හොඳයි, සුභ දවසක් හැමෝටම ! අලුත්ම නැවුම් ආරම්භයක් එක්ක ඔන්න මම ඔයාලට Crash Zone කතා මාලාවේ දෙවෙනි අදියරයටත් සිංහල උපසිරැසි රැගෙන ආවා. කට්ටියම මේක දෙනකන් මඟ බලාගෙන ඉන්න ඇති කියලා මම හිතනවා. පළමු කතා මාලාව ඉවර වුනාට පස්සේ මේ දෙවෙනි කතා මාලාව ඇවිත් තියෙන්නේ අවුරුදු 2කට විතර පස්සෙයි. ඒ 1999 මැයි මාසේ…

හොඳයි, සුභ දවසක් හැමෝටම ! අලුත්ම නැවුම් ආරම්භයක් එක්ක ඔන්න මම ඔයාලට Crash Zone කතා මාලාවේ දෙවෙනි අදියරයටත් සිංහල උපසිරැසි රැගෙන ආවා. කට්ටියම මේක දෙනකන් මඟ බලාගෙන ඉන්න ඇති කියලා මම හිතනවා. පළමු කතා මාලාව ඉවර වුනාට පස්සේ මේ දෙවෙනි කතා මාලාව ඇවිත් තියෙන්නේ අවුරුදු 2කට විතර පස්සෙයි. ඒ 1999 මැයි මාසේ 8 පළවෙනි සීසන් එකේ 13 වෙනි එපිසෝඩ් එක ඉවර වෙලා 2001 ජූනි මාසේ 2 වෙනිදයි. ඒක නම් ලොකු කාලයක් නේද… පළමු කතා මාලාවේ හුඟක් රසවත් සිද්දි වගේම කණගාටුදායක සිද්දිත් ඇති වුනා. කොහොමින් කොහොමහරි අපේ පරිගණක දඟයෝ ටික ඔවුන්ට ලැබුන සියලුම අභියෝග වලට සාර්ථකව මුහුණ දෙමින් තමන්ගේ මේ සුන්දර රැකියා ජීවිතයේ පළමු කඩඉම නිමා කරගනු ලැබුවා. වර්ජල් කියන මේ අපූරු කෘත්‍රිම බුද්ධි වැඩසටහන අපේ පරිගණක දඟයෝ ටිකට පළමු වතාවට මුණ ගැහුන ඒ අපූරු සිදුවීම, ඇලෙක්ස් ට තමන්ගේ මේ විශිෂ්ට නිර්මාණය ගැන අවබෝධයක් තිබිම නොමැතිකමින් වර්ජල්ව විනාස කරන්න උත්සහ කරපු සිදුවීම්, පායිගේ අභිරහස් ජීවිතය, රැම් කැට්ලස්ට් එකට රිංගන්න ගහපු සැලසුම්, මචලෝගේ චූටී නංගී ඇලෙක්ස්ගේ බ්‍රේස්ලට් එකක් අරන් කරපු ඒ අපූරු සිදුවීම, රැම්ගේ සුපිරි ගේම් ගහන ගැජට් එක, බෙක් හොර අත්සන් ගහලා මාට්‍ටු වුන එක, කැට්ලස්ට් සමාගමේ පරිගණකයක පැතිරිලා ගියා මාරාන්තික වෛරසය, බෙක්ගේ අභිරහස් ආදරවන්තය වර්ජල් වුන එක, කොල්ලො ගැන හදපු ගේම් එක, කැට්ලස්ට් එකට ආපු සනිජිම් ඔත්තුකාරයෝ, පායිගේ ඇත්ත හැමෝම ඉස්සර එළි වුන එක, බෙක් හදපු ඒ අපූරු බහිරවයොන්ගේ පරිගණක ක්‍රීඩාව, මචලෝගේ පියා සියදිවි නසා ගන්න උත්සහා කරන බවට මචලෝ වැරදි ලෙස සිතීමේ සිද්දිය සහ ඔහු ඊට ප්‍රතිචාර දැක්වපු අපූරු සිදුවීම්. අපූරු රීෆ් රයිඩර් පරිගණක ක්‍රීඩාව, ලියෝගේ මහා වංචාව කොටු කර ගැනීම, සනිජිම්ලගේ කපටි වැඩ, මචලෝ ඇලෙක්ස්ගේ ලැප්ටොප් එක හැක් කරපු සිද්දිය, ජේඩී මූන්ගේ වැඩ, වර්ජල්ව සනිජිම් එකෙන් බේර ගන්න අපේ පරිගණක දඟයෝ ටික කරපු ඒ මහා ක්‍රියාදාමය. ඉතින් මේ වගේ සිදුවීම් තමයි පළමු කතා මාලාවේ ඔයාලට දකින්න ලැබුනේ. එහෙනම් දැන් පහුගිය දේවල් ගැන කතා කරා ඇති.
අද තියන ආරම්භක කොටස ගැන අපි ටිකක් බලමු. අලුත්ම කැට්ලස්ට් සමාගමක් අද ඔයාලට දකින්න ලැබෙනවා හුඟක් වෙනස්කම් එක්ක. කැට්ලස්ට් සමාගම ඉදිරියට පවත්වාගෙන යාමට ගැටළුකාරී තත්වයක් අද මතු වෙනවා. අපේ පරිගණක දඟයෝ පස් දෙනාට අද තවත් අලුත් සාමාජිකාවක් එකතු වෙනවා. අපේ රැම් ඉන්නවා නේද… හුඟක් වෙනස් වෙලා, ඔයාලට කොල්ලව හරියට අඳුරගන්නත් බැරි වෙයි. අද තවත් එක පරිගණක ක්‍රියාදාම වැඩක් අපේ පරිගණක දඟයෝ ටික එකතු වෙලා කරනවා.
අලුත් කැට්ලස්ට් සමාගම මොන වගේ ඇතිද? මොනවද වෙලා තියන වෙනස් කම්? මොකක්ද කැට්ලස්ට් සමාගම මූණ දීලා තියන ප්‍රශ්නේ? කවුද මේ එකතු වෙන අලුත් සාමාජිකාව? මොකක්ද ඒ රැම්ගේ ඇති වෙලා තියන වෙනස? මොකක්ද අපේ පරිගණක දඟයෝ ටික අද කරන මේ ක්‍රියාදාමය?
සේරමට උත්තර දැනගන්න අද තියන අලුත්ම කොටස අරන් බලන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Youtube පිටපත් සඳහා අදාළ වේ.
1,286 downloadsDownload Crash.Zone_.S02.E01.Baiscopelk.com_.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
UD Shehan
Subtitles
18 comments
Deshani
geeganagamage
සහෝ බොහොම ස්තුතියි මේක දෙනකම් ඉවසිල්ලක් නැතුව මග බලාගෙන හිටියේ .
Chalana
thanks bro
Kanchana
Thanx sahoo
amila heshan
Ash vs evill dead sesona 3 ekata subitles
Ishan Madusha
බොහොම ස්තූතියි
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයTharakaWAS
Subata Thanks bro...
jaya wewa...!!!Lasantharathnasirirox
නියමයි නියමයි නියමයි........ගොඩාක් tNx.
Kulanjana Maduranga
subata thanks.....
nishannw
ස්තූතියි සහෝ..........
thanujamilandi
thank you sub ekata... bs!!!!!!!!!!
Udara Damith Dissanayaka
ela
ada thama set ekama ganneIreshSampath
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lahiru Lakshan
thanks machn...
tharindubavantharathnayake
Thanks mcn thaamath balann asawen inne...
Amalka Himeshan
Thanks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thank You :)