හොඳයි, පහුගිය කොටස බලමු. ඇමරිකාවේ අධ්‍යාපනික සංචාරය නිම කරමින් කැට්ලස්ට් සමාගමේ තම මිතුරන් වෙත පැමිණි මුල්ම දිනයෙදි බෙක් හැසිරුනු ආකාරය ඉතාමත් උඬගු, උද්දච්ච, පණ්ඩිත හැසිරීමකි. මේ පිළිබඳ අනෙකුත් පිරිස නම් ඒ හැටි කැමත්තක් දැක්වූයේ නෑ, බෙක්ගේ මේ අලුත් හැසිරීම ගැන. ගොඩක්ම පිටරවල් වලට ගිහින් එන අයට මෙහෙ…

හොඳයි, පහුගිය කොටස බලමු. ඇමරිකාවේ අධ්‍යාපනික සංචාරය නිම කරමින් කැට්ලස්ට් සමාගමේ තම මිතුරන් වෙත පැමිණි මුල්ම දිනයෙදි බෙක් හැසිරුනු ආකාරය ඉතාමත් උඬගු, උද්දච්ච, පණ්ඩිත හැසිරීමකි. මේ පිළිබඳ අනෙකුත් පිරිස නම් ඒ හැටි කැමත්තක් දැක්වූයේ නෑ, බෙක්ගේ මේ අලුත් හැසිරීම ගැන. ගොඩක්ම පිටරවල් වලට ගිහින් එන අයට මෙහෙම වෙනවා. ඒක එක්තරා විදියක උණක්. පෙර පරිදි තම මිතුරන් සමඟ ආහාර ගැනීමට යාමද බෙක් ප්‍රතික්ෂේප කර තමාගේ උසස් බව එයින් පෙන්නුම් කරා. පෙර භාවිත කළ කට වචන පහතට ඇඳ දමමින් කතා කළ යුතු නව වචන මාළාවක්ද තම මිතුරන්ට බෙක් මෙහෙදි හඳුන්වා දෙනු ලැබුවා. තම මිතුරන්වද බෙක් නිතර සුළු කොට සලකමින් කටයුතුද කරා.
එතකොට වර්ජල් මැතිව්ගේ ලැප්ටොප් එක අස්සට හොරෙන් රිංගලා වුන දේ , පැසිපන්දු තරඟයක් නැරඹීමට තමාට අවශ්‍ය බව වර්ජල් දිගින් දිගටම පැවසුවා. එහෙත් වර්ජල්ව පිටතට රැගෙන යාමට ඇලෙක්ස්ගෙන් අවසර ගත යුතු නිසා පෙනී ඇලෙක්ස්ගෙන් අවසර ලබා ගැනීමට ඇය වෙත ගිය නමුත් ඇලෙක්ස් මීට එකඟ නොවීය. වර්ජල් පිටතට රැගෙන යාම අවධානම් බව මෙහෙදි ඇලෙක්ස් පෙනී හට තේරුම්කොට දෙනු ලැබුවා. මේ නිසා වර්ජල් තීරණය කරනවා කෙසේ හෝ මෙම පැසිපන්දු තරඟය නැරඹීමට යාමට. මැතිව් ගැලිගර් කැට්ලස්ට් සමාගමට පැමිණි අවස්ථවේ ඔහුගේ ලැප්ටොප් පරිගණකය ආරෝපණය සඳහා සවි කොට තිබෙන අවස්ථාවේ එහි තිබෙන කේබලය හරහා වර්ජල් මැතිව්ගේ ලැප්ටොප් පරිගණකයට හොර ගෙඩියෙක් වගේ හීන් සීරුවේ මාරු වුනා. මේ බව දැනගත් රැම් සහ පෙනී ක්ෂණිකවම වර්ජල්ව නැවත ලබා ගැනීම සදහා පැසිපන්දු තරඟය පවත්වන ක්‍රීඩාගාරය වෙත යනු ලැබුවා. හදිසියේ තරම කොතරම්ද කියනවා නම් ඔවුන්ගේ ප්‍රවේශ පත්‍ර දෙකත් දමා තමයි ඔවුන් යනු ලැබුවේ. මේ නිසා ක්‍රීඩාගාරයට ඇතුළු වීමටද ඔවුන්ට ඉතාමත් දුෂ්කර වූවා. වර්ජල් සිටිනා ලැප්ටොප් පරිගණකයේ බැටරිය බැස යාමේ අවධානම පිළිබඳ තම අනෙකුත් මිතුරන්ද රැම් සහ පෙනී දැනුවත් කරා. වර්ජල්ව බේරා ගැනීම සදහා සියලුම දෙනා අපූරු වික්‍රමයක්ද අවසානයේ සිදුකරා. නමුත් වර්ජල් සිටිනා පරිගණකයේ බැටරිය බැස යාමට පෙර ඒ වෙත ළඟා වීමට ඔවුන්ට හැකියාව ලැබුනේ නෑ. වර්ජල්ගේ වාසනාවට එම ක්‍රීඩාගාරයේ තිබු විශාල පරිගණකමය තිරයකට වර්ජල් බැටරිය බැස යනවත් සමගම ගොස් තම ජීවිතය බේරා ගනු ලැබුවා. වර්ජල්ව බේරා ගැනීමේ කටයුත්තට බෙක් ද සහභාගී වූවා. එක් අවස්ථාවක විනීගේ අවන්හලෙදි බෙක් පවසපු ඇතැම් අලුත් වචල පිළිබඳ විහිළු කරමින් තම මිතුරන් සිටිනවා බෙක් සොරෙන් අසා ගෙන සිටියා. මෙයින් බෙක්ට තේරුම් ගියා තමා හැසිරුනු ආකාරය වැරදි බව සහ තමා පිළිබඳ ලැජ්ජාවක් සහ වේදනාවක්. අවසානයේ කරුණු හරි හැටි තේරුම් ගනිමින් නැවතත් පැරණි බෙක් තම මිතුරන් අතරට පැමිණියා.
අද කොටස ගැන එහෙනම් ටිකක් කියන්නම්. ඇලෙක්ස් අද රීෆ් රයිඩර් පරිගණක ක්‍රීඩාවේ වෙළඳ ප්‍රචාරන කටයුතු සදහා එක පුද්ගලයෙක්ව පුදුමය දනවන අන්දමින් තෝරා ගනු ලබනවා. මචලෝට නම් මේකට හෙනටම අවුල් යනවා. අද මචලෝ ගීතයක් නිර්මාණය කරනවා, ඒ වගේම සංගීත කණ්ඩායමකුත් පටන් ගන්නවා අපූර පුද්ගලයෙක් එක්ක. ලොව පුරා සිටින පුද්ගලයින් කිහිප දෙනෙකු මචලෝ විසින් සිදුකරන යම් නිර්මාණයකට ඔහුව දිරි ගැන්වීමේ අරමුණින් මූල්‍යමය ආධාරත් අද ලබා දෙනු ලබනවා. තමා නිර්මාණය කර සංගීතය විකුණා කෝටි ගණනක මුදල් ඉපයිමට හැකි බව මචලෝට අදහසක් ද පහළ වෙනවා. මයික් විසින් පායිට පවසන දෙයක් හේතුවෙන් අද පායි මයික්ගෙන් වෙන් වනවා.
කවුද ඒ ඇලෙක්ස් තෝර ගන්නේ ? ඇයි මචලෝට ඒ නිසා එහෙම වෙන්නේ ? මොකක්ද ඒ මචලෝගේ සිංදුව ? මොකක්ද මේ සංගීත කණ්ඩායම ? කවුද ඒකේ ඉන්නේ ? මචලෝට ආධාර ලැබෙන මචලෝගේ මේ නිර්මාණය මොකක්ද ? මචලෝ කෝටිපතියෙක් වෙයිද ? පායි, මයික් අතර මොකද වෙන්නේ ? පායි මයික්ගෙන් වෙන් වෙන්නේ සදහටම ද ? මේවට උත්තර දැනගන්න එහෙනම් අද කොටස බලන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Youtube පිටපත් සඳහා අදාළ වේ.
2,247 downloadsDownload Crash.Zone_.S02.E08.Baiscopelk.com_.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
UD Shehan
Subtitles
11 comments
Kanchana
isiraekanayaka
Thank you
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි යාළු.....ජයවේවා..!!
geeganagamage
බොහොම ස්තුතියි මේ කථාව ගොඩාක් ලස්සනයි සුපිරි ඒ වගේම ඔයාගේ සබ් එකත් නියමයි .
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKulanjana Maduranga
subata thnks....
thanujamilandi
Thanx sub ekata godakkk
Ishan Madusha
ස්තූතියි
Udara Damith Dissanayaka
niyamaaaaaaaaaaa iiiiiiiiiiii
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
IreshSampath
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanx daho