Watch Trailer

Crash Zone (TV Series 1999–2001) [S02 : E05] Sinhala Subtitles | මාරක පරිගණක ක්‍රීඩාව [සිංහල උපසිරැසි සමග]

හොඳයි, එහෙනම් පහුගිය කොටස ගැන ටිකක් බලමු. තමන්ගේ පඩි මුදල වැඩි කර ගැනීම මූලික කරගෙන පෙර දිනයේ කැට්ලස්ට් සමාගමේ වැඩ වර්ජනයක් ඇති වූවා. මෙය ආරම්භ වූයේ ‍රැම්ගේ පඩි මුදල අනෙකුත් අයට වඩා අඩුවෙන් ලැබීම මූලික කරගෙනයි. නමුත් අවසානයෙදි මෙය සියලුම දෙනාට අවශ්‍ය කාරණයක් බවට පත් වූවා. මෙලෙස වැඩ වර්ජනයේ යෙදි සිට…

හොඳයි, එහෙනම් පහුගිය කොටස ගැන ටිකක් බලමු. තමන්ගේ පඩි මුදල වැඩි කර ගැනීම මූලික කරගෙන පෙර දිනයේ කැට්ලස්ට් සමාගමේ වැඩ වර්ජනයක් ඇති වූවා. මෙය ආරම්භ වූයේ ‍රැම්ගේ පඩි මුදල අනෙකුත් අයට වඩා අඩුවෙන් ලැබීම මූලික කරගෙනයි. නමුත් අවසානයෙදි මෙය සියලුම දෙනාට අවශ්‍ය කාරණයක් බවට පත් වූවා. මෙලෙස වැඩ වර්ජනයේ යෙදි සිටියේ මයික්, මචලෝ, බෙක්, පායි යන පිරිසයි. ‍මයික් තම පිරිසගේ පඩි වැඩි කිරීම පිළිබඳ කාරණය මැතිව්ට පැවසීමත් සමඟයි මෙම වැඩ වර්ජනය ආරම්භ වූයේ. ඒ මැතිව් ඊට එකඟ නොවීමත් සමඟයි. රැම් සහ පෙනී මීට සහභාගි වූයේ නෑ. ‍රැම් මෙයට සහභාගී නොවූයේ තම නිවසේ ඇති වී තිබෙන ආර්ථික අපහසුතා සහ මෙම ඉල්ලිම ලබා ගැනීමට මහත් කාලයක් ගත වනු ඇති බව ඔහුට සිතින් තේරුම් යෑම නිසාවෙනි. ‍රැම් මීට සහභාගී නොවු නිසා වැඩ වර්ජනයේ නියතු අනෙකුත් පිරිස ඔහු සමග අමනාපද වනවා. මෙම වැඩ වර්ජනය හේතුවෙන් ඇලෙක්ස් දැඩි අසරණ තත්වයක පත් ව සිටියා. රීෆ් රයිඩර් ක්‍රීඩාවේ ඇති වී තිබෙන දෝෂයන් නියමිත දිනයට අනූව නිරාකරණය කරගත නොහැකිව ඇලෙක්ස් අසරණව තම කාර්යාලයේ සිටිනා ආරක්ෂක කැමරා දර්ශනයක් බෙක්, පායි, මයික්, මචලෝ දැකීමත් සමග ඔවුන් තීරණය කරනවා තම සේවය යළි ලබා දීමට තාවකාලිකව. රීෆ් රයිඩර් ක්‍රීඩාවේ තිබෙන දෝෂයන් නිරාකරණය කිරීමට ඔවුන් මහත් උත්සහයක් දිවා රෑ නොබලා සිදු කරනු ලබනවා. නමුත් මෙය නියමිත වෙලාවට අවසාන කිරීමට මොවුන්ට නොහැකි වනවා. මේ නිසා මෙම ක්‍රීඩාව නියමිත වෙලාවටම ලබා ගැනීමට පැමිණ දරඳඩු පුද්ගලයෙකු වන මෝස්ලිගේ පැමිණිම ප්‍රමාද කිරීමට වර්ජල් යම් අපූරු කටයුත්තකුත් සිදු කරා අපිට එදා දවසේ දකින්න ලැබුනා නේද….. ඒක නම් මිනිහව කරකවලා අත ඇරියා වගේ වැඩක්. මිනිහට ඒකට නම් එළව පොල් පේන්න ඇති. ලිෆ්ට් එක උඩට අරන් හයියෙන් පල්ලෙහාට ඇදලා ගන්නකොට. මෝස්ලිගේ මෙම ප්‍රමාද කිරීමෙන් උපරිම ප්‍රයෝන ගත් පරිගණක දඟයෝ ටික අවසන් මිනිත්තු කිහිපයෙදි රිෆ් රයිඩර් ක්‍රීඩාවේ සියලුම දෝෂයන් නිරාකරණය කර එය CD තැටියකට පිටපත් කොට ඇලෙක්ස්ට අවසානයෙදි ලබා දෙනු ලැබුවා. මෙලෙස සාර්ථකව ක්‍රීඩාව ලබා දීමට හැකියාව ලැබුන නිසා මැතිව් අවසානයේ තීරණය කරනවා සියලු දෙනාට වැඩිපුර මුදලක් ලබා දීමට. යලිත් සියලුම දෙනා පෙර පරිදි සමාගමේ සේවයට මෙයින් එක් වුනි.

අද කොටස මේකයි. පායි, මයික් දෙන්නගේ ආදර සම්බන්ධය අද ගැ‍ටුමක් බවට පත් වනවා. අන්තර්ජාලයෙන් හමු වූ අද්භූත මාරාන්තික පරිගණක ක්‍රීඩාවක් නිසා මයික් ට අද බියජනක සිදුවීම් පෙළකටද මුහුණ දීමට සිදු වනවා. තමාව ඝාතනය කරන බවට අන්තර්ජාලයෙන් යම් පුද්ගලයෙකුද මයික්ට තර්ජනය කරනු ලබනවා.

පායි, මයික් දෙන්නා අතරේ මොකද වෙන්නේ ? දෙන්නගේ සම්බන්ධය අදින් ඉවර වෙයිද ? මොකක්ද මේ මාරාන්තික පරිගණක ක්‍රීඩාව ? මොනවද ඒ මයික් ට මූණ දෙන්න වෙන බියජනක සිදුවීම් ? කවුද මයික් ව මරන්න උත්සහා කරන්නේ ? මේවට උත්තර දැනගන්න එහෙනම් අද කොටස බලන්න. ඊළඟ කොටසින් නැවත හමුවෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Youtube පිටපත් සඳහා අදාළ වේ.

 

1,367 downloadsDownload Crash.Zone_.S02.E05.Baiscopelk.com_.zip19 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

UD Shehan

Subtitles

1,367 downloadsDownload Subtitles19 KB

12 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. Thilina Jayarathna

    thq malli .ubata pulvnm meke bageta karala navattaala tyna tv series valta sub dipan malli (ocean girl , sleepy hollw , timeless ehma bageta dila bn tynne .meka dakkoth reply 1 hari dapan

    1. UD Shehan

      ඉදිරියෙදි ලබා දෙන්න උත්සහා කරන්නම්.
      තවත් පැරණි රූපවාහිනී කතා මාලාවකට උපසිරැසි යොදන අතරතුරයි මා දැන් සිටින්නේ. ප්‍රතිචාර දැක්වූවාට ස්තූතියි.

  3. geeganagamage

    ගොඩාක් ස්තුතියි මේක දැන් බලන්නේ නැතුව ඉන්නම බැහැ වගේ නියමයි සුපිරිම වැඩක් .

  4. TharakaWAS

    ela...ela bro...
    Subata thanks...!!!

  5. wathsalawickramasinghe

    Thank you very much

  6. Kulanjana Maduranga

    subata thanks

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි

  8. Lasantharathnasirirox

    තැනක් යාළු....gd luck.

  9. Udara Damith Dissanayaka

    thanks den thama balanne

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. IreshSampath

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.