Watch Trailer

From [S02 : E08] Sinhala Subtitles | වනාන්තරය ගස් වලටයි [සිංහල උපසිරසි]

From S02 Sinhala Subtitles ආයුබෝවන්. මෙන්න මම අට වන කොටස කොටස සඳහා උපසිරැසිය ගෙන එනවා. දෙවෙනි සීරීස් එක තව කොටස් දෙකකින් අවසන් වේවි. එතකොටවත් ඔයාල බලාපොරොත්තු වන අවසානය ලඟා වේවිද? ඒ උනත් තුන් වන සීරීස් එකත් තව නොබෝ දිනකින් නිකුත් වෙනවා. ඒ නිසා මේ ත්‍රාසජනක අත්දැකීම තව දුරටත් පවත්වා ගෙන යන්න පුළුවන්…

From S02 Sinhala Subtitles

ආයුබෝවන්. මෙන්න මම අට වන කොටස කොටස සඳහා උපසිරැසිය ගෙන එනවා. දෙවෙනි සීරීස් එක තව කොටස් දෙකකින් අවසන් වේවි. එතකොටවත් ඔයාල බලාපොරොත්තු වන අවසානය ලඟා වේවිද? ඒ උනත් තුන් වන සීරීස් එකත් තව නොබෝ දිනකින් නිකුත් වෙනවා. ඒ නිසා මේ ත්‍රාසජනක අත්දැකීම තව දුරටත් පවත්වා ගෙන යන්න පුළුවන්.  

From S02 Sinhala Subtitles

බොයිඩ්, ක්‍රිස්ටි සුසං‍යෝගය යම් සොයා ගැනීමක් කලා. එහි ප්‍රතිඵල තාම හරියට අත් දැකලා නැතත් ලොකු විශ්වාසයක් ඇති වෙලා ඒ මගින් රාක්ෂයින් මර්ධනය කරන්න පුළුවන් කියල. ඒත් ජිම් සහ සෑම දේම සැක කරන රැන්ඩෝල් සුසං‍යෝගයට ඇත්තේ වෙනම අදහසක්. ඔවුන් මුළු මහත් සමාජයටම තර්ජනයක් වෙයිද? ජිම් සිය තාක්ෂණික අදහස් ගැන වෙහෙසෙද්දී රැන්ඩෝල්ගේ ඉලක්කය කුමක්ද?

From S02 Sinhala Subtitles

සමස්ථයක් වශයෙන් දෙවෙනි කොටසේ අවසානය කරා ළං වෙමින් සිටින කොට ආපසු බැලුවම මේ කතාව තුලින් හොල්මන් අවතාර කතන්දර අමතක කරල බැලුවම ලස්සන පණිවිඩයක් ගේනවා. රටේ එක් එක ප්‍රදේශ වලින් නොදැනුවත්වම මේ අභිරහස් ප්‍රදේශ්‍යට ගාල් වෙන මේ විවිධාකාර මිනිසුන් මගින් එක සමාජයක් ඉබේම හැදෙනවා. බොයිඩ්ගෙ සම්ප්‍රාප්තියත් සමග මේ කණ්ඩායම කිසියම් ක්‍රමාණුකූල පිළිවෙළකට හැඩ ගැහෙනවා. සමහරුන්ට ගෙවල් දොරවල්, සමහරු කොලණි හවුස් එකේ.

විවිධ තනතුරු, සහ නායකත්වයන් අවස්ථානු කූලව මතු වෙනවා. ඒ සමග විවිධ කල්ලි, ප්‍රති විරෝධතා, මමත්වය,ආත්මාර්ථය,පරාර්ථය,සැකය, විවිධ මති මතාන්තර එකී මෙකී නොකී සියළු මානුෂීය ගුණාංග මේ ප්‍රජාව තුලින් මතු වෙනවා. ඒත් ඔවුන් තවම හිර වෙලා. කාගෙත් එකම අරමුණ කොහොමද මෙයින් පිට වෙන්නෙ කියල. සමහරු ඒ සඳහා වෙහෙසෙන කොට සමහරු ඒ දිනය එනකල් අලසව බලා සිටිනවා. සමහරු වැඩේ අල කරන්න උත්සාහ කරනවා. හොඳින් බලන්න මේක හැමදාම අපි දකින සමාජය නේද? චරිත එකිනෙක අධ්‍යයනය කර බලන්න. හරි අපූරු දේවල් වැටහේවි.

From S02 Sinhala Subtitles

එහෙනම් මේ කොටස බලන්න. නැවත හමු වෙමු. ආයෙත් කියන්නෙ දොර ජනෙල් වසා ගෙන නිදා ගන්න. ඒක කොහොමටත් හොඳයිනෙ. ආයුබෝවන්

From S02 Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

6,424 downloadsDownload From.S02E08.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Previous BT1All BT1Next BT1

From S02 Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

6,424 downloadsDownload Subtitles26 KB

3 comments

  1. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි බන්දුල සහෝ මේ සීරිස් එකට සබ් ගේනවට...

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  3. Sahan Gayantha

    Thanks a lot Bandula brother sub ekata