Watch Trailer

Crash Zone (TV Series 1999–2001) [S02 : E06] Sinhala Subtitles | වංචාව – අන්තිම පහත් ක්‍රියාවකි [සිංහල උපසිරැසි සමග]

හොඳයි, පෙර කොටස ගැන අපි බලමු. තමන්ගේ ආදර සම්බන්ධය බිඳ වැටීමෙන් පසු මයික් දැඩි ආවේගශීලිව කටයුතු කිරීමට පටන් ගනු ලැබුවා. පායිගේ වරදවා වටහා ගැනීම නිසා තමයි මේ සේරම දේවල් සිද්ද වුනේ. පායි කැමති නෑ තමන්ගේ මේ ආදර සම්බන්ධය ගැන වෙන කවුරුත් දැනගන්නවට. නමුත් මේ දෙන්නගේ මේ සම්බන්ධය ගැන කැට්ලස්ට් එකේ හැමෝම දන්…

හොඳයි, පෙර කොටස ගැන අපි බලමු. තමන්ගේ ආදර සම්බන්ධය බිඳ වැටීමෙන් පසු මයික් දැඩි ආවේගශීලිව කටයුතු කිරීමට පටන් ගනු ලැබුවා. පායිගේ වරදවා වටහා ගැනීම නිසා තමයි මේ සේරම දේවල් සිද්ද වුනේ. පායි කැමති නෑ තමන්ගේ මේ ආදර සම්බන්ධය ගැන වෙන කවුරුත් දැනගන්නවට. නමුත් මේ දෙන්නගේ මේ සම්බන්ධය ගැන කැට්ලස්ට් එකේ හැමෝම දන්නවා. ඒ මයික් මේ ගැන කියලා නෙමෙයි. ඕනෙම කෙනෙක්ට මේ වගේ දේවල් ගැන නිකන්ම තේරුම් යනවා. ඒත් පායි හිතුවේ මයික් මේ ගැන අනිත් අයට කියන්න ඇති කියලා, වර්ජල්ටත් හිටං. ඉතින් නිකරුනේ පායි මයික්ට දෝෂාරෝපනය කරමින් බොරු චෝදනා ඔහුට එල්ල කළා.

පායි නම් ඇත්තටම හරිම වැරදියි නේද ඒ හැසිරුන විදිය….. ඉතින් මේකෙන් පස්සේ මයික් හැසිරුනු විදිය ඔයාලා දකින්න ඇතිනේ….. ආදර සම්බන්ධයක් නැති වුනාම ඔහොම වෙන එක සමන්‍ය දෙයක්. මම නම් ඕවා ගැන තේරුම් කරන්න හරියටම දන්නේ නෑ. ඉතින් මේ මයික්ගේ දැඩි ආවේගශීලි බාවය නිසා ඔහු ඉතාමත් ත්‍රාසජනක ක්‍රීඩාවක් අන්තර්ජාලයෙන් ක්‍රීඩා කිරීමට පෙළඹෙනවා. පරිගණක ක්‍රීඩා වලට ඇති මයික්ගේ සහජ හැකියාවෙන් ඔහු එම ක්‍රීඩාව ඉතාමත් සාර්ථක ලෙස සියලුම තරඟයන් ජයග්‍රහනය කරුනු ලබනවා. මේ ක්‍රීඩාව ඔන්ලයින් ආකාරයට තමයි ක්‍රීඩා කරන්න තියෙන්නේ තවත් ක්‍රීඩකයෙකුත් සමඟ. මයික් මෙලෙස එක් තරඟයක් හිට් මෑන් නැමැති පුද්ගලයෙකුත් සමඟ තරඟ කර ඔහුව පරාජයට පත් කරනු ලබනවා. මෙයින් කෝපයට පත් වූ එම තරඟකරු මයික්ට තර්ජනාත්මක පණිවිඩ එවමින් ඔහුව මානසිකව අපහසුතාවයට පත් කරුනු ලැබුවා. තමන්ගේ ආදර සම්බන්ධය බිඳ වැ‍ටුන වේදනාව සහ මෙහි පීඩනය හමුවේ ඔහු සෑම දෙයක්ම පිළිබඳ සැක සිතන්නට සහ දැඩි බියකින් පසු වන්නට පටන් ගනු ලැබුවා. මයික්ගේ මිතුරන් පිරිස ඔහුට උදව් කිරීමේ අරමුණුන් මෙම හිට් මෑන් නැමැති අභිරහස් පුද්ගලයා පිළිබඳ සොයන්නට පටන් ගනු ලැබුවා. මෙහිදි වැදගත් තොරතුරු රාශියක් පායිට සොයා ගැනීමට හැකිවූවා දැඩි පරිශ්‍රමයකින් අනතුරුව. මයික්ට තර්ජනය කරන මෙම පුද්ගලයාගේ නම සහ ඔහුගේ නිවස පිහිටි ස්ථානය පිළිබඳ තොරතුරු පායි විසින් මයික්ට දෙනු ලබනවා. මයික් එම තොරතුරු වලට අනුව තනිවම ඔහුව මුණ ගැසීමට යනවා. නමුත් මයික්ව මෙම කාරණයේ දි තනි නොකරන ඔහුගේ කැට්ලස්ට් මිතුරනුත් ඔහු වෙනුවන් එම ස්ථානයට පැමිණෙනවා. මෙහිදි තමන්ගේ අතින් සිදු වූයේ වරදවා වටහා ගැනීමක් බව පායි මයික්ට පැවසීමත් සමඟ දෙන්නා යළි එකතු වූවා.

