Watch Trailer

DCs Legends of Tomorrow [S02 : E13] with Sinhala Subtitles | ඩයිනෝසර් අවධිය [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය සතියේ කොටස ගැන බැලුවොත්. කැප්ටන් හන්ටර් දැන් ඉන්නෙ තෝර්න්ට ඕන විදිහට, මොකද එයා ඔහුගේ ඔලුව වෙනස් කළා. ඒවගේම තෝර්න් දැනගත්ත හෙල්ලයේ කොටස් ටික දීල තියෙන්නෙ JSA එකේ සාමාජිකයන් 3න් දෙනෙක්ට කියල. ඒ තුන් දෙනා ඉන්නේ කොහෙද කියල දන්නෙ එකම කෙනයි ඒ තමයි හන්ටර්. ඉතින් හන්ටර්ගේ ඔලුව වෙනස් කරලා තියෙන නිසා…

Legend of tomorrow S2-1

පහුගිය සතියේ කොටස ගැන බැලුවොත්. කැප්ටන් හන්ටර් දැන් ඉන්නෙ තෝර්න්ට ඕන විදිහට, මොකද එයා ඔහුගේ ඔලුව වෙනස් කළා. ඒවගේම තෝර්න් දැනගත්ත හෙල්ලයේ කොටස් ටික දීල තියෙන්නෙ JSA එකේ සාමාජිකයන් 3න් දෙනෙක්ට කියල. ඒ තුන් දෙනා ඉන්නේ කොහෙද කියල දන්නෙ එකම කෙනයි ඒ තමයි හන්ටර්. ඉතින් හන්ටර්ගේ ඔලුව වෙනස් කරලා තියෙන නිසා එයා යනවා මේ හෙල්ලයේ කොටස් ටික තියන තුන් දෙනා හොයාගෙන. එක කොටසක් තියෙන්නේ 3000 වර්ෂයේ ඩිට්‍රොයිට් වල. ඒක ආරක්ෂා කරන්නෙ ඩොක්ටර් මිඩ්නයිට්. හන්ටර් ඇවිල්ල එයාව මරල ඉරණමේ හෙල්ලයේ කොටස අරන් යනවා. කණ්ඩායම එතනට එද්දී පරක්කු වැඩියි. හැබැයි එයාලට පලුවන් වෙනවා ස්නායු පාලනය කරන උපකරණයක් හොයාගන්න. කණ්ඩායම මේ කොටස් තියන තැන හොයාගන්න පාවිච්චි කරන්නෙ අර යන්තරය ගිඩියන්ට සමබන්ධ කරලා ලිලී ලියල දුන්න ඇල්ගොරිදම් එක පාවිච්චි කරලා. ඒ නිසා එයාල අදාළ තැනට යද්දී ටිකක් ප්‍රමාදයි.

මේ වෙද්දී හන්ටර් ළඟ තිබ්බ කොටස සහ ඩොක්ටර් මිඩ්නයිට් ළඟ තිබ්බ කොටසත් එක්ක කොටස් දෙකක් තියෙන්නේ මරණයේ කල්ලිය අතේ. කොහොම වුණත් ගිඩියන්ට පුළුවන් වෙනවා තවත් කොටසක් තියන තැන හොයාගන්න. ඒක තියෙන්නෙ ක්‍රිස්තුවර්ෂ 507 බ්‍රිතාන්‍ය විදිහට හඳුන්වන දූපතේ. ඉතින් කණ්ඩායම යනවා මේ කාලයට. යද්දි තමයි එයාලට හම්බෙන්නෙ කැමලොට්. ආතර් රජු තමයි මේ නගරේ ඉන්න රජතුමා. ඔහු ඉතාම ශ්‍රේෂ්ට රජ කෙනෙක්. ඒවගේම එයාගේ ආරක්ෂකයා වෙන්නේ මර්ලින්. කණ්ඩායම මාලිගාවට යනවා. එතනදී මෙයාල හතුරන්ද නැත්තම් මිතුරන්ද කියල පරීක්ෂා කරන වැඩේ පැවරෙන්නේ මර්ලින්ට. ඇත්තටම මේ මර්ලින් කියන්නේ ස්ටාර්ගර්ල්. එතැනදී තමයි කණ්ඩායමේ අය දැනගන්නේ රිප් ඉරණමේ හෙල්ලය කොටස් හතරකට කඩල JSA එකේ 3 දෙනෙක්ට කොටස් තුනක් දීල එයාලව වෙනස් කාල තුනකට යවල එකක් රිප් ළඟම තියාගත්තා කියල.

