Criminal Record [S01 : E05] Sinhala Subtitles එහෙම නම් මේ ආකාරයෙන් Criminal Record පස්වැනි කොටසත් ඔබ හමුවේ දිගහැරෙනවා. දිගින් දිගටම කුතුහලයෙන් යුතුව නැරඹිය හැකි මේ කතාවේ අද මොකද වෙන්නේ. බලලම ඉමුකො. අද පළ වන කතාංගය ගැන: පස්වැනි කොටස – “Possession with Intent” – “සචේතනිකව සන්තකයේ තබා ගැනීම” අධ්‍යක්ෂක…
Criminal Record Sinhala Subtitles
එහෙම නම් මේ ආකාරයෙන් Criminal Record පස්වැනි කොටසත් ඔබ හමුවේ දිගහැරෙනවා. දිගින් දිගටම කුතුහලයෙන් යුතුව නැරඹිය හැකි මේ කතාවේ අද මොකද වෙන්නේ. බලලම ඉමුකො.
අද පළ වන කතාංගය ගැන:
පස්වැනි කොටස – “Possession with Intent” – “සචේතනිකව සන්තකයේ තබා ගැනීම”
අධ්‍යක්ෂක – Shaun James Grant
තිරරචනය – Natasha Narayan
මුල්වරට නිකුත් කෙරුණු දිනය – 2024 ජනවාරි 31
IMDb Ratings – 7.5/10

අද කතාවේ වෙන්නේ ඔයාල කවදාවත් වෙයි කියල අපේක්ෂා නොකළ දේවල් ටිකක්. මේකෙදි ඩැනියෙල්ගේ සගයෙක් වන ටෝනි, වර්ගවාදී සටන් ලීගයේ සාමාජිකයෙකු බව ජූන් සොයා ගන්නවා. ඇයගේ සොයාගැනීම් ගැන ඇය ටෝනි හමුවේ නිර්භයව කියනවා. ටෝනි කලබල වෙලා කිම්ට කතා කරන්නේ, ඔවුන් හවුල් වී ඇයව නතර කිරීමට යමක් කළ යුතු යැයි සාකච්ඡා කරමින්. මෙයට පළිගැනීමක් ලෙස ඔවුන් කරන්නේ ජූන්ගේ පුතා වන 14 හැවිරිදි ජාකොබ්ව මාර්ගයේදී අල්ලාගෙන ඔහුගේ බෑගය තුල මත් ද්‍රව්‍ය රෝපණය කිරීමයි. මේක ආරංචි වෙන ජූන්ට ජාකොබ්ව හිරෙන් නිදහස් කරගන්න මැදිහත් වෙන්නට සිදු වෙනවා. ඔහුගේ ඩී.එන්.ඒ. ලබාගන්නා අතර ඔහුගේ විස්තර පද්ධතියට ඇතුළු කරනවා. අයුක්තිය නිසා කෝපයට පත් ජූන් ආපසු සටන් කරනවා. ඇය ඩැනියෙල්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මිරාස් මන්සූර්වව අත්අඩංගුවට ගන්නවා. මේ ක්‍රියාවන් ගැන ඩැනියෙල්ගේ ප්‍රතිචාරය කුමක් වනු ඇතිද? පද්ධතියෙන් ජාකොබ්ගේ නම ඉවත් කිරීමට ඩැනියෙල් ජූන්ගෙන් ඉල්ලන ගනුදෙනුව කුමක්ද? ජූන් එයට එකඟ වෙනු ඇතිද? එරල් මැතිස් අත්අඩංගුවට ගැනීම නිසි ලෙස කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව සිදුවූ දෙයක්ද? නැති නම් ඩැනියෙල් ඇතුළු වර්ගවාදී ලන්ඩන් පොලිසියේ කල්ලිය විසින් කළු ජාතිකයෙක් මර්ධනය කිරීම පිණිස වැරදි සහගත ලෙස චෝදනා එල්ල කර තිබේද? එහෙම නම් අද කොටසත් බලන්නකෝ.
මෙහි උපසිරැසි ගන්වා ඇත්තේ Criminal.Record.S01E05.720p.WEB.x265-MiNX පිටපතටයි.එසේ නම් නැවතත් සිංහල උපසිරසියකින් හමුවන තුරු ආයුබෝවන්! දිගටම බයිස්කෝප් සිංහලෙන් සමඟින් රැඳෙන්න.
තෙරුවන් සරණයි!
Criminal Record Sinhala Subtitles

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
751 downloadsDownload Criminal.Record.S01E05.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
3 comments
sachintha
Buddhika Lakmal
ස්තූතියි කේසර සහෝ සබ් එකට...
ජයවේවා....nilanka1212
thanks....
Advertisement




සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
ඊළග කොටසෙන් නැවත හමු වෙමු
ජය