Demon Slayer AKA Kimetsu no Yaiba Sinhala Subtitles 2024 වසරේ Spring Season හි වඩාත් බලාපොරොත්තු සහගත, වඩාත් ජනප්‍රිය වගේම උන්මාදජනක ඇනිමෙ කතා මාලාවක් වෙන Kimetsu No Yaiba AKA Demon Slayer Season 4, එහෙමත් නැතිනම් Hashira Training Arc හි 3 වන කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ. Demon Slayer හි අලුත්…

2024 වසරේ Spring Season හි වඩාත් බලාපොරොත්තු සහගත, වඩාත් ජනප්‍රිය වගේම උන්මාදජනක ඇනිමෙ කතා මාලාවක් වෙන Kimetsu No Yaiba AKA Demon Slayer Season 4, එහෙමත් නැතිනම් Hashira Training Arc හි 3 වන කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ. Demon Slayer හි අලුත් කතා සමයට දැන් හැම චරිතයක්ම පාහේ එකතු වෙලයි ඉන්නේ. ඉතින් රසවින්දනයේ කිසිම අඩු පාඩුවක් නැතුව අපිට කතාව රසවිඳින්න පුලුවන්.
Demon Slayer AKA Kimetsu no Yaiba Sinhala Subtitlesආරම්භක කොටසේදී පවත්වපු හෂිරා රැස්වීමේදී තීරණය වුනු හෂිරා පුහුණුව දැන් ඇරඹිලයි තියෙන්නෙ. ඒ වෙනුවෙන් පුහුණු වීම් කරවන්න විශ්‍රාම ගිය හෂිරාවරයෙක් වෙන ශබ්ද හෂිරා හෙවත් උසුයි ටෙන්ගන් පවා එකතු වෙනවා. ඒත් මේ පුහුණුවට ජල හෂිරා වෙන ටොමියෝකා ගියූ තමන්ගේ දායකත්වය සපයන්නේ නැතුව ඉන්න තීරණය කරනවා. යක්ෂ නාශක බලකා ප්‍රධානීතුමාගේ ඉල්ලීම අනුව ගියූ හමුවෙන්න යන තන්ජිරෝ කමාඩෝ, කොහොම උත්සාහ කළත් ගියූ තන්ජිරෝව හැමවෙලේම මඟ අරිනවා. බේරෙන්න බැරිම තැන ගියූ තමන් මෙහෙම තීරණයක් ගන්න හේතුව, මේ වගේ ජීවිතයක් ගෙවන්න හේතු වුනු සිදුවීම තන්ජිරෝට කියනවා. කුඩා කාලයේ යක්ෂ නාශක අවසාන තේරීම සිද්ධ වුනු කාලයේ සිද්ධ වුනු අවසනාවන්ත සිදුවීමක් නිසාවෙන් ගියූ මේ විදිහේ ජීවිතයක් ගෙවන්න තීරණය කළ බව හෙළි කරනවා. තමන්ගේ එකම හොඳම මිතුරා වගේම තමන්ට වඩා අති දක්ෂ සබිතෝගේ අවසනාවන්ත මරණය නිසාවෙන් වගේම අවසන් පරික්ෂනයෙන් අදාළ සුදුසුකම් හරි හැටි සැපුරුවේ නැහැයි කියන කාරණා මත තමන් හෂිරාවරයෙක් වීමටත් සුදුසු නැති බව ගියූ හෙළි කරනවා. ඒත් සබිතෝගෙන් ලබාගත්තු දේ වගේම අකාලයේ මිය ගිය තමන්ගෙ අක්කා වෙනුවෙන්වත් ඒවා අනාගතයට නොදෙන්නෙ ඇයි, ඒක සබිතෝගෙ වගේම අක්කාගේ මතකයටත් අගෞරවයක් බව තන්ජිරෝ පැහැදිලි කරද්දි ජල හෂිරා ටොමියෝකා ගියූ හෂිරා පුහුණුවට එකතු වෙන්න අවසානයේදී තීරණය කරනවා.
Demon Slayer AKA Kimetsu no Yaiba Sinhala Subtitlesතවත් පැත්තකින් යක්ෂණියකට යක්ෂ නාශක බලකා මූලස්ථානයට එන්න ආරාධනාවක් එනවා. ඒ තමයි Season 1 හි අපිට හමුවුනු තන්ජිරෝට සහ නෙසුකෝට උදව් කරන යක්ෂණිය තමායෝ. නෙසුකෝගේ වෙනස්වීමත් එක්ක බලකායේ ශිනෝබු කොචෝ සමඟ එකතු වෙලා මුසාන්ව පැරදවීමට එකතු වෙන්නැයි කියන බලකා ප්‍රධානී කගායා උබුයාශිකිගේ ආරාධනාව මේ යක්ෂණිය පිළිගන්නවා. ඒ වගේම තන්ජිරෝ දැන් බොහෝ දුරට සුව වෙලායි ඉන්නෙ. ඒ වගේම දැන් සෙනිට්සු, ඉනොසුකේ දෙන්නත් ඉන්නවා. දැන් මුහුණ දෙන්නෙ පළමු හෂිරා පුහුණුවට… මූලික පුහුණුවක් වෙන මේකත් එසේ මෙසේ එකක් නම් නෙමෙයි… බලන්නකො එහෙනම් මොකද වෙන්නෙ කියලා. එහෙනම් Demon Slayer Season 4 හි හතරවෙනි කොටසින් මීළඟ සතියෙදි හමුවෙමු.
Demon Slayer AKA Kimetsu no Yaiba Sinhala Subtitlesලංකන් Weebs වෙනුවෙන් – මලිත් කෞෂාල්
Episode Name – Fully Recovered Tanjiro Joins the Hashira Training!
Aired Date – 2024.05.26
IMDB Rating – 7.4 (2024.05.28)
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.
7,213 downloadsDownload Demon.Slayer.Kimetsu.no_.Yaiba_.S04E03.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Demon Slayer AKA Kimetsu no Yaiba Sinhala SubtitlesSubtitles by
ලංකන් Weebs
Subtitles
- #2021
- #2023
- #Akiyuki Shinbo
- #Demon Slayer
- #Demon Slayer Season 04
- #Demon Slayer Sinhala Sub
- #Editor's Pick
- #Hitoshi Ône
- #Kimetsu no Yaiba
- #Mamoru Miyano
- #Masaki Suda
- #MaxxA
- #Mugen Train Arc
- #Nobuyuki Takeuchi
- #Offbeat
- #Season 04
- #Shunji Iwai
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Suzu Hirose
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
15 comments
Anonymous
Wathsan wickramasinghe
supiri
Tharaka Damith
Thankyou ikmanata episode 3 eka dunnata. ❤️
Tharaka Damith
Thama video file site ekata daala na neh.... ekt danakan balan inne
Das
Supiri..aasawen balanawa
Tharaka Damith
Episode 3 eke video file eka gaththada?
Dilshan buddika
Supiri ❤️❤️❤️
zoro
thanks ikmanata dunnata
Akila Dilhara
Thanks for Sub,Brother...
Yehan
Thanks Sago ❤❤️
Dimuthu
මෙ තරම් ඉක්මනට අවමද කොහෙද සබ් එක තැන්ක්ස් ..
Devindu Neelamal
kaiju no 8 eke ithuru ep tikata sub dennko
Anonymous
කො ඊලග එක
LEGEND
episode 4 dennadda
Ranga
ikmanatama denawa sahoo...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



supiri