හොඳයි, අපි කලින් කොටස ගැන බලමු. ඇමරිකාවේ සුපිරි තාක්ෂණික නගරයක් වන සිලිකන් වැලී වෙත යාමට අනගි අවස්ථාවක් හිමිකර දෙන තරඟාවලියකට බෙක් සහ මචලෝ පෙර දිනයේ සහභාගී වුනා. මෙහෙදි තරඟ වදින තරඟකරුවන් විසින් රචනාවක් ලිවීමට අවශ්‍ය වනවා අනාගත තාක්ෂණය යන මාතෘකාව යටතේ. මෙතනදි බෙක් තෝර ගත්තේ කෘත්‍රිම බුද්ධිය, මචලෝ…

හොඳයි, අපි කලින් කොටස ගැන බලමු. ඇමරිකාවේ සුපිරි තාක්ෂණික නගරයක් වන සිලිකන් වැලී වෙත යාමට අනගි අවස්ථාවක් හිමිකර දෙන තරඟාවලියකට බෙක් සහ මචලෝ පෙර දිනයේ සහභාගී වුනා. මෙහෙදි තරඟ වදින තරඟකරුවන් විසින් රචනාවක් ලිවීමට අවශ්‍ය වනවා අනාගත තාක්ෂණය යන මාතෘකාව යටතේ. මෙතනදි බෙක් තෝර ගත්තේ කෘත්‍රිම බුද්ධිය, මචලෝ තෝරගත්තේ නැනෝ තාක්ෂණය යන මාතෘකාවයි. බෙක් නම් තමන්ගේ උත්සහයෙන් මහන්සියෙන් කරුණු එක් රැස් කරගෙන මෙම රචනාව සම්පූර්ණ කරා. නමුත් මචලෝට තමන්ගේ රචනාවට කරුණු ලිවීමට සොයා ගත නොහැකිව සිටියා. රචනාව කෙසේ හෝ විශිෂ්ට ලෙස ලියා තරඟය ජය ගැනීමට සිතු මචලෝ වර්ජල්ගේ උදව් ඇතුව අන්තර්ජාලයෙන් කරුණු සහ ඉතා අලංකාර ත්‍රිමාන රූප භාවිතා කරමින් රචනාවේ වැඩකට යුතු අවසානයේ වංචා සහගත ලෙස සිදුකර අවසන් කරා. බෙක් විසින් ඇලෙක්ස්ට යෝජනාවක් සිදු කරනු ලබනවා මෙම රචනා තරඟයේ පෙර ඉදිරිපත් කිරීමක් කැට්ලස්ට් සමාගමේ පවත්වන ලෙසට. දෙදෙනාගෙම රචනා අලංකාර ලෙස දර්ශන උපයෝගී කරගනිමින් මෙහෙදි ඉදිරිපත් කරනු ලැබුවා. බෙක්ගේ රචනාව සාමාන්‍ය විදියට සරලව ලස්සනට නිර්මාණය කරලා තිබුනා. එතකොට මචලෝගේ රචනාව කොහොමද….. ඉතාමත් උසස්ම විදියට නිම කරලා තිබුනා. බෙක්ගේ රචනාව නම් මචලෝගේ ඒක ළගින්වත් තියන්න බෑ. ඉතින් මේ රචනා ඉදිරිපත් කරන වැඩේ වෙලාවෙදි මචලෝවත් දන්නේ නෑ තමන්ගේ රචනාව මොකක්ද කොහොම දර්ශන සකස් කරලා තියනවද කියලා. ඒක හොඳටම පෙනුනා මිනිහා රචනාව ඉදිරිපත් කරන්න කියවන වෙලාවෙදි. මචලෝගේ මේ රචනාවේ වැඩේ සේරම වගේ කරේ වර්ජල්, අන්තර්ජාලයෙන් කරුණු හොයා ගෙන. අන්තිමේදි වර්ජල්ගේ කටින්ම වැඩේ මාට්‍ටු වුනා හැමෝම ඉස්සරහා, මචලෝගේ මේ වංචාව ගැන. හැමෝම ඒ මොහොතේ මචලෝට දෝෂාරෝපනය කරමින් ඔහු සමග අමනාප වූවා. බෙක්ගේ හැඟිම් උපදවන ප්‍රකාශයක් හමුවේ මචලෝ මෙම තරඟයට ඔහුගේ රචනාව ඉදිරිපත් කිරීමෙන් වැළකී තරඟයෙන් වූවා. මේ නිසා බෙක් පහසුවෙන්ම තරඟාවලියට ඇතුළත් වීමට සුදුසුකම් ලබා ගත්තා. මචලෝගේ මෙම ක්‍රියාව දැනගත් පසු සියලුම දෙනා යලිත් ඔහු සමඟ මිතුරු වූවා. කොහොමින් කොහොමහරි අවසානයෙදි ඇමරිකාවේ සිලිකන් වැලී නගරයට යෑමේ අනගි අවස්ථාව ජයග්‍රහනය කිරීමට බෙක්ට හැකියාව ලැබුනා.
