පසුගිය කොටසින් අපට දැක ගන්න ලැබුනා එදා ඩික්, ඩෝව්, හෝක් තුන්දෙනාට ගහලා න්‍යෂ්ටික පවුල් විසන් රැගෙන ගිය රේචල්ව කෝරි ඇන්ඩරස් ඇවිල්ලා බේරාගන්නවා.ඊට පස්සෙ මේ දෙන්නම රේචල්ගේ ගෙදරින් කෝරි හොයාගත්ත පින්තුරේ ලියලා තිබ්බ දේවස්ථානය හොයාගෙන යනවා. එතකොට ඩික් එහෙමත් ආයෙම රේචල්ව හොයාගෙන පස්සෙන් එනවා.ඩික්ට ඒ වැඩේ…

පසුගිය කොටසින් අපට දැක ගන්න ලැබුනා එදා ඩික්, ඩෝව්, හෝක් තුන්දෙනාට ගහලා න්‍යෂ්ටික පවුල් විසන් රැගෙන ගිය රේචල්ව කෝරි ඇන්ඩරස් ඇවිල්ලා බේරාගන්නවා.ඊට පස්සෙ මේ දෙන්නම රේචල්ගේ ගෙදරින් කෝරි හොයාගත්ත පින්තුරේ ලියලා තිබ්බ දේවස්ථානය හොයාගෙන යනවා. එතකොට ඩික් එහෙමත් ආයෙම රේචල්ව හොයාගෙන පස්සෙන් එනවා.ඩික්ට ඒ වැඩේ වැඩිය අමාරු වෙන්නේ නෑ. මොකද කෝරි සහ රේචල් දෙන්නා පොලිස් අවධානය එහෙම දිනාගන්න සමත් වෙන නිසා. කෙසේ හෝ කට්ටිය දේවස්ථානයට යනවා. ඩික් එහෙමත් එතනටම හොයාගෙන එනවා. දේවස්ථානයේ අය එතනට යන කෝරිව සහ රේචල් දෙන්නවම අදුරගන්නවා.. මෙයාලා වැඩි යමක් නොකිව්වට රේචල් කවුද කියන එක ගැන ඒගොල්ලෝ දන්නවා.
ඉතින් අපට දැකගන්න ලැබුනා කන්‍යා සොයුරියො ටික රේචල්ව කාමරේක හිර කරලා දානවා. හැබැයි ඉතින් ඒකෙන් වෙන්නේ මහා නස්පැත්තියක් තමා. තනියම බයවෙලා හිටිය රේචල් තමන් තුළ තියෙන අන්ධකාරය එළියට එන්න ඉඩ දෙනවා. දේවස්ථානයේ වහලය පුපුරවලා දාලා රේචල් එතනින් පැනලා ගියා. මතක ඇති ගිය සතියේ අර ගේම් ගහන තැනේදී රේචල්ට ගාර්ව හම්බවුනා. ගාර් කියන්නේ කවුද කියලා කට්ටිය දන්නවනේ. ඉතින් දේවස්ථානයෙන් පැනලා යන රේචල්ට ආයෙම ගාර්ව හම්බවෙනවා. ගාර් රේචල්ව තමන්ගේ පවුල හම්බවෙන්න එක්ක යනවා. එහෙමනම් අපි බලමු අද මොකද වෙන්නේ කියලා.
DOOM PATROL කවුද මේ DOOM PATROL කියන්නෙ කියලා අපි පොඩ්ඩක් බලමු. DOOM PATROL කණ්ඩායම ප්‍රථමයෙන් DC Comicsවලට එකතු වන්නේ My Greatest Adventure #80 මුද්‍රණය තුළින් 1963 වර්ෂයේදී. ඔවුන්ව නිර්මාණය වෙන්නෙ Arnold Drake සහ Bob Haney මෙන්ම Bruno Premiani යන අයගේ හස්තයෙන්
DOOM PATROLහි මූලික සාමාජිකයන් ලෙස THE CHIEF හෙවත් DOCTOR NILES CAULDER, ELASTI GIRL හෙවත් RITA FARR, NEGATIVE MAN හෙවත් Larry Trainor, ROBOTMAN හෙවත් Cliff Steele, MENTO හෙවත් Steve Dayton සහ BEAST BOY හෙවත් GARFIELD LOGAN යන අය හදුන්වා දෙන්න පුළුවන්.

DOCTOR NILES CAULDER කියලා කියන්නෙ දෙපා පණ නැති බුද්ධිමතෙක්.. ඔහු තමන්ගෙ නව නිපැයුම් සහ දැනුම මාර්ගයෙන් ධනවතෙක් වී තිබෙනවා. එසේම පසුව ඔහු අපරාධ හා සටන් කිරීම උදෙසා DOOM PATROL නම් වූ කණ්ඩායමක් ආරම්භ කොට තිබෙනවා. ඔහු ඒ සදහා සමාජයෙන් කොන් වෙන විකෘති ස්වභාවයන් සහිත පිරිස් බදවාගත් බව සදහන් වෙනවා. ඉහත රුපයෙන් ඔහුව දැකගන්න පුළුවන්.

ELASTI GIRL එනම් RITA FARR කියලා කියන්නෙ හොලිවුඩ් නිලියක්ව සිටි කෙනෙක්.. ඇය අප්‍රිකාවේ සිනාමා රූගත කිරීමක් අතරතුර ගිනි කන්දක වායුවලට නිරාවරණය වී තිබෙනවා.එම අවස්ථාවේ ඇය සොයාගෙන තියෙනවා ඇයට කැමති පමණට විශාල වීමට හෝ කුඩා වීමට හැකි බලයක් පවතිනවා. එසේම ඇයට වෙස් මාරු කිරීමට, ද්විගුණනය වීමට,සුපිරි ශක්තිය, ඉක්මනින් සුව වීම යනාදී බලයන්ද පවතිනවා. කෙසේ වුවත් මෙම හේතුව නිසාම ඇයව විකෘතිකයෙක් ලෙස සැළකීම නිසා හොලිවුඩ් රංගන විදිය නිමාවීමත් සමාජයෙන් ප්‍රතික්‍ෂේප වීමත් නිසා ඇය DOCTOR NILES CAULDERගෙ ආරාධනය පිළිගෙන DOOM PATROLහි සාමාජිකාවක් වී තිබෙනවා. එතැන් පටන් ඇය ELASTI GIRL යන නාමයෙන් හැදින්වෙනවා.

NEGATIVE MAN හෙවත් Lawrence Trainor ගුවන් හමුදා නියමුවෙක්. K-2F නම් වූ යානයක් පරික්ෂා කරද්දී ඔහුව විකිරණවලට අනාවරණය වී තිබෙනවා. එයට හේතුව යානය නියමිත ප්‍රමාණයට වඩා උසකට ගමන් කිරීමයි.
එම විකිරණවලින් ලැරීව විනිවිද පෙනෙන ස්වභාවයක් ගත්තා සේම ඔහුව විකිරණශීලි වී තිබෙනවා. ඔහු රෝහල්ගතව සිටියදී තමයි DOCTOR NILES CAULDERව මුණ ගැසී තිබෙන්නේ. Caulder ලැරීට විශේෂ වෙළුම්පටි වගයක් ලබා දී තිබෙනවා විකිරණ අවහිර කිරීම උදෙසා. එසේම ඔහුට Negative man යන නාමය ලබා දි ඔහුව DOOM PATROLහි සාමාජිකයෙකු කරගෙන ඇති බව සදහන්.

Adaptive – අනුවර්තනය, Berserker Strength– අසාමාන්‍ය ශක්තිය, Electricity Control– විදුලි බලය පාලනය, Electronic interaction– ඉලෙක්ට්‍රොනික අන්තර්ක්‍රියාව, Flight– පියාසර කිරීම, Gadgets– ආම්පන්න, Healing– සුවවීම, Intellect– බුද්ධිය, Invulnerability– හානියක් නොවීම, Matter Absorption– පදාර්ථ අවශෝෂණය, Radar Sense– රේඩාර් දැනීම, Super Speed– සුපිරි වේගය, Super Strength– සුපිරි ශක්තිය වැනි හැකියාවන් ඔහුට පවතිනවා..

