Watch Trailer

Doom Patrol [S01: E01] Sinhala Subtitles | විකෘතිකයන්ගෙ එක්වීම.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අරගෙන ආවා DCලගේ අලුත්ම කතාමාලාව. DCලගේ අතිසාර්ථක ලෙස විකාශය උන TItans කතාමාලාවට පස්සෙ තමයි මේකත් විකාශය කෙරෙන්නෙ. ටයිටන්ස් බලපු කෙනෙක්නම් මතක ඇති DOOM PATROL කණ්ඩායම එම කතාමාලාවෙන්ද දැකගන්නට ලැබුනා. ඉතින් මේ කතාමාලාවට දැනට බොහොම සාර්ථක ලෙස රසිකයන්ගෙ සිත් දිනාගනිමින් යහපත් ප්‍රතිචාර ලබමි…

ඔන්න එහෙනම් අරගෙන ආවා DCලගේ අලුත්ම කතාමාලාව. DCලගේ අතිසාර්ථක ලෙස විකාශය උන TItans කතාමාලාවට පස්සෙ තමයි මේකත් විකාශය කෙරෙන්නෙ. ටයිටන්ස් බලපු කෙනෙක්නම් මතක ඇති DOOM PATROL කණ්ඩායම එම කතාමාලාවෙන්ද දැකගන්නට ලැබුනා. ඉතින් මේ කතාමාලාවට දැනට බොහොම සාර්ථක ලෙස රසිකයන්ගෙ සිත් දිනාගනිමින් යහපත් ප්‍රතිචාර ලබමින් IMDB දර්ශකයේ 8.8ක් වැනි ඉහළ අගයක්ද ලබාගැනීමට සමත්ව තිබෙනවා. එහෙමනම් අපි බලමු කතාව ගැන යමක්. ඊට කලින් මම ඉන්න චරිත ගැන කෙටි හැදින්වීමක් කරන්නම්.

DOOM PATROL කවුද මේ DOOM PATROL කියන්නෙ කියලා අපි පොඩ්ඩක් බලමු. DOOM PATROL කණ්ඩායම ප්‍රථමයෙන් DC Comicsවලට එකතු වන්නේ My Greatest Adventure #80 මුද්‍රණය තුළින් 1963 වර්ෂයේදී. ඔවුන්ව නිර්මාණය වෙන්නෙ Arnold Drake සහ Bob Haney මෙන්ම Bruno Premiani යන අයගේ හස්තයෙන්

DOOM PATROLහි මූලික සාමාජිකයන් ලෙස THE CHIEF හෙවත් DOCTOR NILES CAULDER, ELASTI GIRL හෙවත් RITA FARR, NEGATIVE MAN හෙවත් Larry Trainor, ROBOTMAN හෙවත් Cliff Steele, MENTO හෙවත් Steve Dayton සහ BEAST BOY හෙවත් GARFIELD LOGAN යන අය හදුන්වා දෙන්න පුළුවන්.

DOCTOR NILES CAULDER කියලා කියන්නෙ දෙපා පණ නැති බුද්ධිමතෙක්.. ඔහු තමන්ගෙ නව නිපැයුම් සහ දැනුම මාර්ගයෙන් ධනවතෙක් වී තිබෙනවා. එසේම පසුව ඔහු අපරාධ හා සටන් කිරීම උදෙසා DOOM PATROL නම් වූ කණ්ඩායමක් ආරම්භ කොට තිබෙනවා. ඔහු ඒ සදහා සමාජයෙන් කොන් වෙන විකෘති ස්වභාවයන් සහිත පිරිස් බදවාගත් බව සදහන් වෙනවා. ඉහත රුපයෙන් ඔහුව දැකගන්න පුළුවන්.