එතකොට මයික් සහ පායි අතර ඇති වුන සුළු සිදුවීම, පායිගේ අතින් බිම වැටෙන ලියුම් කඩදාසිය දැක එය කියවා එහි තිබෙන කරුණු සම්බන්ධයෙන් වැරදි වැටහීමක් ලබා ගන්න මයික් සැක කරනවා පායිට වෙනත් කෙනෙකු සමඟ සම්බන්ධයක් ඇති බවට. නමුත් පායි උත්සහා කරන්නේ මයික්ගේ උපන් දිනයට ඔහුගේ ප්‍රියතම විශේෂ සඟරා පත්තරයක් අදාල පුද්ගලයා සමග සම්බන්ධ වෙමින් මයික්ට අරන් දීමටයි. මේ බව අවසානයේ පායි විසින් මයික්ට හෙළි කිරීමෙන් අනතුරුව දෙන්නගේ සම්බන්ධය යළි ආරම්භ වූවා.
අද කොටස ඇවිල්ලා මේකයි. ඇමරිකාවේ සංචාරය නිම කර බෙක් අද කැට්ලස්ට් සමාගමට පැමිණෙන මුල්ම දවසයි. හුඟක්ම අමුතු විකාර හැසිරීම් රටා එක්ක අද අලුත්ම බෙක් කෙනෙක් තමයි දැක බලාගන්න පුළුවන් වෙන්නේ. අද වර්ජල් ලැප්ටොප් එකක් අස්සට රිංගලා ලොකු අකරතැබ්බයකට මූණ පානවා. ජීවිතයත් මරණයත් අතර සටනක අද වර්ජල් පසු වෙනවා. තමන්ගේ කෘත්‍රිම බුද්ධි මිතුරාව බේරා ගැනීමට අපේ පරිගණක දඟයෝ ටික දැඩි අපූරු උත්සහයක අද යෙදෙනවා.
බෙක්ගේ වෙලා තියන වෙනස් කම් මොනවද ? මොනවද මේ බෙක්ගේ විකාර අමුතු හැසිරීම් රටා ? ඇයි මෙහෙම වෙලා තියෙන්නේ ? අනෙකුත් පිරිස මෙයට කොහොම ප්‍රතිචාර දක්වයිද ? මොකක්ද ඒ වර්ජල් ට වෙන්නේ ? වර්ජල් ට බේරන්න බැරි වෙයිද ? වර්ජල්ව බේර ගන්න අපේ කට්ටිය අද මොනවද කරන්නේ ? මේවට උත්තර දැනගන්න එහෙනම් අද කොටස බලන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Youtube පිටපත් සඳහා අදාළ වේ.
851 downloadsDownload Crash.Zone_.S02.E07.Baiscopelk.com_.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
UD Shehan
Subtitles
11 comments
Chalana
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයDeshani
thank you
Lasantharathnasirirox
ස්තුතියි ස්තුතියි....
තව ටිකයි...ඔහොම යන්....thanujamilandi
thank you sub ekata.. Jaya wewa! BS!
Eagmsl
Machan last ship ekata moko bn wenne.sub denne nadda ekata kaurth
Kulanjana Maduranga
subata thanks...
Ishan Madusha
ස්තූතියි
Udara Damith Dissanayaka
thanks den thama meka balanne
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
IreshSampath
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


thanks bro.ado puluwannm last ship ekatath digatama suba karaham machooo