Criminal Record [S01 : E06] Sinhala Subtitles මෙන්න අද සිංහල උපසිරැසි සමඟින් පළ වෙන්නේ ඔයාල බලාගෙන හිටපු Criminal Record කතාමාලාවේ හයවැනි කතාංගයයි. කළින් කොටස් වගේම උද්වේගකර මේ කොටසත් එහෙනම් රසවිඳිමු. අද පළ වන කතාංගය ගැන: හතරවැනි කොටස – “Beehive” – “මී වදය” අධ්‍යක්ෂක – Shaun James Grant තිරරචනය – T…
Criminal Record Sinhala Subtitles
මෙන්න අද සිංහල උපසිරැසි සමඟින් පළ වෙන්නේ ඔයාල බලාගෙන හිටපු Criminal Record කතාමාලාවේ හයවැනි කතාංගයයි.
කළින් කොටස් වගේම උද්වේගකර මේ කොටසත් එහෙනම් රසවිඳිමු.
අද පළ වන කතාංගය ගැන:- හතරවැනි කොටස – “Beehive” – “මී වදය”
- අධ්‍යක්ෂක – Shaun James Grant
- තිරරචනය – Thomas Eccleshare
- මුල්වරට නිකුත් කෙරුණු දිනය – 2024 පෙබරවාරි 07
- IMDb Ratings – 7.7/10
හෙගර්ටිගේ දියණිය ලීසා සහ එරල් මැතිස්ගේ පුත්‍රයා වන පැට්‍රික්
Criminal Record Sinhala Subtitles
අද කොටසේ කතාව ගැන කෙටියෙන් කියන්නම්. ඇඩිලේඩ් ඝාතනයේ පරීක්ෂණය සහ එරල් මැතිස් කොටු කරගැනීම ගැන සැකසහිත තැන් ගොඩක් තියෙනවා. මේ සේරම දකිනකොට ජූන්ට පැහැදිලි නැහැ තමන් නොකළ අපරාධයක් ගැන එරල් පාපොච්චාරණය කරන්නේ ඇයි කියල. ඇය මේ ගැන එරල්ගේ නීතිඥ රොස් කාඩෝනා සමඟ සම්මුඛ සාකච්ඡා කරනවා. ඔහු යමක් හංගන බවක් පේන්න තියෙනවා. මේ අතර ටෝනි සහකාර ප්‍රධාන කොස්තාපල් ක්ලෝඩියා මේහෙව්ට හිරිහැර කර ඇති බව ජූන් සොයා ගන්නවා. ටෝනි ඇයව සමාජ මාධ්‍යය ඔස්සේ අපවාදයට ලක් කරනවා. ටෝනි සාක්ෂි විනාශ කරනවා. මේ අතර ඩැනියෙල් සිය දියණිය වන ලීසා සහ එරල් මැතිස්ගේ පුත්‍රයා වන පැට්රික්ගේ අතර රහස් සම්බන්ධයක් ඇති බව සොයා ගන්නවා. ඩැනියෙල් එයට කෙසේ ප්‍රතිචාර දක්වාවිද? ඩැනියෙල් සහ ලීසා තර්ක කරන අතර ලීසා ප්‍රචණ්ඩ ලෙස පිටව යනවා. ඇය ඩැනියෙල්ගේ මත්ද්‍රව්‍ය තොගයක් සොරකම් කරගෙන අතුරුදහන් වෙනවා. ඩැනියෙල් වියරුවෙන් තම දියණිය හොයනවා. ඩැනියෙල්ට ලීසාව හොයාගන්න හැකි වෙයිද? මේ අතර එරල් මැතිස්ගේ මව වන ඩොරිස්, ඇගේ මිතුරිය ලතීෂාට ටෝනි විසින් ඇය ගැන ඔත්තු බැලීමට බල කළ බව සොයා ගන්නවා. මේ ගැන ටෝනි එක්ක වාද කරගන්න ඇයට අන්තිමේ සිදු වෙන්නේ මොකක්ද? ටොනිගේ නිවෙසින් හමුවන එරල් මැතිස් හා සම්බන්ධ වැදගත් සාක්ෂිය මොකක්ද? අද කොටසින් මේ දේවල් ගැන බලන්න.
මෙහි උපසිරැසි ගන්වා ඇත්තේ Criminal.Record.S01E06.720p.WEB.x265-MiNX පිටපතටයි.
එසේ නම් නැවතත් සිංහල උපසිරසියකින් හමුවන තුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් සිංහලෙන් සමඟින් රැඳෙන්න.
තෙරුවන් සරණයි!
Criminal Record Sinhala Subtitles

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
787 downloadsDownload Criminal.Record.S01E06.720p.WEB_.x265-MiNX.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Criminal Record Sinhala SubtitlesSubtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
2 comments
Buddhika Lakmal
nilanka1212
thanks....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




බොහෝම ස්තූතියි කේසර සහෝ මේ සීරිස් එකට සබ් ගේන්න සෙට් වුනාට....