Watch Trailer

The Gifted [S02 : E04] Sinhala Subtitles | විපරීතයන් මුහුණට මුහුණ ගැටෙන දවස.. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් අපි හුගාක් සමීපතම අය වෙනුවෙන් අරගන්න තීරණ නිසා ඒ අය වගේම අපි මොන තරම් අනතුරකට භාජනය වෙන්න පුලුවන්ද කියන අදහස තමයි පසුගිය කොටසේ විනාඩි 43 ක් පුරාවටම මේ කතාමාලාවේ ප්‍රේක්ෂකයන් හට ලබාදෙන්න උත්සහ කලේ. ඒවගේම තමයි ගිය කොටසට කලින් කොටසේ ඒ කිව්වේ දෙවැනි කොටසෙ තුලින් අපිට තන්ඩර්බර්ඩ්ගේ ෆ්ලෑෂ්…

පසුගිය කොටසින්

අපි හුගාක් සමීපතම අය වෙනුවෙන් අරගන්න තීරණ නිසා ඒ අය වගේම අපි මොන තරම් අනතුරකට භාජනය වෙන්න පුලුවන්ද කියන අදහස තමයි පසුගිය කොටසේ විනාඩි 43 ක් පුරාවටම මේ කතාමාලාවේ ප්‍රේක්ෂකයන් හට ලබාදෙන්න උත්සහ කලේ. ඒවගේම තමයි ගිය කොටසට කලින් කොටසේ ඒ කිව්වේ දෙවැනි කොටසෙ තුලින් අපිට තන්ඩර්බර්ඩ්ගේ ෆ්ලෑෂ්බැක් සිදුවීමක් කතාව ආරම්භයේදීම ලබා දුන්නා. ඒවගේම තෙවැනි කොටස තුලින් අපිට මාකෝස්ගේ ෆ්ලෑෂ්බැක් සිදුවීමකින් තුන්වැනි කොටස ආරම්භ වුනා. මාකෝස් වගේම එයාගේ තාත්තා අතර ඇතිවුණු සංවාදය අනුව පෙනුනේ මාකෝස්ගේ අම්මත් විපරිතයෙක්. මාකෝස් තමන්ගේ විපරිත හැකියාවන් හංගගෙන ඉන්නේ නැතුව ඒවායින් ප්‍රයෝජනයක් ගත්තා. හැබැයි මාකෝස්ගේ අම්මා ඒ හැම බලයක්ම හංගගෙන ඉදලා තියෙනවා. මේ නිසාම වැඩිකල් නොයා එයාගේ අම්මා මැරිලත් තියෙනවා. ඒ දේට වගේම පිළිකාවකින් රෝගාතුර වෙලා ඉන්න මාකෝස්ගේ තාත්තගේ දෛවයට මාකෝස් තමන්ගේම තාත්තට දොස් කිව්වා වගේම මාකෝස්ගේ තාත්තා මාකෝස්ගේ උදව් ප්‍රතික්ෂේප කලා. ඔය කාලේ තමයි මාකෝස් කාටෙල් එකේ ගෑණු කෙනෙක්ට සල්ලි වෙනුවෙන් වැඩ කලේ. මෙයාව නම් මුල් කතාසමයෙදීත් දකින්න ලැබුනා. මං හිතන්නේ ඔයාලට මතක ඇති. 

මාකෝස්ට එයාගේ පෙම්වතිය, ඉපදුනාද නැද්ද කියලවත් නොදන්නා දරුවා ගැන හිත තා බීලා එයාට තියෙන හැකියාවන් වලින් ඇති කරන කොළ පාට කිරණ වලින් සංඥාව කියන්නෙත් මේ වෙද්දී අනික් අය අතරේ කතාබහට ලක් වෙන කාරණයක් වෙලා. මේ නිසාම ජෝන් එයාට දොස් පවරලා ක්ලැරිස් එක්ක උමං යට ඉන්න විපරිතයව හොයාගෙන ගියා. හිතපු තරම් මේ දෙන්නට මේ ගමන ලේසි වුනේ නැහැ. උමං යට කිව්වට මේ දෙන්නට සෑහෙන අකරතැබ්බ වලට තමයි මුහුණ දෙන්න වුනේ. මොකද මේ දෙන්නා එනවට ඇතුලේ හිටිය වෙන විපරීතයන් විසින් මේ අයව නොමග යවන විදිහේ බාධක ඇති කලා. ඒත් මේ හැම බාධකයක්ම මැඩලාගෙන මේ අය උමං යට හිටිය විපරිත නායාකයාව මුණගැහුණා. හැබැයි එයා කතා කරන්න කමැති වුණේ ක්ලැරිස් එක්ක විතරයි. මේ අයට ඕන කරන විස්තරයක් වගයක් දෙන පොරොන්දුවට ඒ නායකයා ක්ලැරිස්ගෙන් ඒ වෙනුවට ඔත්තු බලන්න කියලා කිව්වා. පේනවිදිහට ක්ලැරිස් ඒ යෝජනාවට කැමති වෙලා වගේ. 

