Watch Trailer

Crash Zone (TV Series 1999–2001) [S02 : E11] Sinhala Subtitles | වර්ජල් කො‍ටු කර ගැනීමේ විශේෂ හමුදා මෙහෙයුමක් [සිංහල උපසිරැසි සමග]

හොඳයි, එහෙනම් කලින් කොටස ගැන බලමු. වර්ජල් දිගින් දිගිට තාමට පිටතට යාමට අවශ්‍ය බව නිතර නිතර තම මිතරන්ට පැවසීමත් සමග එදා දවසේ ස්ලජ් නැමති කෘත්‍රිම රොබෝවරයාගේ සිරුරට වර්ජල්ව ඇතුල් කිරීමට ‍රැම්ට අදහසක් පහළ වෙනවා. ‍රැම් ඉතින් කොහොමත් මේ වගේ වැඩ වලට දක්ෂයිනේ. තමන්ගේ දක්ෂතාවයෙන් උපරීම ප්‍රයෝජන ගන්නා ‍රැම්…

හොඳයි, එහෙනම් කලින් කොටස ගැන බලමු. වර්ජල් දිගින් දිගිට තාමට පිටතට යාමට අවශ්‍ය බව නිතර නිතර තම මිතරන්ට පැවසීමත් සමග එදා දවසේ ස්ලජ් නැමති කෘත්‍රිම රොබෝවරයාගේ සිරුරට වර්ජල්ව ඇතුල් කිරීමට ‍රැම්ට අදහසක් පහළ වෙනවා. ‍රැම් ඉතින් කොහොමත් මේ වගේ වැඩ වලට දක්ෂයිනේ. තමන්ගේ දක්ෂතාවයෙන් උපරීම ප්‍රයෝජන ගන්නා ‍රැම් පෙනීගෙත් උදව් ඇතිව වර්ජල්ව සාර්ථක ලෙස ස්ලජ්ගේ සිරුරේ ඇති මතක පරිපථයකට ඇතුල් කරනවා. සිරුරට ඇතුල් වූ විගස දැඩි ප්‍රීතියකින් වර්ජල් පිස්සුවෙන් වගේ විවිධ කෝලම් නැටීමට පටන් ගනු ලැබුවා. වර්ජල්ට මුල සිටම තදින්ම අවශ්‍ය වූයේ පිටත ලෝකයට යාමයි. මේ සදහා ‍රැම් සහ පෙනී ඇලෙක්ස් ට හොර රහසේ වර්ජල් ව පිටත නගරය වෙත ‍රැගෙන ගියේය. සියලුම කරදර ආරම්භ වීමට පටන් ගැනුනේ මෙතැන් සිටයි. පිටත ලෝකය පිළිබඳ කිසිදු දැනුමක් නැති වර්ජල් පාර දෙපස ඇති දේවල් දෙස දැඩි උනන්දුවකින් නරඹනු ලැබුවා. මේ අතරතුර ක්ෂණිකවම වර්ජල් ‍රැම් සහ පෙනී අතරින් ගිලිහි අතරමන් වූවා. වහා කලබල වූ ‍රැම් සහ පෙනී මේ පිළිබඳ තම අනෙකුත් මිතුරන්වද දැනුවත් කරනු ලැබුවා. ඉන් අනතුරුව සියලුම දෙනා එක්ව නගරය පුරා වර්ජල්ව සොයමින් යාමට පටන් ගත්තා. දැඩි උද්යෝගයකින් නගරය පුරා ඇති සිරි නරඹමින් වර්ජල් හතර අතේ ගමන් කරනු ලැබුවා. තම හැකියාවන්ද පාරේ සිටින උදවියට පෙන්වීමටද වර්ජල් අමතක කලේ නෑ. කොහොමද අර බයිසිකලෙන් වර්ජල් දාපු වැඩ කෑලී ටික, පව් අර පොඩි එකා….. හැබැයි අන්තිමට වර්ජල් බයිසිකලේ කොල්ලට දුන්නා. අහඹු ලෙස නැ‍ටුම් පන්තියක් දෙසට ඇතුළු වූ වර්ජල් දැඩි ප්‍රීතියකින් සහ උද්යෝගයකින් එහි සිටින තරුණියක් සමග ඉතාමත් දක්ෂ ලෙස නර්ථනයේ යෙදුනා. අසල සිටි සියලුම දෙනා ඔවුන් දෙස විස්මයෙන් බලා සිටියා. අවසානයෙන් ඉතාමත් අවාසනාවන්ත ලෙස වර්ජල්ගේ සැබෑ ස්වරූපය සඟාවාගෙන තිබු ඔහුගේ තොප්පිය ගැලවී යාමෙන් ඔහුගේ කොළ පහැති කොර පොතු සහිත හිස සහ මුහුණ දැකීමෙන් අවට සිටි පිරිස මහත් බියට පත් වී ශාලාවෙන් පිටතට දිව ගියා. මෙම ස්ථානයට වර්ජල්ව සොයා පැමිණි මිතුරන් පිරිස ඔහු වැටි ඇති කරදරය සහ අවධානම පිළිබඳ මනාව තේරුම් ගෙන සාර්ථක ලෙස ඔහුව එම ස්ථානයෙන් මුදාවගෙන එමට හැකියාව ලැබුනා. මේකට වැඩිම ලකුණු දෙන්න ඕනේ පායිට නේද….. ටක් ගාලා බොරුවක් ගොතලා ලස්සන වැඩේ ශේප් කර ගත්තා. පායි මේ වගේ වැඩ වලට හුඟක් දක්ෂයි. අවසානයේ මෙම සිදුවීම නිසා රීෆ් රයිඩර් පරිගණක ක්‍රීඩාවටද දැඩි ප්‍රසිද්ධියක්ද ඇති වනු ලැබුවා. මේකෙන් ගොඩක්ම සතු‍ටු වුනේ අපේ මෝස්ලි මහත්තයා නේද….. හැමදාම වගේ එදත් සුපුරුදු විදියටම අපේ පරිගණක දඟයන්ගේ දඟ වැඩ වලින් ඇලෙක්ස් සහ සිය සමාගම අවසානයේ ගොඩ ගියා.

