Criminal Record [S01 : E01] Sinhala Subtitles හිතවතුනි, එහෙම නම් මේ වතාවේ මම ඔබ හමුවට අරගෙන එන්නේ 2024 වසරේ නිකුත් වුණු නවතම අපරාධ විමර්ෂණ ගණයේ බ්‍රිතාන්‍ය කෙටි ටෙලිනාට්‍යයක් වන Criminal Record කතා මාලාවයි. කොටස් අටකින් යුක්ත වන මේ ටෙලිවෘතාන්තය මුල්වරට නිකුත් වුණේ 2024 ජනවාරි 10 වැනිදා. Criminal Re…

Criminal Record Sinhala Subtitles

හිතවතුනි, එහෙම නම් මේ වතාවේ මම ඔබ හමුවට අරගෙන එන්නේ 2024 වසරේ නිකුත් වුණු නවතම අපරාධ විමර්ෂණ ගණයේ බ්‍රිතාන්‍ය කෙටි ටෙලිනාට්‍යයක් වන Criminal Record කතා මාලාවයි. කොටස් අටකින් යුක්ත වන මේ ටෙලිවෘතාන්තය මුල්වරට නිකුත් වුණේ 2024 ජනවාරි 10 වැනිදා. Criminal Record කතා මාලාව IMDb දර්ශකයේ 7.1/10 ක ඉහළ අගයක් වගේම, rotten tomatoes අඩවියේ 91%ක අනුමත අගයක් ලබාගත් අතර සාමාන්‍ය ලෙස 7.8/10ක ප්‍රසාද මනාප අගයක්ද, Metacritic ලකුණු 73/100ක් ද, ලබාගන්නට සමත් වුණා. මේ ටෙලිවෘතන්තයේ අන්තර්ගත වන්නේ ලන්ඩනයේ පොලිස් ස්ථානය කේන්ද්‍ර කරගත් තරුණ අපරාධ පරීක්ෂකවරියක් සහ ඇයගේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු අතර ඇතිවන ඝට්ටනයන් සමඟින්, දොළොස් වසරකට පෙර සිදුවුණු අබිරහස් මිනීමැරුමක් ගැන තතු හෙළිදරව් කරගැනීමට, යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් ගෙනයන අරගලයක් සම්බන්ධවයි. මේ අරගලය අතරමඟදී පොලිසියේ අභ්‍යන්තර ගණුදෙනු ගැන කෙරෙන කුතුහලය දනවන අනාවරණය කිරීම් හමුවේ කතාව උද්වේගකර ලෙසින් ඉදිරියට දිවෙන අන්දම ඔබට දකින්නට හැකි වෙයි. පොලිස් ම්ලේච්ඡත්වය, ජාතිවාදය, වර්ණවාදය, දරිද්‍රතාවය, ෆැසිස්ට්වාදය, යුක්තිය උල්ලංඝණය කිරීම්, වැඩිහිටි රැකවරණය, ස්ත්‍රී ද්‍රෝහීත්වය ඇතුළු තේමාවන් ගණනාවක් ඔස්සේ දිවෙන මේ කතාමාලාව ඔබට අලුත් අත්දැකීමක් වේවි. පහත දැක්වෙන කතාංග කොටස් දහය අද පටන් ඉදිරියට ඔබ හමුවේ සිංහල උපසිරැසි ද සමඟින් දිගහැරෙනු ඇති.

  1. “Emergency Caller” – “හදිසි අමතන්නිය”
  2. “Two Calls” – “ඇමතුම් දෙකක්”
  3. “Kid in the Park” – “උද්‍යානයේ දරුවා”
  4. “Protected” – “ආරක්ෂිතයි”
  5. “Possession with Intent” – “සචේතනිකව සන්තකයේ තබා ගැනීම”
  6. “Beehive” – “මී වදය”
  7. “The Sixty-Twos” – “හැට දෙකේ උදවිය”
  8. “Carla” – “කාර්ලා”


ප්‍රධාන විමර්ෂණ පරීක්ෂක ඩැනියෙල් හෙගර්ටි (වමේ) සහ විමර්ෂණ සැරයන් ජූන් ලෙන්කර් (දකුණේ)

සමස්තයක් ලෙස Criminal Record කතා මාලාව විචාරකයන්ගේ යහපත් ප්‍රතිචාර වලට භාජනය වුණා.

රංගනයෙන් දායක වන ශිල්පින් සහ ශිල්පිනියන්

ප්‍රධාන

  1. Peter Capaldi ප්‍රධාන විමර්ෂණ පරීක්ෂක ඩැනියෙල් හෙගර්ටි ලෙසින්
  2. Cush Jumbo විමර්ෂණ සැරයන් ජූන් ලෙන්කර් ලෙසින්
  3. Zoë Wanamaker මොරින් ලෙන්කර් ලෙසින්
  4. Charlie Creed-Miles විමර්ෂණ සැරයන් ටෝනි ගිල්ෆොයිල් ලෙසින්
  5. Cathy Tyson ඩොරිස් මැතිස් ලෙසින්
  6. Stephen Campbell Moore ලියෝ හැනර්ති ලෙසින්
  7. Shaun Dooley විමර්ෂණ සැරයන් කිම් කාඩ්වෙල් ලෙසින්

 

