Dupahiya Sinhala Sub ආයුබෝවන්. අද හත් වෙනි කොටස. මේ වෙන කොට තීරණාත්මක අවධියක සේරම ඉන්නේ. දැක්කනේ රෑ තිස්සෙ දෙන්න ගහපු ගැහිල්ල?. අමාවස් නම් අවුලක් නෑ ඒත් භූගෝල් නම් හතර ගාතෙ. උදේම බිල එනවා 11,000ක්. ඒක ගෙව්වම බුලට් එකේ ඉතිරි මුදල ගෙවන්න සල්ලි අඩුයි. එතකොට ඒක පියව ගන්න මේ හාදයො දෙන්නා අමුතු රස්සාවකට…

Dupahiya Sinhala Sub

ආයුබෝවන්. අද හත් වෙනි කොටස. මේ වෙන කොට තීරණාත්මක අවධියක සේරම ඉන්නේ. දැක්කනේ රෑ තිස්සෙ දෙන්න ගහපු ගැහිල්ල?. අමාවස් නම් අවුලක් නෑ ඒත් භූගෝල් නම් හතර ගාතෙ. උදේම බිල එනවා 11,000ක්. ඒක ගෙව්වම බුලට් එකේ ඉතිරි මුදල ගෙවන්න සල්ලි අඩුයි. එතකොට ඒක පියව ගන්න මේ හාදයො දෙන්නා අමුතු රස්සාවකට යොමු වෙනවා. උපන්දින සාදයක ගෑණු නැටුමක් ඉදිරිපත් කරල තමයි පින්ටු බායිට බුලට් එකට දෙන්න තියෙන ගාන හිලව් කර ගන්න හදන්නෙ. වැඩේ කියන්නෙ උපන්දින සාදය බකමූණෙක්ගෙ. උගේ අයිතිකාරයා මදාවි බිස්නස් කාරයෙක්. බක්මණ ඌ ගාවට ආපු දවසෙ ඉඳල සල්ලි උතුරනවලු. ඒ නිසා බකමූණා නැත්තම් ‘ඩොලර් බයියා” උගෙ පුතා හැටියට තමයි සලකන්නෙ. කොහොම හරි එතනදි සිද්ධ වෙන අලකලංචි මැද දෙන්නගෙ උත්සාහය බුලට් එකත් අර ගෙන පිට වෙලා එන එක.

ඒ අස්සෙ දඩක්පූර් වල සිදුවීම් ගොඩයි. බන්වර් ජී අන්තිමේ පැමීණිල්ල දාන්න යනවා. ඒ ඉන්ස්පැක්ටර්ගෙ ගැටයකට අහු වෙලා. ඒ සමගම දඩක්පූර් රෙකෝඩ් එක ඉවරයි. ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ දැන් පැමිණිල්ලක් ගොනු කල නිසා බන්වර් ජීව වර්ජනය කරන්න  පුෂ්පලතාගෙ ප්‍රධානත්වයෙන් ගමේ මිනිස්සු තීරණය කරනවා.  බයික් එකත් නෑ, කසාදෙත් නෑ, ගමේ මිනිස්සුත් නෑ.ඒත් ඉන්ස්පෙක්ටර් කාරය දැන් තමන් කරපු කැත වැඩේ ගැන පසුතැවිලි වෙනවා. ඉතිං හත් වෙනි කොටස එතන සිට.රොශ්නිගෙ කසාදෙට තව තියෙන්නෙ එකම එක දවසයි.   

 

නැවත හමු වෙමු

 BANDULA K

Dupahiya Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

372 downloadsDownload Dupahiya-S01E07.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Dupahiya S01 Sinhala Subtitles

Previous BT1

All BT1

Next BT1

Subtitles by

BANDULA K

Subtitles

372 downloadsDownload Subtitles16 KB

0 comments

No comments yet.