හොඳයි, එහෙනම් සුපුරුදු විදියටම පහුගිය කොටස ගැන බලමු. පෙර දිනයේ ඇලෙක්ස් තම සමාගමේ ආරක්ෂක පද්ධතිය ඇලුත් වැඩිය කර ගැනීම සදහා පරිගණක ආරක්ෂක කටයුතු පිළිබඳ දැනුම තියන ප්‍රසිද්ධ විශේඥයවරියක් රැගෙන ආවා. සැබටූත් නම් භායනක හැකර්වරුන්ගෙන් ආරක්ෂා වීම පිණිස ඇලෙක්ස් මෙසේ තම සමාගමේ ආරක්ෂාව තර කිරීමට තීරණය කළේ. ම…

හොඳයි, එහෙනම් සුපුරුදු විදියටම පහුගිය කොටස ගැන බලමු. පෙර දිනයේ ඇලෙක්ස් තම සමාගමේ ආරක්ෂක පද්ධතිය ඇලුත් වැඩිය කර ගැනීම සදහා පරිගණක ආරක්ෂක කටයුතු පිළිබඳ දැනුම තියන ප්‍රසිද්ධ විශේඥයවරියක් රැගෙන ආවා. සැබටූත් නම් භායනක හැකර්වරුන්ගෙන් ආරක්ෂා වීම පිණිස ඇලෙක්ස් මෙසේ තම සමාගමේ ආරක්ෂාව තර කිරීමට තීරණය කළේ. මෙම දිනයෙදි ඇලෙක්ස් තම අපූරු නව නිර්මාණයක් හඳුන්වා දෙනු ලැබුවා. ඒ ත්‍රිමාණ රූප ප්‍රක්ෂේපන යන්ත්‍රයකි. මෙම යන්ත්‍රය ඇලෙක්ස් නිර්මාණය කර තිබෙන්නේ ඇයගේ නවතම පරිගණක ක්‍රීඩාවක් වන The Ring ක්‍රීඩාව සදහයි. මෙම ක්‍රීඩාව ත්‍රිමාණ අවකාශයක් යටතේ ක්‍රීඩා කරන ක්‍රීඩාවකි. මේ ක්‍රීඩාව අංග සම්පූර්ණව ක්‍රීඩා කරනවා ඔයාලට දැක බලාගන්න පුළුවන් අවසාන කොටසෙදි. කැට්ලස්ට් සමාගමට පැමිණි ලීසා ග්‍රේ සමග හාද වීමට උත්සහා දරපු මචලෝගේ උත්සහයද සාර්ථක වුනි. මේ අතරේ තමාගේ The Ring ක්‍රීඩාවේ නීති විරෝධීව පිටපතක් සහ ප්‍රක්ෂේපන යන්ත්‍රයේ විස්තර සටහන යම් කිසි අයෙක් සොරෙන් ලබා ගෙන ඇති බව ඇලෙක්ස් සියලුම දෙනාට පවසයි. මේ පිළිබඳ සෙවීමට රහස් පරික්ෂකවරයෙකුද ඇලෙක්ස් සමාගමට ගෙන්වා ගනියි. ඔහුට සොයා ගැනීමට හැකියාව ලැබෙනවා The Ring ක්‍රීඩාවේ පිටපතක් මචලෝගේ බෑගයේ තිබි. එම අවස්ථාවේදීම මචලෝව අත්අඩංගුවට ගැනීම සිදුකරා. සිදු වූයේ කුමක්දැයි මචලෝට සිතාගතවත් නොහැකි වූවා. ඉන් අනතුරුව උසවිය ඉදිරියේ පෙනී සිටිමින් තමාගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට මචලෝට හැකියාව ලැබුනා. මේ සියලුම දේ පිටුපස සිටියේ ලීසයි. අවසානයේ ඇයව කොටු කර ගැනීමට අපගේ පරිගණ දඟයන්ගේ අපූරු ක්‍රියාදාමයකින් අනතුරුව හැකි වුනා. රැම්ගේ නව නිර්මාණය මෙයට බෙහෙවින් ඉවහල් වුනා. අවසාන මොහෙතේ ලීසා ලබා දුන් ඇලෙක්ස්ගේ දත්තයන් අන්තර්ජාලයට එක් නොකර සිටීමට මචලෝ තීරණය කර තමාගේ ලෙන්ගතු බාවය ඇලෙක්ස්ට බව මනාව එම අවස්ථාවෙදි පෙන්නුම් කරා. මචලෝ මිල මුදල් වලට බර පුද්ගලයෙකු වූවත් ඔහුගෙත් යහපත් ගත ගුණ ඇති බව මෙයින් සනාත වුනා. ඇලෙක්ස්ගේ නිර්මාණයන් හී මෙම දත්තයන් අන්තර්ජාලයට එක් කරේ නම් ඇලෙක්ස්ට සිදු වුන පාඩුව අති මහත්ය. ඇයගේ මහන්සියත් සම්පූර්ණයෙන්ම වතුරේ යාමකි.
හොඳයි, එහෙනම් අද කොටස මේකයි. වර්ජල්ට අද සැබෑ මිනිසෙකු ආකාරයටම එහා මෙහා ගමන් කළ හැකි කෘත්‍රිම සිරුරක් ලැබෙනවා. මේ නිසා විශාල අකරතැබ්බයකට අපගේ පරිගණක දඟයන්ට සහ වර්ජල්ට මූණ පෑමට සිදු වෙනවා. පිටත නගරයේ මහා කලබලකාරී තත්වයක්ද මේ නිසා ඇති වෙනවා. විනීද අද යම් අකරතැබ්බයකට මූණ පානවා. රීෆ් රයිඩර් පරිගණක ක්‍රීඩාව අද අනපේක්ෂිත අයුරින් විශාල ජනප්‍රියත්වයක් ලබා ගැනීමටද සමත් වෙනවා.
කවුද වර්ජල් ට මේ සිරුර හදලා දෙන්නේ ? ඒක මොන වගේද ? වර්ජල් මේකෙන් කොහෙ කොහෙ යයිද ? මොනවා මොනවා කරයිද ? වර්ජල්ගේ මේ අලුත් සිරුර නිසා මොකක්ද ඒ වෙන අකරතැබ්බය ? එළියේ නගරේ මොකක්ද වෙන්නේ ? විනීට මොකද වෙන්නේ ? රීෆ් රයිඩර් ක්‍රීඩාව එහෙම ජනප්‍රියත්වයක් ලබා ගන්නේ කොහොමද ? මේවට උත්තර දැනගන්න එහෙනම් අද කොටස බලන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Youtube පිටපත් සඳහා අදාළ වේ.
959 downloadsDownload Crash.Zone_.S02.E10.Baiscopelk.com_.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
UD Shehan
Subtitles
11 comments
sachintha
pasindu kavishka
thanks
Kanchana
Thanx saho
geeganagamage
බොහොම ස්තුතියි මේ වටිනා සේවය වෙනුවෙන්.
Kulanjana Maduranga
subata thanks..
thanujamilandi
Thank you sub ekata.. Thawa tikaiiii...
Lasantharathnasirirox
ජයවේවා ud.....gd job
Ishan Madusha
බොහොම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith Dissanayaka
niyamayi ela
IreshSampath
thanks
Advertisement


සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය