පහුගිය කොටස ගැන අපි ටිකක් මතකය අවදි කරගමු. ඇති වී තිබෙන මූල්‍යයමය තත්වය හේතුවෙන් ඇලෙක්ස්ට කැට්ලස්ට් සමාගම ඉදිරියට පවත්වාගෙන යාමට අපහසු තත්වයක් තමයි අපිට පෙර කොටසෙන් දකින්න ලැබුනේ. මේ නිසා ඇලෙක්ස් තමන්ගේ සමාගමේ සේවය කරපු බොහෝ දෙනෙක් ඉවත් කරලා තමයි තියෙන්නේ. විශේෂම කාරණය තමයි නයිජල් මේ කතා මාලාවේ මේ…

පහුගිය කොටස ගැන අපි ටිකක් මතකය අවදි කරගමු. ඇති වී තිබෙන මූල්‍යයමය තත්වය හේතුවෙන් ඇලෙක්ස්ට කැට්ලස්ට් සමාගම ඉදිරියට පවත්වාගෙන යාමට අපහසු තත්වයක් තමයි අපිට පෙර කොටසෙන් දකින්න ලැබුනේ. මේ නිසා ඇලෙක්ස් තමන්ගේ සමාගමේ සේවය කරපු බොහෝ දෙනෙක් ඉවත් කරලා තමයි තියෙන්නේ. විශේෂම කාරණය තමයි නයිජල් මේ කතා මාලාවේ මේ අදිරයේ ඔයාලට දකින්න ලැබෙන්නෙම නෑ. ඒ ගැන කවුරුත් මොකද කියලා කියන්නෙත් අහන්නෙත් නෑ. ඒකට මේ කතා මාලාවෙන් පිට මොකක්හරි පෞද්ගලික හේතුවක් ඇති කියලා මං හිතන්නේ. අපරාධේ නයිජල් නැති එක නේද….. මිනිහ නියම චරිතයක්.
ඉතින් ඇලෙක්ස් ට මේ ඇති වෙලා තිබෙන මුදල් නොමැතිකම පිළිබඳ ප්‍රශ්නය නිසා ඇය සිටින්නේ හුඟක් අසරණවයි. මේ නිසා ඉතාමත් සුළු කාර්ය මණ්ඩලයක් යටතේ තමයි ඇලෙක්ස් වැඩ කරගෙන යන්න තීරණය කරන්නේ, හුඟක් දෙනෙක් හිටියම පඩි ගෙවන්න අමාරු නිසා. රීෆ් රයිඩර් පරිගණක ක්‍රීඩාවට මුදල් අයෝජනය කරන්න කෙනෙක් නොමැතිකම නිසා තමයි ඇලෙක්ස් මෙවැනි අපහසු තත්වයකට පත්වෙලා ඉන්නේ. සනිජිම් වගේ සමාගම් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න විවිධ කූට උත්සහයන් හිටං දරනවා අපිට පෙර කොටසේ දකින්න ලැබුනා. ඒ වගේම දැන් අපිට දකින්න ලැබෙන අලුත් කැට්ලස්ට් සමාගම ඉස්සර සමාගම වගේ විශාල නෑ. දැන් සමාහම සාමාන්‍ය හුරුබුහුටි ලස්සන තැනක්. ඒ වගේම ඩෙක්ස්ටොප් පරිගණක වලින් මිදිලා LCD තිර තියන ඇලුත් පරිගණක තමයි දැන් අලුත් කැට්ලස්ට් එකේ තියෙන්නේ.
ඒ වගේම එදා දවසේ කට්ටියම දකින්න ඇති රැම්ගේ සිදුවෙලා තියන විශාල වෙනස. කොල්ලා හෙනටම උස ගිහින්. දැන් නම් රැම්ට ඉස්සර වගේ බොරු කකුල් දාගෙන හොරෙන් තැන් තැන් වලට රිංගන්න උත්සහ ගන්න අවශ්‍ය වෙන්නේ නෑ. දැන් හැමෝටමත් වඩා උස රැම්. මෙහෙම රැම් උස ගිහින් තියන එකේ කිසිම පුදුමයක් වෙන්න දෙයක් නෑ. මොකද මේ කතා මාලාවේ මේ අදියරය කරන්න අරන් තියෙන්නේ අවුරුදු 2කට පස්සේ නිසා. ඒ කාලය හොඳටම ඇති කෙනෙක්ගේ උස වර්ධනය වෙන්න. කැට්ලස්ට් එක ඇතුළට එදා රැම් ලස්සන හුරුබුහුටි ගැනු ළමයෙක් අරන් ඇවිත් ඇලෙක්ස් ට මාට්‍ටු වුනා ඔයාලට මතක ඇති. ඒ ගැනු ළමයගේ තාත්තා අයෝජන කටයුතු සම්බන්ධයෙන් වැඩ කරන ධනවත් පුද්ගලයෙක්. ඇලෙක්ස්ගේ මේ රීෆ් රයිඩර් පරිගණක ක්‍රීඩාවේ වැඩේදි ආයෝජක පැත්තෙන් වැඩ කරන්නේ ඔහු. නමුත් මේ බව රැම් නොදැන පෙනීත් එක්ක හිතවත් වුනාට පස්සේ ඇලෙක්ස් ට උදව් කරන්න හිතාගෙන ඔහුව කැට්ලස්ට් එකට එක්කරගෙන එනවා. කවුරුත් හිතපු නැති විදියට සේරම දේවල් එක මොහොතින් විනාස වෙලා ගියා පෙනීගේ පියා ඇලෙක්ස්ව දැකපු මොහොතේ. මිනිහා හිතුවේ රැම් කියන්නේ ඇලෙක්ස්ගේ ඔත්තුකාරයෙක් තමන්ගේ දුවව පාවිච්චි කරලා තමන් එක්ක ඇලෙක්ස් මේ හිතවත් වෙන්න උත්සහා කරන්නේ කියලා. ඉතින් මේ කිසිම දෙයක් දන්නේ නැති ඇලෙක්ස් තවත් අසරණ වෙනවා මේ සිද්දිය