Watch Trailer

Crash Zone (TV Series 1999–2001) [S02 : E03] Sinhala Subtitles | නොමිලේ භාණ්ඩ ඇණවුම් කරන වැඩසටහනක් කරපු හදියක් [සිංහල උපසිරැසි සමග]

හොඳයි, කලින් කොටස ගැන ටිකක් බලමු. පෙර කොටස බලපු ඔයාලා දැකපු ඒ 3D කණ්ණාඩි කුට්ටම කොහොමද….. අපිටත් ඒ වගේ එකක් තිබුනා නම් කියලා හිතෙනවා නේද….. ඉස්සර පොඩි දවස් වල ඒ කොටස රූපවාහිනියේ බලනකොට නම් මට ඒ ආශාව තදින්ම වගේ දැනුනා. පරිගණක ක්‍රීඩාවක සුපිරි සැබෑ අත්දැකීමක් එවැනි කාණ්ණාඩි කුට්ටමක් පාවිච්චි කරලා ලබා…

හොඳයි, කලින් කොටස ගැන ටිකක් බලමු. පෙර කොටස බලපු ඔයාලා දැකපු ඒ 3D කණ්ණාඩි කුට්ටම කොහොමද….. අපිටත් ඒ වගේ එකක් තිබුනා නම් කියලා හිතෙනවා නේද….. ඉස්සර පොඩි දවස් වල ඒ කොටස රූපවාහිනියේ බලනකොට නම් මට ඒ ආශාව තදින්ම වගේ දැනුනා. පරිගණක ක්‍රීඩාවක සුපිරි සැබෑ අත්දැකීමක් එවැනි කාණ්ණාඩි කුට්ටමක් පාවිච්චි කරලා ලබා ගන්න පුළුවන්. දර්ශන තාත්වික විදියටම ක්‍රීඩකයට ලබා දෙනවා. මේ වගේ උපකරණ අද වර්තමාන වෙළදපොළේ ඕනෑ තරම් මිලට ලබා ගැනීමට තිබෙනවා.

ඇලෙක්ස්ගේ පරණ යාළුවෙක් වෙන ‍ෆිල් මේ කණ්ණාඩිය කැට්ලස්ට් එකට අරගෙන එන්නේ එහි තිබෙන දෝෂයන් නිරාකරණය කරගන්නයි. නමුත් ඇලෙක්ස්ගේ කීම අහක දාන්න බැරි නිසා ‍ෆිල් තීරණය කරනවා කැට්ලස්ට් සමාගමත් එක්ක ඔහුගේ මේ අපූරු නිර්මාණය ලොවට හඳුන්වා දෙන්න. මේ කණ්ණාඩිය ගැන මුලදිම ඇලෙක්ස් මැතිව්ට දුරකථනයෙන් තේරුම් කරනකොට මැතිව්ට ඒ තරම් මේ ගැන ගානක් තිබුනේ නෑ. නමුත් සියැසින්ම මේ අපූරු නිර්මාණය මැතිව් දැක්කට පස්සේ ඔහුට මේ ගැන දැඩි උනන්දුවක් ආසාවක් ඇති වුනා. මේක මෙහෙම වෙන්න විශේෂයෙන්ම හේතු වුනේ පෙනියි ‍රැමුයි එකතු වෙලා පැසිපන්දු පිළිබඳ ක්‍රීඩා වැඩසටහනක් මේ කණ්ණාඩියට නිර්මාණය කරපු නිසා. මැතිව් පැසිපන්දු ක්‍රීඩාවට හුඟක් කැමතියිනේ… හැබැයි ඇලෙක්ස්ගේ චිත්‍ර කලාව ගැන තියන වැඩසටහන දාලා මේක මැතිව්ට ඉදිරිපත් කරා නම් මට හොඳටම විශ්වාසයි මිනිහා මේකට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැති වෙන්න ඉඩ තිබුනා. එක අතකින් බෙක්ට පාඩම් වැඩ ගැන ගෙදරින් ප්‍රශ්නයක් වැ‍ටුන එක හොඳට ගියා නේද…. නැත්තම් කෙල්ල ඒ චිත්‍ර වැඩසටහන හදලා ඉදිරිපත් කරන්න හිටියේ. එතකොට වර්ජල්ගේ සිද්දි….. අපි ඒවා ගැන කතා නොකර ඉමු. කොහොමින් කොහොමහරි හැමදේම හොඳින් අවසානයේ සිද්ද වුනා. මේ අපූරු කණ්ණඩි කුට්ටමේ නිර්මාපකයා වන ‍ෆිල්ටත් විශාල මුදලක් ලැබුනා. කැට්ලස්ට් සමාගමත් ඒ අතරේ හිමින් සැරේ බේරුනා. පස් දෙනෙකුගෙන් සමන්විත පරිගණක දඟයන්ගේ කණ්ඩායම දැන් හය දෙනෙකුගෙන් සමන්විතයි, හුරුබුහුටි පෙනීගේ එකතු වීමත් සමඟ.