අද වෙන්නේ මේකයි. අද හමුදාවෙන් පැමිණ කැට්ලසට් සමාගම වැටලීමක් සිදුකරනු ලබනවා. වර්ජල් සිදුකර යම් බරපතල් දෙයක් නිසාවෙනි මෙසේ සිදුවන්නේ. විනීගේ බුද්ධි මට්ටම පිළිබඳ අද විශේෂ ප්‍රශ්න කිරීමක්ද හමුදා ප්‍රධානියෙකු විසින් සිදුකරනු ලබනවා. වර්ජල්ට අලුත් ආදරවන්තියක්ද අද මුණ ගැසෙනවා. පෙනීගේ පියා අද එක්තරා විශාල රහසක්ද දැනගනු ලබනවා. කැට්ලසට් සමාගම සම්පූර්ණයෙන් විනාශ කර දැමීමට තීරණයක්ද හමුදාව විසින් අද ගනු ලබනවා.

ඇයි හමුදාවෙන් කැට්ලස්ට් එක වටලන්නේ ? වර්ජල් මොකක්ද ඒ කරලා තියෙන්නේ ? මොකක්ද විනීගේ ප්‍රශ්නේ ? කවුද මේ වර්ජල්ගේ පෙම්වතිය ? පෙනීගේ තාත්තා මොකක්ද ඒ දැනගන්නේ ? හමුදාව කැට්ලස්ට් එකයි වර්ජලුයි විනාස කරලා දායිද ? උත්තර දැනගන්න එහෙනම් ටක් ගාලා අද කොටස බලන්න.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Youtube පිටපත් සඳහා අදාළ වේ.

 

990 downloadsDownload Crash.Zone_.S02.E11.Baiscopelk.com_.zip22 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

UD Shehan

Subtitles

990 downloadsDownload Subtitles22 KB

13 comments

  1. pasindu kavishka

    thanks

  2. geeganagamage

    ඔයාගේ සබ් එක සුපිරි කියන්න වචන නැහැ . බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  4. Kanchana

    Thanx saho

  5. Lahiru3

    Baiscope download wala episode eka download karanna link nehene season 1 episode 9 walin passe :/

    1. UD Shehan

      මේ කතා මාලාවේ සියලුම කොටස් අංග සම්පූර්ණව You Tube අඩවියේ තිබෙනවා. එයින් ලබාගන්න.

  6. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    දිගටම දෙමු...

  7. Lasantharathnasirirox

    ස්තුතියි යාළුවා......හදවතින්ම සුබපැතුම්.....

  8. uditha1596

    fatta

  9. Kulanjana Maduranga

    subata thanks.....

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. IreshSampath

    thanks

  12. Udara Damith Dissanayaka

    ela