Watch Trailer

Dynasties [ S01 : E03 – Lion ] Sinhala Subtitles | සිංහ ධේනුවකගේ නායකත්වය… [සිංහල උපසිරැසි සමඟ]

“ඩිනස්ටි” මේ වචනේ තේරුම තමයි පරම්පරාවෙන් පරම්පරාවට රටක පාලනය බාරවෙන පරපුර කියන අදහස.සීයගෙන් තාත්තට, තාත්තාගෙන් පුතාට, පුතාගෙන් පුතාට ආදී වශයෙන්.. සරලවම කියනවා නම් රාජ වංශය කියන එක. මේ වාර්තාමය වැඩසටහ පාදක වෙන්නේ සත්ව ලෝකයේ තියෙන සත්ව රාජ වංශ වලින් හොඳම රාජ වංශ පහක කතාවක්. මේ රාජ වංශ පහ ලෝකයක් හඳුනන…

“ඩිනස්ටි” මේ වචනේ තේරුම තමයි පරම්පරාවෙන් පරම්පරාවට රටක පාලනය බාරවෙන පරපුර කියන අදහස.සීයගෙන් තාත්තට, තාත්තාගෙන් පුතාට, පුතාගෙන් පුතාට ආදී වශයෙන්.. සරලවම කියනවා නම් රාජ වංශය කියන එක. මේ වාර්තාමය වැඩසටහ පාදක වෙන්නේ සත්ව ලෝකයේ තියෙන සත්ව රාජ වංශ වලින් හොඳම රාජ වංශ පහක කතාවක්. මේ රාජ වංශ පහ ලෝකයක් හඳුනන, ඒත් වඳවීයාමේ තර්ජනයට දැඩිව මුහුණපා ඇති රාජ වංශ පහක්. චිම්පන්සි, එම්පරර් පෙන්ගුවින්, අප්‍රිකානු සිංහ, අප්‍රිකානු කැලෑ බල්ලා නොහොත් පේන්ටඩ් වුල්ෆ්  ( Painted Wolf ) සහ ව්‍යාඝ්‍රයා කියන සත්ව වංශ පහ පිළිබඳව බොහෝවිට ඔබ කෙදිනකවත් දැක නොමැති අසා නොමැති දර්ශන සහ කරුණු කාරණාවන් රැසක් ඔබට මෙමගින් දැක බලාගන්නත්, අලුතෙන් තමන්ගේ දැනුමට කරුණු රැසක් එකතු කරගන්නත් විතරක් නෙමේ අලුත් විදියකට ලෝකය දැකල අපි අවට ඉන්න සත්තු ගැන හිතන්නත්, අපිට විතරක් නෙමේ මේ ලෝකය ඔවුන්ටත් හිමි බව වටහාගන්නත් නැවුම් දොරටුවක් මෙමගින් ඔබ සියලු දෙනාටම විවර කරගන්න ඉඩ හසර ලැබේවි. එමගින් ඔවුන්ගේ රාජ වංශය අපේ උපදින්න ඉන්න මතු පරපුරටත් මේ අසිරිමත් ලෝකයේ අසිරිමත් සත්ව-වංශිකයින්ව තමන්ගේ පියවි දෑසින්ම දැක බලාගන්නත් ඉඩ හසර ලැබේවි.  😀

ඉතිං අද එපිසෝඩ් එකේ නම් වෙලා තියෙන විදියටම මේ කොටසින් දකින්න ලැබෙන්නේ බොහොම විශේෂ දෙයක් ගැන. ඒ තමා සිංහ ධේනුවකගේ නායකත්වයෙන් යුතු සිංහ රංචුවක් ගැන. දකුණු අප්‍රිකානු භූමිය තුල ප්‍රසිද්ධියක් උසුලන රක්ශිතයක් තමයි ‘මසායි මාරා’ රක්ශිතය. මෙහි විවිධ කොටස් තුල අණසක නතුකරගෙන සිටින සිංහ කණ්ඩායම් සිටිනවා. සාමාන්‍යයෙන් දිගින් දිගටම පවතින කණ්ඩායම නිර්මාණය වෙන්නෙ සිංහ ධේනුවන්ගෙන්. මේ කණ්ඩායම් හඳුවන්නෙ ‘ප්‍රයිඩ්’ කියලා. ප්‍රයිඩ් එහෙක උපදින පිරිමි පැටවුන් තරුණ වයසෙදි රැලේ නායක සිංහයා හෝ රැලේ අනෙකුත් සිංහයන් විසින් පලවා හරිනවා. ප්‍රයිඩ් වලට අයිතිවාසිකම් කියන මේ නායක සිංහයා/සිංහයන් තමන්ගෙ බලය පවත්වා ගන්නෙ එලෙසයි. ප්‍රයිඩ් එහෙකින් පිටමං කරන තරුණ සිංහයන් තමන්ගෙ පැවැත්ම සඳහා කරන උපක්‍රමයක් තමයි එලෙස ප්‍රයිඩ් වලින් පිටමං කල සිංහයන් හා එක්ව කෝලිශන් (coalition) එකක් පිහිටවීම සිදුකරන්නේ. කෝලිශන් එකක් කියන්නේ සංධානගත වීමක්. තවත් ආකාරයකින් කිව්වොත් තමන්ගෙ පැවැත්ම සඳහා සංධානගත වීම. සාමාන්‍යයෙන් ප්‍රයිඩ් එහෙක සමාජිකයන් ගනන සෑහෙන වැඩි වුනාට කෝලිශන් එකක පිරිමි සාමාජිකයන් 2 – 5 අතර ප්‍රමාණයක් තමයි දකින්න පුළුවන් වෙන්නෙ. නැවත තමන් ප්‍රයිඩ් එහෙකට අයිතිවාසිකම් කියන තෙක් මේ කෝලිශන් පවතිනවා. තමන්ගෙ අණසක තහවුරු කරගත් පසු මේ කෝලිශන් විසිර යෑම හෝ නායකයෙකුගෙ අණසක යටතේ දිගටම පැවතිම තමයි සිදුවන්නෙ. ඉතිං මේ විදියට අපි දැනට දන්නා පරිද්දෙන්, ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවෙච්ච “සිංහ වංශයේ රුදුරුතම සංධානය” ගැන කතාව මේ වසරේ කවදා හරි දවසක අරගෙන එන්නම් මම. ඒක බොහොම අපහසු කාර්යයක්වචනයෙන් වචනය අසා ලියමින් සිටිනවා ඒ කතාවේ සිංහල උපසිරැසිය. මේ අවුරුද්දේ කොහොමහරි ඒක දෙනවා 😀

සාමාන්‍යයෙන් සිදුවෙන ස්භාවය ඔහොමයි. ඒත් මේ කතාවේදී වෙන්නේ, පිරිමි සිංහයෙකුගේ සහයක් නැතුව සිංහ ධේනුවන් දෙදෙනෙක් විසින් තමන්ගේ පැටවුන් සහ තම ප්‍රයිඩය හදා වඩා ගන්නා ආකාරය, ආරක්ෂා කරගන්න ආකාරය ගැන හරි අපුරු කතාවක්. ඒ වගේම මේ කතා මාලාවේ මුල්ම වතාවට නයිට් විෂන් ඔස්සේ හරිම අපුරු දර්ශන කිහිපයක් පෙන්වනවා. අද කතාව ගැන නම් කියල වැඩක් නැහැ ඉතිං…

” මේ මිහිතයේ සෑම බිම් අඟලක්ම මගේ පරපුරට ශුද්ධවූ වස්තුවකි.
දිලිසෙන දේවදාර ගසක හැම කිනිත්තකම, වැලි තලාවලින් පිරි ගිය සෑම වෙරළක්ම, අඳුරු වනාන්තරවල තිබෙන සෑම මිහිදුම් වළාවක්ම, සිහින් හඬින් ගී ගයන සෑම කුඩා ප්‍රාණියෙක්ම, මගේ මිනිසුන්ගේ මතකයේ හා අත්දැකීම් සමුදායේ පුජනිය වූ වස්තූහු වන්නෝය.
ගස් අතරින් විහිදී යන සෑම අඩි පාරක්ම මිනිසා පිලිබඳ ස්මරණය රැගෙන යන්නේය. “

රතු ඉන්දියානු නායක,
– සියැටල් –

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BlueRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,792 downloadsDownload Dynasties.S01.E03-Lion.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

2,792 downloadsDownload Subtitles20 KB

29 comments

  1. Kalana Ganganath

    ස්තූතියි සහෝ... ජය...

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. Kulanjana Maduranga

    subata thanks saho...keep it up....

  4. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  5. buddikakb

    උපසිරැසියට බොහොම ස්තූති විමා අයියා.....

  6. Roshan D

    tnxxxx aiya sub ekata .digtama damu .GL

  7. chathumal12345

    Brothers in blood eka ganada ara udin qwe??

    1. විමා

      අන්න හරි :D

    2. chathumal12345

      savage kingdom ekath puluwan nm diyan macho

  8. suranuwan

    thanks...

  9. DILEKA

    සිංහග උපසිරසියට බොහොම ස්තූතියි.

  10. Mawan Geethanjana

    thanks

  11. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

    1. Chamalpriyadarshana

      Meka download karagnna link 1k ewanawada

  12. Chamalpriyadarshana

    Download karagana link 1k danawada

    1. විමා

      බයිස්කෝප්ඩව්න්ලෝඩ්ස් සයිට් එකේ තියෙනව සහෝ

  13. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහො..

  14. suranuwan

    thanks bro...

  15. Lasitharash

    Gotham season 5 එකේ සබ් එකත් කවුරු හරි දෙන්න !

  16. Udara Damith Dissanayaka

    ela

  17. Oshada_achini

    Ela bro... Tnx

  18. darshana100

    niyamai saho

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Ishan Thilakarathne

    සුපිරිම කොටස...
    බොහොම ස්තුතියි උපසිරසට ...

  21. laxman

    Thankyou..

  22. Nadeesha rox alahakoon

    Tnx bro. Elm digatama suba demu

  23. sandha1218

    thanks bro...

  24. Waruna Kamalawansha

    මේකනම් පට්ට.. බොහෝම ස්තූතියි උපසිරැසියට

  25. Buddhika laKMal

    තෑන්ක්ස් මචං සබට