නිසා. පෙනීගේ පියා තමන්ගේ ආයෝජනය ඉවත් කරගන්නා බවට ඇලෙක්ස් ට පවසා එම ස්ථානයෙන් ආවේගයෙන් නික්ම යනවා. මේ නිසා ඇලෙක්ස් තීරණය කරනවා සනිජිම්ලා සමග ගනුදෙනුවකට එළඹීමට. අපේ පරිගණක දඟයොන්ගෙන් නම් මේකට එල්ල වුනේ දැඩි විරෝධයක්. මොකද සනිජිම්ලා නරක උදවිය නිසා. මේ බව ඇලෙක්සුත් හොඳාකාරවම දන්නවා. නමුත් තමන්ගේ ප්‍රධානම ආයෝජකයාගේ ඉවත්ව යෑමත් සමඟ ඇලෙක්ස්ට ඇති වුන මුදල් උවමනාව නිසා මේ තීරණය ගන්නවා. ඉතින් මේ ඇති වුන වරදවා වටහා ගැනීම යළි නිවැරදි කිරීමේ අරමුණෙන් අපේ පරිගණක දඟයෝ ටික ලොකු පරිගණක ක්‍රියාදාම වැඩක් එදා දවසේ සිද්ද කරා. ඒ මැතිව් ගැලිගර්ගේ වාහනේ GPS පද්ධතිය හැක් කරලා ඇලෙක්ස්ට මැතිව් ව මුහුණට මුහුණ යළි මුණ ගැස්සවීමේ අරමුණින්. වර්ජල් තමයි මේ වැඩේට මූලිකම වුනේ. අපේ පරිගණක දඟයෝ ටික තමයි තාක්ෂණික කටයුතු සියල්ලම මෙහෙය වූයේ. අවසානයෙදි ඇලෙක්ස් ගැන තිබුන වැරදි වැටහීම මැතිව්ගේ හිතෙන් අයින් වුනා. අපේ පරිගණක දඟයන් විවිධ වූ ව්‍යාපාරික යෝජනා මැතිව් ට ඉදිරිපත් කිරීමත් සමඟ මැතිව් ට ඒ පිළිබඳ පැහැදීමක් ඇති වී ඇලෙක්ස්ගේ සමාගමට මුදල් යෙදවීමට ඔහු තීරණය කරනවා. වර්තමාන කැට්ලස්ට් සමාගමේ සම අයිතිකරුවන් ලෙසින් දැන් ඇලෙක්ස් සහ මැතිව් කටයුතු කරනු ලබනවා.
හොඳයි, අපි අද කොටස ගැන ටිකක් බලමු. අද පුද්ගලයෙක් අපූරු කණ්ණාඩි කුට්ටමක් කැට්ලස්ට් සමාගමට අරගෙන එනවා. ඒ වගේම ඇලෙක්ස් නිර්මාණය කරපු අපූරු වැඩසටහනක් අද දැක බලාගන්න පුළුවන්. වර්ජල් තමන්ට හිත ගිහිල්ලා තියන ලස්සන හුරුබුහුටි කෙල්ලෙකුගේ චිත්‍රයකුත් අද අඳිනවා. රැමුයි පෙනීයි එකතු වෙලා ලස්සන නිර්මාණශීලි දෙයක් අද නිර්මාණය කරනවා. අපේ පරිගණක දඟයන්ට තවත් එක අලුත් සමාජිකාවක් අද එකතු වෙනවා.
මොකක්ද මේ කණ්ණාඩි කුට්ටම ? මොකක්ද මේකේ විශේෂත්වය ? ඇලෙක්ස්ගේ ඒ වැඩසටහන මොකක්ද ? කවුද ඒ වර්ජල්ගේ හිත ගිහිල්ලා තියන හුරුබුහුටි කෙල්ල ? මොකක්ද රුමුයි පෙනීයි ඒ කරන්නේ ? කවුද ඒ අපේ පරිගණක දඟයන්ට එකතු වෙන අලුත් සාමාජිකාව ? හොඳයි, එහෙනම් මේවට උත්තර දැනගන්න අද කොටස බලන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Youtube පිටපත් සඳහා අදාළ වේ.
1,161 downloadsDownload Crash.Zone_.S02.E02.Baiscopelk.com_.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
UD Shehan
Subtitles
16 comments
geeganagamage
Kulanjana Maduranga
subata thanks....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජයChalana
thanks bro elama
nishannw
ස්තූතියි සහෝ.......ජයෙන් ජයම වේවා
nipun gunasekara
supiri
thanujamilandi
THank you sub ekata.. Jaya wewa BS!!
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි සහෝ.....
Deshani
thank you
Ishan Madusha
බොහොම ස්තූතියි
Dmadhu
Patta
Udara Damith Dissanayaka
නියමයි
ස්තුතියිTharakaWAS
Subata Thanks bro...!!!
IreshSampath
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amalka Himeshan
Thanks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


බොහොම ස්තුතියි දැන් මේ ට්වි සීරියස් බලන්නේ නැතුව ඉන්නම බැහැ වගේ ඒ වගේම ඔයාගේ සබ් එකත් නියමයි .