මෙම හිට් මෑන් පුද්ගලයා දරුණු පළාතක තමයි සිටින්නේ. නමුත් අවසානයෙදි ඔහුගේ නිවසට ඇතුළු වූ පසු සියලුම දෙනාට දැකගත හැකි වූයේ මයික්ට තර්ජනය කරන මෙම පුද්ගලයා වයස 12ක් වත් නොමැති කුඩා පාසල් ළමයෙකු බව. යළිත් තමන්ට තර්ජනය නොකරන ලෙස ඔහුට පවසා මයික් ඇතුළු පිරිස එම ස්ථානයෙන් නික්ම යනවා. ඒත් මේ පොඩි එකාගේ තියන පැහිච්ච කම නිසා මේ කියපු කිසිම දෙයක් ගානකට නම් කොල්ලා ගත්තේ නෑ. ඒත් අන්තිමේදි වර්ජල් ඇවිත් කරපු ඒ අපූරු අද්භූත වැඩේට නම් පොඩි එකා හොඳටම හොල්මන් වුනා.

ඒ පොඩි එකාව එක පාරට දැක්කම නම් මට හිනා ගියා. අපි නම් බලාපොරොත්තු වුනේ හෙන දඩ සයිස් භයානක පොරක්ව නේද….. ඒ වුනාට හිටියේ දං ගෙඩියක් වගේ පොඩි චූ කොල්ලෙක්. ඔය ෆේස්බුක් එකෙත් මහ ටෝක් දෙන පේජ් හදාගෙන පෝස්ට් දාන කොල්ලන්ගෙන් බාගයක්ම ඔහොම අය තමයි ඉන්නේ. ආ… වගේම තව දෙයක් කියන්න අමතක වුනා, ඒ තමයි එදා වර්ජල්ට තමන්ගේ රෝද පු‍ටුව නැතුව ගියා. මිනිහගේ දාංගලේ නිසා තමයි එහෙම වුනේ. ඇලෙක්ස් ඉවසලා ඉවසලා බැරිම තැන තමයි මේක ගලවලා අයින් කරලා දැම්මේ.

අද තියන කොටස මේකයි. ඇමරිකාවේ සුපිරි තාක්ෂණික නගරයකට යෑමට පවත්වන විශේෂ තරඟයක් අද දැක බලා ගන්නට පුළුවන්, මේකට අපේ කැට්ලස්ට් සමාගමේ ඉන්නේ බෙක් සහ මචලෝ තරඟ වදිනවා. මෙම තරඟයෙදි එක් රටකින් තොරා ගනු ලබන්නේ එක් ජයග්‍රාහකයෙක්වයි. මේ තරඟය කෙසේ හෝ ජය ගැනීමේ අරමුණින් එක් අයෙකු වර්ජල්ව උපයෝගී කර ගනිමින් මෙම තරඟය වංචනික ආකාරයට ජය ගැනීමට උත්සහා කරනු ලබනවා. පායි ට අනියම් පෙම්වතෙකු ඇති බවට මයික් සැක සිතිමට අද පටන් ගනු ලබනවා.

මොකක්ද මේ තරඟේ ? මොකක් ගැනද ? කවුද මේ තරඟය දිනන්නේ ? කවුද මේ තරඟය වංචා කරන්නේ – බෙක් ද ? මචලෝ ද ? මයික්ගේ ඒ සැකේ හරිද ? ඇත්තටම පායිට තවත් කෙනෙක් ඉන්නවද ? උත්තර දැනගන්න එහෙනම් අද කොටස බලන්න. මීළඟ කොටසින් නැවත හමුවෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Youtube පිටපත් සඳහා අදාළ වේ.

 

1,358 downloadsDownload Crash.Zone_.S02.E06.Baiscopelk.com_.zip21 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

UD Shehan

Subtitles

1,358 downloadsDownload Subtitles21 KB

10 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. Chalana

    thanks bro
    puluwannm the last ship ekatath sub eka karahn

  3. Kanchana

    Thanx sahoo

  4. geeganagamage

    බොහොම ස්තුතියි මේක ගොඩාක් ආසාවෙන් බලන ට්වි සීරියස් එකක් .

  5. Kulanjana Maduranga

    subata thanks....

  6. Lasantharathnasirirox

    Ud ud tnx UD.....සුබපැතුම් ඉදිරියටම යන්න...

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. IreshSampath

    thanks

  10. samathandi

    Thanks