Watch Trailer

Daredevil: Born Again [S02 : E01] Sinhala Subtitles | නෝර්දන් ස්ටාර් [සිංහල උපසිරසි]

Daredevil: Born Again Season 2 Sinhala Subtitles හලෝ කට්ටිය ඔන්න කොයිවෙලේ එයිද කියලා මඟ බලාගෙන හිටපු සීරිස් එකක දෙවනි සීසන් එක එන්න පටං ගත්තා වෙන මොකක් වත් නෙවෙයි මේ Daredevil: Born Again Season 02. ආය ඉතිං මඳි නොකියන්න Marvel ලා Season 01 දුන්නා මතක ඇතිනේ. ඒ වගේ තමා ඉතිං මේ Season 02 එකේ පළවෙනි එප…

Daredevil: Born Again Season 2 Sinhala Subtitles

හලෝ කට්ටිය ඔන්න කොයිවෙලේ එයිද කියලා මඟ බලාගෙන හිටපු සීරිස් එකක දෙවනි සීසන් එක එන්න පටං ගත්තා වෙන මොකක් වත් නෙවෙයි මේ Daredevil: Born Again Season 02. ආය ඉතිං මඳි නොකියන්න Marvel ලා Season 01 දුන්නා මතක ඇතිනේ. ඒ වගේ තමා ඉතිං මේ Season 02 එකේ පළවෙනි එපියම ගිනි ගින්දර ඉතිං මඳි නොකියන්නම. Disney+ සුපුරුදු පරිදි Rated R වර්ග කිරීමක් යටතේ තමා Season 02 එකත් එළියට දාන්නේ, ඇයි කියලා ඉතිං අමුතුවෙන් කියන්න ඕනි නෑනේ මතකනේ Season 01 වල තිබ්බ සුපිරි දර්ෂන ටික.

පළවෙනි සීසන් එකේදි සිද්දිය ඇවිල්ලා ෆොගී නෙල්සන් ව Bullseye විසින්  මරලා දැම්මට පස්සේ මැට් මර්ඩොක් “Daredevil” ජීවිතයෙන් පොඩ්ඩක් ඈති වෙලා සාමාන්‍ය නීතීඥයෙක් විදිහට තමා වැඩ කරගෙන යන්නේ. කාලයත් එක්ක ඔහොම යනකොට එයා White Tiger වෙනුවෙන් ඉදිරිපත් වුන නීතීඥයා විදිහට වැඩේට බහිනවා. හැබැයි ඉතිං මැට් ට New York වල මේ අතරේ වෙන සිස්ටම් චේන්ජ් එක අල්ලන්නේ නෑ. ඔහොම යද්දි විල්සන් ෆිස්ක් New York වල නඟරාදිපති විදිහට බලයට පත් වෙනවා, මැර දේශපාලන සහා බිය වැද්දීම් වලින් ෆිස්ක් New York වල පොරගේ බලය තහවුරු කරගෙන යනගමං “Anti-Vigilante Task Force” එක හදලා රහසිගතව පොරගේ අපරාධ වැඩ දිගටම කරගෙන යනවා. New York වල අපරාධ වැඩි වෙනවත් එක්කම මැට් ආයත් Daredevil විදිහට පරන ගේමට බහිනවා. ෆොගී ගේ මරණය ෆිස්ක් ගේ ප්ලෑන් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා කියලා මැට් දැනගන්නවා. මේ අතරේ ෆිස්ක් New York වලට ඇඳිරි නීතිය දාලා, Vigilantes ලට New York තහනම් කරනවා. අන්තිමට කැරන් පේජ් එක්ක එකතු වුන Daredevil එයාගේ ලොකුම හතුරට එරෙහිව සටන් කරන්න ලෑස්ති වෙනවා.


දෙවනි සීසන් එකේ මේ පළවෙනි එපිය ගැන පොඩියට කිව්වොත් දැනට මැට් Daredevil විදිහට තාමත් හැංගිලා ඉන්නේ, මුල් සිද්දි වලින් මාස 06ට වගේ පස්සේ Daredevil විල්සන් ෆිස්ක් සම්බන්ද වෙලා ඉන්න ආයුධ ජාවාරම් නෞකාවකට පහර දීමක් කරනවා, මීට වඩා මම නොකිය ඉන්නම් මොකද කතාව Spoil වෙන නිසා. කොහොම හරි මේ සිද්දිය වටේ තමා පළවෙනි එපියම ගලාගෙන යන්නේ, එහෙනම් “Daredevil: Born Again” දෙවනි සීසන් එක මේ විදිහට පටං ගත්තා කට්ටිය, සතියකට එක එපිය ගානේ Release වෙනවා ඉතිං අපි සබ් දෙන්නම් ඔයාලට බැලිල්ලක් තමා තියෙන්නේ…

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,521 downloadsDownload Daredevil-Born-Again-S02E01.zip25 KB

width=

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල සංජීව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Nxt Season BT12

All BT1

Nxt Season BT12

Subtitles by

අතුල සංජීව

Subtitles

1,521 downloadsDownload Subtitles25 KB

5 comments

  1. Buddhika laKMal

    සබ්එකට තැන්ක්ස් මචං

  2. lakshan ...............

    thanks ....................

  3. Sahan Gayantha

    thanks a lot Athula saho sub ekata

  4. Sandaru Nimsara

    Thanks

  5. Tharidu Sagara Sadalu

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