ඩොව්න්ට මේ වෙද්දී සෙංගමාලය එහෙම නැත්තම් කහ උණ හැදිලා තියෙන්නේ. එයාව බේරගන්න තමයි ලෝනාගේ යෝජනාවත්, රීවාගේ අවසරය මතත් ෆ්‍රොස්ට්  සහෝදරියෝ මාකෝස්ව එක්කන් එන්න ගියෙ. මාකෝස් එන වෙලාවට එයාට පේන්න රීවාගේ පැත්තෙන් ඇන්ඩිට ඉන්න කියලා රීවා කිව්වා. කිව්වා වගේම ඇන්ඩිට හිටියා. මමාකෝස්ව එක්කන් ඇවිත් ඩොව්න්ව නම් සනීප කරගත්තා. හැබැයි තාමත් නිමක් නැතුව තාමත් මාකෝස්ගේ වගේම පොලාරිස් අතර තියෙන හැගීම් නිසා එතන තත්වේ පොඩ්ඩක් වෙනස් කලා. මේ නිසාම ෆ්‍රොස්ට්  සහෝදරියෝ මාකෝස්ගේ මනසට රිංගලා එතනින් පිටවෙන්න කියලා බලකලත් ටිකක් දුර යද්දී මාකෝස්, පොලාරිස් අතර තියෙන බැදීම්වල ශක්තිමත් බව නිසාම මාකෝස් ක්ෂණිකවම ඒ බාධක වලින් මිදිලා ෆ්‍රොස්ට්  සහෝදරියන්ටත් පහර දීලා ආපහු වතාවක් ලෝනාව හොයන් ගියා. හැබැයි ඊට කලින් රීවා මාකෝස්ට පහර දෙන්න ගත්තා එයාට තියෙන බලයන් වලින්. ඔයාලා දකින්න ඇති මාකෝස්ට වුනත් තනියම රීවාව පරාද කරන්න බැහැ. ඒ තරමටම රීවා බලගතුයි. තව ටිකක් වෙලා මාකෝස් රිවාගේ බලයට එරෙහිව සටන් කලා නම් මාකෝස් එතනම උණු වෙනවා. හැබැයි මාකෝස් ෆ්‍රොස්ට් සහෝදරියන් කරන බොරුව ගැන පොලාරිස්ට අනතුරු ඇගෙව්වා. එතකොට අර පොලාරිස්ගේ ප්‍රුසුතිය වෙලාවෙදි පොලාරිස්ගේ මනසට දාපු සිදුවීම් ඔක්කොම බොරු වෙන්න ඇතිද? රීවා කියන්නේ කොහොමත් බල තන්හාව තියෙන කෙනෙක්. එයාට ඕන දේ ලබාගන්න අනික් අයව ඉස්සරහට දාලා වැඩේ වෙනවනම්, එයා ප්‍රයෝජනයට ගන්න අයට මොනා වෙලා ගියත් කිසිම විදිහකින් ගණන් ගන්නේ නැති කෙනෙක්. හැබැයි මේ දේවල් විශ්වාස කරන්න තරම් ශක්තියක් මේ වෙලාවේ පොලාරිස්ට නැහැ. එයා තාමත් ඉන්නේ ඉනර් සර්කල් එකේ අය එක්ක එකතු වෙලා ඩොව්න්ට වගේම අනික් විපරීතයන්ට වඩාත් හොද දෙයක් ගොඩ නගන අදහසින්. 

