ඔන්න එහෙනම් අවුරුදු දෙකකට අදික කාලෙකට පස්සේ මේ ඔයාලව හම්බෙන්න එන්නේ ලාස්ට් ඔෆ් අස් දෙවෙනි කතා සමය තුලින්. දැන් කට්ටියට කලින් වුණ දේවල් මතකද දන්නෙත් නෑ. මතක නැති අය වෙනුවෙන් කතාව කෙටියෙන් මතක් කරන්නම්. මේකෙ කතාව ගෙතෙන්නේ ලෝකයම කෝඩිසෙප්ස් දිලීර වසංගතයට ගොදුරු වෙලා මිනිස්සුන්ට ඒවා ආසාදනේ වෙලා සොම්බි ම…

ඔන්න එහෙනම් අවුරුදු දෙකකට අදික කාලෙකට පස්සේ මේ ඔයාලව හම්බෙන්න එන්නේ ලාස්ට් ඔෆ් අස් දෙවෙනි කතා සමය තුලින්. දැන් කට්ටියට කලින් වුණ දේවල් මතකද දන්නෙත් නෑ. මතක නැති අය වෙනුවෙන් කතාව කෙටියෙන් මතක් කරන්නම්.
මේකෙ කතාව ගෙතෙන්නේ ලෝකයම කෝඩිසෙප්ස් දිලීර වසංගතයට ගොදුරු වෙලා මිනිස්සුන්ට ඒවා ආසාදනේ වෙලා සොම්බි මෙන් විකෘති ජීවීන් පිරිසයක් නිර්මාණය වීම ගැන සහ ආසාදනය නොවුණ මිනිසුන් ජීවිතය බේරගන්න කරන අරගල ගැනයි. දැන් ලෝකේ පාලනේ කරන්නේ හමුධාව විසින්. ඔවුන් බොහොම තදයි. ඉතින් පෙලක් අය ඊට විරුද්දද සටන් කරන්න ගන්නවා. මේ විදිහට නිර්මානය වුණ කල්ලියක් තමයි ෆයර්ෆ්ලයිස් කියන්නේ. ඔවුන් මේ හමුදා පාලනයට එරෙහිව සටන් කරනවා. මේකෙදි අපේ කතා නායකයා වෙන්නේ ජෝල්. ඔහුගේ දියනිය නිරපරාදේ නැතිවෙනවා මේ වසංගතයේ ප්‍රතිපලයක් විදිහට. ජෝල් කියන්නේ එක්තරා විදිහක තද චරිතයක්. ආත්මාර්ථකාමී. තමන්ට ඉන්න සුළු පිරිස බේරගන්න ඕන දෙයක් කරයි, ඒක අනිත් අයට හානි ගෙන දෙන දෙයක් වුණත්. කතාව පටන් ගන්නේ ජෝල්ගේ මල්ලි හදිසියේ අතුරුදහන් වෙලා, ඔහුව හොයන්න යන්න ජෝල් වාහන බැටරියක් හොයන තැනින්. ජෝල්ට බැටරියක් ගන්න නම් ෆයර්ෆ්ලයිස් නායිකා මාර්ලීන්ගෙන් උදව් ගන්න වෙනවා. ඒ නිකන් නෙවේ මාර්ලීන් දෙන පැවරුමක් සම්පූර්ණ කර පසුවයි. ඒ පැවරුම කරොත් මාර්ලීන් පොරොන්දු වෙනවා ජෝල්ට හොඳ වාහනයක්, ආයුධ ඇතුලු බඩු බාහිර දෙන්න, ටොමීව හොයන්න යන්න. පැවරුම වෙන්නේ දිලීර ආසාදනේ නොවන පොඩි කෙල්ලෙක් වෙන එලීව ෆයර්ෆ්ලයිස් මූලස්ථානයට ගෙනියන එක. ඒක බොහෝ දුර තියෙන තැනක්. මේ කතාව පුරාවටම යන්නේ මෙයාලගේ මේ වීර කතාවයි ෆයර්ෆ්ලයිස් මූලස්ථානයට යන, ඒ අතර තුරේදී මෙයාලට ටොමීවත් හම්බෙනවා වයෝමින් වල ජැක්සන් කියලා ගම්මානයක් හදන් සරුසාර ජීවිතයක් ගත කරනවා. මේවාගෙන් පසු මේ මූලස්ථානයට යන විට තත්වය ගොඩක් වෙනස් වෙලා. එලී ජෝල්ට සමීප වෙලා. ජෝල්ට දැන් එලී ඔහුගේම දරුවා වගේ. දැන් ජෝල් දැනගන්නවා ෆයර්ෆ්ලයිස්ලාගේ නියම සැලසුම මොකක්ද කියලා. ඔවුන් කරන්න හදන්නේ එලීගේ දිලීර ආසාදනේ නොවන DNA අරන් අනිත් මිනිස්සුන්ට සම්බන්ද කරලා හැමෝටම ආසාදනේ බෝවෙන්නැති කරන්න, එහෙමයි මුලදි කිව්වේ. එතෙන්දි මාර්ලීන් අනාවරණය කරනවා මේ ක්‍රියාවලියෙදී එලීගේ ජීවිතය නැති වෙනවයි කියලා. මං කලින් කිව්වනේ ජෝල් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා. එහෙම