කොහෝමද යාලුවනේ ඔන්න මං ආවා අද සුපිරි නෙට්ෆ්ලික්ස් ඇනිමේ එකක් අරන්.මේකෙ නම තමයි ඩෙවිල්මන් ක්‍රයිබේබි ගොඩදෙනෙක් දන්නවත් ඇති මේ ඇනිමේ එක ගැන,කොහෝම උනත් මං මේක බලන්න කියලා බෑවට පස්සෙ තමයි දැක්කෙ අපේ වෙබ් අඩවියේ මේකට සබ් නෑ කියලා ඉතින් මට හිතුනා මං මේකට උපසිරසි කලානම් හරි කියලා.මං මේක ඊ මේල් එකක් දාලා ව…

කොහෝමද යාලුවනේ ඔන්න මං ආවා අද සුපිරි නෙට්ෆ්ලික්ස් ඇනිමේ එකක් අරන්.මේකෙ නම තමයි ඩෙවිල්මන් ක්‍රයිබේබි ගොඩදෙනෙක් දන්නවත් ඇති මේ ඇනිමේ එක ගැන,කොහෝම උනත් මං මේක බලන්න කියලා බෑවට පස්සෙ තමයි දැක්කෙ අපේ වෙබ් අඩවියේ මේකට සබ් නෑ කියලා ඉතින් මට හිතුනා මං මේකට උපසිරසි කලානම් හරි කියලා.මං මේක ඊ මේල් එකක් දාලා වෙන්කරගත්තා.මට මේක වෙන්කරලා දුන්න තිසර නියෝ අයියටත් ස්තූති කරනගමන් අපි මේ අනිමේ එකේ වතගොත පොඩ්ඩක් විමසලා බලමු.😈
හොදයි යාලුවනේ Devilman.Crybaby ගැන කියනවනම් මේ ඇනිමේ එක 2018 ජනවාරි 5 වෙනිදා තමයි නෙට්ෆ්ලික්ස් ආයතනයා හරහා විකාශය වෙලා තියෙන්නේ.මේ ඇනිමේ එක 8/10MyAnimeList.net අගයක් අත්කරගෙන තියනවා ඒවගේම imdb මීටරේ 7.6 ක අගයක් අත් කරගෙන තියන්වා,තවද කුණු තක්කාලි අගය 88%අගයක් අරන් තියනවා,google පරිශීලකයන් ගෙන් 95%ක මනාපයක්ද දිනා ගෙන තියන්වා.ඒවගේම මේකේ අධ්‍යක්ෂවරයා වෙන්නේ Masaaki Yuasa මහතා ඒවගේම මෙහෙ සංගීත නිශ්පාදනය කරලා තියෙන්නෙ Kensuke Ushio විසින්.මේ ඇනිමේ එකේ නිශ්පාදනය කරලා තියෙන්නෙScience Saru කියන චිත්‍රාගාරය තුල.ඉතින් මේ කතාවෙ 55% පමණ ලේ වැගිරීම් වැනි රුදුරු දර්ශන අඩංගු වෙනවා.ඒවගේම තමයි කතාමාලාවෙ 25%ක් විතර වැඩිහිටයන්ට පමණක් වෙන්වූ දර්ශන වගේම දෙබස් අඩංගු වෙනවා.ඉතින් යාලුවනේ මේක පොඩි ලමයි නොබලනවනම් තමයි හොද.😀
හොදයි යාලුවනේ අපි මේකේ කතාව පැත්තට හැරෙමු.අකීරා කියන්නෙ අම්මයි තාතතයි දෙන්නම නැති අනාත ලමයෙක් ඉතින් මෙයා නැවතිලා ඉන්නෙ එයාගෙ යෙහේලිය මිකීගෙ ගෙදර.ඒ වගේම තමයි අකීරගේ එක පුරුද්දක් තියන්වා එයා අනුන්ගේ දුකේදි හොදට ම අඩන කෙනෙක් අන්න ඒනිසාම තමයි මේකට crybaby කියන්නේ.ඉතින් දවසක් මෙයාගෙ පොඩිකාලෙ හොදම යාලුවා වෙච්ච රියෝ එක පාරටම කොහෙන්දෝ මන්දා ඇවිල්ල කියනව මේ ලෝකෙ යක්ෂයෝ අල්ල ගන්න යන්නෙ ඒක නවත්තන්න එයාට අකීරගේ උදව් ඕන කියලා ඉතින් රියෝ අකීරව යක්කු ගැන සාක්ෂි හොයන්න කියලා බලෙන් වගේ “සබත් “කියලා යක්කු ගැන අදහන තරුණ කට්ටිය ඉන්න මත්ද්‍රව්‍ය පාටියකට එක්කන් යනවා.ඉතින් ඊට පස්සෙ ගොඩක් ලේ වැගිරීම් දරුණු සිද්දි ගොඩක් වෙනවා.මේ කලබගෑනිය අස්සෙ යක්ශයින්ගේ දරුණුම යක්ෂයා වෙන ඒමන් අකීරගේ ඇගට පැන ගන්නවා.හැබැයි ඉතින් අකීරගේ ඇගැට මේ යකා එන එක පිටි පස්සෙත් පොඩි කතාවක් තියනවා.ඒත් ම ඒව කියන්නෑ මොකද ඒක කතාවෙ රසයට බාදාවක් වෙයි.
ඔන්න යාලුවනේ අදට එපමනයි .මං ආයෙත් කියනවා මේ කතාව ඇත්තටම හොද වගේම රුදුරු කතාවක් ඉතින් මේක බලන එක අලුත් අත්දැකීමක් වේවි.හැමෝම මේක බලන්න කියලා ඉල්ලමින් මං අදට සමුගන්නවා.ඊලග කොටසෙන් හමුවෙමු.පහලින් අදහසකුත් හලාගෙන යන්න.
ජයවේවා!!!

Due to copyright issues, we do not provide any torrent links.
උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,515 downloadsDownload Devilman-Crybaby-E0102.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තරිඳු ප්‍රබෝධ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-06-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිදු ප්‍රබෝධ
Subtitles
10 comments
1997lakmallakmal
Ishan Madusha
නියමයි සහෝ.ඉතිරි කොටස් ටිකත් දෙනකම් බලන් ඉන්නවා
බොහොම ස්තූතියි..Stranger
thanks.netflix lage godak honda animation series thiyenava puluvanam evatath sub dena.
Suranjan
Thanks machan......jayawewa.....!
තරිදු ප්‍රබෝධ
කොමෙන්ට් කරපු ඔක්කෝටම sthuuthiy
Soori
බොහෝම ස්තුතියි සහෝ....
පළවෙනි ඒපිය බාලම බලමු දිරවයිද කියලා...Chanu mikhail
Ela
Thanks...
Jayaරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
podda
supiri bro!!!!
Oshan wudith
පට්ට පහර
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Devilman: Crybaby [ E01:02] Sinhala Subtitles |ආරම්භය මෙසේ සිදුවුණි [සිංහල උපසිරසි සමඟ](18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/05/devilman-crybaby-2018-s1-1.jpg)




Sub ekata thanx.kathawa hodai wage.