Mento ප්‍රථමයෙන් කොමික්වලට එක් වන්නේ DOOM PATROL#91 තුළින් 1964 වර්ෂයේදී.. Steve Dayton හෙවත් Mento Rita Farr සමග සම්බන්ධයක් පවත්වා ඇයව විවාහ කරගෙන තිබෙනවා. පසුව මේ දෙන්නා Gar Loganව ඒ කියන්නෙ Beast Boyව හදාගන්න අරගෙන. කෙසේ නමුත් Mentoව DOOM PATROLහි නිත්‍ය සාමාජිකයෙක් ලෙස සලකා නෑ.
MENTO සතු බලයන් සහ හැකියාවන් ලෙස අපට මෙන්න මේ දේවල් ටික දැකගන්න පුළුවන් වෙනවා. එනම් Escape Artist– පලායාමේ ප්‍රවීණයෙක්, Flight– පියාසර කිරීම, Intellect– ඉහළ බුද්ධිය, Leadership– නායකත්වය, Phasing / Ghost– නොපෙනී යාම, Power Item– බල අයිතමය, Psychic– මානසික බලය යන බලයන් සහ හැකියාවන් ඔහු සතුවෙනවා.
Gar Logan හෙවත් Beast Boy ගැනනම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයකුත් නෑ ඉතින්..Titansලගේ ප්‍රධාන සාමාජිකයෙක් වෙන මොහු ගැන ඉතින් නොදන්න කෙනෙක් නැති තරම්. එනමුත් ඔහු ගැනත් මදක් විමසා බලමු. Beast Boy ප්‍රථමයෙන් කොමික් පොත්වලට එකතු වන්නේ Doom Patrol#99 කලාපය මගින්. Beast Boyගේ Origin Story එක කියනවනම් Gar Loganගේ තාත්තා Mark සහMarie Logan දෙන්නා ජීව විද්‍යාඥයෝ. ඔවුන් ජාන පර්යේෂණ උදෙසා කුඩා Gar Loganවත් රැගෙන අප්‍රිකානු රටකට යනවා. එහිදී කුඩා ලෝගන්ට සතුන්ට පමණක් දිවි බේරාගත හැකි රෝගයක් වැළදෙනවා..එමගින් කුඩා ලෝගන්ව බේරගන්න ඔහුගේ පියා යන්ත්‍රයක් නිපදනවා මිනිස් සහ සත්ව ජාන වෙන් කරගන්න පුළුවන් විදිහේ.