හරි, අද කොටස මේකයි. අපේ පරිගණක දඟයන්ගෙන් කෙනෙකු නිර්මාණය කරපු අන්තර්ජාලයෙන් භාණ්ඩ නොමිලේ ඇණවුම් කරන වැඩසටහනක් අද විශාල විනාසයක් සිදු කරනවා. කැට්ලස්ට් සමාගමේ ප්‍රධාන පරිගණකයද මේ නිසා දැඩි අවධානම් තත්වයකට පත් වෙනවා. අද පෙනී මුල්ම වතාවට වර්ජල්ව එක පාරටම පරිගණක තිරයකින් දකිනවා. වර්ජල්ට අද අලුත් උපකරණයක් ලැබෙනවා තමන්ගේ නිදහස උපරිම ලෙස බුක්ති විඳින්න.

මොකක්ද මේ වැඩසටහන ? කවුද මේක නිර්මාණය කරලා තියෙන්නේ ? ඇයි එහෙම විනාසකාරි දෙයක් වෙන්නේ ? කැට්ලස්ට් සමාගමටත් මේ නිසා හානි වෙයිද ? ප්‍රධාන පරිගණකය අවධානමක තිබෙන නිසා වර්ජල්ටත් හානියක් සිදු වෙයිද ? පෙනී වර්ජල්ව එක පාරටම දැකපුවම කොහොම ඊට ප්‍රතිචාර දක්වයිද ? මොකක්ද ඒ වර්ජල්ට ලැබෙන උපකරණය ? හොඳයි, එහෙනම් ඊළඟ කොටසෙන් ඉක්මනින්ම හමුවෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Youtube පිටපත් සඳහා අදාළ වේ.

 

1,089 downloadsDownload Crash.Zone_.S02.E03.Baiscopelk.com_.zip21 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

UD Shehan

Subtitles

1,089 downloadsDownload Subtitles21 KB

13 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තුතියි
    ඊළඟ කොටසෙන් නැවත හමුවෙමු
    ජය

  2. Chalana

    thanks mchooo sub ekata

  3. Kanchana

    Thanx sahooo

  4. geeganagamage

    බොහොම ස්තුතියි මේක ගොඩාක් ආසාවෙන් බලන ට්වි සීරියස් එකක් .

  5. Kulanjana Maduranga

    subata thanks saho....keep it up....

  6. Nchila

    පුංචි කාලෙ හරිම ආසාවෙන් බලපු කතාවක්....thnk u... මේ වගේම ඉස්සර රූපවාහිනියෙ ගිය legacy of silver shadow 1ටත් sub කරලා දෙන්න පුලුවන්ද??

  7. Deshani

    thank you

  8. Ishan Madusha

    ස්තූතියි සහෝ

  9. TharakaWAS

    Thanks for sub...!!!

  10. Udara Damith Dissanayaka

    නියමයි

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. IreshSampath

    thanks

  13. Meedum Deminda

    virtual realty ගැන මං හිතන්නේ මේකේ තියෙන්න, ඒ කාලේ බලද්දී වැඩිය තේරුමක් තිබ්බේ නැති උනාට අනාගතය පුරෝකථනය කරපු අවස්තාවක් කියල කියන්න පුළුවන්.