Watch Trailer

The Dragon Prince [S02 : E09] Sinhala Subtitles | රජු සහ මායාකරු..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං ඔන්න අතලොස්සක් පිරිස පුන පුනා බලාගෙන හිටපු මකර කුමාරයාගේ කතාවේ අවසාන කතාංගයත් වෙඩි වගේ අරගෙන ආව. ඉතිං කලින් වගේම මේ කතා මාලාව පුරාමත් දකින්න ලැබුණෙ කුමන්ත්‍රණ, බල අරගල, මෙහෙයුම් තමයි. ලේසි පහසු ඒවත් නෙවෙයි ඒව. කොහොමහරි අවංකවම ස්තුතිවන්ත වෙන්න ඕනෙ, මෙතෙක් කතා මාලාවන් දෙකේදීම…

ආයුබෝවන් යාළුවනේ..!

ඉතිං ඔන්න අතලොස්සක් පිරිස පුන පුනා බලාගෙන හිටපු මකර කුමාරයාගේ කතාවේ අවසාන කතාංගයත් වෙඩි වගේ අරගෙන ආව. ඉතිං කලින් වගේම මේ කතා මාලාව පුරාමත් දකින්න ලැබුණෙ කුමන්ත්‍රණ, බල අරගල, මෙහෙයුම් තමයි. ලේසි පහසු ඒවත් නෙවෙයි ඒව. කොහොමහරි අවංකවම ස්තුතිවන්ත වෙන්න ඕනෙ, මෙතෙක් කතා මාලාවන් දෙකේදීම ලෝබ නැතුව පහළින් වචනයක් කොටාගෙන ගියපු අයට. පුළුවන් උපරිම වේගයෙන්, උපරිම සාධාරණයක් සිංහල උපසිරැසියේදි ලබා දෙන්න උත්සාහ කළා. වැරදි තැන් තිබුණනම් සමාව ඉල්ලා සිටිනව. එහෙනම් ඉතිං හැකි විගස කාසල්වේනියා තුළින් නැවත හමුවෙන බලාපොරොත්තුවෙන් මමත් මකර කුමාරයාට සමු දෙනව. පැහැදිලිවම තුන්වැනි කතා සමයක් තුළට කතාව ගලාගෙන යන ආකාරයට තමයි හැම සිදුවීමක්ම අවසන් වෙන්නෙ. මෙතෙක් කතා සමයක් දෙකටම වඩා ඉතාම උද්වේගකර කතා සමය තුන්වැනි කතා සමය වේවි කියල කියන්න ඕන තරම් දේවල් අද මේ කතාංගයෙන් දැකගන්න ලැබෙයි. තුන්වැනි කතා සමයක් විකාශනය වෙන නිශ්චිතම දවසක් ගැන නම් කොහෙවත් සටහනක් මට හොයාගන්න හැකි වුණේ නෑ. නමුත් 2019 ජූලි මාසයේ මැද විකාශය වේවි කියල තැනක සටහන් වෙලා තිබුණ. එහෙම ආවොත් ඒකත් ලබාදෙන්න පොරොන්දු වෙමින්, බලමු මොකද වුණේ, සහ වෙන්නෙ කියල.

පහුගිය කොටස් වලින්..

ක්ලෝඩියා, සොරෙන් දෙන්නගෙ සැලසුම රෙයිලා විසින් හෙළිකර ගත්තට පස්සෙ කොර්වෙස්ගෙ උදව් ඇතුව කැලම්ල පැනගත්ත. එහෙම ගිහින් මුහුදු සවාරියත් ඉවර කරල ඉන්නකොට තමයි සොරෙන් අර නගරයට ඇතුළු වෙලා පාඩුවේ හිටපු මකරෙක්ව අවුස්සගන්නෙ. ක්ලෝඩියාගෙ මන්ත්‍රයකින් හීයක් කරල යවල මකර බිම දාගන්න සොරෙන්ට හැකි වෙනව. නමුත් මේ මකරා බිම වැටෙනව රෙයිලා දැක්ක. මේක එයාගෙ හිතට ලොකු වදයක්. ඉතිං එයා යනව මකරව බේරගන්න, නමුත් එයාට තනියම ඒක කරගන්න බැරි වෙලා සොරෙන්ගෙන් මැරුම් කන්න ළං වෙලා ඉද්දි, කැලම් ඇවිල්ල ජීවිතේ පළවෙනි වතාවට අඳුරු මායාවක් කරල මකරව බේර ගන්නව. නමුත් මේකෙ දරුණු ප්‍රතිවිපාක අත්විඳින්න කැලම්ට සිද්ධ වෙනව. මේ අතරෙ දම්වැල් වලින් මිදෙන මකර එක්ක සටන් කරන්න ගිහින් සොරෙන්ට දරුණු ප්‍රහාරයක් එල්ල වෙනව. මේ ප්‍රහාරය නිසා සොරෙන්ගෙ සුසුම්නාවට හානි වෙලා බෙල්ලෙන් පහළ ශරීරයේ කිසිම කොටසක් දැනෙන්නෙ නැතුව යනව. ඔන්න එහෙම එදා ඉවර වුණා.

අද කොටසින්…

ඉතිං මකර ප්‍රහාරයට ලක්වෙන සොරෙන්ව සනීප කරගන්න ක්ලෝඩියා දන්න සෙල්ලම් ඔක්කොම දානව. මේ අතරෙ කැලම් තමන්ගෙම මනස ඇතුළෙ හිර වෙලා තමන්ගෙම හීන ඇතුළෙ හිර වෙලා මැරෙන්න යනව. මේ ඔක්කොම අස්සෙ එස්‍රන්ට බලාපොරොත්තු නොවුණු දේකට මූණ දෙන්න වෙනව. ඒ වගේමයි වෙරන් උතුමාණන්ට වෙන්නෙත්. වෙරන් තමාගෙ යෝජනාවට විරුද්ධව ගියපු ආන්‍යා රැජිණ සහ අනෙත් පාලකයින්ගෙන් පළි ගන්න දරුණු සැලැස්මක් දියත් කරනව කැඩපතෙන් හමුවුණු, අපි තාමත් හරියටම දන්නෙ නැති “ඇරවෝස්” කියන හාදය එක්ක එකතුවෙලා. ඉතිං මීට වඩා කිව්වොත් වැඩක් නෑ. එස්‍රන්, කැලම්, රෙයිලා, සොරෙන්, ක්ලෝඩියා, වෙරන්, සහ ඇරවෝස් මේ අයගෙ ඉරණම් එකිනෙකට සම්බන්ධයි. තුන්වැනි කතා සමයෙන් මේ සම්බන්ධතා වල හරි අගමුල ගලපගමු. එහෙනම් ඉතින් ජය වේවා..!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

3,254 downloadsDownload The-Dragon-Prince-S02-E09.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles

3,254 downloadsDownload Subtitles17 KB

23 comments

  1. Ariyarathna

    Sub dunnata thanks.......
    Puluwannam macgyver serias akatath sub dennako....

  2. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ
    castlevania season 2 සබ් දෙන්න.ජය වේවා!

  3. Imeshamadu

    Thenks bro

  4. Ravindu Wasantha

    niyamai...elama

  5. Chanu mikhail

    sub eka ela..
    thanks..!!

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  7. Full

    Thanks for sub bro

  8. Charith Eranga Munasinghe

    Thanks sub ekata

  9. rockz2020

    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    උපසිරස සම්පූර්ණයි නේද :)
    සුබ පැතුම් සහෝ!
    උපසිරස ලබාදුන්නට බොහොම ස්තූතියි ජය වේවා!
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

  10. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    Season 3 අවහම එකටත් සබ් දෙමු...
    Castlevania Season 2 එකටත් සබ් දෙමු...

  11. krishanmadusanka

    meka hen supiriyak bro thanks

  12. V.T.Piyumal

    Thanks bro season ekatama sub dunnata, ilaga season ekak awoth ekatath sub denna, jaya wewaa..!

  13. Kulanjana Maduranga

    subata thanks

  14. DILEKA

    උපසිරැසියට බොහොම ස්තූතියි.

  15. Dilanka Maduwantha

    Thanks Bro

  16. Ayesh Prashan

    Thank You.. Supiri Wedak

  17. Cj

    තැන්කුයි වේවා

  18. nishannw

    ආයේ මේ වගේ සීරියස් එකකට සබ් දෙන්න...ස්තූතියි...ජය වේවා......

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Mahesh Rajapaksha

    Thanks for sub...

  21. shanupicturesmovie

    thanks Bro

  22. rockz2020

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    season 03 එකටත් sub දෙන්න සහෝ!
    බොහොම ස්තූතියි ජය වේවා! ❤✌
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  23. Thamanna

    sisn3 denne nddoo

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.