ELASTI GIRL එනම් RITA FARR කියලා කියන්නෙ හොලිවුඩ් නිලියක්ව සිටි කෙනෙක්.. ඇය අප්‍රිකාවේ සිනාමා රූගත කිරීමක් අතරතුර ගිනි කන්දක වායුවලට නිරාවරණය වී තිබෙනවා.එම අවස්ථාවේ ඇය සොයාගෙන තියෙනවා ඇයට කැමති පමණට විශාල වීමට හෝ කුඩා වීමට හැකි බලයක් පවතිනවා. එසේම ඇයට වෙස් මාරු කිරීමට, ද්විගුණනය වීමට,සුපිරි ශක්තිය, ඉක්මනින් සුව වීම යනාදී බලයන්ද පවතිනවා. කෙසේ වුවත් මෙම හේතුව නිසාම ඇයව විකෘතිකයෙක් ලෙස සැළකීම නිසා හොලිවුඩ් රංගන විදිය නිමාවීමත් සමාජයෙන් ප්‍රතික්‍ෂේප වීමත් නිසා ඇය DOCTOR NILES CAULDERගෙ ආරාධනය පිළිගෙන DOOM PATROLහි සාමාජිකාවක් වී තිබෙනවා. එතැන් පටන් ඇය ELASTI GIRL යන නාමයෙන් හැදින්වෙනවා.

NEGATIVE MAN හෙවත් Lawrence Trainor ගුවන් හමුදා නියමුවෙක්. K-2F නම් වූ යානයක් පරික්ෂා කරද්දී ඔහුව විකිරණවලට අනාවරණය වී තිබෙනවා. එයට හේතුව යානය නියමිත ප්‍රමාණයට වඩා උසකට ගමන් කිරීමයි. එම විකිරණවලින් ලැරීව විනිවිද පෙනෙන ස්වභාවයක් ගත්තා සේම ඔහුව විකිරණශීලි වී තිබෙනවා. ඔහු රෝහල්ගතව සිටියදී තමයි DOCTOR NILES CAULDERව මුණ ගැසී තිබෙන්නේ. Caulder ලැරීට විශේෂ වෙළුම්පටි වගයක් ලබා දී තිබෙනවා විකිරණ අවහිර කිරීම උදෙසා. එසේම ඔහුට Negative man යන නාමය ලබා දි ඔහුව DOOM PATROLහි සාමාජිකයෙකු කරගෙන ඇති බව සදහන්.

ඔහුගේ බලයන් ගැන සදහන් කරනවානම් මොහුට Astral Projection-මාන ප්‍රක්ෂේපණය, Blast Power- පිපුරුම් බලය, Flight- පියාසර කිරීම, Heat Generation- උෂ්ණත්වය වැඩි කිරීම, Phasing / Ghost-නොපෙනී යාම , Super Speed- සුපිරි වේගය, Super Strength- සුපිරි ශක්තිය වැනි බලයන් පවතිනවා.

Cliff Steele කියලා කියන්නෙ කිසිවකට බය නැති කෙනෙක්.ඔහු සෑම භයානක ඝනයේ ක්‍රීඩාවක්ම කළ අයෙක්. ඔහුගේ එම ක්‍රීඩාවට ඇති ආසාව නිසාම ඔහු කාර් රේස්වලට සහභාගී වී තිබෙනවා. එසේ සහභාගී වූ එක තරගයක් අතරතුර කාරය අනතුරට පත්ව ඔහුගේ ශරීරය ගිනි ගෙන දැවෙනවා. නමුත් ඔහුගේ මොළයට හානියක් සිදුවන්නේ නෑ. DOCTOR NILES CAULDER ඔහුව බේරාගෙන ඔහුට යකඩ ඇගක් ලබා දෙනවා.

