Lazarus Season 01 Sinhala Subtitles ජනප්‍රිය Cowboy Bebop ඇනිමෙ කතා මාලාවේ නිර්මාතෘ සහ හොලිවුඩ් චිත්‍රපට මාලාවක් වෙන John Wick හි අධ්‍යක්ෂක එක්ව, Jujutsu Kaisen, Hell’s Paradise, Chainsaw Man වගේ ඇනිමෙ අරන් ආපු Mappa Studio සමඟින් Original කතා මාලාවක් ලෙසින් ඇනිමෙ ෆැන්ටසියට තිලිණ කරන ත්‍රාසජනක Laza…
Lazarus Season 01 Sinhala Subtitles
ජනප්‍රිය Cowboy Bebop ඇනිමෙ කතා මාලාවේ නිර්මාතෘ සහ හොලිවුඩ් චිත්‍රපට මාලාවක් වෙන John Wick හි අධ්‍යක්ෂක එක්ව, Jujutsu Kaisen, Hell’s Paradise, Chainsaw Man වගේ ඇනිමෙ අරන් ආපු Mappa Studio සමඟින් Original කතා මාලාවක් ලෙසින් ඇනිමෙ ෆැන්ටසියට තිලිණ කරන ත්‍රාසජනක Lazarus ඇනිමෙ කතා මාලාවේ 2 වන කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ.
“හප්නා” හෙවත් ‘ලෝකය බේරාගත් ඖෂධය’ සැබවින්ම එහි වචනාර්ථයෙන්ම ප්‍රතිඵල ගෙන දෙන්නක් වුනු වේදනා නාශකයක් වුනු නිසා ලෝකයේ හැමෝම ඒක නිකනුත් මිලදී ගන්නට දෙපාරක් හිතුවේ නෑ. ඒ ඖෂධය නිපදවපු ආචාර්ය ස්කිනර්ගේ එක්වරම අතුරුදහන් වීමත්, නැවතත් කාලෙකට පසුව ඔහු මතු වී එක් වීඩියෝ පටයක් මුදා හැරීම නිසා මුළු ලෝකයාගේම බලාපොරොත්තු කඩා වැටෙන්නට වුනා. හප්නා භාවිතා කළ අය මීළග දින 30 තුළ මරණය පත් වන බවත් එහි විෂ සිරුරෙන් ඉවත් කළ නොහැකි බවත් පැහැදිලි කරමින් නිකුත් කරපු ඒ වීඩියෝ පටය ලෝකයම වියවුලක් බවට පත් කළා. ඒත් ඒ වෙනුවෙන් එක ප්‍රතිකාරයක් තමන් සතුව ඇති බවත් ඉදිරි දින 30 අවසන් වීමට පෙර තමන්ව සොයාගන්නා අයෙකුට ඒ ප්‍රතිකාරය ලබා ගත හැකි බවත් ආචාර්ය ස්කිනර් හෙළි කරනවා.
මෙන්න මේ ප්‍රතිකාරය ලබා ගැනීමට ආචාර්ය ස්කිනර්ව සොයා මෙහෙයුමක් ඇරඹීමට විවිධ හැකියාවන්ගෙන් යුතු කිහිප දෙනෙකුගෙන් යුතු “ලාසරස්” නම් කණ්ඩායමක් නිර්මාණය වෙනවා. මෙන්න මේ කණ්ඩායමට තමයි කතාවේ කතා නායකයා යැයි අපිට පෙනෙන ‘ඇක්සෙල් ගිල්බර්ටො’ නම් පුද්ගලයා එකතු වෙන්නෙ. ශාරීරික යෝග්‍යතාවය ඇති දක්ෂයෙක් විදිහට පෙනෙන මේ ඇක්සෙල්, කණ්ඩායමේ අනිත් අයත් එක්ක මේ ආචාර්ය ස්කිනර්ව සෙවීමේ මෙහෙයුම අරඹනවා. ලාසරස් කණ්ඩායම නිර්මාණය වෙන්නෙ ඇයි? ඒකෙ ඉන්න සාමාජිකයින් කවුද? එයාලා මොන වගේ අයද? එයාලව මෙහෙයවන්නෙ කවුද? ඇක්සෙල් මේ දේවල් වලට මුහුණ දෙන්නෙ කොහොමද? ස්කිනර්ව හොයන ගමන ඇරඹෙන්නෙ කොහොමද? කණ්ඩායමට පළවෙනි හෝඩුවාව ලැබේවිද? නරඹන්න එහෙනම් මේ කොටස. එහෙනම් නරඹන්න මේ Lazarus ත්‍රාසජනක විනෝදබර ක්‍රියාදාමය. ඉදිරි කොටස් තුළින් හමුවෙමු.
Episode Name : Life in the Fast Lane
Released Date : 2025.04.12
IMDB Rating : 7.4
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
553 downloadsDownload Lazarus-S01-E02-Sinhala-Subtitles.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Lazarus Season 01 Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
2 comments
buddika
Ishan Madusha
බොහොම ස්තූතියි.
Advertisement
![Lazarus [S01 : E02] Sinhala Subtitles | ප්‍රතිකාරයට මගක් සොයා… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/04/lazarus-S01-1.jpg)



thanks ikmanata dunnata