හොඳයි, අපි පහුගිය කොටස ගැන බලමු. රීෆ් රයිඩර් පරිගණක ක්‍රීඩාවේ ප්‍රචාරක කටයුතු සදහා පෙර දිනයේ ඇලෙක්ස් විනීව තෝරා ගනු ලැබුවා. ඒ රීෆ් රයිඩර් ක්‍රීඩාවේ නීමෝ යන චරිතයට බෙහෙවින් සමාන හැඩරුවකම් විනීට තිබිම නිසාවෙනි. විනීව මෙලෙස මෙයට තෝරා ගැනීම පිළිබඳ සියල්ලම එක සිතින් සතුටු වූවත් මචලෝ නම් ඒ හැටි කැමැත්…

හොඳයි, අපි පහුගිය කොටස ගැන බලමු. රීෆ් රයිඩර් පරිගණක ක්‍රීඩාවේ ප්‍රචාරක කටයුතු සදහා පෙර දිනයේ ඇලෙක්ස් විනීව තෝරා ගනු ලැබුවා. ඒ රීෆ් රයිඩර් ක්‍රීඩාවේ නීමෝ යන චරිතයට බෙහෙවින් සමාන හැඩරුවකම් විනීට තිබිම නිසාවෙනි. විනීව මෙලෙස මෙයට තෝරා ගැනීම පිළිබඳ සියල්ලම එක සිතින් සතුටු වූවත් මචලෝ නම් ඒ හැටි කැමැත්තක් මේකට දැක්වූයේ නෑ. ඒකට මම එක වචනයක් ඔයාලට කියන්නම් – ඊරිසියාව. ඒ ඊරිසියාව නිසයි. තමන්ගේ ළඟින්ම ඉන්න තමන්ට වඩා උසස් නැති යාළුවෙකුට එක පාරටම හරි යනවා දකිනකොට මචලෝට ඒක බලාගෙන ඉන්න බැරි වුනා. ඒ නිසා මචලෝත් තමන්ගේ උසස් බව ගොඩනඟා ගන්න වැඩක් කරන්න පටන් ගත්තා. ඒ තමයි සංගීතය. මචලෝ වර්ජල් එක්ක එකතුවෙලා සංගීත කණ්ඩායමක් පටන් ගන්න තීරණය කරා. මෙහි මුල්ම ගීතය වශයෙන් මචලෝ සිංදුවක් නිර්මාණය කරා ඔයාලා දකින්න ඇති. කොහොමද ඒ සිංදුව…… ඒකට සිංදුවක් කියලා කියන්න පුළුවන්ද ?? මචලෝ ඉතින් කරොත් කරන්නෙම ඔය වගේ ඔලමොට්ටල වැඩනේ. අනික මචලෝගේ හවුල්කාරයා වර්ජල්නේ. ඒ නිසා මෙතන ඒ හැටි පුදුම වෙන්න දෙයක් නෑ, පොරත් මන්ද බුද්ධික ඩයල් එකක්නේ. ඉතින් මචලෝ මේ නිර්මාණය කරපු සිංදුවට කොහොමහරි සමහරු මුදල් ආධාරත් මචලෝට දෙනවා ඉදිරි වැඩකටයුතු කරගෙන යන්න දිරි ගැනිවීමක් වශයෙන්. මචලෝ මුලින්ම මේ සිංදුව අන්තර්ජාලයට දැම්මේ පූර්ව ප්‍රචාරක පටයක් විදියට, සම්පූර්ණ සිංදුව ඉස්සරහට දෙනවා කියලා. පස්සේ මුදල් නැති ප්‍රශ්නේ අන්තර්ජාලයේ හැමෝටම කිව්වට පස්සෙයි මචලෝට ආධාර ලැබෙන්න පටන් ගන්නේ. මචලෝට ආධාර දුන්න රසිකයෝ හිතලා තියෙන්නේ මචලෝගේ සිංදුවේ සම්පූර්ණ කොටස ඉස්සරහට හොඳට තියෙයි කියලා. ඒ වුනාට සම්පූර්ණ කොටසත් අන්තිමේදි ඒ වගේමයි. බොරුවට පිස්සෙක් වගේ බෙරිහන් දෙන සද්දයක් විතරයි ඒකෙත් තිබුනේ. අවසානයෙදි මචලෝට ආධාර දුන්නු උදවිය නැවත මචලෝගෙන් තම මුදල් ඉල්ලා මචලෝටත් බැන අන්තර්ජාලයෙන් පණිවිඩ එවා තිබුනා. මචලෝගේ කොටිපතියෙකු