හොඳයි, අපි පෙර කොටස ගැන බලමු. මචලෝගේ නොමිලේ භාණ්ඩ ඇණවුම් කරන වැඩසටහන කරපු ඒ මහා විනාසය ඔයාලා දැන් දකින්න ඇතිනේ….. මේක මෙහෙම වෙන්න හේතු වුනේ මචලෝ මේ වැඩසටහන නිර්මාණය කරනකොට ඒක කරලා තියෙන්නේ නෝමිලේ කියලා තියන ඕනෙම වචනයකට ප්‍රතිචාර දක්වන විදියටයි, අනිත් වෙන කිසිම දෙයක් ගැන බලන්නේ නැතුව. මෙතනදි පොඩි මත…

හොඳයි, අපි පෙර කොටස ගැන බලමු. මචලෝගේ නොමිලේ භාණ්ඩ ඇණවුම් කරන වැඩසටහන කරපු ඒ මහා විනාසය ඔයාලා දැන් දකින්න ඇතිනේ….. මේක මෙහෙම වෙන්න හේතු වුනේ මචලෝ මේ වැඩසටහන නිර්මාණය කරනකොට ඒක කරලා තියෙන්නේ නෝමිලේ කියලා තියන ඕනෙම වචනයකට ප්‍රතිචාර දක්වන විදියටයි, අනිත් වෙන කිසිම දෙයක් ගැන බලන්නේ නැතුව. මෙතනදි පොඩි මතක් කිරීමක් මම කරන්න ඕනේ මේ පරිගණක කේත ලියන අපේ උදවියට එහෙම කේතයක් ලියනකොට හුඟක් පරිස්සමෙන් කල්පනාවෙන් ඒක ලියන්න කියලා. නැත්තම් ඉතින් දැක්කනේ මචලෝට වුන නස්පැත්තිය, පඬි කමට විකාර මෘදුකාංගයක් හදලා. මේවා ඉතින් අමුතුවෙන් කියලා දෙන්න ඕනේ දේවල් නෙමෙයි එයාලා මේවා ගැන දන්නවා.
මචලෝගේ මේ වැඩසටහන නිසා කැට්ලස්ට් සමාගමේ ප්‍රධාන පරිගණකයටද විශාල බලපෑමක් එල්ල වුනා. වර්ජලුත් විශාල අනතුරක වැටුනා. මේ හැමදෙයක්ම සිදු වුනේ ඇලෙක්ස් කැට්ලස්ට් එකේ නැති අතරෙයි. මේ වැඩසටහන ක්‍රියාත්මක කරලා බඩු අණවුම් කරගන්න මචලෝ යොදා ගත්තේ තමන්ගේ තාත්තගේ ක්‍රෙඩිට් කාඩ් එකයි. කොල්ලා ගෙදර හිටං යන්නේ නැතුව හිටියා මේ සිද්දිය වුනාට පස්සේ තාත්තට මූණ දෙන්න බැරුව. පස්සේ මචලෝගේ නංගී කියනවා අයියා අහවල් තැන ඇති බලන්න කියලා. ඊට පස්සේ තමයි මචලෝට තමන්ගේ පියාව මුණ ගැහුනම මේ විස්තරේ කියන්නේ.