Adaptive- අනුවර්තනය, Berserker Strength- අසාමාන්‍ය ශක්තිය, Electricity Control- විදුලි බලය පාලනය, Electronic interaction- ඉලෙක්ට්‍රොනික අන්තර්ක්‍රියාව, Flight- පියාසර කිරීම, Gadgets- ආම්පන්න, Healing- සුවවීම, Intellect- බුද්ධිය, Invulnerability- හානියක් නොවීම, Matter Absorption- පදාර්ථ අවශෝෂණය, Radar Sense- රේඩාර් දැනීම, Super Speed- සුපිරි වේගය, Super Strength- සුපිරි ශක්තිය වැනි හැකියාවන් ඔහුට පවතිනවා..

එසේම Crazy Jane එහෙමත් නැත්නම් පිස්සු ජේන් ගැන කියනවනම් ජේන් කියන්නෙ පුද්ගලතාවයන් 64ක් මෙන්ම ඒ පුද්ගලතා 64ට ආවේනික වූ විශේෂ බලයන්ගෙන් සමන්විත කෙනෙක්. මෙයාට මෙහෙම දෙයක් සිද්දවෙලා තියෙන්නෙ පිටසක්වළ ඩොමිනේටර්ලාගේ ජානමය බෝම්බයකට නිරාවරණය වීමකින් කියලා තමයි සදහන් වෙලා තියෙන්නෙ.

මේ ජේන්ගේ පුද්ගලතා ගැන සදහන් කරනවානම් Crazy Jane, HAMMERHEAD, DADDY, The Hangman’s Beautiful Daughter වැනි චරිත කතාමාලාවෙන් දැකගන්න පුළුවන් වෙනවා.

ඒ වගේම මේ කතාවේ ප්‍රධාන දුෂ්ටයා ගැන සදහන් කරනවානම් අපිට පළවැනි කොටසින්ම දැකබලා ගන්නට හැකියාව ලැබුනා ඒ කෙනා කවුද කියලා. ඒ තමයි Mr. Nobody

මේ ඉන්න මිස්ටර් නෝබඩිගේ ඇත්ත නම වෙන්නේ එරික් මොර්ඩන්. මොහු වෘත්තියෙන් හොරදෙටුවෙක්. ඔහුගේ කණ්ඩායමෙන් ඔහුව එළවලා දැම්මට පස්සෙ මේ මිස්ටර් මොර්ඩන් පැරගුවේවලට යනවා. එහෙදි ඔහුට නාසි විද්‍යාඥයෙක්ව මුණ ගැසෙනවා. ඊට පස්සෙ මොර්ඩන් මේ විද්‍යාඥයාගේ විද්‍යාත්මක පරීක්ෂණයකට භාජනය වෙන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා. එතැනදී ඔහුව දින තුනක් සුදු ආලෝකය ඇති කාමරයක සිරකොට තැබීමෙන් ඔහුට පිස්සු හැදෙනවා. පසුව අන්තිමේ ඔහුගේ සිරුර පරිවර්තනය වෙනවා අමුතුම සංයෝගයක් බවට. එතනින් පස්සෙ ඔහු ලෝකය පුරාම විකෘතිකයන්ව සොයමින් මරා දමනවා.හොදයි ඉතින් කොමික්වල චරිත මේ විදිහට විග්‍රහ කෙරෙද්දී ඔබට දැකගන්න පුළුවන් මේ කතාමාලාවත් කොමික්වලටම අනුගත වෙමින් නිර්මාණය වි ඇති ආකාරයක්.

ඉතින් ඒ අනුව කතාව ආරම්භ වෙන්නේ මිස්ටර් මොර්ඩන් එහෙමත් නැත්නම් අපේ දුෂ්ටයා වෙන නෝබඩි නිර්මාණය වෙන ආකාරය දක්වමින්. එසේම අද කතාව වැඩි හරියක්ම කාලය වෙන් කරලා තියෙන්නෙ චරිත හදුන්වාදිමකට කිව්වොත් නිවැරදියි. එහෙමනම් ඔබ සැමට කතාමාලාව සමග එකතු වෙන්නයි ආරාධනා කරමින් මා සමුගන්නවා. ඔබ සැමට ජය.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

7,398 downloadsDownload Doom-Patrol-S01-E01.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

7,398 downloadsDownload Subtitles32 KB

51 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi sahooo sub ekata.. supirima tv series ekak..