අවසාන වශයෙන් ලෝරන් එක්ක වෛද්‍ය සැපයුම් අරගන්න ගියපු රීඩ්ගේ බලයන් එක පාරටම මතු වෙනවා. මේ දෙන්නා ගමන් කරපු වාහනෙත් අනතුරට ලක් වෙනවා. මෙතනදී තමයි ලෝරන් එයාගේ තාත්තාගේ බලයන් ගැන දැනගන්නේ. පස්සේ ලෝරන් එයාගේ තාත්තට බැන වැදුනම තමයි කතාව අන්තිමේදී අපිට දකින්න ලැබුණේ රීඩ් ගිහින් මේ හැමදෙයක් ගැනම කේට්ලින්ටත් කියනවා කියනවා කියලා.

අද කොටසින්

මෙච්චර කාලයක් විපරිත කදවුර වගේම ඉනර් සර්කල් කියලා බෙදිලා හිටිය අය අතර සිද්දවෙන මුල්ම ඝට්ටනය සිද්දවෙන්නේ අදයි. වගකීමෙන් කියන්න පුලුවන් මේක තමයි හොදම කොටස. ආයෙ ඒකෙ සැක තියාගන්න එපා. එහෙනම් ඉතින් මේ කොටසත් බලලම ඉන්නකෝ.

ලබන සතියේ කොටසින් මුණගැහෙන එකක් නම් නැහැ. නැහැ නැහැ ඒ කිව්වේ උපසිරැසි දෙන එක නවතින්න නෙවේ යන්නේ. කොහොමත් මේ කතාව ලබන සතියෙ විකාශය වෙන්නෙ නැහැ. හැබැයි ඊටපස්සෙ ආපහු වතාවක් කතාව විකාශය වෙන්න ගත්තම නම් එන්න වෙන එකක් නැහැ. මොකද මින් ඉදිරියට මේ කතාමාලාවේ සබ් අරන් එන්නේ මං නෙවෙයි. වෙනින් කෙනෙක්. කොටස් හතරක් පුරාවටම ඔයාලව මුණගැහෙන්න එන්න ලැබීම ලොකු සතුටක්. එහෙනම් මින් ඉදිරියට උපසිරැසි අරන් එන කෙනාටත් හොද සහයෝගයක් ලබාදෙන්න. 

සුපර්නැචුරල් වලින් මේ සිකුරාදා මුණගැහෙමු. ජය!!

 

——
අද කතාවේ නම “outMatched ”
අධ්‍යක්ෂණය: Deran Sarafian
ලිව්වේ: Marta Gené Camps
විකාශනය වුනේ: 2018 ඔක්තෝම්බර් 16
මීලග කොටසින්: outMatched | 2018 ඔක්තෝම්බර් 30

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,612 downloadsDownload The-Gifted-S02E04.zip59 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

චාමර සම්පත්

Subtitles

4,612 downloadsDownload Subtitles59 KB

32 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. dsdkavishka

    Thenks saho

  3. Cmj

    Thanks bro!

  4. Shashi

    උපසිරැසියට ස්තූතියි.

  5. උදයංග සම්පත් හතරසිංහ

    අඩේ මරු ආහ්.. ආපු ගමන් දීලනෙ.. ජය වේවා මිත්‍රයා..! ❤️❤️❤️

  6. Denis Maneesha

    Thanks bro sub ekata

  7. Mr.pamz

    thanks brother

  8. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....

  9. Kaushan Rasanga

    Tnx

  10. Ruwan Kospelawatta

    thx a lot...

  11. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .

  12. darshana100

    thanks yalu

  13. Nuwan_Hero

    thanks sub ekata
    Pulwannam The Haunting Of Hill House Tv Series Eke Sub Denna

  14. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

  15. Kulanjana Maduranga

    subata thanks saho....

  16. V.T.Piyumal

    Sub ekata thanks bro..jaya wewaa..!!

  17. sachintha

    Thanks For Sub....

  18. futureomega

    thanks sub ekata

  19. tharidu sagara

    බොහොම ස්තූති සහෝ උපසිරසට..
    ජය වේවා!!!

  20. Naveendra_rox

    Thanks

  21. asela12345

    Ela bro

  22. asela12345

    Thank saho

  23. Ayesh Prashan

    Thank You

  24. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  25. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  26. Muthu

    ️️

  27. Udara Damith Dissanayaka

    ela

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. kprasadms

    Thank You ...!!!

  30. podda

    thanks saho!!

  31. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි...

  32. MAALnath

    Thanks .......................good luck ...........................