන් වර්ජල් ව දකින්න බැරි වෙයිද ? මේ හැමදේටම උත්තර දැනගන්න අද අවසාන කොටස බලන්න.

— දෙවෙනි කතා මාලාවෙන් අලුත්ම ආරම්භයක් එක්ක නැවත හමුවෙමු —

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Youtube පිටපත් සඳහා අදාළ වේ.

 

1,097 downloadsDownload Crash.Zone_.S01.E13.Baiscopelk.com_.zip19 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

UD Shehan

Subtitles

1,097 downloadsDownload Subtitles19 KB

21 comments

  1. ajith00129

    නියමයි බ්‍රෝ ,දෙවෙනි එකත් දෙමු ඒනම්, thanks a lot

  2. blacktask

    niyamai bro .patta wadk kre oya nm amruwen hri podi kaale blpu ekak ayet bluwe oya nisa machn..ohomma s2 ekatath game gahamuuh

  3. Kanchana

    Thanx sahoooooo
    Supiri

  4. janaka195

    නියමයි මචන්.. වැඩ ඇරිලා ඇවිත් රෑට දවස ගානෙ, ආසම කතාවක් බලන්නේ සෑහෙන කාලෙකින් .. ඔය ගැම්මටම ඉස්සර ගිය Round the Twist, Zack Files, The Incredible Hulk වාගෙ ඒවටත් සබ් දෙමුකෝ.. ගමන සුභ වේවා- ඔබට ජය වේවා..!

  5. Kulanjana Maduranga

    subata thanks saho....

  6. geeganagamage

    ගොඩාක් ස්තුතියි සහෝ පළවෙනි සීරියස් එක අවසන් වෙනතුරු අරගෙන ආවාට . මේක මම බලපු සුපිරිම ට්වි සීරියස් එකක් .හැකිනම් ස්මෝල් විල් ටීවී සීරියස් එකටයි හල්ක් සබ් කරන්නකෝ .

  7. nipun gunasekara

    patta

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    2වන කතාමාලාවෙන් නැවත හමුවෙමු...
    ජය

  9. Lasantharathnasirirox

    එකට ගොඩාක් ස්තුතියි......දෙකෙන් නැවත හමුවෙමු.....!!Good luck.

  10. Ishan Madusha

    ස්තූතියි සහෝ

  11. thanujamilandi

    Thank you sub ekata.. 2nd eken aye hambemu.. Jaya wewa!!!!! BS!!!!!!!

  12. naughty

    පලවෙනි සීසන් එකට සබ් දුන්නට බොහොම ස්තූතියි... දෙවනි එකත් දිගටම දෙන්න... අසාවෙන් බැලුවා.......❤

  13. Vishva Sriyan

    Thanks Bro,,,,,

  14. nipun gunasekara

    DAN DENAWADA NEXT EKA ME DENAKAN BALA INNE

  15. Chalana

    thanks bro

  16. Deshani

    Thank You.
    mn podi kale asawen balapu tv Series ak meka,
    ayeth balanna puluwan dan,
    again, Thank you very much

  17. TharakaWAS

    Subata Thanks Bro...
    Jaya wewa...!!!

  18. Udara Damith Dissanayaka

    පරක්කු උනා කමෙන්ට් එකක් දාnda සොරි
    ඊලග සීසන් එකෙන් මුණ ගැහෙමු

  19. wathsalawickramasinghe

    Thank you very much

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Amalka Himeshan

    මෙච්චර මහන්සි වෙලා අපි වෙනුවෙන් කරපු වැඩේට ස්තූතියි දිගටම කරගන යමු මචන්