ඒවගේම කැමලොට් වල මේ දවස් වල බ්ලැක් නයිට් කියල නපුරු නයිට් වරයෙක් සැරිසරනවා. එයා ආතර් රජතුමාගේ වට මේසේ ඉන්න ශ්‍රේෂ්ට නයිට් වරුන්ව පැහැරගන්නව. රජතුමා දඩයමට කැලයට ගිය වෙලාවේ මේ බ්ලැක් නයිට්ව හම්බෙලා සටනක් යනවා. මෙතැනදී බ්ලැක් නයිට් දිනනවා. පුදුමයක් නෙවෙයි. බ්ලැක් නයිට් කියන්නේ ඩේමියන් ඩාර්ක්. එයා ආතර් රජතුමාව පාවිච්චි කරලා කැමලොට් මාලිගාවට එනවා. ආතර්ව පාලනය කරන්න පාවිච්චි කරන්නේ අර 3000 වර්ෂයේ තිබ්බ ස්නායු පාලනය කරන තාක්ෂනය පාවිච්චි කරලා. කොහොමහරි මරණයේ කල්ලිය මාලිගාවට ඇතුල් වෙලා ස්ටාර්ගර්ල්ව අල්ලගන්නවා. එයාට තර්ජනය කරනවා හැන්දෑ වෙද්දි හෙල්ලයේ කොටස දුන්නෙ නැත්තම් හමුදාවක් අරන් ඇවිල්ල කැමලොට් විනාශ කරනවා කියල. ඇත්තටම මේ හමුදාව වෙන්නේ අර ස්නායු පාලන උපකරණ සවි කරපු නයිට් වරුන්ගෙන් පිරුන හමුදාවක්. මේ අතරේ අමායට පුළුවන් වෙනවා හෙල්ලයේ කොටස හොයාගන්න. ඒක තියෙන්නෙ ආතර්ගේ කඩුවෙ අග හයි කරලා. කට්ටියම ඒක අරන් යානයට ගොඩ වුණත් එක්කෙනෙක් එන්න කැමති වෙන්නෙ නෑ. ඒ තමයි රේ. මොකද එයා ආසාවෙන් ඉන්නෙ කැමලොට් වෙනුවෙන් සටන් කරන්න එයාට තිබ්බ හීන වගේ. ඉතින් මේ හේතුව නිසා කණ්ඩායමටත් බැරි වෙනවා රේව දාල යන්න. ඒ නිසා කණ්ඩායමේ අයත් තීරණය කරනවා සටනට යන්න. සටනින් බ්ලැක් නයිට් හෙවත් මරණයේ කල්ලිය පරාද වෙනවා. මොකද අර ස්නායු පාලන උපකරණය විනාශ කරන්න මාටින්ට, ජැක්ස්ට සහ රෝරිට පුළුවන් වෙනවා. ඒවගේම නපුරු රිප්ව යානයට ගෙනත් හිර කරගන්න සාරාට පුළුවන් වෙනවා. දැන් ඇත්තටම රිප්ගේ මනස වෙනස් වුණත් එයා ඉන්නේ කණ්ඩායම යටතේ. එහෙමම කියන්නත් බෑ. මොකද ගිඩියන් ඉන්නෙ රිප් යටතේ වෙන්නත් පුළුවන්. කට්ටියම කැමලොට් වලට සමු දීල ආපහු යානයට ගොඩ වෙන්නෙ හෙල්ලයේ ඉතුරු අන්තිම කොටස හොයාගෙන යන්න. එහෙනම් ඒ ටික අද කොටසින් බලමු. ඊළඟ කොටසින් හමුවෙමු. ජය වේවා!!!

Legends of Tomorrow (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

3,958 downloadsDownload dcs.legends.of_.tommorrow.213.hdtv-lolettv.rar24 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

3,958 downloadsDownload Subtitles24 KB

34 comments

  1. kavishka

    thanks bro

  2. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  3. Gimhana Prabhath

    thanks bro

  4. Eranga Sandaruwan

    බෝම ස්තූතියි උප සිරැසියට..
    ජය වේවා..

  5. මධුකප්‍රිය පෙරේරා

    තැන්ක්ස්

  6. Nirodha uthpala

    Thx achiya mama hetuwa amataka vuna tamai keyala elama obata jaya bro digatama sub denna labeva keya hadavatinma partana karanava

  7. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....

  8. Prasad Randunu

    Bohooooma Sthuthi Sahoooo... Puluwan Ikmanata Dunnata pin.
    Akuth icon tikath maru " Kathanga Siyall/Pasu Giya Kitasa" wage ewa. Niyamai. Sadaa Jaya Baiscopelk and Crew

  9. Udara Damith B/K

    ..බොහොම ස්තුතියි...
    ************

  10. Zeal

    thanx mcn

  11. කවියා✌️✌️✌️

    Tq bro

  12. Kulanjana Maduranga

    niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. එල්.සී. දමැල්

    තැන්ක්ස්...

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. nimal

    Thanks for sub

  16. Kavinda Buddhika

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  17. Gihan Iddamalgoda

    thanks 4 sub.

  18. Lakshan

    Thanks Bro.

  19. KAVINDA GAMAGE

    thank you

  20. Supun

    Ela Ela

  21. Nirodhya dilshan

    Thanks 4 sub

  22. Udara Damith B/K

    රිප් මාමා ආයි ආව එකට මන් හෙන කැමතියි

  23. Mahesh

    Sub ekata thanx

  24. TháRàñga Ñ ÐaRshánà

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට. දිගටම කරගෙන යමු. ජය!

  25. Amila Mudalige

    Thanks saho sub ekta

  26. PDROX

    tanx bro

  27. piyumal sanjeewa

    බොහොම ස්තුතියි සහෝ…

  28. Prabhath Jayasundara

    14ත් ඕනි ඉක්මනටම

  29. Dilshan

    ko episode 14 sub nedda bro?

  30. Rashmika Madusan

    14 sub oni....

  31. nirosha

    adath kathawe mana weyda danne na. sabata thanks

  32. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  33. Naveen Rangana

    උපසිරැසියට බොහොම ස්තූතියි......................

  34. Sajithlakshan

    උපසිරැසියට බොහොම ස්තූතියි