පෙනී පළවෙනි වතාවට වර්ජල්ව දැකපු මෙහෙතේ කෙල්ල එක පාරටම ගැස්සිලා ගියා ”මේ මොකෙක්ද මේ කියලා” එතනදි වර්ජල් තමන්ගේ මේ දුක් ගැන විල්ල ගැන පෙනීට කියනවා, ඒ තමයි පරිගණකයක් ඇතුලේ කොටු වෙලා ඉන්න ජීවිතේ වේදනාකාරියි කියලා. පෙනී මේ නිසා වර්ජල්ට නිදහසක් ලබා දීම අරමුණෙන් රැම් සමග එකතු වී රෝද පුටුවක් රැගෙන අපූරු උපකරණයක් හදලා පරිගණකයකට තියලා සවි කරනවා. මේකෙන් වර්ජල්ට හැකියාව ලැබෙන තමන්ට කැමති පරදි ඕනෑම තැනකට එහා මෙහා යෑමට. වර්ජල් නම් මේකට හුඟක්ම වහ වැටෙනවා. පස්සේ හැමෝටම වර්ජල්ගේ මේ රෝද හයි කරපු වාහනේ වගේ එක නිසා හරිම හිසරදයක් වෙන්නේ. පොර පිස්සෙක් වගේ බඩු මුට්‍ටු වට්ට වට්ට හැමතැනම යන්න පටන් ගන්නවා. ඒ වගේම මේ රෝද සවි කරපු වාහනේ නිසා මචලෝගේ ප්‍රශ්නයටත් උදව් කරන එක වර්ජල් සම්පූර්ණයෙන්ම අමතක කරලා දානවා. නමුත් අවසානයේ වර්ජල් මචලෝට උදව් කරන්න තීරණය කරනවා. මෙතනදි රැමුයි පෙනි එකතු වෙලා වර්ජල්ව ප්‍රධාන පරිගණකය අවධානමක වැටී තිබෙන මොහොතකදි වර්ජල්ව ඊට ඇතුල් කරනවා මචලෝට උදව් කිරීමේ අරමුණින්. නමුත් අවසානයේ හැමදේම හොඳින් සිදු වෙනවා. මචලෝගේ වැඩසටනත් අක්‍රීය වෙනවා, වර්ජලුත් කරදරයක් නැතුව යාන්තමින් පණ බේර ගන්නවා.
ඒ වගේම තව පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ අපේ කට්ටියට ක්‍රේඩිට් කාඩ් පත පාවිච්චි කරලා අන්තර්ජාලයෙන් බඩු මිළදි ගන්නවා නම් විශ්වසනීය වෙබ් අඩවියක් හරහා පමණක්ම අදාල භාණ්ඩ ලබා ගන්න කියලා. ඔය දකින දකින අඳුරන්නේ නැති හැම එකටම ගිහින් ක්‍රේඩිට් කාඩ් දිලා අමාරුවේ වැටුන අය වැටෙන අය ඕනේ තරම් අද සමාජයේ ඉන්නවා. ඒ නිසා පරිස්සමින්.
හොඳයි, එහෙනම් අද කොටස මේකයි. අද අපේ පරිගණක දඟයෝ කිහිප දෙනෙක් සේවක වැඩ වර්ජනයක් පවත්වනවා. මයික්, මචලෝ, පායි, බෙක්, අද රැම්, පෙනී සහ ඇලෙක්ස් එක්ක අමනාප වෙනවා. රීෆ් රයිඩර් පරිගණක ක්‍රීඩාවේ තිබෙන දෝෂයන් නිරාකරණය පිළිබඳ අද විශාල ගැටළුකාරී තත්වයක් ඇලෙක්ස්ට ඇති වෙනවා. වර්ජල් අද මරු වැඩක් කරනවා කැට්ලස්ට් එකට එන පුද්ගලයෙක්ට විදුලි සෝපනයක් ඇතුලේ තියාන්.
ඇයි මෙයාලා වැඩ වර්ජනයක් පවත්වන්නේ ? කවුද මේ කට්ටිය ? මයික්, මචලෝ, පායි ඇයි රැම්, පෙනී, ඇලෙක්ස් එක්ක තරහා වෙන්නේ ? රීෆ් රයිඩර් ක්‍රීඩාවේ ඇති වෙලා තියන දෝෂයන් මොනවද ? රීෆ් රයිඩර් ක්‍රීඩාව අද කොටසට තියන සම්බන්ධය මොකක්ද ? වර්ජල් කරන ඒ මරු වැඩේ මොකක්ද ? මේ හැමදේටම උත්තර දැනගන්න එහෙනම් අද කොටස බලන්න. මීළඟ කොටසින් ඉක්මනින්ම හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Youtube පිටපත් සඳහා අදාළ වේ.
1,106 downloadsDownload Crash.Zone_.S02.E04.Baiscopelk.com_.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
UD Shehan
Subtitles
11 comments
Kanchana
geeganagamage
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්.
isiraekanayaka
බොහොම ස්තූතියි
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයLasantharathnasirirox
ස්තුතියි ස්තුතියි ස්තුතියි.......අපි දිගටම ඔයාලත් එක්ක.සුභ ගමන්...
Kulanjana Maduranga
subata thanks
TharakaWAS
Subata thanks bro...!!!
Udara Damith Dissanayaka
ඉස්සර කාලේ එකක් උනාට කලින් කොටස හෙන වටිනවා
Ishan Madusha
ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
IreshSampath
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanx sahooo