කෙනෙක් තමන්ගේ දරුවාව කට්ටියක් මරන්න හදද්දි මොනවා නොකරයිද? ඒකෙන් ලෝකයම බේරෙනවා වුණත්. ඔව්, ජෝල් ඒ දේ කරනවා මුළු ලෝකයේම ගැලවීම පසක් කරලා. ඔහු මුළු ෆයර්ෆ්ලයිස් මූලස්ථානයම මාර්ලීන්ද ඇතුලුව ඝාතනය කරලා එලීව බේරගෙන එනවා. එලීට මේ ගැන සැකයක් ආවත් ජෝල් මේ සිද්දිය ගැන ඇත්ත වසන් කරලා ඇයව ඔහුගේ මල්ලි වුණ ටොමීගේ ජැක්සන් ගම්මානයට එක්ක යනවා. එතනින් පලවෙනි සීසන් එක ඉවර වෙනවා සහ එතැන් ඉදන් කතාව අපිට මේකෙන් බලාගන්න හැකිවෙනවා, ප්‍රධාන වශයෙන් එතැනින් අවුරුදු පහකට පස්සේ කතාව පෙන්නනවා. ඒ වෙද්දි ජෝල්ගෙන් එලී ගොඩක් දුරස් වෙලා. ඒ වගේම අර ෆයර්ෆ්ලයිස් මූලස්ථානයේ සිද්දිය නිසා ඉතුරු වූ ෆයර්ෆ්ලයිස්ලා කීප දෙනෙක් ජෝල්ගෙන් පලිගන්න එනවා. ගේම් එක ගහපු අය නම් දන්නවා ඇති මේක කෙලවර වෙන හැටි. නොදන්න අය ඉස්සරහට බලාගමුකෝ. එහෙනම් ඕකයි කතාව. මේ වෙනකොට නිළවශයෙන් මේක තුන්වෙනි කතා සමයක් දක්වා දීර්ග කරලයි තියෙන්නේ. ඒ කියන්නේ තව තවත් අපිට ලාස්ට් ඔෆ් අස් බලාගත හැකි වෙනවා. මේ වෙනකොට කතා මාලාවට IMDb දර්ශකේ 626,000 අධික ප්‍රමානයකින් 8.7 ඉතාමත් ඉහල අගයකුත් කුණු තක්කාලි 96% ඉතාමත් නැවුම් ප්‍රතිශතයක්ද ගන්න හැකි වෙලා තියෙනවා. මේ කොටස IMDb දර්ශකේ 8.0 හොඳ අගයක් අරගන්නවා. මේ කතා සමය නිර්මානය කරන්නෙත් පලමු කතා සමය නිර්මානය කරපු Craig Mazin සහ Neil Druckmann යන දෙදෙනායි. Neil Druckmann තමයි ගේම් එකෙත් කතාව ලියලා තියෙන්නේ. එහෙනම් බලලා රස විඳින්නකෝ. උපසිරැසි ගේද්දි නම් පලවෙනි කතා සමයට දුන්නා වගේ දවසින් දෙන්න බැරි වෙයි දැන් තියෙන වැඩත් එක්ක. හැබැයි හැකි ඉක්මනින් දෙන්නම්, ගුණාත්මකව කතාව හරි විදිහට තේරුම් අරන් බලන්න කැමති අය ඉන්නවා නම් ටිකක් බලන් හිටියාට පාඩුවක් වෙනේකක් නෑ. එහෙනම් ලබන සතියෙන් හමුවෙමු. ජයවේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,507 downloadsDownload The-Last-of-Us-S02E01.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
13 comments
Buddhika laKMal
lakmal
thanks bro sub ekta
Kps
Thanks..........................
SACHINTHA
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
තවත් උපසිරසි නිරමාණයකින් නැවත හමු වෙමු
ජයKalana Wasala
Thanks
sam raj
Thanks Bro,,, Keep it up
Sanjaya
2 weni Epiyath denna.
Thank you!!! sub ekataashen
thanks. s2 e2 ekath ona
chamod
Season 01 eka ayeth upload kenannako
indika 75
thanks..
Anonymous
thanks..
Anonymous
Thanks sub ekata
Sahan Gayantha
thanks a lot Bimsara saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


ස්තූතියි බිම්සර සහෝ උපසිරැසියට...
දෙනකම්ම බලාගෙන හිටපු සීරිස්එකක්