විමේ සිහිනය අවසානයේ බොඳ වී ගියා. පායි, මයික් අතරත් සුපුරුදු ලෙස ප්‍රශ්න පෙර දිනයේ ඇති වුනා නමුත් අවසානයේ දෙන්නා අපහු එකතු වුනා. මචලෝගේ මේ සංගීත කණ්ඩායමට හවුල් වූ පායි, බෙක්, පෙනීගේ පඩි මුදලද හරි අඩකින්ම කපා ඉවත් කිරීමට ඇලෙක්ස් තීරණය කරා මචලෝගෙත් ඇතුළුව, ඒ ඔවුන් තමන් වැඩ කරන වෙලාව නාස්තිකොට දැමූ නිසා.
එහෙනම් අද කොටස ගැන ටිකක් බලමු. රැම් සහ ඇලෙක්ස්ගේ අපූරු නව නිර්මාණයන් දෙකක් අද ඔයාලට දැක බලාගන්න පුළුවන්. අද කැට්ලස්ට් සමාගමට පරිගණක ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් වැඩ කරන සුපිරි විශේඥයවරියක් එනවා. ඇයව හාද කර ගැනීමට මචලෝ අද දැඩි උත්සහයක යෙදෙනවා. මචලෝ සහ ඇය අතර අද උණුසුම් සිදුවීම් පෙළක්ද ඇති වෙනවා. අද ඇලෙක්ස්ගේ අලුත් පරිගණක ක්‍රීඩාවකුත් දැක බලාගන්න පුළුවන්. ඇලෙක්ස්ගේ බොහොම වටින පරිගණක දත්තයන් රැසක් අද යම් කිසි පුද්ගලයෙකු විසින් සොරකම් කරනු ලබනවා.
රැම් මොකක්ද ඒ හදලා තියෙන්නේ ? කවුද ඒ එන විශේඥයවරිය ? ඇයි කැට්ලස්ට් සමාගමට එන්නේ ? මචලෝට ඒ කෙල්ලව දාගන්න පුළුවන් වෙයිද ? දෙන්නා අතර මොනවද ඒ වෙන උණුසුම් සිදුවීම් ? මොකක්ද ඇලෙක්ස්ගේ නිර්මාණය ? මොකක්ද ඒ අලුත් පරිගණක ක්‍රීඩාව ? මොනවද ඒ ඇලෙක්ස්ගේ හොරකම් කරන දත්ත ? කවුද මේ හොරකම කරන්නේ ? හොඳයි, එහෙනම් මේවට උත්තර දැනගන්න අද කොටස අරන් බලන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Youtube පිටපත් සඳහා අදාළ වේ.
1,043 downloadsDownload Crash.Zone_.S02.E09.Baiscopelk.com_.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
UD Shehan
Subtitles
13 comments
sachintha
pasindu kavishka
thanks
geeganagamage
නියමයි සහෝ ඊලග කොටසින් නැවත හමුවෙමු බොහොම ස්තුතියි .
Kanchana
Thanx saho
Chalana
thanks bro
Lasantharathnasirirox
ස්තුතියි සහෝදරයා.....
wathsalawickramasinghe
Thank you very much
thanujamilandi
thank you sub ekataaa... BS!!!!!!!!!
Kulanjana Maduranga
subata thanks
Ishan Madusha
ස්තූතියි සහෝ
Udara Damith Dissanayaka
niyamaaaaaaaayi
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
IreshSampath
thanks
Advertisement


සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය