Watch Trailer

The Dragon Prince [S02 : E07-E08] Sinhala Subtitles | ගින්න, භිය සහ දෛවයේ ග්‍රන්ථය..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! පහුගිය කොටස් දෙක අරගෙන ආවෙ කවිෂල් මලය. ආසයි කියල ඉල්ලපු නිසා කොහොමද නොදී ඉන්නෙ. කොහොමහරි බොහොම ලස්සනට පිළිවෙලට මලය වැඩේ කරල තිබුණ. කිසිම විදියක දෝෂයක් මම නම් දැක්කෙ නෑ. ඉතිං මේක නරඹන හැමෝම වෙනුවෙන් කවිෂල් මලයට ස්තුතිවන්ත වෙන ගමන් අද කතාව දිහාට පොඩ්ඩක් හැරෙමු. පහුගිය කොටස් වලින්……

ආයුබෝවන් යාළුවනේ..!

පහුගිය කොටස් දෙක අරගෙන ආවෙ කවිෂල් මලය. ආසයි කියල ඉල්ලපු නිසා කොහොමද නොදී ඉන්නෙ. කොහොමහරි බොහොම ලස්සනට පිළිවෙලට මලය වැඩේ කරල තිබුණ. කිසිම විදියක දෝෂයක් මම නම් දැක්කෙ නෑ. ඉතිං මේක නරඹන හැමෝම වෙනුවෙන් කවිෂල් මලයට ස්තුතිවන්ත වෙන ගමන් අද කතාව දිහාට පොඩ්ඩක් හැරෙමු.

පහුගිය කොටස් වලින්…

පහුගිය කොටස් දෙක ගෙවිල ගියේ වෙරන් විසින් කැඳවපු පස්කොන් සමුළුවේදි වෙරන්, ඩුරෙන් වල ආන්‍යා රැජිණියට කියන කතාවක් වටා. ඒකෙදි අපි දැක්ක හැරෝ රජුගේ අතීත කතාව. සරායි රැජිණ හැරෝ රජුට උපකාර වෙන විදිය මේකෙදි අපි දැක්ක. ටයිටන්ගේ හදවත ගන්න ගිහින් ආන්‍යා රැජිණගෙ දෙමව්පියන් මිය ගියා වගේම, සරායි රැජිණ මිය ගියා. නමුත් මේ තිදෙනාගේ කැපකිරීමේ ප්‍රතිඵලයක් විදියට ඩුරෙන් රාජ්‍යවගේම කටෝලිස් රාජ්‍යයත් සෞභාග්‍යවත් වුණා. ඒ වගේම හරෝ රජුගේ ලිපිය කැලම් කියවල බැලුව. ඒකෙන් ඔහුට බොහෝ දේවල් ඉගෙන ගන්න වගේම රහස් කීපයකුත් හෙළි වුණා. පස්කොන් සමුළුව අවසාන වුණේ ආන්‍යා රැජිණිය නිසා අනිත් රාජ්‍යයන් වලත් සහය වෙරන්ට නොලැබී ගිහින්.

අද කොටස් වලින්…

අතීත කතාවෙන් පස්සෙ ආයෙත් වර්තමානයට අද කතාව එනව. කටෝලිස් වලට උඩින් පියාඹන මකරු නගරවැසින් බිය ගන්වනවන් අපි දැක්කනෙ. සොරෙන් එනව මේ අතරෙ එක නගරයකට. එතනදි පණ්ඩිතකම නිසා සොරෙන් අනතුරක් නොකර උඩ පියාඹන මකරෙක් අවුස්සගෙන මුළු නගරයම ගිනිබත් කරවනව. මේකෙන් බේරෙන්න බැරි තැන ක්ලෝඩියා ඊයකට මන්ත්‍රයක් ජප කරල මකරව බිම දානව. මේ බිම වැටුණු මකර බේර ගන්න රෙයිලා යනව. එතනදි ලොකු සටනක් වෙනව. ඒ වගේම පළවෙනි වතාවට කැලම් අඳුරු මායාව පාවිච්චි කරනව රෙයිලා සහ මකරා බේර ගන්න. මේ මකර සටනෙදි සොරෙන්ට අතිශය දරුණු ප්‍රහාරයක් එල්ල වෙනව. ඒ ප්‍රහාරයෙන් සොරෙන්… ?? ඇති නේ. බලල ඉන්නකො. අවසාන කොටස එක්ක හමුවෙමු. ජය .වේවා..!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

2,951 downloadsDownload The-Dragon-Prince-S02-E07-E08.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles

2,951 downloadsDownload Subtitles25 KB

16 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. S.K. Ruchiranga

    thz sub ekt

  3. Dilanka Maduwantha

    Thanks Bro

  4. Ayesh Prashan

    Thank You

  5. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    අන්තිම කොටසත් ඉක්මනටම අරන් එමු...

  6. Imeshamadu

    Thenks aiya supirima

  7. Ariyarathna

    Sub dunnata thanks...

  8. Lasith9812

    Thanks

  9. Janasanka

    බොහොම ස්තුතියි සහෝ...

  10. Chanu mikhail

    thanks ..!!

  11. Cj

    තැන්කුයි වේවා

  12. rockz2020

    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    උපසිරස ලබාදුන්නට බොහොම ස්තූතියි!
    ජය වේවා සහෝ!
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

  13. Kulanjana Maduranga

    subata thanks

  14. DILEKA

    උපසිරැසියට බොහොම ස්තූතියි.

  15. nishannw

    ස්තූතියි

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.