Dabba Cartel Sinhala Subtitles මෙම වසරේ Netflix ඔස්සේ නිකුත් වුණ දමිළ සිනමාව, මලයාලම් සිනමාව සහ හින්දි සිනමාව නියෝජනය කරනා ප්‍රභල නළු නිළි පිරිසක් රංගනයෙන් දායකත්වය ලබා දුන් කාන්තා මූලික නිර්මාණයක් වුණ Dabba Cartel (2025) වෙනුවෙන් සිංහල උපසිරසි අරගෙනයි අලුත් අවුරුදු දා මං බයිස්කෝප් වෙබ් අඩවිය පැත්ත…

Dabba Cartel Sinhala Subtitles
මෙම වසරේ Netflix ඔස්සේ නිකුත් වුණ දමිළ සිනමාව, මලයාලම් සිනමාව සහ හින්දි සිනමාව නියෝජනය කරනා ප්‍රභල නළු නිළි පිරිසක් රංගනයෙන් දායකත්වය ලබා දුන් කාන්තා මූලික නිර්මාණයක් වුණ Dabba Cartel (2025) වෙනුවෙන් සිංහල උපසිරසි අරගෙනයි අලුත් අවුරුදු දා මං බයිස්කෝප් වෙබ් අඩවිය පැත්තට ගොඩ වැදුනේ.
පහුගිය කොටසේ රාජිගේ ඩබ්බා ව්‍යාපාරේ නිවාස සංකීර්ණයෙන් පිටත කරන්න කියලා නිවේදනයක් ලැබුණට පස්සේ රාජි සහ මාලා තානේ නගරයෙන් තමාගේ ව්‍යාපාරයට සුදුසු තත්වයේ නිවසක් හොයා ගන්නවා. මේ අතරෙදි මාලාගේ පෙම්වතා වුණ සන්තෝෂ් තමන්ගේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය මාලා හරහා තවදුරටත් පුළුල් කර ගැනීමේ බලාපොරොත්තුවෙන් කෑම පෙට්ටි එක්ක තමන්ගේ ගංජා බෙදාහරින්න කියලා මාලා ට බල කරනවා. තමන්ගේ වීඩියෝවක් ප්‍රසිද්ධ කරයි කියන බය හින්දම මාලා රාජිට හොරෙන් සන්තෝෂ්ගේ ගංජා, කෑම පෙට්ටි එක්ක බෙදා හරින්න පටන් ගන්නවා. මේ කලබල අස්සේ මොඩෙලා ගැන සිද්ධ වෙන විමර්ශන යටපත් කරන්න වීවා ලයිෆ් ඖෂධ සමාගම විශාල පරිශ්‍රමයක් දරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා දෙවෙනි කොටසින් බලලා ඉමු නේද?
Dabba Cartel Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
772 downloadsDownload Dabba-cartel-S01E02.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Dabba Cartel Sinhala Subtitles
Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
1 comment
Buddhika laKMal
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Dabba Cartel [S01: E02] Sinhala Subtitles | අත්හළ නොහැකි ගමනක ආරම්භය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/04/dabba-cartel-S01-2.jpg)



බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට