Watch Trailer

Dynasties [ S01 : E02 – Emperor ] Sinhala Subtitles | සත්ව ලෝකයේ ස්නේහවන්තම පියෙකුගේ කතාව… [සිංහල උපසිරැසි සමඟ]

“ඩිනෙස්ටි” මේ වචනේ තේරුම තමයි පරම්පරාවෙන් පරම්පරාවට රටක පාලනය බාරවෙන පරපුර කියන අදහස.සීයගෙන් තාත්තට, තාත්තාගෙන් පුතාට, පුතාගෙන් පුතාට ආදී වශයෙන්.. සරලවම කියනවා නම් රාජ වංශය කියන එක. මේ වාර්තාමය වැඩසටහ පාදක වෙන්නේ සත්ව ලෝකයේ තියෙන සත්ව රාජ වංශ වලින් හොඳම රාජ වංශ පහක කතාවක්. මේ රාජ වංශ පහ ලෝකයක් හඳුන…

“ඩිනෙස්ටි” මේ වචනේ තේරුම තමයි පරම්පරාවෙන් පරම්පරාවට රටක පාලනය බාරවෙන පරපුර කියන අදහස.සීයගෙන් තාත්තට, තාත්තාගෙන් පුතාට, පුතාගෙන් පුතාට ආදී වශයෙන්.. සරලවම කියනවා නම් රාජ වංශය කියන එක. මේ වාර්තාමය වැඩසටහ පාදක වෙන්නේ සත්ව ලෝකයේ තියෙන සත්ව රාජ වංශ වලින් හොඳම රාජ වංශ පහක කතාවක්. මේ රාජ වංශ පහ ලෝකයක් හඳුනන, ඒත් වඳවීයාමේ තර්ජනයට දැඩිව මුහුණපා ඇති රාජ වංශ පහක්. චිම්පන්සි, එම්පරර් පෙන්ගුවින්, අප්‍රිකානු සිංහ, අප්‍රිකානු කැලෑ බල්ලා නොහොත් පේන්ටඩ් වුල්ෆ්  ( Painted Wolf ) සහ ව්‍යාඝ්‍රයා කියන සත්ව වංශ පහ පිළිබඳව බොහෝවිට ඔබ කෙදිනකවත් දැක නොමැති අසා නොමැති දර්ශන සහ කරුණු කාරණාවන් රැසක් ඔබට මෙමගින් දැක බලාගන්නත්, අලුතෙන් තමන්ගේ දැනුමට කරුණු රැසක් එකතු කරගන්නත් විතරක් නෙමේ අලුත් විදියකට ලෝකය දැකල අපි අවට ඉන්න සත්තු ගැන හිතන්නත්, අපිට විතරක් නෙමේ මේ ලෝකය ඔවුන්ටත් හිමි බව වටහාගන්නත් නැවුම් දොරටුවක් මෙමගින් ඔබ සියලු දෙනාටම විවර කරගන්න ඉඩ හසර ලැබේවි. එමගින් ඔවුන්ගේ රාජ වංශය අපේ උපදින්න ඉන්න මතු පරපුරටත් මේ අසිරිමත් ලෝකයේ අසිරිමත් සත්ව-වංශිකයින්ව තමන්ගේ පියවි දෑසින්ම දැක බලාගන්නත් ඉඩ හසර ලැබේවි.  😀

ඉතිං එපිසෝඩ් එකේ නම් වෙලා තියෙන විදියටම අද කොටසින් දකින්න ලැබෙන්නේ එම්පරර් පෙන්ගුවින් කියන පෙන්ගුවින් විශේෂය ගැන. මොවුන් වාසය කරන්නේ ලෝකයේ සිතල අධිකම තැනක් වෙන ඇන්ටාක්ටික් මහද්වීපයේ. මේ කොටසින් පෙන්නුම් කරන්නේ ඔවුන් තමන්ගේ වර්ගයා බෝකරගන්න, තමන්ගේ බ්ලඩ් ලයින් එක ඉදිරියට ගෙනියන්න දරන දැඩි උත්සාහය ගැන.මාස දෙකක් විතර ඉර පායන්නේ නැති, මාස හතරකට අධික කාලයක් සෙල්සියස් අංශක සෘණ 60ක පමණ දේශගුණික තත්වයන් යටතේ තමන්ගේ අනාගත පරපුර රැදී ඉන්න බිත්තර රකින, ඒ වෙනුවෙන් තමන්ගේ ජිවිතේ පුදකරන්න සුදානමින් ඉන්න මේ අධිරජ පෙන්ගුවින්ල පෙන්නුම් කරනවා සත්ව ලෝකයෙත් අපේ මනුෂ්‍ය ලෝකයට නොදෙවෙනි පිය සෙනෙහස රැඳී සතුන් සිටින බව. ඔවුන්ගේ ඒ අරගලය BBC ඩිනෙස්ටිස් කැමරා කණ්ඩායමේ හදවත් පැහැරගෙන තියෙන විදියත්, කැමරා කණ්ඩායම මේ දර්ශන රුගත කරන්න දරන අති විශාල වෙහෙස මහන්සියත් අපිට බලාගන්න පුළුවන්. ඇත්තටම වෙලාවකට හිතෙනවා මේ වගේ දෙයක් ටොරන්ට් හරහා ලබාදෙන එකෙන් ඒ මිනිස්සුන්ට මොනතරම් අසාධාරණයක් වෙනවද කියලත්. ඒත් කමක් නැහැ එයාලාට ඒ ආයතනවලින් විශාල ප්‍රමාණයේ ගෙවීමක් ලැබෙනවා කියල හරි හිත හදාගෙන බලනවා. ඇති හැකි අයෙක් ඉන්නවා නම් ඇත්තටම ගෙවීමක් කරලා බලන්න ගුගල් එකේ BBC Dynasties online කියල ගැහුවම ඒවි ලින්ක් කිහිපයක්ම. ඒවායින් මුදල් ගෙවල බලන්න පුළුවන්. මොන කරන්නේද ඉතිං අපි ඇවිල්ල තවම ඒ මට්ටමට දෙයක් කරගන්න අමාරු රටක ඉන්න මිනිස්සු නොවැ.

ඒ වගේම තමා මේකේ තියෙනව අවුරෝරා එහෙමත් නැත්නම් Southern lights කියල හදුන්වන, පෘථිවියේ උතුරු සහ දකුණු අර්ධගෝලයට විතරක් පේන ලෝකේ තියෙන අති මනරම්ම දර්ශනයක්. මේ කැමරා කණ්ඩායම මේක දකිනවා. හැබෑ කරගන්න පුළුවන් උනා හෝ බැරි උනා ඒක පියවි ඇහින් දකින එක ජිවිතේ තියෙන එක හීනයක් 😀 ඔයාලත් ඒක දැක්කම එහෙම හිතේවි අනිවාර්යෙන්ම.ඊළඟ කොටසින් ඉක්මනටම මුණගැහෙමු.

” සුගන්ධවත් පුෂ්පයන් අපගේ සොයුරියෝ ය,
පිණිමුවා, අශ්වයා, මහා රාජාලියා මේ සියල්ලෝම අපගේ සහෝදරයෝ වෙති.
ගිරි ශිඛර ද, තණ බිම්වල තෙතමනය ද, පෝනියාගේත් මිනිසාගේත් සිරුරේ උණුසුම ද,
යන මේ සියල්ලම එකම පවුලකට අයත් වන්නේය. “

රතු ඉන්දියානු නායක,
– සියැටල් –

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BlueRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,182 downloadsDownload Dynasties.S01.E02-Emperor.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

2,182 downloadsDownload Subtitles18 KB

18 comments

  1. Kulanjana Maduranga

    subata thanks saho...keep it up...

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. Ravindu Rukshan

    Thx

  4. IreshSampath

    thanks

  5. niroshansn

    Thanks bro

  6. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු....

  7. suranuwan

    thanks sub ekata..

  8. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  9. Roshan D

    ela aiya .sub ekat thnxxxxxxxxxxxxxxxxxxxx

  10. PDK

    keep it up

  11. Mawan Geethanjana

    thanks

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Nadeesha rox alahakoon

    Tnx bro. Ebisode okkotama sub eka demu

  14. sandha1218

    thanks bro'''

  15. sajith1970

    karunakarala mata me film tiyena site eka denawada

  16. sacheee35

    උපසිරැසි වලට ස්තූතියි

  17. Waruna Kamalawansha

    සුපිරියි... බොහෝම ස්තූතියි...

  18. Buddhika laKMal

    ස්තූතියි සහෝ සබට