එම යන්ත්‍රය මගින් ඔහුව සුවපත් වෙනවා. නමුත් එහි අතුරුපලයක් ලෙස ඔහුගේ සම කොළ පැහැයක් ගන්නවා. පසු කලකදී තම මවට අනතුරක් වීමට යන අවස්ථාවක ඇයව බේරාගැනීමට යාමේදී ඔහුගේ බලයන් ප්‍රථමවරට මතුවෙනවා. කෙසේ නමුත් කුඩා ලෝගන්ගේ මව සහ පියා දෙදෙනාම බෝට්ටු අනතුරකින් ජිවිතක්ෂයට පත්වීමෙන් පසුව ඔහුව හදාවඩාගන්නේ ගෝත්‍රික නායකයෙක්. ඉන් පසුව ඔහුව කොල්ලකරුවන් දෙදෙනෙකු විසින් යලි ඇමරිකාවට රැගෙන එනවා. පසුව උසාවිය මගින් ලෝගන්ගේ භාරකරුවා ලෙස Nicholas Galtry නම් තැනැත්තාව පත් කරනු ලබන බව සදහන්. Galtry තමයි ලෝගන් වතුයායේ නීතිඥයා.. දේපල තමන් සතු කරගැනීම උදෙසා ඔහු ලෝගන්ව ඝාතනය කරන්න කුමන්ත්‍රණය කරනවා.පසු කාලයක Elasti Girl සහ මෙන්ටෝ විවාහ වීමෙන් පසුව ඔවුන් විසින් ඔහුව දරුකමට හදාගන්න අරගෙන තියෙනවා..
Adaptive– අනුවර්තනය, Flight– පියාසර කිරීම, Shape Shifter-වෙස් මාරු කිරීම, Size Manipulation– ශරීර ප්‍රමාණය පාලනය, Super Hearing– සුපිරි ඇසීමේ ශක්තිය, Super Speed-සුපිරි වේගය, Super Strength– සුපිරි ශක්තිය වැනි බලයන් Beast Boy සතුවෙනවා.
ඉතින් Doom Patrol ගැන මේ විස්තර ටික ඇතිවෙයි කියලා හිතනවා.කතාමාලාවෙන්නම් අපිට MENTOව දකගන්න ලැබෙන්නේ නෑ හැබැයි. අපි බලමු Titans කතාමාලාවේ මේ අයගේ කතාව මොන ආකාරයට සිද්දවෙයිද කියන එක. එහෙමනම් මම සමුගන්නවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
11,392 downloadsDownload Titans-2018-S01E04.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
54 comments
Thamoth Kavinda
Denis Maneesha
Thanks bro sub ekata
Prabath_Kaushalya
thanks bro....
D
එනකම් ඊය රෑ ඉදන් හිටියේ කමක් නෑ පට්ට ආ Tnx
Orion
Bingo peter parker
harshani11112
ස්තුති සහො....
උපසිරැසියට
තෙරැවන්සරණයිAyesh Prashan
Thank You
PASINDU1952
thank you for the sub
Sahan Sulakkhana
sub ekata thanks saho..
Kingdomd
Thanks bro
tharidu sagara
sinhala upasirasiyata sthuthi
jaya wewaass.sinhala
පට්ටම හොද වැඩ ක් meka digatama karagena yannaපුළුවන් weww
A ee wagema
Big bang theroyසබ්ටයිල්ස ටිකක් ඕනීViraj
sub ekata thanks saho.. jaya wewa!!
Gayan_madushanka_
Thanks bro
Stranger
thanks
Shansenarathne
Tnx
nike_11
Thx brother
100
Sub eakata thanx
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයPasinduDeshan
සබ් එකට ස්තූතියි...ජය වේවා!!!
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
geeganagamage
ගොඩාක් ස්තුතියි ඔයාගේ සබ් එක වගේම ලිපියත් සුපිරියට තියෙනවා.
Lakshan
Thanks Bro.
Nadeesha rox alahakoon
Tnx bro mekotase suba anakna hitiye
Kulanjana Maduranga
subata thanks.....
Nilush Angana
Sub ekata thanx
madawaththa
Tnx broh..
Kanchana
Thanx saho
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
සබ් එක එනකන් බලන් හිටියේ...
නියම ලිපිය....Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි............ ජයවේවා.......!!!!!!!!!!!!!!!
RKO
Thanks bro
Sanjeewa2010
Thnxxxxxxxxxxx
ruchiralakmal
Thanks for the sub
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා!..........
Shehan putha
niyami...thanks
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි...ජය වේවා!!!
Mr.pamz
Thank you brother
nilaksha444
thankz brother
CONDOR series ekata sub ekak karanna uluwn weida
futureomega
thanks
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!senarath
quantico season 3 සිංහල subtitles දෙන්නකෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Udara Damith Dissanayaka
lipiya niyamayi
toonmo
tnx buddy
Uvindu Dilshan
Thankx bro sub ekata
D.Chamara
bohoma sthuthi saho
melinda
thank you
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති නිලෝ...
මුල ටික එක දිගට බලාගෙන ආවත් වැඩ නිසා බලන්න බැරි වුනා.
ඔන්න ආපහු බලන්න යන්නේ..
සබට තුති කිව්වා...
දිගටම සබ් දෙමු ආ.. :P
ඔබට ජය.Sajithlakshan
thanks .....................
MAALnath
Thanks ....................good luck ..........................
Advertisement



ස්තුතියි උපසිරැසියට