  2. Subhash13

    සුපිරිම මචන් සබ් එක දෙනකම් හිටියෙ

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි මදුකප්‍රිය සහෝ
    2 වන කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  4. Hasinth

  5. Dileepa77

    Titans එකෙන් මේ කට්ටිය දැක්කා.. එල එල..

  6. nkrtharinda95

    වටිනව කොල්ලො දෙනකම් පොස්සෙක් වගේ බලන් හිටියෙ

  7. Ayesh Prashan

    Thank You..Sub Denakan Balan Hitiye

  8. Shansenarathne

    Elaaa

  9. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    මේකට සබ් දෙනකම් බලන් හිටියේ...
    ඊලග කොටසටත් ඉක්මනටම සබ් එක දෙමු...

  10. Gayan ranga

    සබ් එකට ස්තූතියි..
    මේක දෙනකම් බලන් හිටියේ

  11. Imeshamadu

    Thenks for sub

  12. Ariyarathna

    Sub dekammai balan hitiye. Thanks. Puluwannam macgyver serias akata sub dannako....

  13. D.Chamara

    aniwaraya ballik thama bohoma sthuthi sahooo jaya ....

  14. tv malli

    tnx broo...digatama sub demu

  15. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  16. rashmin

    Patta bro. Digatama karamu

  17. Shehan putha

    Thanks bro

  18. 100

    Sub eakata thanks

  19. Kavishka_JR

    සබ් එකට තෑන්ක්ස් සහෝ..

  20. ravishan lakshitha

    Sub ekata thanks

  21. Nuwandika Dil

    Ammo tnks

  22. darshana100

    thanks ban ikmanata dapan anit tikat saho budusaranai

  23. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි...
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  24. Gathsara Umesh

    බොහෝම ස්තූතිය ❤️

  25. Carlton Bandara

    තෑන්ක්ස් මචං

  26. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි...ජය වේවා!!!

  27. Hiran Eranda

    thanks for sub

  28. devil_11

    Thx bro sub ek denkn bln hitiye.elg sub ekt ikmnt denn

  29. kasun jayaweera98

    තෑන්ක්ස් බ්‍රෝ ඊළඟ එපියෙත් සබ් එක ඉක්මන්ට දෙන්න❤️

  30. ChamalKanishka

    thnx bro

  31. Kulanjana Maduranga

    subata thanks

    1. kushan_iroshana

      Thnx

  32. Sanjeewa2010

    Thnxxxxxxxxxxx

  33. madhawa_max

    Thaq bro digatama sub denna
    DC Fan Forever

  34. DILEKA

    Thanks for the sub.

  35. Pavara Rashmika

    Thanx bro sub denakan balagena hitapu ekak
    DCU okkomata sub denna CW katha tika dan kanawa ...

  36. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..............!

  37. Naveen Rangana

    උපසිරසට බොහෝම ස්තූතියි........... ජයවේවා.......!!!!!!!!!!

  38. maikee

    එල වැඩේ දිගටම කරන යන්න. මමත් බලන්න පටන් ගන්නවා. නතර කරන්න එපා සබ මෙකට දෙන
    තැන්ක්ස්

  39. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. madawaththa

    Tnx bro..

  41. Mr.pamz

    thanks

  42. YasasPerera

    thank you very much

  43. Rumesh Asanka

    thank you

  44. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

  45. Stranger

    thanks

  46. dx12

    thanks bro

  47. Supun Preemal

    උපසිරැසියට සහ ලිපියට බොහොම ස්තුතියි සහෝ .....!

  48. Amila Mudalige

    උපසිරසියට සහ ලිපියට බොහෝම ස්තූතියි

  49. MAALnath

    Thanks .......................good luck ..................

  50. Sajithlakshan

    thanks ..............