ප්‍රතිවර්ත

  1. Dionne Brown විමර්ෂණ සැරයන් ක්ලෝයි සමර්ස් ලෙසින්
  2. Tom Moutchi එරල් මැතිස් ලෙසින්
  3. Aysha Kala සෝනියා සිං ලෙසින්
  4. Jordan Nash ජෙකොබ් ලෙසින්
  5. Georgina Rich ක්ලෝඩියා මේහෙව් ලෙසින්
  6. Rasaq Kukoyi පැට්‍රික් බරෝවිස් ලෙසින්
  7. Maisie Ayres ලීසා හෙගර්ටි ලෙසින් 

ආරාධිත

  1. Kerrie Hayes ජෙනී විට්ලෝ ලෙසින්
  2. Paul Thornley ස්ටෙෆාන් ඈෂ් ලෙසින්
  3. Steffan Cennydd විමර්ෂණ සැරයන් ජෙඩ් ස්ටනිස් ලෙසින්
  4. Chizzy Akudolu ජැස්මින් පීටර්ස් ලෙසින්
  5. Carolina Main ඩියානා මාක්හැම් ලෙසින්
  6. Andrew Brooke ක්ලයිව් සිල්කොක්ස් ලෙසින්
  7. Anna Wilson-Jones හෙස්ටර් ඈෂ් ලෙසින්
  8. Francis Lovehall ජේසන් රීව් ලෙසින්
  9. Pippa Nixon අයිවී ලෙසින්

අද පළ වන කතාංගය ගැන:

පළමු කොටස – “Emergency Caller” – “හදිසි අමතන්නිය”
අධ්‍යක්ෂක – Jim Loach
තිරරචනය – Paul Rutman
මුල්වරට නිකුත් කෙරුණු දිනය – 2024 ජනවාරි 10
IMDb Ratings – 7.7/10

අද කොටසේ කතාවට යොමු වෙමු. විමර්ෂණ සැරයන් ජූන් ලෙන්කර් නිර්නාමික හදිසි ඇමතුම්කරුවෙකු සම්බන්ධ නව නඩුවක් භාරව සිටී. පොලිසියේ හදිසි ඇමතුම් අංශයට අමතන නිර්නාමික කාන්තාවක් පවසන්නේ, තම පෙම්වතා තමන්ට මරණ බවට තර්ජනය කරන බවටයි. ඊට පෙර ඔහු සිය කළින් පෙම්වතිය ද ඝාතනය කළ බව ද, ඔහු පුරසාරම් දොඩමින් පවසන බවත්, ඔහු වෙනුවට එම ඝාතනයට සිරදඬුවම් විඳිමින් සිටින්නේ වෙනත් මිනිසෙක් බවත් මේ නිර්නාමික අමතන්නිය කියනවා. ජූන් මෙම සාවද්‍ය විනිශ්චය පිළිබඳව විමර්ශනය කරනවා. ඇයට ලබා දී ඇති තොරතුරු වලට ගැලපෙන එරල් මැතිස් නම් මිනිසෙකු සොයා ගන්නවා. ජූන් පසුව ඇඩිලේඩ් බරෝස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් එරල්ට චෝදනා කළ රහස් පරීක්ෂකවරයා සම්බන්ධ කර ගන්නවා ප්‍රධාන විමර්ෂණ පරීක්ෂක ඩැනියෙල් හෙගර්ටි පවසන්නේ එරල් අපරාධය පාපොච්චාරණය කළ බවත්, ඔහු මිනීමරුවා බව සැක නැති බවත්. නමුත් ජූන් ඔහුව විශ්වාස කරන්නේ නැහැ. ඊළඟ උදෑසන ජූන් “අහඹු ලෙස” වෘත්තීය ප්‍රමිති අධ්‍යක්ෂකයන් විසින් පරීක්ෂා කරනු ලැබෙනවා. ඇය අන්තර්ජාලය ඔස්සේ කළ සෙවීම් ගැන මේ විමර්ෂණ කෙරෙන බවයි ඔවුන් ජූන්ට කියන්නේ. ඩැනියෙල් ඇයව පරීක්ෂණයේ පිහිටුවා ඇති බව ඇය විශ්වාස කරනවා. ඔවුන් ජූන්ට පවසන්නේ ඔවුන් හදිසි ඇමතුම්කරු සොයාගෙන ඇති බවත්, එම නාඳුනන තැනැත්තිය නැවත වරක් අවදානමට පත්ව ඇති බවත්ය. ජූන් එම ස්ථානයට පැමිණෙන්නට තීරනය කරන්නේ ඇය ගලවා ගැනීමටයි. පෙම්වතාගේ උවදුරින් ඇයව ගලවා ගන්නට ජූන්ට හැකි වෙයිද? නිර්නාමික අමතන්නිය කවුද යන්න සොයාගැනීමට හැකිවෙයිද? එරල් වැරදිකරු බව නිගමනය කිරීම නිවැරදි නිගමනයක්ද? නැතිනම් නාඳුනන අමතන්නිය කියූ දෙය ද නිවැරදි වෙන්නේ? අද කොටසින් මේ බව දැනගන්න ඔබට හැකි වෙයි.

එසේ නම් නැවතත් සිංහල උපසිරසියකින් හමුවන තුරු ආයුබෝවන්! දිගටම බයිස්කෝප් සිංහලෙන් සමඟින් රැඳෙන්න.

තෙරුවන් සරණයි!

 

The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

1,334 downloadsDownload Criminal.Record.S01E01.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1Nxt Season BT12

Subtitles

1,334 downloadsDownload Subtitles30 KB

4 comments

  1. Buddhika Lakmal

    thanks sahoo

  2. Udara Damith

    සුපිරි

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊළග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  4. nilanka

    thanks....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.