Watch Trailer

Daredevil: Born Again [S01 : E03] Sinhala Subtitles | වයිට් ටයිගර්ගේ ඉරණම! [සිංහල උපසිරසි]

Daredevil: Born Again S01 Sinhala Subtitles ඉතින් පහුගිය කොටසෙන් ඔයාලා දැක්කනේ හෙක්ටර් අයාලා වැරදි නඩුවකට පැටලෙනවා. නමුත් උසාවියට ඔප්පු කරන්නට නම් සාක්ෂිකරුවෙක් වෙන නිකීව බේරගන්න වෙනවා. ඒකට පොඩි වෙලාවකට ඩෙයාඩෙවිල්ට අවධානමක් ගන්න පවා සිද්ධවුනා. ඉතින් අද කොටසෙත් එයාගේ අපරාධ නඩුව ගැන තමා ලොකු කොටසක්…

 

Daredevil: Born Again S01  Sinhala Subtitles

ඉතින් පහුගිය කොටසෙන් ඔයාලා දැක්කනේ හෙක්ටර් අයාලා වැරදි නඩුවකට පැටලෙනවා.
නමුත් උසාවියට ඔප්පු කරන්නට නම් සාක්ෂිකරුවෙක් වෙන නිකීව බේරගන්න වෙනවා.
ඒකට පොඩි වෙලාවකට ඩෙයාඩෙවිල්ට අවධානමක් ගන්න පවා සිද්ධවුනා.

ඉතින් අද කොටසෙත් එයාගේ අපරාධ නඩුව ගැන තමා ලොකු කොටසක් වෙන් වෙන්නේ.ඒවගේම එන්ඩින් එක නම් ඇඬෙන්නම දීලා තියනවා. අපිට ඉදිරි කතාංග වලින් පනිෂර් සහ ගොඩක් දුරට අයන් ෆිස්ට් හෝ තවත් ඩිෆෙන්ඩර් කෙනෙක්ව බලාගන්න ලැබෙයි, සමහරවිට ස්පයිඩර්මෑන් ඉන්නත් පුළුවන්.

කොහොමහරි දැනට කතා නායකයා වෙන හෙක්ටර් අයාලා තමයි කොමික් වල පලවෙනි වයිට් ටයිගර් වෙන්නේ
ඇත්තටම මෙයාගේ බලය ලැබෙන පලඳනවා මුලින්ම තිබිලා තියෙන්නේ කෑලි 3කටඒක තුන්දෙනෙක් දාගෙන ඒ තුන්දෙනා එකට අපරාධ වලට විරුද්ධව සටන් කරලා තියනවා.මෙයාලා හැඳින්වෙන්නේ Sons Of Tiger හැටියට කොහොමහරි මෙයාලා අතර ඇතිවෙන සටනකින් මේ පළඳනා 3ම පාරක වැටෙනවා. මෙන්න මේ ටික අහුලගන්නවා අපේ හෙක්ටර් අයාලා, ඒත් එක්කම මේ තුන එකතුවෙලා එක පළඳනාවක් බවට පත්වෙලා, එයාට Moon Knight වගේ ඇඳුමක් හැදෙනවා. හැබැයි ඩෙවාඩෙවිල් එකේදි නම් වෙනම ඇඳුමක් එයා ඇඳගන්නවා. ඒත් ඒ පළඳනාව ඒ විදිහටම තියනවා.මේ පලඳනාවට බලය ලැබෙන්නේ Tiger God කියන දෙවියන්ගෙන් (ඒක හරියට බ්ලැක්පැන්තර්ට බලය ලැබෙන්නේ Panther God වෙන Bast ගෙන් කියලා එයාලා විශ්වාස කරන්නේ අන්න ඒවගේ.)

ඉතින් මේ පළඳනාවෙන් හෙක්ටර්ට ආත්මාරක්ෂක සටන්කලා හැකියාවක්, Super Human Strength (ශක්තිය), Enhanced Speed (වේගය), Healing Factor (සුවවීමේ හැකියාවක්), Agility (නම්‍යශීලීත්වය), Superhuman Reaction Speed and Enhanced hearing (ඉහල ප්‍රතිචාර දැක්වීමේ වේගයක් වගේම ඉහල ඇසීමේ හැකියාවක්) ලැබෙනවා.
එහෙනම් අද බලමු වික්ටර් අයාලා නිවැරදිකරුවෙක් බව ඩෙයාඩෙවිල්ට ඔප්පු කරගන්න පුළුවන් වෙයිද කියලා.
ඒවගේම දැන්ම කියන්නම් මේ කතාංගයේ අවසානය ෂොකින් ඇන්ඩ් ත්‍රිලින් කියලා.
4වෙනි කතාංගය අරගෙන සනූප මල්ලි ඔයාලා හමුවට එයි. , Excelsior

Daredevil: Born Again S01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,528 downloadsDownload Daredevil-Born-Again-S01-E03-Sinhala-Subtitles.zip24 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Daredevil: Born Again S01 Sinhala Subtitles

 

Previous BT1

All BT1

Nxt Season BT12

Subtitles by

නිර්මාල් විමුක්ති

Subtitles

2,528 downloadsDownload Subtitles24 KB

2 comments

  1. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  2. Sahan Gayantha

    thanks a lot SK saho sub ekata